ගරාජ් පංතිය

ගරාජ් පංතිය මොටර් රථ තාක්ශනය පිලිබඳව උනන්දුවක් දක්වන සැමට තාක්ශනික අත්වැලක්..

🚙🔧 Nissan X-Trail T30 – Misfire Diagnostic storyඅද මට හම්බුන case එක Nissan X-Trail T30 එකක්. කස්ටමර් වරකපොල ඉදලාම මාව හ...
18/08/2025

🚙🔧 Nissan X-Trail T30 – Misfire Diagnostic story

අද මට හම්බුන case එක Nissan X-Trail T30 එකක්. කස්ටමර් වරකපොල ඉදලාම මාව හොයගෙන ආවේ—Check Engine light එක ඔන්, engine එක වෙලාවකට misfire වෙනව.

🔴 කලින් කරපු දේවල්
කස්ටමර් කියනවා මේක හදන්න කලින් ගොඩක් දේවල් try කරලා තියෙනවා කියල.. ඩයග්නෝස් එකකට රෙපෙයා හිස්ට්‍රි එක මාරම වැදගත්..ඒව තමයි

Ignition coil එකක් මාරු කරලා

Spark plugs මාරු කරලා

Air flow sensor මාරු කරලා

EFI Tune up කරලා

👉 හැබැයි ලෙඩේ එහෙමමයි

💻 Scanner Check
Scanner රාජයා connect කරද්දි codes දෙකක් තිබුනා

Bank 1 Oxygen Sensor Heater Circuit error
Engine Misfire
අනිත් sensor/actuator live data වල කිසි abnormality එකක් නෑ.

🚗 Test Drive Observation

Test run එකේදි මම දැක්කේ:
Idle smooth.
Misfire එන්නේ accelerate කරන වෙලාවෙ, pickup වෙද්දි, engine load වැඩි වෙද්දි.

👉 මේකේ logical assumption එක

Load වැඩි වෙද්දි combustion chamber pressure වැඩි. ප්‍රෙශර් එක නිසා Spark plug එකට spark generate කරන්න අමාරු වෙලා, ignition coil insulation හරහා ඉග්නිශන් වෝල්ටේජ් එක leak වෙලා spark body ground වෙලා cylinder එක misfire වෙනවා.

🔧 Repair & Fix
Spark plugs check කරා → good condition.

Final solution

Ignition coils full set + Oxygen sensor replace.
කොයිල් එක දෙක මාරු කරන එක තේරුමක් නෑ හයිටෙන්ශන් වොල්ටේජ් එකක් එකපාරක් දෙපාරක් ඉන්සුලේටර් එකක් හරහා ලීක් උනොත් ඒ පාත් එක දිගේ ආයෙ ලීක් වෙන එක නවත්තන්න බැහැ.

➡️ මේක මාරු කළාම misfire clear.
➡️ Scanner reset කරලා ආයෙ test run එක ගියා.
🚙💨 Engine smooth. Check light off. Case closed!

💰 Diagnostic Charge

Diagnostic charge – Rs. 12,500.
Time – පැයක් විතර.
කෙනෙක් හිතයි යකඩෝ ගිනි කන ගනන්නෙ පැයකට දොලොස්දාහක් හෙනම ගහල අකුලෝලම යන්න එපයි පැයක වැඩේට ගාන වැඩියි නේද කියල.

👉 ඔතනදි කස්ටමර්ට තියෙන ලාබෙ තමයි දවසම ගරාජ් ගානෙ රස්තියාදු නෑ කාලය ඉතුරුයි, කැල්ලෙන් කෑල්ල මාරු කරල හරියනවද කියල බැලිලි නෑ .

අනවශ්‍ය කැලි වලට ගෙවන්න ඕන නෑ තියෙන හොද කෑලි ඩැමේජ් වෙන්නෙ නෑ .

ගාන ගන්නව ඉතින් ඔය පැයෙන් ඕක හදන්න අවුරුදු ගානක් මහන්සියෙන් ලබා ගත්තු දැනුම වෙනුවෙන්..
ඩයග්නෝස්ටික් ව්ලට පාවිච්චි කරන මිල අදික ටූල් වල වේස්ටේජ් එක වෙනුවෙන්,

ගෙදර උන් එක්ක කයියක් දාගෙන පොඩි උන් එක්ක සරුංගලයක් ඇරගෙන උන්ට සතුට ගේන්න තියෙන කාලය අනුන්ගෙ ප්‍රශ්නයක් විසඳන්න කැපකිරීම වෙනුවෙන්.

දැන් ලංකාවෙ වාහන වල පාර්ට්ස් වල මිලත් එක්ක ඕක හෙන තුට්ටු දෙකේ ගානක් නෙවැ..

ඇහුව කස්ටමර්ගෙන් සැටිස්ෆයිද ජොබ් එක ගැන කියල..කිසි අවුලක් නෑ සැටිස්ෆයිඩ්
*කස්ටමර්ටත් සතුටුයි..
හැබැයි ඉතිම් ලංකාවෙ වහන පදින හැමෝටම මේ සර්විස් එක සෙට් වෙන්නෙ නෑ..ඒකයි මං ඔය ගනන් මිනුම් දාන්නෙ නැත්නම් පස්සෙ හෙන ඉල්ලනව අනී පැය බාගයයි ගියෙ අච්චර ගත්ත මෙච්චර ගත්ත හරිම අසාධරනයි කියල..

🗣️ කස්ටමර්ගේ අත්දැකීම

අන්තිමේ මම අහුවා: “Job එක ගැන සතුටුයිද ද?”
“ වැඩේ ගොඩ. ගොඩක් ස්තූතියි.”

ඒ වචන තමා මට ලැබුන විශාලම reward එක.

Guessing repairs වලට කාලයත් සල්ලිත් නාස්ති කරන්න එපා.
Scanner data + logical analysis + real inspection එකතු වෙලා තමයි හරියට diagnose කරන්න පුළුවන්.

💡 මේකයි Diagnose Plus service එකේ philosophy එක.
Customerට wasted time නෑ. Unnecessary parts replace නෑ. Correct solution පමණයි.

👉 ඔයාලටත් මේ වගේ Engine Diagnostic / Scanning service එකක් ඕන නම්:
🔧 Diagnose Plus – ලොජික් එකෙන් හරියටම diagnose කරලා, wasting නැති solution දෙන service එක.
📲 WhatsApp – 0775878368

👉 මේ වගේ diagnostics & EFI Scanning ඉගෙන ගන්න ඕන නම්:
📲 WhatsApp – 0768254949
එන්න ගරාජ් පන්තිය classes join වෙලා, EFI & Scanning practicals කොටල පොවනව ආයෙ දෙකක් නෑ..

“ලෙඩ හරිම හරින්නේ guessing වලින් නෙවෙයි – දැනුම + විද්‍යාව + නිවැරදි diagnose එකෙන්!”

එහෙනම් හම්බෙමු තවත් මේ වගෙම ඩයග්නෝස් එකකින්..

සොරෙන්ටො කතා වස්තුව.හෙඩිම කියෙව්වම දන්නවනෙ වාහනේ මොකද්ද කියල. කස්ටමර්  කොළබ 05 කස්ටමර් කෙනෙක්.කලිනුත් වහන කීපයක් ගොඩ දාල...
22/07/2025

සොරෙන්ටො කතා වස්තුව.

හෙඩිම කියෙව්වම දන්නවනෙ වාහනේ මොකද්ද කියල. කස්ටමර් කොළබ 05 කස්ටමර් කෙනෙක්.කලිනුත් වහන කීපයක් ගොඩ දාල දීල තියෙන නිසා ගරාජ් සීයක් විතර පහු කරගෙන බැරිම ලෙඩ වලට අපේ වර්ක්ශොප් එක බලා එනව.ඒ අතර එයාගෙ සමාන්‍ය රෙපෙයාර් වැඩ කරන වර්ක්ශොප් එකේ හිරවෙන ඒවත් හිටි ගමන් අරගෙන එනව.

ඔන්න කොහොම හරි සොරෙන්ටෝ එක අරගෙන එද්දිම එන්ජිමේ මිස් එකක් තියෙනව කියල දැනුනලු.චෙක් එන්ජින් ලයිට් එකත් පත්තු වෙනව අයිඩ්ල් හිටින්නෙත් නෑලු .ඒත් මිකැනික් කෙනෙක් අරං ගිය නිසා එයාගෙ කීමට ඕක ගොඩ් දාගන්න පුලුවන් කිවුව නිසාත් වටින ගානකට හම්බුනු නිසාත් ඕන කෙංගෙඩියක් කියල අරගෙන ආවලු.

