Siri Sumanajothi M.V - Thunnana

Siri Sumanajothi M.V - Thunnana විද්‍යා දදාති විනයං

මේ සුමනජෝතියේ හඩ❤🥰සියූමි රණවීර ඒ  ඇයයි.හැමෝම හැමතැනින්ම සුමනජෝතියට බෑ කියද්දි මගෙ කෙල්ලෝ ටික ඒකට ලස්සනට උත්තර දුන්නා. දහ...
29/04/2026

මේ සුමනජෝතියේ හඩ❤🥰
සියූමි රණවීර ඒ ඇයයි.

හැමෝම හැමතැනින්ම සුමනජෝතියට බෑ කියද්දි මගෙ කෙල්ලෝ ටික ඒකට ලස්සනට උත්තර දුන්නා. දහසකුත් ප්‍රශ්න තියාගෙන හරි අමාරුවෙන් ආපු ගමනක් මේක.අදින්න පුලුවන් හැමතැනින්ම අපේ කකුල් වලින් ඇද්දා.ඔව් තුන්නාන සිරි සුමනජෝතියටනම් අද හරි සතුටු දවසක්.
මොකද ඊයේ දිනයේ සීතාවක කොට්ඨාස පාසල් ක්‍රීඩා නෙට්බෝල් තරගාවලියේ 18න් පහළ සමස්ත ශූරතාවයත්, 16න් පහළ සමස්ත අනුශූරතාවත් දිනාගත්ත දරුවෝ අද හෝමාගම කලාප ක්‍රීඩා නෙට්බෝල් තරගාවලියේ 18න් පහළ සමස්ත අනුශූරතාවත් 16න් පහළ තෙවන ස්ථානයත් දිනාගත්තා. කලාපයේ සෑම පහසුකමක්ම තියෙන පාසල්වල
දරුවෝ එක්ක අපේ අහිංසකයෝ ටික කරට කර සෙල්ලම් කරලා දිනනකොට ඇස් දෙකට කදුලු ආවා ඇත්තමයි.ඇයි මේ පහසුකම් බෙදීයාම්වල මෙච්චර විෂමතා මේ දරුවෝ,මේ අපි කොච්චර කට්ටක් කෑවද ,කනවද දරුවන්ව මෙතනට ගේන්න කියලා ආයේ ආයේ මගෙන්ම මම අහගත්තා. ගියවර මේ දරුවෝ ටික කොට්ඨාස මට්ටමේ අනුශූරතා දෙකකින් නවත්වන්න පුලුවන් වුනාට ගියවර මයිලෝ නෙට්බෝල් ජාතික ශූරතාවලියේ හෝමාගම මධ්‍යස්ථාන තරග වලින් බී කාණ්ඩය යටතේ කණ්ඩායම් 4ම ජයග්‍රහණය කරලා සමස්තලංකා ගිහින් 13න් පහළ කණ්ඩායම සිව්වන ස්ථානය ගන්නකොට ක්‍රීඩාවට සම්බන්ධම වගකීම් තියෙන
අයත් කියද්දි "ආ බී කාණ්ඩය යටතෙනේ" කියලා අපි සැලුනේ නෑ.තවත් ශක්තිමත් වුනා. ඔව් අපිට දරුවෝ තුන්සිය ගානක් තියාගෙන එයිනුත් වැඩිපුර දරුවෝ ප්‍රාථමික වෙලා අවම පහසුකම් මැද්දේ අපි යන්නේ බී කාණ්ඩය යටතේ තමා.ඒ අයට අද හොදම උත්තරේ දුන්නා පුතේ උඹලා ටික. කවුරු කොහොම කිව්වත් උඹලා අහිංසක දක්ෂයෝ ටිකක්.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉතිං බෑ කියලා දාලා යන්න හේතු දාහක් තියෙද්දි හරි හයියට හැමදේටම උදව් කරපු Shiranthi Priyadarshani මැඩම් ඔබතුමිය සුමනජෝතියට ලැබුනු මිලකල නොහැකි සම්පතක්. ඔබතුමිය නොසිටින්න මෙච්චර දෙයක් කරන්න බැහැ.හැමදේම හොයලා බලලා දරුවෝ වෙනුවෙන් ඕනේම තැනක කොන්දේසි විරහිතව පෙනීසිටින ඔබතුමියට බොහොම ස්තූතියි මැඩම් හදවතින්ම..❤️❤️❤️💐💐❤️❤️❤️

ඒ වගේම මගෙ ආදරණීය අධ්‍යයන හා අනධ්‍යයන සහෝදර සහෝදරියෝ ටික. ඒ සහයෝගයට වචන නෑ.බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම....❤️❤️❤️💐💐❤️❤️❤️

ඒ වගේම Uththara Ranasighe පුතේ ඔයාට.මේ දරුවෝ වෙනුවෙන් කන කට්ටට ඔයාට හරියනවා දවසක මදි නොකියන්න.නංගිවත් එක්කන් මේ දෙන සපෝට් එකට හදවතින්ම ආදරෙයි....❤️❤️💐💐❤️❤️

