22/03/2026
නිරිපොල කානික්ක දේවමාතා දහම් පාසල විසින් සංවිධානය කරන ලද එක් චතාරික වැඩසටහනක් ලෙස දේවස්ථානය අවට භූමියේදී පාදනමස්කාරයක් 2026 මාර්තු 22 දින පවත්වන ලදි.
මෙහිදී දහම් පාසලේ ගුරුවර ගුරුවරියන් එක් එක් ස්ථාන සදහා ඉතා හරවත් මෙනෙහි කිරීම් ඉදිරිපත්කරන ලද අතර
ශිෂ්‍යනායක මණ්ඩලය විසින් පාදනමස්කාරය මෙහෙයවන ලදි.
22/03/2026
The 79th Archdiocesan Children’s Day was held on 7th March at the National Basilica of Our Lady of Lanka.
His Eminence Malcolm Cardinal Ranjith, along with the Auxiliary Bishops, graced the occasion.
Approximately 30 students from our Sunday School, accompanied by their teachers, participated in the event.
Following the program, the children were taken on a tour of the Basilica premises. After lunch, they were then taken to Kurulukele St. Jude’s Church.
02/02/2026
ජේසු බිළිදුන් දේව මාළිගාවේ පුද දුන් කානික්ක දේව මෑණියන්ගේ මංගල්‍යය අදයි.
27/01/2026
Under the guidance of Rev. Fr. Sarath Nimal, Parish Priest, and Rev. Fr. Buddika Dananjaya, Assistant Parish Priest, a Leadership and Life Education Programme was successfully conducted from January 23rd to 25th at the Subodhi Centre for 38 prefects from the Sunday Schools of Niripola, Hanwella, Pahathgama, and Kaluaggala, together with four teachers.
The programme was highly impactful and enriching for all participants.
We extend our sincere gratitude to the Director of the Subodhi Institute, Rev. Fr. Lawrence Ramanayake, and the staff of the Subodhi Institute for their invaluable guidance, support, and dedication in nurturing and empowering our children throughout this programme.
19/01/2026
"Whoever wants to be a leader among you must be your servant." (Matthew 20:26)
The Prefect Investiture Ceremony of Our Lady of Presentation Sunday School was held on a grand scale on 18th January 2026. Twelve selected students took the oath as the new prefects for the year 2026.
We extend our heartfelt congratulations to all of them and wish them the very best in their roles!
📸: Sachintha Lakshan Photography & Praveen Mudalige Photography
11/01/2026
2026 අධ්‍යයන වසර සඳහා නිරිපොල, කාණික්ක දේව මාතා දහම් පාසලේ ගුරුවර ගුරුවරියන් 18 දෙනෙකු 2026 ජනවාරි 11 දින දහම් ගුරු පොරොන්දු ලබා දෙන ලදී.
📸 Sachintha Lakshan Photography Sachintha Lakshan Wevita
11/01/2026
2026, කොළඹ අගරදගුරු පදවියේ මීසම් නවෝදයේ වසරයි
"බලව, මම සියල්ල අලුත් කරමි” (එළිදරව් 21:5)
කොළඹ අගරදගුරු පදව් එඩේරාණන් වන අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් " මිසම් නවෝදයේ වසර” අළලා නිකුත් කරන ලද එඬේරික හසුනෙන්..
1. පදවියේ සෑම මීසමක්ම ආවරණය වන පරිදි පැවැත්වෙන පූර්ණ සංගණනයකින් ඒ ඒ මීසම් හී කතෝලික සේවා සිදුවන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා වන විද්‍යානුකූල සමීක්ෂණයක් සංවිධානය කළ යුතු වේ.