ඇවිල්ල බලපු මිකැනික්ගෙ ගරාජ් එකටම දැම්මලු දාල ටියුන් අප් එකක් එහෙම කරල ප්ලග්ස් ටික එහෙමත් දාල බැලුවලු මිස් එක එහෙම මයි.
ඔන්න ඒ පාර මේකෙ වෑල් මිස් එකක් තියෙනව කියල හෙඩ් එක ගැලෙව්වලු
වෑල් ඔක්කොම ග්‍රයින්ඩ් කරල දාල ආයෙ ගෑස්කට් එහෙම දාල හයි කරල ස්ටාට් කරාලු

ඒපාර අයිඩ්ල් අමාරුවෙන් හිටිනව හැබැයි තඩි මිස් එකක් තියෙනව.හතර වෙනි සිලින්ඩරේ වැඩ කරන්නෙ නෑලු.
ආයෙ ටයිමින් ඔක්කොම චෙක් කරල බලන්න තියෙන ඔක්කොම බැලුවත් කිසිම ප්‍රගතියක් නෑලු. ඒපාර ස්කෑන් එකක් කරන්න කෙනෙකුත් ගෙන්නුවලු.මිනිහත් ස්කෑන් එකක් කරල.විසඳුමක් දෙන්න බැරි වෙලා ගියාලු
ඒ ගමන් ආයෙ තව පාරක් බල්න්න කියල ආයෙ ගැලෙව්වලු හෙඩ් එක.ආයෙ චෙක් කරල හයි කරාලු ඒත් එහෙම්මයිලු.

ඊලගට කිව්වලු මේකෙ ECU එකේ ලෙඩක් තියෙන්නෙ ඒක හදන කෙනෙක් ඉන්නව එයාට දීල බලමු කියල.කස්ටමර් ඒ වැඩේට කැමති උනේ නෑලු.
ඒ ගමන් මිකැනික් ටෝක් කරනවලු මේ වහනේ විකුනල දාන්න එයා බයර් කෙනෙක් සෙට් කරන්නම් කියල අඩු ලංසුවකුත් ගැහුවලු.
කස්ටමර් කමක් නෑ විකුනන්නෙ නෑ ඔයා මට වහනේ තිබ්බ විදියට හයි කරල දෙන්න කියල වහනේ අරං ආවලු ඒ වෙද්දි මේක ගොඩ දාගන්න එක්ලක්ශ ගානක් වියදම් කරලලු.ඒකත් ඇතෑරල වහනේ අරන් ඇවිත් තමයි රෙව් ටෙක් එකට ගෙනාවෙ.

ඔන්න ඉතින් අපේ සේවා උපදේශක ළහිරු කස්ටමර්ට ඇපොයිමන්ට් ඩේට් එකක් දීල.එදාට වහනේ අරං ආවට පස්සෙ සම්පූර්න ඉන්ස්පෙක්ශන් රෙකෝඩ් එකක් අරගෙන අපේ වර්ක්ශොප් ක්‍රියාපටිපාටියට අනූව ඇස්ටිමේට් එකක් දීල ගිවිසුම් අත්සන් කරගෙන ජොබ් ඔඩරයක් දාල වැඩේ බාර ගත්ත.
මුලින්ම සර්වලෝක නිවාරන රත්නවල්ලි රොඩී දැහැනින් බල ගැන්වුනු මහා ලෝන්ච් ස්කෑනර් රාජයාව ගැහුව වහනේට.

බැලුව පාතාල අඳුනින් බලනව වගේ මොනවද පෙන්නුම් කරන දෝශ කියල.
පලවෙනි රිපෝට් එක ගත්තම ඉරිදා ලහිපිටට එහා .පිටු දෙක තුනක් තියෙනව ට්‍රබල් කෝඩ්.කලින් රෙපෙයාර් එකේදි ඔක්කොම ගලව ගලව හයිකරපුව ecu එක මෙමරි තියාගෙන දැන් පතරංග ජාතකේ වගේ දිගාරිනව.
එහෙමම ඉරේස් කරල දාල ඔක්කොම ආයෙ මුල ඉදල ස්කෑන් එක කරා.ඔන්න ඒපාර ට්‍රබල් කෝඩ් දෙකක් විතරයි තියෙන්නෙ .
ඒ තියෙන්නෙ TPS (Throttle position sensor)
එකයි Oxygen sensor (bank 1/bank2)
කියන ට්‍රබල් කෝඩ් දෙක.

ඊලගට ගත්ත ඔය දෙකේ ලයිවු ඩේට ස්ට්‍රීම් එක. TPS එක මොනම අවස්තාවකවත් කිසිම ප්‍රතිචාරයක් නෑ.
ඊලගට චෙක් කරා TPS සෙන්සරෙයි ecu එකයි අතර වයර් සම්බන්ද තාවය .ඒකෙත් අවුලක් නෑ බඩු හොදයි
ඊලගට ඉතුරු TPS සෙන්සරේ විතරයි.ඕක චෙක් කරා මල්ටිමීටරෙන්.බඩු හරි ඒක මැරිල කිසිම රීඩින් එකක් දෙන්නෙ නෑ..
එහෙනම් ඒක කොහොමත් දාන්න ඔන ලිස්ට් එකට දාල. ඊලගට ගියා ඔක්සිජන් සෙන්සරේට. ඒ දෙකේම ලයිවු ඩේට චෙක් කරාම ඩේට එකක් එනව. ඒත් ට්‍රබල් කෝඩ් එකක් ජෙනරේට් වෙලා තියෙනව.
ඒත් ආයෙ පොඩ්ඩක් ගැඹුරට ගිහින් සෙන්සර් වෝල්ටේජ් බැලුවම ඒ එන වෝල් ටේජ් එක ගොඩක් පුංචි වෝල්ටේජ් එකක් තමයි එන්නෙ.ඒ කියන්නෙ ඔක්සිජන් සෙන්සර් දෙක වැඩ කරාට නියමිත පරාසයෙ නෙමෙයි වැඩ කරන්නෙ.

කොහොම උනත් මේ සෙන්සර් දෙකේම තියෙන ලෙඩ දෙකට එක සිලින්ඩරයක් විතරක් මිස්කරන්න විදියක් නෑ කියල තීරනය කරත් කමක් නෑ මේ ටික කොහොමත් දාන්න ඕන නිසා ඒ සෙන්සර් දෙක අලුතින් දාල ආයෙ ගේමට බැස්ස.

කලින් තීරනය කරපු දේ හරි.සෙන්සර් දෙක තුන දැම්මට පස්සෙ චෙක් ලයිට් එක හරි. ඒත් මිස් එක එසේමයි.කිසිම වෙනසක් නෑ ඒ කියන්නෙ ලෙඩේ තියෙන්නෙ ඒ සෙන්සර් දෙකේ නෙමෙයි වෙන තැනක.

ඊලගට වෙන්න පුලුවන් පලවෙනි දේ හතරවෙනි සිලින්ඩරේ ප්ලග් එක වැඩ කරන්නෙ නැතිව යන එක ඒකට හේතුව ප්ලග් එක වෙන්නත් පුලුවන් කොයිල් එක වෙන්නත් පුලුවන්.