ඒ වගේම මම කිව්ව ගමන් දුවලා එන ආදරණීය අම්මලා කිහිපදෙනාට බොහෝම ස්තූතියි.හැම දරුවෙක්ටම තමන්ගේ දරුවට වගේ ආදරේ දීලා මේ දෙන සහයෝගයට බොහොම පිං..❤️❤️💐💐❤️

අනික ආදිශිෂ්‍ය සාමාජිකයින්ට දැනුම් දුන්න ගමන් සපත්තු ටික වගේම නෙට්බෝල් ටික අරන් දීලා ඒ කරපු උදව්වට හදවතින්ම ස්තූතියි..❤️💐💐❤️

ඉතිං ඕනේම කට්ටක් කන්න පුලුවන් ගුරුවරයෙක් විදිහට මාව හැදුවේ තුන්නාන සිරිසුමනජෝතිය.ඒ ගෞරවය මම කවදත් සුමනජෝති මෑණියන්ට දෙනවා.සුමනජෝතියේ වැඩකරපු ගුරුවරයෙක්ට වෙන ඕනේම තැනක වැඩකරන්න පුලුවන්.මොකද එච්චර ප්‍රශ්න ගොඩක් එක්ක අපි හැප්පෙනවා දවසකට.
මේ පුංචි ඉස්කෝලේ ඉන්නේ ප්‍රශ්න ගොඩක් තියාගෙන ඉස්කෝලෙට එන දරුවෝ බහුතරයක්. ඉතිං මේක උන්ට ලොකු පිම්මක්. මෙච්චර ලස්සනට ඇදුමේ ඉදන් හැමදේම හදාගන්න උදව් කරපු හැමෝටම ස්තූතියි.මෙතනින් නවතින්න බෑ පුතේ.අපි යමු ඉස්සරහට හැම බාධකයක්ම කඩාගෙන.ඔයාලට ජය....!!!ආදරෙයි හැමදාම...❤️❤️❤️❤️❤️❤️

තුන්නාන සිරි සුමන ජෝති විද්‍යාලයේ 2026 නිවාසාන්තර ක්‍රීඩාඋත්සවය
23/03/2026

තුන්නාන සිරි සුමන ජෝති විද්‍යාලයේ 2026 නිවාසාන්තර ක්‍රීඩාඋත්සවය

ඔබ සැමට ආරාධනා !
16/03/2026

ඔබ සැමට ආරාධනා !

දරුවන් හදුනා ගනිමින් වැඩ  අරඹමු.වසර 13ක් ප්‍රසිද්ධ පාසලක ඉගැන්වීම් කළ ගුරුතුමිය සුමනජෝතියට පැමිණ කළ හදුනා ගැනීම..
01/02/2026

දරුවන් හදුනා ගනිමින් වැඩ අරඹමු.

වසර 13ක් ප්‍රසිද්ධ පාසලක ඉගැන්වීම් කළ ගුරුතුමිය

සුමනජෝතියට පැමිණ කළ හදුනා ගැනීම..

සුමනජෝතියට නව ජන්මයක් ලබා දුන් ආදරණීයයන් පිළිගත් මොහොත❤💐
01/02/2026

සුමනජෝතියට නව ජන්මයක් ලබා දුන් ආදරණීයයන් පිළිගත් මොහොත❤💐

නව පාසලක නව හදවත්වලනව ගී මැණික් උපදින්නට,ඔබේ හඬටආශිර්වාද වැහි වැටේවා...
24/01/2026

නව පාසලක නව හදවත්වල
නව ගී මැණික් උපදින්නට,
ඔබේ හඬට
ආශිර්වාද වැහි වැටේවා...

2026 සුමනජෝතියේ ආරම්භය
05/01/2026

2026 සුමනජෝතියේ ආරම්භය

තුන්නාන සිරිසුමනජෝති විද්‍යාලයේ විදුහල්පති ශිරන්ති ප්‍රියදර්ශනී මහත්මියගේ ආදරණීය නැන්දණිය අභාවප්‍රාප්ත වී ඇති බව කණගාටුව...
25/12/2025

තුන්නාන සිරිසුමනජෝති විද්‍යාලයේ විදුහල්පති ශිරන්ති ප්‍රියදර්ශනී මහත්මියගේ ආදරණීය නැන්දණිය අභාවප්‍රාප්ත වී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමු.
එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරම විදුහල්පතිතුමිය ඇතුළු පවුලේ සාමාජිකයන් වෙත අපගේ සාතිශය සංවේගය පළ කර සිටිමු.🙏

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින හවස 3.00 ට හංවැල්ල පොදු සුසාන භූමියේදී සිදු කරනු ලැබේ.

ගුරුවන්දනා
16/10/2025

ගුරුවන්දනා

Address

Hanwella
10650

Telephone

+94112087360

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Sumanajothi M.V - Thunnana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Siri Sumanajothi M.V - Thunnana:

Shortcuts

Share

Category