2. සෑම මීසමක මීසම භාර පියතුමා විසින් මීසමේ මුළු ප්‍රදේශයම ආවරණය වන පරිදි, ආධ්‍යාත්මික ලක්ෂණයන් ඉස්මතු කරන, පවුල් බැහැදැකීමක යෙදීම හා එය ක්‍රම ක්‍රමයෙන් ඉටු කිරීම මෙන්ම ඒ පිළිබඳව ඒ ඒ පවුල් සතු මීසම් පවුල් පොත්වල සටහන් තැබීමද කළ යුතු වේ.
3. මීසම් පවුල් බැහැදැකීම සඳහා කාලවේලාව ලබා ගැනීමට ඇතැම් සතියේ දිනවල සවස් භාගයේ පැවැත්වෙන නුවාන හා පූජා සීමාකොට, එම දිව්‍ය පුජා උදේ වරුවේ පවත්වමින්, එකී නුවාන සවස් කාලයේ ගිහි නායකයන් ලවා මෙහෙය වීමට කටයුතු කිරීම සුදුසු වෙයි.
4. මෙම මීසම් පවුල් බැහැදැකීම මීසම් භාර පියතුමා වෙත අනිවාර්යයෙන්, සභා නීති අනුව, පැවරෙන වගකීමක් වන නිසා (සභා නීති සංග්‍රහය 529.1) එය ඉටු කිරීමට මීසම් භාර පියතුමන් මෙන්ම එම ප්‍රදේශය භාර කලාපීය රදගුරු තුමන්ද ක්‍රියාකාරී විය යුතු වේ.
5. සෑම මීසමකම අගරදගුරු පදවි මීසම් ධර්ම සේවා සභා පිළිබඳ නීති රීති වලට ගැලපෙන අයුරින් මීසම් ධර්ම සේවා සභා ප්‍රතිසංවිධානය කිරීම හෝ නැවත පිහිටුවීම හෝ අලුතින් ආරම්භ කිරීම හෝ සිදුවිය යුතු අතර මෙම මීසම් ධර්ම සේවා සභා සමාජිකත්වය හා එහි පවතින විවිධ අනුකමිටු සාමාජිකත්වය පිලිබඳ තොරතුරු මීසම්භාර පියතුමා විසින් පදවි ධර්ම සේවා සභා සම්බන්ධිකරණ කාර්යාලය වෙත ලබාදිය යුතුවේ. මෙම දැනුම්දීම මින් ඉදිරියට මීසම් භාර පියතුමා සහ ධර්ම සේවා සභාවේ ලේකම් ධුරය දරණ අයගේ අනිවාර්ය වගකීම වනු ඇත.
6. 2016 වසරේ මාර්තු මස නිකුත් කරන ලද මීසම් ධර්ම සේවා සභා සංශෝධිතව්‍යවස්ථාවට අනුව සෑම මීසමකම ධර්ම සේවා සභාවක් පිහිටුවා ඇත්දැයි සොයා බලා ඒවා එසේ පිහිටු වීමට හෝ සංශෝධනය කර පිහිටු වීමට කලාපීය රදගුරු තුමන්ගේ සහය හා මගපෙන්වීම ඇතිව අගරදගුරු පදවි ධර්ම සේවා සභා සම්බන්ධීකරණ කාර්යාලය කටයුතු කළ යුතු වේ. මේ සම්බන්ධව එම කාර්යාලය හා සමග සහයෝගයෙන් කටයුතු කිරීම සෑම මීසම්භාර පියතුමෙකුගේම අනිවාර්යය යුතුකම වේ. (සභා නීති සංග්‍රහය 536-1 - 2 )
7. මෙම තොරතුරු අනුව ඉහත කී කාර්යාලය විසින් අගරදගුරු පදවි ධර්ම සේවා සභා නායකත්ව පුහුණු ආයතනය තුළින් එම ධර්ම සේවා සහ නායකයින් සඳහා පදවි, කලාප හෝ දිසා මට්ටමින්ද පුහුණු වැඩසටහන් සංවිධානය කළ යුතු වේ.