කොයිල් එක චෙක් කරා වෙනත් ප්ලග් එකකුත් දාල බැලුව එවයෙ කිසි අවුලක් නෑ ඒත් ලෙඩේ එහෙමමයි.
ඊලගට ඉන්ජෙක්ටරේට පල්ස් එක එනවද කියල බැලුව 3w ඉන්ඩිකේටර් ලෑම්ප් එකක් තියල බඩු වැඩ කරන්ට් එක එනව.
දැන් ප්ලග්ස් වලට කරන්ට් එකත් එනව නම් ඉන්ජෙක්ටර් වලට කරන්ටෙකත් එනව නම් ඊලගට වෙන්න පුලුවන් එකම දේ හතර වෙනි සිලින්ඩරේ එන්ජින් කම්ප්‍රෙශන් අඩුවක් වෙන්න ඕන.
මොකද වෑල් ටයිමින් වල වෙනසකින් ඕක එක සිලින්ඩරේකට විතරක් බලපාන්න අමාරුයි කියල තීරනය කරන්න පුලුවන්.
එහෙනම්.ඊලග ස්ටෙප් එක එන්ජින් කම්ප්‍රෙශන් ටෙස්ට් කරන එක .මොකද කලිනුත් දෙපාරක් හෙඩ් එක ගලවල බැලුව කිව්වනෙ .
ඔන්න ඊලගට කොම්ප්‍රෙශන් ටෙස්ට් කරා .
කම්ප්‍රෙශන් ටෙස්ට් රිසල්ට් එක ගත්තට පස්සෙ තමයි හීන් දාඩිය් දැම්මෙ.
සිලින්ඩර හතරෙම කොම්ප්‍රෙශන් හොදයි

එතකොට දෙයියනේ කොම්ප්‍රෙශනුත් හොදයි නම් ඉග්නිශනුත් තියනව නම් ඉන්ජෙටර් පල්ස් එකත් එනවනම් කොහෙද මේකෙ ලෙඩේ තියෙන්නෙ.
වෙන්න අමාරු උනත් තව එකයි වෙන්න පුලුවන් ඒ හතර වෙනි සිලින්ඩරේ ඉන්ජෙක්ටරේ පිච්චෙන්න ඕන.හැබැයි මම.වාහන අතගාපු ජිවිත කාලෙටම ඉන්ජෙක්ටරයක් පිච්චිලා මිස් කරපු වාහන හමබ වෙලා තියෙන්නෙ එකක් නැත්නම් දෙකක් විතරමයි.

ඒත් කමක් නෑ කියල ඉන්ජෙක්ටරේ ගලවල රෙසිස්ටන්ස් චෙක් කරා.ඒ අවුලකුත් නෑ එතනින් එහාට වෙනවනම් ඉන්ජෙක්ටරේ ඇතුලෙ මිකැනිකල් ෆෝල්ට් එකක් වෙන්න ඕන කියල හිතල ඒකත් චෙක් කරන්න කියල හිතන් හතරවෙනි ඉන්ජෙක්ටරේ පලවෙනි සිලින්ඩරේට දාල පලවෙනි එකේ ඉන්ජෙක්ටරේ හතරවෙනි එකට දැම්ම.

ඔන්න බඩු මාට්ටු උනා ඒ ගම හතරවෙනි ඉන්ජෙක්ටරේ දාපු පලවෙනි සිලින්ඩරේ වැඩ නෑ පලවෙනි ඉන්ජෙක්ටර් එක දාපු හතර වෙනි එක වැඩ.
ඕක මුලින්ම කෑලි ටික මාරු කරල බැලුවනම් ඉවරනෙ කියල හිතෙන් බැන බැන වැඩ නොකරපු ඉන්ජෙක්ටරේ සාම්පල් දීල පන්චිකාවත්තෙන් බ්‍රෑන්ඩ් නිවු ඉන්ජෙක්ටරයක් ගෙනාව අස්ප ගානකට
ගෙනැල්ල මාර සතුටින් අද මේ වැඩේ ඉවරයිනෙ කියල ඒ ගෙනාපු අලුත් ඉන්ජෙක්ටරේ පලවෙනි සිලින්ඩරේට දැම්ම.(එකේ තිබ්බ එක හතරට දැන් දාලනෙ තියෙන්නෙ)
ඔන්න දහසක් බුදුන් බුදුවන ඒ හිමිදිරි උදෑසන නමෝ විත්තියෙන් බලාපොරොත්තු දැල් වුන දෑසින් යුතුව ස්ටාර්ට් කරා.
වැඩේ හරි එන්ජිම කෝල්ඩ් ස්ටාර්ට් නිසා 1500ට විතර රේස් වෙලා නියමෙට තිහෙනව. මල් හතයි දැන් සතුට දෝරෙ ගලනව.
ඒත් පින්වතුනි ඒ සතුට තිබ්බෙ එන්ජිම වර්කින් ටෙම්පරේචර් එකට කිට්ටු වෙලා අයිඩ්ල් rpm එක අඩුවෙනකම් විතරයි අයිඩ්ල් අඩු වෙච්ච ගමන් ඔන්න ඉන්ජෙක්ටරේ දාපු පලවෙනි සිලින්ඩරේ මිස් කරනව.වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා මේ වගේ අජූත වැඩ.

ආයෙ ඉන්ජෙක්ටරේ චෙක් කරන්න කියල ගැලෙව්ව රේල් එක .ගලවල රේල් එක පිටින්ම එලියට අරන් ක්‍රැන්ක් කරල බැලුව ඉන්ජෙක්ටර් හතරෙම පෙට්‍රල් විදිනවද කියල.. දෙන දෙයියොත් අපිටම ආතල් දෙන්න මෙන්න එතකොට ඉන්ජෙක්ටර් හතරෙන්ම පෙට්‍රල් විදිනව.

ඒ ආතල් එක දෙගුන තෙගුන වෙන්න ගියෙ පොඩි වෙලාවයී ඊලගට 2400cc එන්ජිමක් ගිනිගහන්න රත්වෙච්ච වෙලාවෙ වහනේ ස්විච් එක පවා ඕෆ් කරල තියෙද්දි එන්ජින් හීට් එකට පෙට්‍රල් වාශ්ප ටික ඉබේම ගිනි ගත්ත දැන් එන්ජින් බේ එක තොවිලෙට ගහපු විලක්කුවක් වගේ.ඒ අතරෙ ටෙක්නිශියන්ගෙ අතේ පෙට්‍රල් ගැවිල තිබිල දේව කතාවල අතින් ගිනිබෝල යවන පොරවල් වල වගේ ඇගිලි ටිකෙන් ගින්දර යනව..මුලින්ම ක්ශනික ව ඒක නිවල .
ඊලගට ෆයර් එක්ස්ටින්ගුශර් එක අරන් ගින්න නිවල හුස්මක් ගත්තට පස්සෙ තමා ආයෙ පියවි සිහියට ආවෙ.

දැන් දායක සභාව එන්න එපා ඔයවිදියට කරන එක වැරදියි අරකයි මේකයි මේමයි කියගෙන.කොටනව ක්ශනිකව ඈ.මොකද කස්ටමර්ත් වියදම් කරල හෙම්බත් වෙලා නන්නත්තාර වෙලා අපේ පිහිට බලාපොරොත්තුවෙන් ළඟ ඉන්න ඒ වගේ වෙලාවක ටෙක්නිශියන් කෙනෙක්ගෙ මානසික මට්ටම දන්නෙ ඔය වගේ ලෙඩක් කර ගහපු එකෙක් විතරයි.

ඒවගෙම ඔය වැරදිච්ච ඒව ලියන්නෙ උඩබලාගෙන කෙල ගහ ගන්නව වගේ වැඩක් වෙලත්.එකෙක් හරි අපිට වරදින එකෙන් හරි පාඩමක් ඉගෙන ගනී කියල.
ඕක මට නොකිය සුද්ද වගේ ක්ලීන් එකට පිලිවෙලට වැඩේ ගොඩ දැම්ම කියල ලියන්න පුලුවන් කම තියෙද්දි එහෙම ලියන්නෙ නැත්තෙ බලන එකෙක් හරි අපි කරපු අනාරක්ශිත වැඩේ නොකරාවි කියන විශවාසයෙන් හරිය.

හරි දැන් ආයෙ ලෙඩේට ඊලගට කල්පනා කරා ආයෙ ලෙඩේ තියෙන්නෙ කොතනද කියල.ආයෙ ස්කෑනරේ ගහගෙන ඇක්ටිව් ටෙස්ට් ෆන්ශන් එක දාගෙන පලවෙනි ඉන්ජෙක්ටරේ ඩිඇක්ටිවේට කර කරා බලන කොට තේරුනා ඒකෙන් පොඩි වෙනසක් වෙනව කියල . එහෙනම් වෙන්න පුලුවන් මේ ඉන්ජෙක්ටරෙන් ඕන තරමට ප්‍රෙට්‍රල් විදින්නෙ නෑ කියන එක.

ඒත් මේක අලුත් ඉන්ජෙක්ටරයක් නිසා ඉන්ජෙක්ටරේ දෝශයක් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි..එහෙම නම් වෙන්න පුලුවන් මේක වැරදි CC (cubic capacity ) එකක ඉන්ජෙටරයක්. .

ඉන්ජෙක්ටරවල බදේ පාට මගින් cc එක කියන්න පුලුවන් උනාට තැරියන්න දුවපු පරන ඉන්ජෙක්ටර වල පාටයි අලුත් ඉන්ජෙක්ටර් එකේ අලු පාටයි වෙන් කරල අදුනගන්න බෑ.

