Sri Siddhartha Palm Leaf Manuscript Study & Research Institute

Sri Siddhartha Palm Leaf Manuscript Study & Research Institute ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන සහ පර්යේෂණ ආයතනය

අප ආයතනයේ අරමුණු

+ ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් තුළ පවත්න පෞරාණික ඥාන සම්භාරය සංරක්ෂණය කිරීම.
+ දුර්ලභ ග්‍රන්ථ සංරක්ෂණය කොට ප්‍රකාශයට පත් කිරීම
+ දැනට විධිමත් අධ්‍යයනයක් සිදුව නොමැති විහාරස්ථානවල පුස්කොළ පොත් එකතු අධ්‍යයනය කොට සවිස්තරාත්මක ග්‍රන්ථ නාමාවලි සම්පාදනය කිරීම
+ පර්යේෂකයන්ට විවිධ විෂයයන්ට අයත් තොරතුරු ලබාගැනීම සඳහා පහසුකම් සැලසීම.
+ පුස්කොළ පොත් ලේඛන කලාව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පුස්කො

ළ ලේඛන කලාව පිළිබඳ පුහුණු පාඨමාලා පැවැත්වීම.
+ ඒ ආශ්‍රිත හස්ත කර්මාන්ත හඳුන්වාදීම.

සියලු විමසීම්

පූජ්‍ය හෙම්මාතගම පියදස්සි හිමි

මැණික්දිවෙල පංසල
මල්වතු මහාවිහාරය
මහනුවර

ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන
කුඹුරුලෙන රජමහ විහාරය
රිදීගම

දුරකථන අංක : 070 559 5633, 072 837 3807, 075 412 3389

Akuru Collective, mooniak විසින් සංවිධානය කරන ලද පුස්කොළ පොත් නිර්මාණය පිළිබඳ වැඩමුළුව📷 Pathum Egodawatta, Naveen Buddhi...
02/08/2026

Akuru Collective, mooniak විසින් සංවිධානය කරන ලද පුස්කොළ පොත් නිර්මාණය පිළිබඳ වැඩමුළුව

📷 Pathum Egodawatta, Naveen Buddhika Nanayakkara

27/07/2026
27/07/2026

හෙම්මාතගම පියදස්සී හිමියන් මෙහෙයවන
පුස්කොළ ලේඛන වැඩමුළුව — අකුරුකියනකතා

පුස්කොළ ලේඛනය පිළිබඳ දැනුම සමඟ අකුරු ලිවීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත සුවිශේෂී අත්දැකීමක්!

හෙම්මාතගම පියදස්සි හිමියන් යනු ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතික ඉතිහාසය පිළිබඳ පොත් සහ ලිපි රාශියක් ලියා පළ කොට ඇති සම්මානනීය යතිවර ලේඛකයෙකි. කුඹුරුලෙන පිරිවෙනෙහි පරිවෙණාචාර්යවරයෙකු ලෙස සේවය කරන උන්වහන්සේ පුස්කොළ ලේඛන පිළිබඳ පර්යේෂකයෙකු සහ ප්‍රවීණයෙකු ද වෙති. “ශ්‍රී ලංකාවේ පුස්කොළ ලේඛන සංස්කෘතිය” කෘතියේ කතුවරයා ද වන උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලය, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ රිදී විහාරය අනුබද්ධිත ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන හා පර්යේෂණ ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරකවරයෙකු මෙන්ම කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරති.

📅 2026 අගෝස්තු 1 වන සෙනසුරාදා
⏰ ප.ව. 1:00 සිට 5:00 දක්වා
📍 The Bawa Space, අංක 42/1, හෝටන් පෙදෙස, කොළඹ 07
🎟️ ගාස්තුව: එක් අයෙකුට රුපියල් 2,000/- (සීමිත පිරිසකට පමණක් ඉඩකඩ ඇත)
🤝 ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට හෝ ලියාපදිංචි වීමට [email protected] වෙත ඔබේ විස්තර යොමු කරන්න.

