Swiss training center Eraminiyaya

Swiss training center   Eraminiyaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Swiss training center Eraminiyaya, Trade school, Eraminiyaya , Hungama, Hambantota.

👉 ජාතික තරුණ සේවා සභාවේ එරමිණියාය    ස්විස් පුහුණු මධ්‍යස්ථානයේ 2024 වර්ෂය සඳහා මෝටර් කාර්මික පාඨමාලාව හැදෑරීමට බලාපොරොත...
08/02/2024

👉 ජාතික තරුණ සේවා සභාවේ එරමිණියාය ස්විස් පුහුණු මධ්‍යස්ථානයේ 2024 වර්ෂය සඳහා මෝටර් කාර්මික පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන අභ්‍යාසලාභීන්ගේ සමාරම්භක උත්සවය. 2024.02.07
👉 මධ්‍යස්ථානය භාර නිලධාරි තුමා , පාඨමාලා උපදේශක මහතුන් , කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ අභ්‍යාසලාභීන්ගේ භාරකරුවන් මේ සඳහා සහභාගී විය.

මධ්‍යස්ථානයේ මෝටර් කාර්මික පාඨමාලාවේ සිසුන්ගේ පුහුණු කටයුතු වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ...
29/05/2023

මධ්‍යස්ථානයේ මෝටර් කාර්මික පාඨමාලාවේ සිසුන්ගේ පුහුණු කටයුතු වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය වැඩපළ හරහා පරිත්‍යාගයක් ලෙස ලැබුණු භාවිතයෙන් ඉවත් කරන ලද මෝටර් රථ (Hino mobile workshop lorry) දෙකෙහි අලුත්වැඩියා කටයුතු සිදු කිරීම.
අලුත් වැඩියා කටයුතු සියල්ල මෝටර් කාර්මික පාඨමාලා හදාරන සිසුන් විසින් සිදු කරනු ලබන අතර ඔවුන්ගේ විෂයේ ප්‍රායෝගික දැනුම වර්ධනය කර ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවකි.
සිසුන්ගේ පුහුණු කටයුතු වෙනුවෙන් මෙම මෝටර් රථ දෙක අප ආයතනයට ලබා දීමට මැදිහත් වී ක්‍රියා කරන ලද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය වැඩපළේ ප්‍රධාන ඉංජිනේරු තුමා ඇතුළු කාර්ය මණ්ඩලය ගෞරවයෙන් සිහිපත් කරමු.

මෙවර ජාතික තරුණ දින සැමරුම වෙනුවෙන් මධ්‍යස්ථාන භාර නිලධාරීන් තුමාගේ අදහසකට අනුව සංවිධානය කෙරුණු පොල් පැල සිටවීමේ වැඩසටහන...
29/05/2023

මෙවර ජාතික තරුණ දින සැමරුම වෙනුවෙන් මධ්‍යස්ථාන භාර නිලධාරීන් තුමාගේ අදහසකට අනුව සංවිධානය කෙරුණු පොල් පැල සිටවීමේ වැඩසටහන.
මෙම වැඩසටහනට මධ්‍යස්ථානයේ සියලු ම අභ්‍යාස ලාභීන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූ අතර 2023 මැයි මස 23 උදෑසන 9.00 වැඩසටහන ආරම්භ විය.

අලුතින් ඉදි කරන ලද ආරක්ෂිත ගෘහය තුල වැඩිදියුණු කරන ලද මිරිස් වගාව ආරම්භ කිරීම සඳහා සූදානම් කිරීම. මෙහි දී නවීන තාක්ෂණික ...
29/05/2023

අලුතින් ඉදි කරන ලද ආරක්ෂිත ගෘහය තුල වැඩිදියුණු කරන ලද මිරිස් වගාව ආරම්භ කිරීම සඳහා සූදානම් කිරීම. මෙහි දී නවීන තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් වගා කටයුතු සිදු කරන අතර මෙම කටයුතු සියල්ල සිදු කරනු ලබන්නේ මධ්‍යස්ථානයේ කෘෂි ක්ෂේත්‍ර සහායක පාඨමාලාව හදාරන සිසුන් විසිනි. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට මධ්‍යස්ථානයේ සේවයේ නිරත කෘෂි ක්ෂේත්‍ර සහයක පැතුම් මහතාගේත් තරුණ සේවා නිලධාරි වසන්ත මහතාගේත් ක්ෂේත්‍රයේ සම්බන්ධ වී කටයුතු කරන ජයනාත් මහතා හා දයා මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේත් උත්සාහයත් කැපවීමත් සිසුන්ගේ උනන්දුවත් ඉතා වැදගත් වී ඇත.

තාරුණ්‍යයට සිල් සුවඳ.........වෙසක් පුන් පෝය නිමිත්තෙන් එරමිණියාය ස්වීස් පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන භාර නිලධාරි තුමාග...
25/05/2023

තාරුණ්‍යයට සිල් සුවඳ.........
වෙසක් පුන් පෝය නිමිත්තෙන් එරමිණියාය ස්වීස් පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන භාර නිලධාරි තුමාගේ සංකල්පයකට අනුව මෙවර පාඨමාලා හදාරන සියලු සිසුන් සීල සමාදාන වැඩසටහන සඳහා යොමු කරන ලදී.
මුලන පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති සූරියවැව මේධානන්ද හිමියන්ගේ අනුශාසනා හා මඟ පෙන්වීම් යටතේ ඒ දින මුලන පුරාණ විහාරස්ථානයේ දී සිසුන් සිල් සමාදන් වීම හා ආගමික කටයුතු සඳහා සහභාගි විය

25/05/2023

ස්විස් පුහුණු මධ්‍යස්ථානය - එරමිණියාය ..

Address

Eraminiyaya , Hungama
Hambantota

Telephone

+94707836788

Website

Alerts

Be the first to know and let us send you an email when Swiss training center Eraminiyaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Swiss training center Eraminiyaya:

Shortcuts

Share

Category