අපි සාම්පල් එකට දීල ගෙනත් තියෙන්නෙත් වැරදි ඉන්ජෙක්ටරයක්.කවුද හිතනෙ එක ඉන්ජෙක්ටරයක් විතරක් වෙන cc එකක දාල තියෙයි කියල.ඒක අපි ට ඩයග්නෝස් එකේදි උනු වැරැද්දක්.

හරි කලර් කෝඩ් එකට පාර්ට් නම්බර් එකට ඉන්ජෙක්ටරේ ගෙනත් දැම්ම ගමන් සියලු දෝශ නිවාරණය උනා..කස්ටමර්ත් සතුටින් අපිත් සතුටින්.
හැබැයි අපිටත් ඔයිට වඩා ලේසියෙන් ඔය ලෙඩේ හොයා වන පුලුවන් වෙන ක්‍රමයක් තිබියදි අපි ඒක මග ඇරගෙන තිබ්බ.
ඒ තමයි ඕය ඉන්ජෙක්ටර් හතරම අල්‍ට්‍ර සොනික් ඉන්ජෙක්ටර් ටෙස්ටර් මැශින් එකකට දාල ඉන්ජෙක්ටර් කොන්ටිටි චෙක් එකක් කරා නම් ඔය ඉන්ජෙක්ටරේ ඉන්ජෙක්ටරේ ඉන්ජෙක්ශන් කොන්ටිටි එක අඩුයි කියන එක බලා ගන්න ඉඩ තිබ්බ .

ඒත් කලින් වහනේ කරල තිබ්බ රෙපෙයාර් සහ වෙලා තිබ්බ දේවල් එක්ක ඒවගේ දෙවල් එක පාර අපේ ඔලුවට එනව අඩුයි. මොකද අපිත් වාහන හදන ඉශ්ඨ දේවතෝවො නෙමෙයිනෙ. අපිත් මිනිස්සු නිසා.

අන්තිමට ඩයග්නෝස් එකේ පමාව නිසා ගෙනාපු ඉන්ජෙක්ටරේ පාඩුව අපි විඳගෙන කස්ටමර්ට බිල දාල දුන්නම . කස්ටමර් බලහත්කාරයෙන් ඉන්ජෙක්ටරේ සල්ලි දුන්න මං මේකට ලක්ශ ගානක් යට කරපු එක ගොඩ දාල ඔයාල පාඩු විඳින්න එපාකියල.

අන්තිමට කස්ටමර්ගෙ බලවත් පෙරැත්ත පිට ඉන්ජෙක්ටරේ ගානින් බාගයක් අපි අරගෙන කස්ටමටට බාගයක් වෙන විදියට සියල්ලෝම සතුටින් විසිර ගියා.

ආයෙ කතා වස්තුවකින් හම්බෙමු..

ඉන්ටග්‍රා කතා වස්තුව 02(ඇල්ජිබ්‍රා විසඳීම)දවස් දෙකකට කලින්  හොන්ඩ ඉන්ටග්‍රා එක ගැන ලියපු පෝස්ට් එකට කීප දෙනෙක්ම ඉල්ලල ති...
18/07/2025

ඉන්ටග්‍රා කතා වස්තුව 02
(ඇල්ජිබ්‍රා විසඳීම)
දවස් දෙකකට කලින් හොන්ඩ ඉන්ටග්‍රා එක ගැන ලියපු පෝස්ට් එකට කීප දෙනෙක්ම ඉල්ලල තිබ්බ ඒක ගොඩ දාපු හැටිත් ලියන්න කියල.ඔන්න ඉතිම් ඒක ගොඩ දාපු විදිය "අ"යන්නෙ ඉදන් ලියන්න මේ හදන්නෙ. මේක තේරෙන්නෙ ටිකදෙනෙකුට විතරයි හැබැයි..

මේක ඇතුලෙ සමහර තාක්ශන ශිල්පීන්ගෙ ගුරු මුශ්ඨි එහෙම ඇති ඒත් ඕව තියාගෙන හිටිය කියල ඇති වාසියකුත් නෑ පාඩුවකුත් නෑ.කවුරු හරි පාං කෑල්ලක් කන්න කහට එකක් බොන්න කීයක් හරි හොයා ගන්න ඕව පාවිච්චි කරාම සොභාවධර්මය නිවුටනගේ තුන්වන නියමයට අනුව ක්‍රියා කරාවි කාගෙ හරි කාර් එකකට හොදක් වේවි. හරි බයිල ඇති .

මුලින්ම කාර් එක පරික්ශාකරල බලන්න ඕන.නැගල ගියා වටයක්.රේස් වෙන තරමට යන්නෙ නෑ.ඇක්සලරේටරේ පෑගුවාම ඒකට එන්ජිම ප්‍රතිචාර දක්වන කාලයට වඩා අඩු කාලයකින් තැපෑලෙන් ලියුමක් යවන්න පුලුවන් ලබන්නාට හම්බවෙන්න.

ඊලගට ඒ සී දැම්මම RPM අප් වෙන්න ඕන එකට AC දාපු ගමන් කකුල් දෙක පැටලිලා වැටිල දනිහ බිම ඇනුන වගේ RPM ඩ්‍රොප් වෙනව.හිටි ගමන් රේස් වෙලාම හිටිනව. හිටි ගමන් 200RPM ට විතර බහිනව.යන අතර මග එකපාරටම නවතිනව ආයෙ ටික වෙලාවක් යතුර ඔන් ඔෆ් කර කර හිටියම අවාරෙට පොල් වැටෙන්න වගේ ස්ටාර්ට් වෙනව.ආයෙ යනව ආයෙ හිටිනව.එන්ජින් මැල්ෆන්ශන් ඉන්ඩිකේටර් ලෑම්ප(check engine)එකත් නිවිල යනව ඒක ලෙසටම වැඩ
පිටින් පේන ලෙඩ ටික ඔය ටික.
එතනින් එහාට ලෙඩ බලන්න ඩයග්නොස් ස්කෑනර් එකක් ඕන වෙනව.ගැහුව සර්ව විශාදී ‍රෝග පෙන්නුම් කරන යන්තරේ..

හොන්ඩ වලට ස්කෑනර් ගහන්න බෑ කියල හිතන අයට ප්‍රයොජන වත් වෙයි කියල කියන්නෙ. ඔය වගේ හොන්ඩ කාර් වල ඕක ගහන්න ඩයග්නොසිස් සොකට් එක තියෙන්නෙ පැසෙන්ජර් සයිඩ් එකේ ඩෑශ්බෝඩ් කැබි එකට යටින් මුල්ලෙ තියන සයිඩ් කවර් එක ඇතුලෙ ගොඩක් වෙලාවට කොලපාට රබර් කොපු දෙකක් ඇතුලෙ නිල් පාට සොකට් දෙකක් ඇති.එක සොකට් එකක් පින් තුනේ එකක් ඒක ස්කෑනරේ ගහන ඩයග්නොසිස් සොකට් එක.අනික පින් දෙකේ එන්ජින් චෙක් කනෙක්ටර් එක.

හැබැයි OBD2 සොකට් එක විතරක් තියෙන ස්කෑනරේකින් නම් මේක ස්කෑන් කරන්න බෑ.ඒකට ස්කෑනරේ එක්ක එන්න ඕන හොන්ඩ වලටම අදාල පින් තුනේ සොකට් එක.

මුලිනම ස්කෑන් කරල බැලුවම ට්‍රබල් කෝඩ් හතරක් තියෙනව
1 නොක් සෙන්සර් ෆෝල්ට්
2 එන්ජින් කූලන්ට් ටෙම්පරේචර් ෆෝල්ට්
3 වී ටෙක් ඇක්චුවේටර් ෆෝල්ට්.
4 අයිඩ්ල් ස්ටැබිලයිස් කන්ට්‍රෝල් වෑල් සර්කිට් ෆෝල්ට්
ඔය හතර විතරයි DTC (diagnosis trouble code) විදියට තියෙන්නෙ.ඒ කියන්නෙ

ඔය දෝශ හතර හැදුවොත් වාහනේ ලෙඩ ටික හරි යන්න ඕන නේද.
නෑ මිත්‍රොරුනි.ඔය හඳහන උඩිම් පල්ලෙන් බැලුවම පෙන්නන තඩි අපල ටික විතරයි.තව පොඩි පොඩි අපල ගොඩක් එකතු වෙලා ලොකු අපල හදන්න පුලුවන් නිසා තව ගැඹුරින් හඳහන පරික්ශා කරල බලන්න ඕන
කොහොමද ගැඹුරින් හදහන පරික්ශා කරන්නෙ ස්කෑනරේ පෙන්නනෙ ලෙඩ හතරයි නම්.