“අකුරුකියනකතා” ශ්‍රී ලාංකික අකුරුවල සුන්‍දරත්වය, ඉතිහාසය සහ අනාගතය ගැන කෙරෙන අපූරු ගවේෂණාත්මක ප්‍රදර්ශනයක්. පොතපතේ දකින අකුරුවලින් එහාට ගිය අකුරු කලාවේ නව මානයන් දැකගන්නත්, ඒ අකුරු අපට කියන කතා රස විඳින්නත් මේ ප්‍රදර්ශනයෙන් ඉඩහසර වෙන් කෙරෙනවා. කොළඹ කේන්‍ද්‍ර කරගත් මූනියැක් නිර්මාණ සහ අක්‍ෂරාගාරය විසින් සංවිධාන කරන මෙම ප්‍රදර්ශනයේදී සිංහල, දෙමළ සහ ලතින්-ඉංග්‍රීසි අකුරු මෝස්තර සහ ඒවායේ නිර්මාණාත්මක පැතිකඩ පිළිබඳවත්, සංරක්‍ෂණය කළ ලේඛන, මුද්‍රණ යන්ත්‍ර මෙන්ම නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳවත් දැන ගැනීමට අගනා අවස්ථාවක් ඔබට ලැබෙනවා.

14/07/2026

ඓතිහාසික ජංකුරේ මහා විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ලය - 2026

ඓතිහාසික රිදී විහාරස්ථ ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන හා පර්යේෂණ ආයතනයේ පාඨමාලා අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ ප...
21/04/2026

ඓතිහාසික රිදී විහාරස්ථ ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන හා පර්යේෂණ ආයතනයේ පාඨමාලා අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පුරාවිද්‍යාඥ මාලිංග අමරසිංහ මහතාට සුබ උපන් දිනයක් වේවා...

ඓතිහාසික රිදී විහාරයේ හා ලේවැල්ල ගංගාරාම රාජමහා විහාරයේ භාරකාර ධුරන්ධර, ස්‍යාමොපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ...
18/04/2026

ඓතිහාසික රිදී විහාරයේ හා ලේවැල්ල ගංගාරාම රාජමහා විහාරයේ භාරකාර ධුරන්ධර, ස්‍යාමොපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික ගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේට සුබ උපන් දිනයක් වේවා.....

ශ්‍රී ලංකාවේ පුස්කොළ ලේඛන කලාව පිළිබඳ පූජ්‍ය හෙම්මාතගම පියදස්සි හිමියන් විසින් රචිත නවතම කෘතිය 'ශ්‍රී ලංකාවේ පුස්කොළ ලේඛ...
16/04/2026

ශ්‍රී ලංකාවේ පුස්කොළ ලේඛන කලාව පිළිබඳ පූජ්‍ය හෙම්මාතගම පියදස්සි හිමියන් විසින් රචිත නවතම කෘතිය 'ශ්‍රී ලංකාවේ පුස්කොළ ලේඛන සංස්කෘතිය' බෞද්ධාලෝක පදනමේ ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළිදක්වන ලදී.

පුස්කොළ ලේඛනයෙහි ඓතිහාසික විකාශය, පුස්කොළ ලේඛනයෙහි බලපෑ සංස්කෘතික මූල, පුස්කොළ පොත් නිපදවීම හා බැඳුණු සංස්කෘතිය, ඥාන සංරක්ෂණය හා ග්‍රන්ථ පවත්වාගෙන යෑම යනාදී පරිච්ඡේද මෙම කෘතියට ඇතුළත් වේ.

කෘතියේ මිල රු. 2000කි. වට්ටම සහිත මිල රු. 1500කි.

Cash on delivery ක්‍රමය ඔස්සේ කෘතිය ගෙන්වාගැනීමට පහත අංකයට ඇමතුමක් දෙන්න.

(070) 559 5633 (හෙම්මාතගම පියදස්සි හිමි)

Address

B413
Hanguranketa

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Siddhartha Palm Leaf Manuscript Study & Research Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Siddhartha Palm Leaf Manuscript Study & Research Institute:

Shortcuts

Share