21/12/2025
" ජීවිතයේ සටන් නිරන්තරයෙන්ම, වඩා ශක්තිමත් හා වඩා වේගවත් මිනිසා විසින්ම ජය නොගනී. ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකියැයි සිතා වෙහෙස වී වැඩ කරන මිනිසාය..."
ඒක මරු A/L සදහා Class ගිය පලවෙනි දවසේ අහන්න ලැබුන වාක්‍යයක් ඒත් ඒකේ ලොකු තේරුමක් මුලදී නොදැනුනත් පස්සේ හොදට දැනුනා.
ජීවිතය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්, එක එක පාඩම් හරි හොදට කියලා දෙනවා.
මම මේ දක්වා ආපු ගමන ඒ තරම්ම සුන්දර එකක් උනේ නෑ. ඒත් ඒ අසුන්දර තැන් මගහැරියෙත් නෑ. ඉතින් මේ වෙනස් වෙන ජීවිත කතාව කවදා හෝ දවසක කාටත් ඇහෙන්න කියන්න වෙනවා කියලා මන් දන්නවා. අද වගේ දවසක් ඒකට හොදම දවසක් වෙනවා කියලත් දන්නවා.
⭕ ඉතින් මේක මම කියන්නෙ මන් වගේ තව දහස් ගනන් මේකේ ඉන්නවා, ඒ අය වෙනුවෙන් ⭕
මේක සූරියවැවේ පොඩි ගමක, පුංචි පවුලක ඉපදිලා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවකු දක්වා ආව ගමනේ පොඩි කතාවක්...........
මම පාසල් යන්නේ සූරියවැව ජාතික පාසලට. ශිෂ්‍යත්වය නම් Fail. මෙලෝ වැඩක් කලේ නෑ එතකොටනම් නමවත් හරියට ලියාගන්න බෑ😁. School ගියෙත් අම්මා ඇදගෙන යන නිසා, නිවාඩුවක් දැම්මොත් දවසේම උදැල්ල අතේ තියාගන්න වෙනවා.
අම්මලා කුලී වැඩ කරලා තමයි අපිට කන්න දුන්නේ, ඒක අපිට උගන්නන්න තරන් ප්‍රමානවත් නොවන බව තේරෙනකොට 8 වසරේ විතර, එතකොට Try කරේ කොහෙන් හරි සල්ලි හොයන්න ඕන කියලා. ගමෙ තියෙන වතුවල පොල් අතු කපලා ඉරටු සුද්ද කරනවා, ගම වටේම ඇවිදලා පොල් කටු එකතු කරලා ඒවා පුච්චලා අගුරු විකුණනවා. ඒක හැමදාමත් කරන්න නැති නිසා පොලේ Business කරන්න ගියා එතකොට 9 වසරේ මුල වගේ. මුලින්ම කලේ මාලු පොලේ ෂොපිං බෑග් විකුණා එක. ඒකෙනම් ලොකු income එකක් නෑ ඒත් අත්දැකීම මරු. ඊට පස්සෙ අදුරන මාමා කෙනෙක්ගේ සිල්ලර බඩු තට්ටුවක වැඩ කලා දවසට 150/= යි. ඒකත් මදී ටික දවසයි ඒකේ වැඩ කලේ ඊට පස්සේ තමයි සුපිරිම Business එක පටන් ගත්තේ පොඩි පොඩි Place සෙට් කරගෙන ලුණු පැකට් විකුනුවා. ඒක මරු මම මහන්සි වෙන තරමට income එක අවුරුදු 2ක් විතර කලා O/L ලියන කාලෙනම් සෙනසුරාදා පොලේ විතරයි. O/L වලින් පස්සේ සූරියවැව, බරවකුබුක, ඩංඩුම, ඇඹිලිපිටිය, හත්පෝරුවේ ලුණු පැකට් Business කරන්න පටන් ගත්තා. ඒකෙන් නම් ලොකු ගේමක් ගැහුවා. ඒ අතර අමු අඹ සල්ලි වලට අරගෙන ඒවා ඉදවල පෙට්ටි කරල විකුනනවා. මේ දේවල් කරද්දී තමයි තේරුම් ගියේ මීට වඩා සල්ලි හම්බ කරන්න පුලුවන් ඉගෙන ගත්තනම් කියලා. ඊට පස්සෙ කොහොමහරි ඉගෙන ගන්න ඒවත් කරන්න පටන් ගත්තා.