ඒකට තමා ස්කෑනරේ ලයිවු ඩේටා ඇනලයිස් කියල ඔප්ශන් එකක් තියෙන්නෙ.
එකෙන් මොනාද බලන්න පුලුවන්
එකෙන් බලන්න පුලුවන් එන්ජිම ස්ටාර්ට් එකේ තියෙද්දි ඒ මොහොතේ ඒ ඒ සෙන්සර් වලින් ලබා දෙන දත්ත වල පාඨාංක..

දැන් ඒකත් බැලුව ඒකෙන් හොයා ගත්ත දේවල් ටික තමයි

1) ශෝට් ටර්ම් ෆුවල් ට්‍රිම් පාඨාංක නොමැති බව සහ ෆුවල් ශෙඩුල් කියවීම "ක්ලෝස් ලූප්" වෙනුවට "ඕපන් ලූප්" වී තිබීම.මේ නිසා එන්ජිමේ ෆයින් ටියුන් එක නැතිව යනව (මේ පාඨාංක මගින් මගින් තීරනය කරන්න පුලුවන් මේ එන්ජිමේ ලැම්ඩා පාලන පද්දතිය දෝශ සහිත බව. ඔක්සිජන් සෙන්සර් පාඨාංකය බැලුවොත් ඊලගට මේක තහවුරු කර ගන්න පුලුවන්)

2) ඔක්සිජන් සෙන්සර් පාඨාංකයේ වෝල්ටීය තාවය 0 වීම
මේනිසා ECU එක දන්නෙ නෑ එන්ජිමේ පෙට්‍රල් වායු මිශනය පූර්න දහනයක් උනාද නැද්ද කියල.නතර නොවී දුවන්න ඕන නිසා පෙට්‍රල් දීල ස්ටාර්ට් එකේ තියාගන්නව

3) එන්ජිම ගිනි ගහන්න රත් වෙලා තියෙද්දිත් ඉන්ටේක් එයා ටෙම්පරේචර් සෙන්සර් පාඨාංකය සෙල්සියස්(-42)ක් වීම.

මේ නිසාත් ෆයින් ටියුන් එක අවුල් යනව.මොකද වාතයේ උශ්නතවය වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රසාරනය වීම නිසා ඒකක පරිමාවක් තුල තියෙන ඔක්සිජන් ප්‍රමානය අඩු වෙලා යනව.ඒ නිසා උශ්නත් වය වැඩි වෙනකොට ඉන්දනලබා දීම අඩු කිරීමත් උශ්නතවය අඩු වෙනකොට ඉන්දන ලබාදීම වැඩිකිරීමත් කරනව

4) කූලන්ට් ටෙම්පරේචර් පාඨාංකය 0 වීම(ඒ කියන්නෙ පාඨාංකයට අනුව රේඩියේටරේ වතුර තිබ්බ නම් දැන් බෝර් එක ඇතුල ශීතකරනයක් විදියට පාවිච්චි කරන්න පුලුවන්)
මේක ඉන්දන වායු මිශ්‍රනයට විශාල බලපෑමක් කරන පාඨාංකයක්.එන්ජින් උශ්නත්වය උඩ අයිඩ්ල් අඩු වැඩි කර ගැනීම පෙට්‍රල් වායු මිශ්‍යනය අඩු වැඩි කර ගැනීම සිද්ද වෙනව

5) ඉන්ජෙක්ටර් ඩ්‍රයිවු ටයිම් එක අයිඩ්ල් අවස්තාවේදි මිලි තත්පර 6-7ක් වගේ අසාමන්‍ය ලෙස ඉහල අගයක් ගැනීම.
ඒ කියන්නෙ එන්ජිම ක්‍රියාකාරිත්වයේ තියා ගන්න පෙට්‍රල් ලබාදීම කරන්නෙ එක් එක් සිලින්ඩරේට ඉන්ජෙක්ටර් හතරකින් විදල.ඩ්‍රයිව් ටයිම් එක කියන්නෙ එක් ඉන්ජෙක්ටරයක් විවෘත වෙලා පෙට්‍රල් ලබාදෙන කාලය .මේ එන්ජිමක ඔය අගය මිලි තත්පර 2-3 අතර වගේ අගයක් ගන්නව.

6) ත්‍රොට්ල් පොසිශන් සෙන්සර් පාඨාංකය අයිඩ්ල් අවස්තාවේදි අංශක (-5)අගයක් ගැනීම .
මේකෙන් වෙන්නෙ අපි ඇක්සලරේට් කරාට සෘන අගයෙ ඉදන් බින්දුවට එනකල් එන්ජිම ප්‍රතිචාර දැක්වීමට ටයිම් ඩිලේ එකක් ඇතිවීම සහ ඉග්නිශ ටයිමින් නියමිත අගයන් වලට සීරුමාරු කර ගැනීමට අපහසු වීම

7) හෙඩ් ලයිට් දැමූ පසුත් ඔල්ටනේටර් ලෝඩ් වැලියු එක 0ක් වීම.
හෙඩ් ලයිඩ් හරි මොකක් හරි එලෙක්ට්‍රිකල් ලෝඩ් එකක් ඔන් උනාම ඒ ලෝඩ් එක ඔල්ටනේටරේට දැනෙනව.ඔල්ටනේටරේ ලෝඩ් ඒක කරකවබින් ඉන්න එන්ජිමට දැනෙනව. මේ වෙලාවට ඔල්ටනේටරෙ ලෝඩ් එක නිසා එන්ජිම ස්ලෝ වෙන්න පුලුවන් ඒ වෙලාවට ඔල්ටනේටරේ ලෝඩ් එක බලල එන්ජිම ස්ලෝ නොවෙන්න අවශ්‍ය තරමට අයිඩ්ල් අප් කර ගන්න එක ස්ව්‍යංක්‍රීයව සිද්ධ වෙනව

මුලින්ම බැලුව කෙලින්ම දෝශ විදියට දීපු කෝඩ් හතර.
වී ටෙක් ඇක්චුවේටර් එකට එන වයර් එක නැහැ..ඒකියන්නෙ ඉහල RPM එකේදි සහ ලෝඩ් එකෙදි වැඩිපුර වාතය ලබා දීල සිලින්ඩර් පුරවාගෙනෙ එන්ජින් බලය වැඩි කර ගන්නසිස්ටම් එක වැඩ නෑ.එන්ජිම දුවාන්නෙ බොහොම අඩු කාර්‍යක්ශම තාවයක
එන්ජින් කූලන්ට් ටෙම්පරේචර් සෙන්සරේට එන වයර් දෙක තියෙනව වෙනම පැත්තක
නොක් සෙන්සරේ වයර් එක ගහල තියෙනව හරියට.අයිඩ්ල් ස්ටැබිලයිස් කන්ට්‍රල් වෑල් එකට එන වයර් දෙක නෑ සොකට් එක තියෙනව වෑල් එකේ
අයිඩ්ල් කන්ට්‍රෝල් එකේ වයර් දෙක නෑ කියන්නෙ අවශ්‍ය අවස්තාව අනුව එන්ජින් වේගය අඩු වැඩි කර ගන්න එන්ජිමට හැකියාවක් නෑ ..අපේ දුවන වේගෙ අඩුවැඩි කරන්න තියෙන කකුලක් කැපුව වගේ තම්‍යි.මොලෙන් දුවන්න කියල සිග්නල් එක එවුවට දුවන්න කකුල නෑ.

මුලින්ම කලේ එන්ජින් ECU හානස් එක සම්පූර්නෙන්ම එලියට ගලවල අරන් සම්පූර්නෙන් දිග ඇරිය.දිග ඇරල අදාල ECU එකේ ECU PIN OUTඑක අරගෙන සෑම සෙන්සරයකටම සහ ඇක්චුවේටරයකටම යන වයර් ටික හොයා ගත්ත .

