03/03/2026
2018/09/17 සිට 2026/03/03 දින දක්වා විදුහල්පති භූමිකාව ද එතනින් එහාට ගිය මනුසත්කමින් යුත් පුද්ගලයකු ලෙස
ගා/නලාගස්දෙණිය ජයන්ති ආදර්ශ විද්‍යාලය රනින් බබලවන්නට දායක වූ ගරු විදුහල්පති එන්.සුගත් කුමාර මහතාට ජයන්ති ප්‍රජාවගේ උපහාරය🙏🙏🙏
වසර අටකට ආසන්න කාලයක් ජයන්ති විද්‍යාලයේ ඉතිහාසය වෙනස් කරන්නට නව ජීවයක් ලබා දී, සැමට එක ලෙස සලකා,දරුවන් අංක 01 වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට උපරිම දායකත්වයක් ලබා දී විෂය සමගාමී ක්‍රියාකාරකම් රාශියක් සිදු කරමින් දරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනයට කැපවුණු පාසල් ප්‍රජාව සමඟ සුහදශිලි කටයුතු කරමින්,භෞතික සම්පත් රැක ගනිමින් පාසල් පරිසරයට ආදරය කළ සොඳුරු මිනිසෙකි ඔබ.......
අම්බලන්ගොඩ කලාපයේ හික්කඩුව කොට්ඨාසයේ පාසල් අතර ජයන්ති විද්‍යාලය අංක එකට ඔසවා තබන්නට වෙහෙස මහන්සි වූ ඔබේ කාලය ශ්‍රමය ධනය කැප කර අද දින අප විද්‍යාලයට සමු දුන් ගරු විදුහල්පතිතුමනි...
සමුගන්න අවසරයි...🙏
අප පාසලේ වගේම කුමාර කාශ්‍යප දරු දැරියන්ට ද අනාගතය සරු කරන්නට,ගොඩ නගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ඔබහට ලැබේවා.🙏
ජයන්ති මාතාවගේ පැතුමයි 💝
අද දින උපහාර පිදිමේ උත්සවය සංවිධානය කරගන්නට දායක වුණු විද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත්, සුමංගල විද්‍යාලයේ විදුහල්පති දිනේෂ් රාහුබද්ද මහතා ඇතුලු ගුරුවරුන්ටත් දරුවන්ටත්, නිවේදන කටයුතු සිදු කල දයා සිරිල් ධම්මික මහතාටත්, කැමරාකරණයෙන් සහය වූ මහේෂ් නානායක්කාර මහතාටත්, ඔරින්කෝ මුද්‍රණාලයේ අධිපති සමන්ත සෙනෙවිරත්න මහතා ඇතුලු කාර්ය මණ්ඩලයටත්, පාසල් සංවර්ධන විධායක කමිටුව හා ආදී ශිෂ්‍ය සංගමයටත්, ආදරණීය දරුවන්ටත් දෙමාපියන්ටත්, වසර අටකට ආසන්න පුරා කාලය තුල එක් වී සිටි දරුවන්ටත් දෙමාපියන්ටත්,නන් වූ උදව් උපකාර කල සැමටම ස්තුතියි🙏🙏