08. මීසම් ධර්ම සේවා සහා සංශෝධිතව්‍යවස්ථාවට අනුව (2016 මාර්තු) වසරකට අවම වශයෙන් සතර වතාවක් ධර්ම සේවා සභාව රැස්විය යුතු වේ (ව්‍යවස්ථාව, නිල ප්‍රකාශය)
ප්‍රධාන දේවස්ථාන කිහිපයක් මීසම තුළ පවතින්නේ නම් එකී දේවස්ථානවල මීසම් ධර්ම සේවා සභා වෙන වෙනමම පිහිටුවා ඒවායේ නියෝජනයකින් සමන්විත පොදු කමිටුවක් මගින් සමස්ත මීසමටම අදාළ පොදු කාර්යයන් පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. (බලන්න 2016 මාර්තු මීසම් ධර්ම සේවා සභා ව්‍යවස්ථාව, ස්ථාපිත කිරීම 2)
09. ධර්ම සේවා සභාපතිත්වය ගරු මීසම්භාර පියතුමා දරණ අතර (අගරදගුරුතුමාගේ නිල ප්‍රකාශය), ඒවා අනුකමිටු 8 කින් සමන්විත වෙයි.
10. මෙම සභාවල සාමාජිකත්වය සඳහා පදනම් වන්නේ මිසමේ කුඩා කිතුණු සංඝ වලින් තෝරා ගන්නා නියෝජනයයි (ව්‍යවස්ථාව 3.1 ආ.4) වෙනත් නියෝජිතයන්ද මේ සඳහා තෝරා ගතහැකිය.
11. ඉහත අවැසියාව ක්‍රියාවට නැංවීම සඳහා සෑම මීසමකම වීදි හෝ කොට්ඨාස මට්ටමින් මූලික කිතුනු ඒකක පිහිටුවා ඒවායේ නායකත්වය ශක්තිමත් කිරීම සඳහා කලාප, දිසා හා මීසම් මට්ටමින් සංවිධානය වන වැඩසටහන් අගරදගුරු පදවි ධර්ම සේවා නායකත්ව පුහුණු ආයතනය මගින් මෙහෙයවනු ලැබිය යුතු වේ. ඒවා කලාපීය රදගුරුතුමන්ගේ අනු දැනුම අනුව මෙහෙය වනු ලැබිය යුතුය.
12. ඒ ඒ දහම් සේවා සභා තුළ විවිධ අපෝස්තලික සේවාවන් හා සම්බන්ධ විය යුතු අනු කමිටු පිළිබඳ තොරතුරු, ඒ ඒ අපෝස්තලික සේවා භාර පියවර ගැනීමට අගරදගුරු පදවී ධර්ම සේවා සම්බන්ධීකරණ කාර්යාලයේ සහයෝගයද ලබා දිය යුතු වේ.
13. ඒකී අපෝස්තලික සේවා භාර අගරදගුරු පදවි හා කලාපීය හෝ දිසා සම්බන්ධීකාරක පියතුමන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සෑම මීසමක්ම උනන්දු විය යුතු අතර ඒ සඳහා මීසම් භාර පියවරුන් සිය සහයෝගය ලබා දිය යුතු වේ.
14. සෑම මීසම් ධර්ම සේවා සභා රැස්වීමකම ලිඛිත වාර්තා මීසම් ධර්ම සේවා සභා ලේකම්තුමා මගින් පදවි සම්බන්ධිකරණ කාර්යාලය වෙත ලබාදිය යුතු වේ. අවශ්‍ය වන විට ඒවායේ රැස්වීම් වැඩි කිරීමට ද මීසම්භාර පියතුමන් වෙතපැවරේ.