ඒවයින් සමහරක් වයර් අමුනල තිබ්බ විදිය දැක්කම හිතෙනව ගෙදර මායියා රෙදිවැල් ගැට ගහනව ඊට වැඩිය ලස්සනට පිලිවෙලට ගැට ගැල නොවෙන්න . ඒව ඔක්කොම ආයෙ ගලවල සුද්ද කරල පිලිවෙලට අමුනල ඊයම් තියල ටේප් කරල හානස් එක හදා ගත්ත .රෑ දෙකක් නිදි වැරුව හානස් එක හදා ගන්න විතරක්(මොකද දවල් දවස තිස්සෙම ඕකම කර කර ඉන්න බෑනෙ තියෙන අනික් එවත් හදන්න එපයි)

හයිකරල ස්ටාට් කරාම එන්ජිම හරිම අමාරුවෙන් දුවනව.පිටි පස්සෙන් සුදු දුම් ගුලි යනව අමු පෙට්‍රල් ගදකුත් එක්ක .
හිතුව කෙලිය තමා තාප්පෙටම .කොහේ හරි වයරින් එකක් වරදින්න ඇති කියල.. හැමදේම හරියන්න අපි දෙවිවරු කියල යෑ..
ආයෙ බැලුව මුල ඉදන් හානස් එකේ අවුලක් නෑ.ලෙඩේ අහු උනා.හොන්ඩ වලට ආවේනික පොඩි සීන් එකක් නිසා මගෙ අතින් වෙච්ච වරදක්.

වහන වලින් සීයට අනු නමයකම එක් එක් සෙන්සර් ඇක්චුවේටර් වලට වෙනස් වෙනස් වයර් සොකට් එවල තියෙන්නෙ.එක සෙන්සරේක එකක් තව එකකට ගහන්න බෑ.ඒත් හොන්ඩ ඒම නෑ තමන්ට කැමති සෙන්සරේක සොකට් එකක් වෙන සෙන්සරේකට උනත් ගහන්න පුලුවන්.නුපුරුදු කෙනෙකුට හරියට අදල සොකට් එක පිටින් හොයා ගන්න තියෙන්නෙ වයර් වල දිගෙන් විතරයි.

මේ වගේ වයර් ගැටගහල හදපු හානස් එකක දිගින් හොයන්නත් බෑ.ඒක තමා මටත් කෙල උනේ.ඉන්ටේක් එයා ටෙම්පරේචර් සෙන්සර් එකේ සොකට් එක ගහල අයිඩ්ල් කන්ට්‍රොක් වෑල් එකේ සොකට් එකට.මැප් සෙන්සරේ සොකට් එක ගහල ත්‍රොට්ල් පොසිශන් සෙන්සරේ සොකට් එකට.ඒ කියන්නෙ එකට අදාල අනිකත් මාරු වෙලා ආයෙ නටල නටල ඒ ටික බලල ගැහුව හරියට.මෙක මෙහෙම කිව්වට මැනිෆෝල්ඩ් අස්සෙ අතපය දාගෙන ඕක කරනව කියන්නෙ ලබ්බෙ තොවිලෙ වගෙ වැඩක්.

ආයෙ බලල ගැහුව ඒ ටික හොයාගෙන හරියට.ස්ටාට් කරා. බඩු ස්ටාර්ට් .හම්මෙ දැනුනු සතුට.කෝල්ඩ් ස්ටාර්ට් අයිඩ්ල් අප් වෙලා තියෙනව ඒ කියන්නෙ වැඩේ ගොඩ පාටයි..

ඒත් ඒ සතුට වැඩි වෙලා තිබ්බෙ නෑ මිත්‍රෝරුනි.එන්ජිම ටිකක් රත් උනාට පස්සෙ පරණ ලංගම බස් එකක් වගේ ග්ර්ම් ග්ර්ම් ග්ර්ම් ගාල එන්ජින් RPM එක අඩු වැඩිවෙන්න ගත්ත .

ඕන දෙයක් කියල ටික දුවලත් බැලුව.දුවලඑන්ජිම හොදටමරත් උනාට පස්සෙ බැලුවම කිසි අවුලක් නෑ අයිඩ්ල් හරියටම තියෙනව ACදැම්මමඅයිඩ්ල් අප් වෙන එකත් වෙනව නියමෙට .

ආයෙ ගරාජ් එකට ඇවිත් ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකම ගැලෙව්ව කොහෙන් හරි හුලං අදිනවද බලන්න.එහෙමත් නෑ ඒත් ඒක ඇතුල දැක්කම සංසාරෙ කලකිරෙනව. පාරෙ යන්න බැරි උනාට දාල තියෙන හයි පපෝමන්ස් කෝන් එයා ෆිල්ටරෙන් ඇදපු දුවිලි තට්ටු කටුවෙන් මිටියෙන් කඩන්න තරම.. ඒ මදිවට මේකෙ තියෙන්නෙ වේරියබල් ලෙන්ත් ඉන්ටේක් මැනිෆොල්ඩ් එකක් .

ඒකියන්නෙ අඩු බලයක් ඕන වෙලාවට මැනිෆෝල්ඩ් එක ඇතුලෙ වාතය ගමන් ගන්න මාර්ගය දික් වෙලා සහ ප්‍රමානය පුන්චි වෙලා වැඩ්බලයක් ඕන වෙලාවට වාතය ගමන් කරන මාර්ගය කොට වෙලා විශාල වෙන්න තියෙන්නෙ.

ඕව ඔක්කොම කෑල්ලෙන් කෑල්ල ගලවලසුද්ද කර
ඉලගට RPM අඩු වැඩි වෙන ලෙඩේට හේතුව මීටරේට වැටුන.අයිඩ්ල් ස්ටැබිලයිස් කන්ට්‍රෝ වෑල් එකටයි ත්‍රොට්ල් බොඩියටයි යන කූලන්ට් ලයින් ටික නෑ.ඒව වහල දාල.

ඒකෙ වෙන්නෙ මෙහෙමයි. අයිඩ්ල් ස්ටැබිලයිස් කන්ට්‍රොල් එක ECU එකෙන් පාලනය කරාට ඒකෙන් කරන්න පුලුව පරාසය සීමිතයි.ඒනිසා මේකෙ ඒ වෑල් එකටයි ත්‍රොට්ල් බොඩියටයි තර්මෝ එයා කන්ට්‍රොල් වෑල් දෙකක් තියෙනව.එන්ජිමෙ කූලන්ට් රත් වෙද්දි ඒ කූලන්ට් මේ වෑල් දෙකට ගිහින් අයිඩ්ල් වේගය මුලින්ම කන්ට්‍රොල් කරගන්නෙ එන්ජිමේ උශනත්වය මගින්.
ඒකෙ ලයින් ටික ගලවල නිසා ඒ වෑල් දෙක රත් වෙන්න එන්ජිමෙ උශ්නත්වය ලෝහ කොටස් හරහ සන්නයනය වෙලා යන්න ඕන.ඒකට ලොකු වෙලාවක් යනව.එ එතරෙ කූලන්ට් ටෙම්පරේචර් එකෙන් ecu එකට සිග්නල් එක යවනව දැන් එන්ජිම රත් වෙලා තියෙන්නෙ කියල.එත් අර තර්මො වෑල් තාම රත්වෙලා නෑ කියල ecu එක දන්නෙ නෑ.මොකද අපේ අයගෙ මොඩිෆිකේශන් ecu එකට කියල නෑ.

එතකොට වෙන්නෙ කූලන්ට් ටෙම්පරේචර් සෙන්සර් පාඨාංකය හීට් පෙන්නන නිසා ecu එක අයිඩ්ල් අඩු කරන්න හිතාගෙන ලබාදෙන පෙට්‍රල් පරමානය අඩු කරන්න ඉන්ජෙක්ටර් ඩ්‍රයිව් ටයිම් එක අඩු කරනව තර්මෝ වෑල් දෙක තාම රත් වෙලා නැති නිසා එතනින් කෝල්ඩ් ස්ටාර්ට් කියල වැඩිපුර වාතය ලබා දෙනව. කූලන්ට් ටෙම්පරේචර් සෙන්සර් පාටාංකය සහ ත්‍රොට්ල් පොශිශන් අයිඩ්ල් පාටාංකය අනුව Ecu එකෙන් පෙට්‍රල් අඩු කරපු නිසා තර්මෝ වෑල් එකෙන් වැඩිපුර වාතය ගිය නිසාත් මික්සර එක ලීන් වෙලා එන්ජිම නවතින්න යනව.නවතින්න යද්දි ඉන්ජෙක්ටර් ඩ්‍රයිව් ටයිම් එක වැඩි කරගෙන වැඩිපුර පෙට්‍රල් ටිකක් දීල එන්ජිම නවතින්න නොදී රනින් තියා ගන්න ecu එක ට්‍රයි කරනව..

