19/06/2024
2023(2024) අ.පො.ස උසස්පෙළ ප්‍රතිඵල
විශ්ලේශණයෙන් මෙවරත් හල්දුම්මුල්ල අධ්‍යාපන
කොට්ඨාසය ඌව පළාතේ අධ්‍යාපන කොට්ඨාස 23 අතරින් ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත.
ඌව පළාතේ අති දුෂ්කරතම අධ්‍යාපන කොට්ඨාසයක් වන හල්දුම්මුල්ල කොට්ඨාසයේ 5 ශිෂ්‍යත්ව විභාගය සමත්වන සිසුන් සහ අ.පො.ස සාමාන්‍ය පෙල විභාගය ඉහළින් සමත්වන සිසුන් නගරයේ පාසල්වලට ඇදී යද්දී, අවම මානව සහ භෞතික සම්පත්, ප්‍රවාහන ගැටලු, වන අලි තර්ජන, නාය යෑම් සුළං වැනි ආපදා මැද 79.33%ක සමත් ප්‍රතිශතයක් ලබා දී, ගමේ පාසල් විශ්වාස කරගෙන රැදුන සහ නගරයේ පාසල්වලට ඇතුළත්වීමට සුදුසුකම් නොලැබූ සිසුන්ට උපරිම සාධාරණයක් කල හල්දුම්මුල්ල කොට්ඨාසයේ සියළුම විදුහල්පතිතුමන්ලාට තුමියන්ලාට, ගුරු මහත්ම මහත්මීන්, සහ උදව් උපකාර කළ සැමට ගෞරවනීය ප්‍රනාමය පිරිනමන්නෙමු