15. මීසම් ධර්ම සේවා සභා, මීසම් ආර්ථික කමිටුව හෝ මංගල්‍යය සංවිධානය කිරීමේ කමිටුව නොවන බවත් ඒවායේ පුළුල් වගකීම මීසම තුළ සියලුම විශ්වාසයිකයින්ගේ අධ්‍යාත්මික හා සමාජයීය උන්නතිය මෙන්ම, ඇතැම් විට නැතිබැරිකමින් පෙලෙන කතෝලික පවුල් නගා සිටුවීමට ක්‍රියාකාරී වීම ද බව එහි සාමාජිකයින් තේරුම් ගත යුතු වේ. වඩාත් සහභාගිශීලි ජනවන්දනා පිළිවෙත් සංවිධානය කිරීම, කිතුනු පවුල් ශක්තිමත් කරලීම, බයිබලය හා දේව වචනය ජන ගත කිරීම හා අධ්‍යනයට මං සැකසීම, පවුල් ජපමාලය හා භක්ති අභ්‍යාස වර්ධනය කිරීම, දහම් දැනුම හා නවක කිතුණුවන් විශ්වාසය තුළ ශක්තිමත් කිරීම, දයාවේ සේවා හා සමාජීය වගවීම, දේශපාලන අධිකාරිය ගන්නා තීරණ ජනතා ඇදහිල්ලට බලපාන්නේ දැයි විපරම් කිරීම හා ඒවාට සුදුසු ප්‍රතිචාර දැක්වීම, දරුවන්ගේ අධ්‍යාපනික අවශතා ගැන සො බලා අවැසි පිලියම් යෙදීම, නුතන ජනමාධ්‍යයේ බලපෑම් පිළිබඳ තීරණ ගැනීම හා මිසමේ ගොඩනැගිලි හා අරමුදල් පිළිබඳ තීරණ ගැනීම මෙන්ම කිතුණු වටිනාකම් හා ආධ්‍යාත්මික ප්‍රබෝධය ගම/ හා මීසම තුළ ඇති කරලීම සහ ඒ සඳහා මීසම භාර පියතුමන් හා එක්වී. සැබෑ කිතුණු ශ්‍රද්ධාවෙන් ඉපිලී, නායකත්වය ගැනීම ඔවුන් සතු වගකීම් වේ.
16. ධර්ම සේවා සභාවක් එහි නිල කාලයෙන් පිටත විසුරුවාලීමට හැකි වන්නේ කලාපීය රදගුරු තුමන්ගේද නිර්දේශය සහිතව කොළඹ අගරදගුරුතුමන් වෙත පමණි.
17. මීසම තුළ පවතින ධර්ම සේවා සභාවේද නියෝජනයකට අනුව දිසා නායක පියතුමන් ප්‍රමුඛ මීසම් භාර පුජකතුමන් හා දිසා පූජක හමුවේ මෙහෙයවීම යටතේ දිසා ධර්ම සේවා සමුළු පිහිටුවීම කලාපීය රදගුරු තුමන්ගේ ද කැමැත්ත හා සහභාගීත්වය තුළ සිදු විය යුතු වේ. ඒ දිසා ධර්ම සේවා සමුළු සාමාජිකත්වය පිලිබඳ තොරතුරුද, රැස්වීම් වාර්තාද, මතුවන විශේෂිත ප්‍රශ්න පිළිබඳ ගන්නා නිගමනයන්ද පදවි ධර්ම සේවා සමුළු සම්බන්ධිකරණ කාර්යාලය වෙත ලබාදිය යුතු වේ. මේ අය සඳහාද පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම කලාපීය රදගුරු තුමන්ගේ අනුග්‍රහය තුළ සිදු විය යුතුය. ඒ සඳහා අගරදගුරු පදවි ධර්ම සේවා සභා නායකත්ව පුහුණු ආයතනයේ හෝ සදහම්කරණ වැඩසටහන මගින් (Faith Animation Team) හෝ, කොළඹ අවට ප්‍රදේශය සඳහා නම්, නාගරික ධර්ම සේවා වැඩසටහන (City Mission) හෝ යොදා ගත හැක.