දැන් ලෙඩේ පැහැදිලියි හැදුව බට ටිකයි ඔක්කොම ගහල කූලන්ට් ලයින් ටික .වැඩේ ගොඩ.
ඔක්කොම හරි කියල ටිකක් දිව්වම ආයෙ නැවතුනා.ආයෙ ටිකකින් ස්ටාර්ට්.බැලුවම ෆුවල් පම්ප් එක වැඩ නෑ ඒකත් දාල ෆිල්ටර් ඔක්කොම දාල හැදුවම පරන ෆුවල් පම්ප් එකෙන් දුවල දුවලම ලෝඩ් එක නිසා ෆුවල් පම්ප් රිලේ එකේ කන්ටෑක්ට් පිච්චිලා.වෙලාවකට වැඩ වෙලාවකට වැඩ අවසානයේ ඔලුව කුරුවල් වෙනකන් කල්පනා කරල වැඩේ ගොඩ දාගෙන යන්තම් ජාමෙ බේර ගත්ත ඉතින්.තව පොඩි පොඩි දේවල් තියේ ඒව හෙමීට හෙමීට.

මේ විදියට ලොජිකලි ස්කෑනින් මගින් වෙහිකල් ට්‍රබල් ඩයග්නෝස් කරන්න ඉගෙන ගන්න පහල ලින්ක් එකෙන් සෙට් වෙන්න ස්කෑනින් & ට්‍රබල් ඩය්ග්නොස්ටික් ක්ලාස් එකට .

https://chat.whatsapp.com/IdNJ0Skz0ld1k4Aw5S3TBz

ඉන්ටග්‍රා විත් ඇල්ජිබ්‍රා කතා වස්තුව 01 සිරි ලංකාව කියන්නෙ ලෝකෙ ඉන්න සුපිරිම ඩෑල් ඉන්න රටක්...පසුගැසුම් ඉන්ජිනේරු තාක්ශන...
17/07/2025

ඉන්ටග්‍රා විත් ඇල්ජිබ්‍රා කතා වස්තුව 01

සිරි ලංකාව කියන්නෙ ලෝකෙ ඉන්න සුපිරිම ඩෑල් ඉන්න රටක්...පසුගැසුම් ඉන්ජිනේරු තාක්ශනයෙන් කෙලපැමිනියො ඉන්න තැනක්..ඉස්සර නම් වාහන වලට ජිල්මාට් කියල කරේ තර්මෝස්ටැට් එක ගලවල දාල දුවපු එක ,ඩිෆරන්සල් හම් එක අඩු කරන්න ලී කුඩු ටිකක් දාපු එක.එක රෝදෙක බ්‍රේක් වොශර් ගියොත් ඒ රෝදෙ බ්‍රේක් ලයින් එකට ටින්ටස් ඇනේකට කපු නූල් ටිකක් ඔතල ඇතුලට ඔබල ඒ ලයින් එක වහල දාල රෝද තුනේ බ්‍රේක් වලින් සෑහීමකට පත් උනා වගේ වැඩ ..

දැන් ලෝකෙත් එක්ක ජිල්මාට් වැඩත් ඇඩ්වාන්ස් වෙලා..
මේ ලගදි ආව හොන්ඩා ඉන්ටග්‍රා කාර් එකක්.හොද පවර්ෆුල් DOHC Vtec එන්ජිමක් එහෙම තියෙන්නෙ..අවුල තමයි කාරෙකක් උනාට සුවර් කරල පාරෙ යන්න බැරි කම.එන්ජිමත් රී බිල්ඩ් කරල වැඩි හොදටත් එක්ක ගෑස්කට් එකටත් සැලැක් පාරක් එහෙම ඇරල දාල 😃. පෙර දැනුම් දීමකින් තොරව හිටි ගමන් මහ පාරෙ නතර වෙනවලු.AC දැම්මම අදින්නෙ නෑලු එන්ජිමට හික් ගෑවෙනවලු. එන්ජිම දුවන්නෙ බඩ සුද්ද වෙන්න අරලු පෙති බිව්ව වගෙ.බැක් ෆයර් මිස් ෆයර් ඕසෙට.

කවුරු හරි හිමිකරුට කියල මේ පරන කාර් ස්කෑන් කරන්නත් බෑ කියල..හතර වටේම කරක් ගහල හොන්ඩ කාර් සීන් එකේ ඉන්න දොස්තර මහත්තයෙකුගෙ කීමට කාර් එක ගෙනාව මෙහෙට ..පොඩ්ඩක් චෙක් කරල බැලුව සර්වවිශාදි පෙන්නුම් කරනව කියල හිතන ගැජ මැටික් එක ගහල .ඕක මේකට ගහන්න බෑ කියලනෙ තිබ්බෙ.

ලෙඩ කීපයක් පෙන්නුව.
හැමදේම පැහැදිලි කරල කිව්ව මෙච්චර දවසක් ඕන දාල යන්න මන් බලල කෝල් එකක් දෙන්නම් කියල.අයිතිකරුත් කැමති උනා. බඩු ඇඩ්මිට් කර ගත්ත...

වෙලාව හම්බෙච්ච වෙලාවක පොඩ්ඩක් විපරම් කරල බැලුව . V TEC ඇක්චුවේටර් එකේ වයර් එක පැත්තක එල්ලි එල්ලි තියෙනව. ලැම්ඩ සෙන්සරේ සොකට් දෙක දික්කසාද ජෝඩුවක් වගේ දෙපැත්තට වෙලා ඉන්නව.අයිඩ්ල් ස්ටැබිලයිස් කන්ට්‍රෝල් වෑල් එකේ වයර් ටික තියනව තව පැත්තක.ඉන්ටේක් එයා ටෙම්පරේචර් සෙන්සර් එකේ උශ්නත්වය පෙන්නනව සෙල්සියස් අංශක (-42)ක්..කූලන්ට් ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක( 0 ).. සොට් එකටම දැන් ECU එක හිතන් ඉන්නෙ එන්ජිම ෆ්‍රීසර් එකේ දාල නැත්නම් කස්ටමර් අයිස්ලන්තෙ ටුවර් එකක් යනව කියල..

තව පොඩ්ඩක් බලන් යද්දි කාර් එකේ පෙට්‍රල් ෆිල්ටරයක් නෑ, ඉන්ජෙක්ටර් ෆිල්ටර් හතරෙන් තුනයි තියෙන්නෙ එකක් හරක් කාල..පෙට්‍රල් පම්ප් එක දේවානම්පියතිස්ස රජතුමා මුවදඩයමේ යන්න ගිය කාලෙ විතර දාපු එකක්. ත්‍රොට්ල් බොඩියෙයි අයිඩ්ල් ස්ටැබිලයිස් කන්ට්‍රොල් වෑල් එකටයි යන කූලන්ට් ලයින් ටික ගලවල වහල දාල.පොසිටිව් ක්‍රැන්ක් කේස් වෙන්ටිලේශන් සිස්ටම් එකත් වහල දාල.දැන් ඉතින් එලදබ්‍රා වගේ ලෙඩ ටිකක් තියෙනව.ඒක ඇල්ජිබ්‍රා උනේ ඊලග ප්‍රශ්නෙ ආවම. ඇල්ජිබ්‍රා ගැන දන්න අය දන්නව ඒ ගැන😂.

දැන් මේ මොනව උනත් චෙක් එන්ජින් ලයිට් එක ස්විච් එක ඔන් කරල තත්පර ගානකින් ඉටිකිරිස් වගේ නිමිල යනව.හිතට සහනයක් තියෙන්නෙ ඒක විතරයි බැලුවම නැද්ද මං අහන්නෙ..

මොන පිස්සුද ඒක තමයි හොදම කෙලිය.ඔච්චර ලෙඩ ගොඩක් තියෙද්දි ලෙඩක් නෑ කියල චෙක් එන්ජින් ලයිට් එක නිවන්න එක්කො ECU එක ගුලි කාල ඉන්න ඕන.නැත්තම රැඹටි හැලෙන්න ගසල ඉන්න ඕන.එහෙමත් නැත්තම් උගෙ මොලේ මොකක් හරි සින්ඩ්‍රොම් තත්වයක් තියෙන්න ඕන.

කෝකටත් කියල ගලවල බැලුව මීටර් පැනල් එක.හදුනාගත්තොත් ඔබ මා කියල අසාමාන්‍ය ගැජමැටික් එකක්, ඩෑශ් බෝඩ් එක අස්සෙ කෙලවරක පොඩි කලු පෙට්ටියක් තියනව..මුලින්ම කල්පනා උනේ අහස් යාත්‍රා වල තියෙනව කියන බ්ලැක් බොක්ස් එක .ආයෙ හිතුන කාර් වලට මොන බ්ලැක් බොක්ස්ද ට්‍රැකින් සිස්ටම් එකක් වත් හයිකරලද දන්නෙ නෑ කියල පොඩ්ඩක් පරිස්සමෙන් එහෙට්ට මෙහෙට්ට කරල බැලුව..