10 වසරෙත් අවසාන වාරය වෙනකන් කිසිම තේරුමක් නැතුව School ගියත් අවසාන වාරයේ Exam එකේ පංතියේ 4 වෙනිය වෙනවා. ඊට පස්සේ තමයි තව ටිකක් පාඩම් කරලා පංතියේ 1 වෙන්න ඕන කියලා තීරණය කරන්නේ, එයින් පස්සේ හොදට වැඩ කරගෙන යනවා, පංති යන්න පටන් ගන්නේ 11 වසරේ මුල ඉදන්. මගේ ආර්ථික තත්වය යාලුවෝ දන්න නිසා මම Class ගිය සර්ලට කියලා මට Free card අරන් දුන්නා.
ගණිතය ( මහේෂ් පිලපිටිය සර් ), විද්‍යාව ( ශාන් අත්තිඩිගේ සර් ) , ඉතිහාසය ( මහේෂ් බන්ඩාර සර් ) අවුරුද්දක් මට Free Card දීලා ඉගැන්නුවට ගොඩාක් පින්🙏🙏🙏 තව School ගුරුවරුන් මාරම Suport එකක් දුන්නා ඉගෙන ගන්න. Scholarship හොයලා දුන්නා, පොත්පත් ගෙනල්ලා දුන්නා.
A/L කරන එක ගැන කිසිම අදසක් නැතිව ඉද්දී ගණිතය Class එකේ අවසාන දවසේ සර් ඇහුවා A/L වලට මොනවද කරන්නේ කියලා අදහසක් නෑ කිව්වම තමා සර් කිව්වේ " උබ maths කරපන් " කියලා. එදා තමයි හිතාගත්තේ Results ආවම Maths කරන්න Class යනවා කියලා. 2012 දෙසැම්බර් මාසයේ O/L ලිව්වා. ලියල ඉවරවෙලා Full Time ලුණු පැකට් Business එක කෙරුවා. 2013 අප්‍රේල් මාසයේ Results ආව, තිබුනේ A5, B2, C1, S1. A/ L කරන්න ඒක හොදටම ඇති.
2013 මැයි මාසයේ මුල ඉදන් A/L වලට Class යන්න පටන් ගත්තා. යනකොට තමයි තේරුනෙ මම ඉතුරු කරපු සල්ලි මදි මේක දිගට කරගෙන යන්න. Bus වලටත් සල්ලි ඕන. සර්ලත් එක්ක කතා කරලා Free card එකක් ගන්න තීරණය කලා. මේකත් කොහොමහරි ගොඩ දාගන්න ඕන නිසා.
C.Maths ( ජනක අබේවර්ධන සර්, ගිහාන් චාමින්දු සර් ) , Chemistry ( U.B අරවින්ද සර් ), Physics ( සත්‍යානන්ද සර්, නුවන් ජයමාල් සර් ) Class fees ගැන කතා කලාම Subject හතරම Free කරලා දුන්නා. ඒක මාරම Suport එකක් උනා වැඩ ටික කරගෙන යන්න. Revision පටන් ගත්තම Bording වෙන්න තරන් හැකියාවක් නැති උන නිසා වගේගොඩ පංසලක ඉදන් තමයි Class ගියේ. අන්තිම කාලයේ යාලුවෙක්ගේ ගෙදර ඉදන් තමයි වැඩ කරගෙන ගියේ.