පදවි ධර්ම පුහුණු ආයතනයේ හෝ සදහම් කරණ වැඩසටහන මගින් (Faith Animation Team) හෝ, කොළඹ අවට ප්‍රදේශය සඳහා නම්, නාගරික ධර්ම සේවා වැඩසටහන (City Mission) හෝ යොදා ගත හැක.
18. මේ සමුළු සඳහා සුදුසු වූ මගපෙන්වීම් මාලාවක් (Directives) කලාපීය රද ගුරුතුමන් හා දිසා පූජකතුමන්ගේ කැමැත්ත අනුව සකස් විය යුතු වේ. ඒ මගපෙන්වීම් මාලාව සඳහා අගරදගුරුතුමන්ගේ අනුමැතියද ලබා ගත යුතු වේ.
19. කලාපීය රදගුරු තුමන් විසින් මෙහෙය වනු ලබන, ඒ සඳහාම අදාළ වූ මගපෙන්වීම් මාලාවකට අනුව,කලාපීය දහම් සේවා සමුළුවක් පිහිටුවා වසරකට දෙවරක් රැස්වීම් පවත්වමින් අදාළ කලාපයේ එඬේරික ප්‍රගතිය වෙනුවෙන් ආධ්‍යාත්මික අධ්‍යයනයක් කර, ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම එම කලාපයේ කලාපිය නාහිමිවරුන් හා ගරු දිසා පියවරුන්ගේ ආශිර්වාදය මත සිදු විය යුතු වේ.
20. අගරදගුරු පදවි ධර්ම සේවා සභාව, සභා නීති සංග්‍රහයේ අංක 511 - 514 යන වගන්ති ප්‍රකාරව අගරදගුරු තුමන්ගේ මෙහෙයවීමෙන් වසරකට දෙවරක් රැස්විය යුතු වේ. මෙහි කටයුතුද අගරදගුරු පදවි ධර්ම සේවා සම්බන්ධීකරණ කාර්යාලය හා ධර්ම සේවා නායකත්ව පුහුණු ආයතනය මගින් මෙහෙය වනු ලැබිය යුතු වේ.
2026-01-04 ඥානාර්තය ප්‍රදීපය පුවත්පතෙන් ♥️🙏
07/09/2025
මීසම් සේවක ගරු සරත් නිමල් පියතුමාගේද, සහය මීසම් සේවක ගරු බුද්ධික ධනංජය පියතුමන්ගේද මගපෙන්වීම යටතේ, නියෝජ්‍ය විදුහල්පති සම්පත් සිල්වා ගුරුතුමන් සහ දහම් ගුරු මණ්ඩලය විසින් නිරිපොල කානික්ක දේවමාතා දහම් පාසලේ දරු දැරියන් සදහා විනෝද චාරිකාවක් නුවර වෙත සංවිධානය කරන ලදි. එහිදී දළදා මාලිගාව, නුවර ඇහැලේපොල වලව්ව සහ ඉටි කෞතුකාගාරය, මොන්ටෙෆානෝ දෙව්සත්හල, අම්පිටිය ජාතික දෙව්සත්හල සහ පේරාදෙණිය ජාතික උද්‍යානය වෙත දරුවන්ව රැගෙන යන ලදි.
27/07/2025
ගරු මීසම් සේවක සරත් නිමල් පියතුමන් සහ සහයක මීසම් සේවක ගරු බුද්ධික ධනංජය පියතුමන්ගේ අනුදැනුමෙන් යුතුව, නියෝජ්‍ය විදුහල්පති සම්පත් සිල්වා ගුරුතුමන්ගේ මගපෙන්වීම යටතේ නිරිපොල කානික්ක දේවමාතා දහම් පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලය විසින් නිරිපොල ග්‍රාමයේ වැඩිහිටියන්ට දරුවන්ගේ ප්‍රණාමය පුද කිරීම සදහා කෙටි වැඩසටහනක් සංවිධානය කරන ලදි.