පුලුවන් උපරිමයෙන් කලත් 1st, 2nd shy වල Results වලින් Campus ගියේ නෑ. 3rd එකත් කරලා AAB අරගෙන මොරටුව campus එකේ ඉංජිනේරු පීඨයට Select උනා 2017 A/L Exam එකෙන්. Exam කරලා ඒ අතරතුර ජනක සර්, ගිහාන් සර් ගේ Paper marking Panel එකේ වැඩ කලා. Campus යන්න එනකන් කොට්ටාවේ Enterprises එකක වැඩ කලා Sales Rep කෙනෙක් විදියට ( Album එකක් අරගෙන ගෙවල් වලට ගිහින් Orders ගන්න තියෙන්නේ ). ඒකත් මරු Job එක. අවුරුද්දක් විතර ඒක කලා.
2018 අවුරුද්දේ අවසානේ Campus පටන් ගත්තා. ඒකෙදි වන වියදම් හොයාගන්න Class කරන්න පටන් ගත්තා. ඒකෙන් ලැබෙන මුදල් ගෙදරටත් දීලා මගේ වැඩත් කරගන්න පුලුවන් උනා. Campus එකේ වැඩ කරගෙන යන්න Department එකේ සියලු දෙනා මාරම Suport එකක් දුන්නේ. Hostal Room සෙට් එක Degree එක කොහොමහරි ගමු, අපි උදව් කරන්නම් කියලා Suport දුන්නා. මම Exam වලට කලින් දවසෙත් Class කරන්න යනවා, Room එකේ එවුන් පාඩම් කරලා මැදියම් රෑ වෙනකන් කුප්පි දාලා Subject ටික ගොඩදාල දෙනවා. Campus යාලුවන් ම මට Class සෙට් කරලා දීලා තියෙනවා ඕන තරන්.
කොරෝනා සිද්දියත් එක්ක Class කරපුව නැවතුනා. මේ කාලයේ තමයි " Physics Master " You tube channel එක පටන් අරගෙන කරගෙන ගියේ. ගණිතය විෂය සදහා DVD 4 ක් Record කරලා ඒක ගෙවල් වලට ගිහින් විකුනුවා. කොරෝනා කාලයේ කොට්ටාවේ පාරවල් වල පොඩි Book Store එකක් දාලා පොත් විකුනුවා. යාලුවන් එක්ක eBay , Binance online Business ඒමත් කලා. ඒත් එක්කම තමයි අම්මත් ලෙඩ උනේ. එතනදී අම්මගේ බෙහෙත් වල වියදම් ගොඩක් උනා, ඒවා ඔක්කොම මගේ සහෝදරයා විසින් තමයි බැලුවේ. Campus එකේ Tranning වලට අවිස්සාවේල්ල Teejay Lanka එකට ගියාම තමයි මැජික් ගණිතය කියලා පොත් 4ක් ලිව්වේ. ඒකත් පාරවල් වල Store හදල විකුනුවා . අම්මා ලෙඩ වීමත් එක්ක මමත් දිගටම Class කරන්න පටන් ගත්තා.
ඉතින් ඔය විදියට තමයි මේ දක්වා ආව ගමන. නිදහස් අධ්‍යාපනය මම උපරිමයෙන් භුක්ති වින්දා. Tution Class වලත් නිදහස් අධ්‍යාපනය ලබාදුන්න සියලූම ගුරුදෙමාපියන්ට බොහොම පිං. ඒ වෙනුවෙන් පොඩිම පොඩි තෑග්ගක් මේ Degree එක .
මගේම ගුරුවරුන්ගේ ගෝලයන්ට උගන්න ලැබීමත් ලොකු භාග්‍යයක්.
ගේමක් ගහන්න දගලන කොල්ලෝ, කෙල්ලෝ අතාරින්න එපා මොන බාදාව ආවත් අරමුණ ඔලුවේ තියාගෙන ඒකටම වැඩ කරන්න. මොනයම් හෝ දවසක අපේ Game එක Play වෙන්න ගන්නවා. එතකන් අල්ලගෙන ඉන්න. 💪🤝
අන්තිමට ඉතින් මෙතුවක් කාලයකට මට වචනයකින් හරි උදව් උපකාර කරපු හැමෝටම ස්තූතියි කියලා මන් නවතිනවා.
⭕ නිදහස් අධ්‍යාපනය දිගුකල් වැජඹෙවා.! ❤️