ඒක ඩීසල් වාහන වලට දාන ස්‍රීලංකාවේ නිශ්පාදිත ක්වික් ග්ලෝ සර්කිට් එහෙමත් නැත්නම් හීටර් ප්ලග් කන්ට්‍රෝක් ටයිමර් එකක්. අවුලක් නෑ සියරට දේ සිරි සැප දේ කියල හිතුනත් එකපාරට මට හික් ගෑවුනේ මම ගරාජ් එකට ගත්තෙ පෙට්‍රල් වාහනයක් දැන් මේක ඩීසල් වාහනයක් වෙලා.දැන් මන් මොකද්ද කස්ටමර්ට කියන්නෙ කියල කල්පනා වෙලා.ඔහොම අහස පොලව ගැටලන්න කල්පනා කරද්දි දැක්කෙ ගින්දර වගේ බඩු ගිහින් තියෙන්නෙ මීටර් පැනල් එකේ වයර් ටිකට කියල.

හම්මට ඔන්න එතකොට තමයි මගෙ මැටි මොලේටත් අයිඩියා කෑල්ලක් ආවෙ..ඩීසල් ග්ලෝ ටයිමරේ දාල තියෙන්නෙ චෙක් එන්ජින් ලයිට් එක කන්ට්‍රෝල් කරන්න.

දාපු එකත් එසේ මෙසේ පොරක් නෙමෙයි.ඌටත් ඉදිරි ආරක්ශක වලල්ලෙ උනත් දිගු දුර මෙහෙයුම් හිතන්න පුලුවන් තැනට සුදුසු නුවන තියෙන එකෙක්.
මොකද ඔය හොන්ඩ වල චෙක් ලයිට් එක නිවෙන්නෙ එන්ජිම ස්ටාර්ට් කරාම නෙමෙයි..ස්විච් ඔන් කරපු ගමන් ecu එක උගේ පද්දති ටික පරික්ශා කරල බලල අවුලක් නැත්නම් එන්ජිම ස්ටාට් කරත් නොකරත් ලයිට් එක නිවා ගන්නව.ඒ නිසා ස්ටාර්ට් නොවී අදාල ටයිම් එකට නිවෙන්න නම් ඕක ඔයිල් ලයිට් එකට හරි චාජින් ලයිට් එකට හරි අමුනල හරියන්නෙ නෑ.එතකොට බඩු මාට්ටු.

අපේ ඉන්ජිනේරුවොන්ගෙ දක්ශතාවය කොච්චරද කියන්නෙ අර අටෝරාසියක් සෙන්සර් වලින් දුවන්න තියෙන එන්ජිම ක්‍රෑන්ක් කෑම් සිග්නල් දෙක විතරක් පාවිච්චි කරල ස්ටාර්ට් කරගෙන එන ලෙඩ ටික වහන්න වෙනම සිස්ටම් එකක් අලුතෙන් පද්දතියට එකතු කරන්න තරම් උන් දක්ශයි
අවුල තියෙන්නෙ උන්ගෙ නෙමෙයි උන්ගෙ දැනුමෙන් හරි වැඩක් ගන්න ප්‍රයෝජනයක් ගන්න සිස්ටම් එකක් නැති එක.

කොහේ හරි දැක්ක කතාවක් තිබ්බ
"තෝමස් අල්වා එඩිසන් දහස් වතාවක් වැරදි වැරදි හදල ලෝකෙට එලිය දෙන්න දීපු බල්බ් එක අපේ අයියල එක රැයෙන් බූමිතෙල් ලාම්පුවක් කරා" කියල.

එඩිසන් හිතුවෙ ලෝකෙට එලිය දෙන්න විතරයි.එඩිසන් දැනන් හිටියෙ ඒ බල්බ් එක පිච්චුනාම විසි කරල දාල පරිසරය විනාස කරල තව බල්බ් එකක් හදන්න උනාට අපේ අයියල එඩිසන්ගෙ පිච්චිල විසි කරන බල්බ් එකෙනුත් ප්‍රතිචක්‍රිය කරනයක් විදියට එලිය දෙන භාන්ඩයක් හැදුව. අන්න ඒකයි අපිට අමුතු ඇටේ කියන නම වඩාත්ම සුදුසු .එඩිසන් බොරුවට දහස් වාරයක් පරිශන කරා කියල අලින්ටත් කරට් වද්දල මරල.නිකොලයි ටෙස්ලගෙ නව නිපැයුම් ටිකට පේටන්ට් හදා ගත්තට අපේ අයියලට පේටන්ට් දුන්නොත් එඩිසන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ දෙල්කඳ පොලෙත් නෑ.අන්නේමයි අපේ තාක්ශනය.

ඇල්ජිබ්‍රා විසදීම 02 කොටසින් බලාපොරොත්තු වන්න.

මොනවද මේ VVTI , V-TEC කියන්නේඑන්ජීමක් ක්‍රියාත්මක වෙන්නේ පෙට්රෝල් වාත මිශ්‍රණය දහනය වීමෙන් ඇතිවන වාත ප්‍රසරණයේ තෙරපුම මග...
16/07/2025

මොනවද මේ VVTI , V-TEC කියන්නේ

එන්ජීමක් ක්‍රියාත්මක වෙන්නේ පෙට්රෝල් වාත මිශ්‍රණය දහනය වීමෙන් ඇතිවන වාත ප්‍රසරණයේ තෙරපුම මගින්. මේ දහනය කරන වාත ප්‍රමාණය වැඩිකරොත් පිස්ටනය මත යෙදෙන තෙරපුමත් වැඩිවෙලා එමගින් ලැබෙන power එක වැඩිවෙනවා. මේකට කියනවා cylinder charging කියල.

එහෙත් වායු ගෝලීය පීඩනය යටතේ මේ cylinder charging වැඩිකරන්න පුළුවන් සීමාවක් තියනව . natural aspirated (non turbo) එන්ජිමක මේ cylinder charging වැඩිකරන්න උපක්‍රම ගොඩක් යොදා ගෙන තියනවා .මුලින්ම අපි බලමු මොකක් නිසාද මේ cylinder charging අඩුවෙන්නේ කියල සහ ඊළගට cylinder charging වැඩිකරන්න යොදා ගෙන තියන උපක්‍රම මොනවද කියල .

4 stroke එන්ජිම ඇතුලට මේ පෙට්‍රල් මිශ්‍ර වාතය ඇදල ගන්නේ intake valve හරහා .එනම් intake stoke එකෙදි. මේ valve එක ඇරිලා සිලින්ඩර් එක ඇතුලට වාතය පුරවාගෙන stroke එක අවසානයේ වැහිලා යනවා .ඊලග intake stroke එක එනකම් මේ valve එක වැහිලා තියෙන්නේ. එන්ජිම මේ එක වටයක් කරකැවෙන්න ගතවන්නේ මිලි තත්පර ගානක ඉතාම කුඩා කාලයක් .ඉතින් මේ එන්ජිම වේගයෙන් කැරකෙන කොට සිලින්ඩරයට වාතය පුරවා ගන්න intake valve එකට විවුර්ත වෙලා සිටින්න ලැබෙන්න කොච්චරනම් කුඩා කාලයක් ද කියල හිත ගන්න පුළුවන්නේ .එනම් මේ සිලින්ඩර් එක සම්පුර්ණයෙන් පුරවා ගන්න valve එක ඇරිලා තියන කාලය මදි වෙනවා .ඒ නිසා දහනයේදී පිස්ටන් එක මතට ලැබෙන තෙරපුම අඩු වෙනවා එමගින් එන්ජිමේ උපරිම කාර්යක්ෂම තාවය ලබා ගන්නා බැරුව යනවා..

ඊළගට අනිත් දේ තමයි මුහුදු මට්ටමේ සිට ඉහලට යනකොට වායු ගෝලීය පීඩනය අඩුවෙනවා.මේ නිසා උස කදු මුදුන්වලදී වාතයේ ගණත්වය අඩුවෙනවා.එනම් මුහුදු මට්ටමේ තියන oxygen අනු ගානට වඩා මුහුදුමට්ටමෙන් ඉහලට යනකොට තියන oxygen අනු ප්‍රමාණයත් අඩුවෙනවා .මේ නිසා පෙට්‍රල් වාත මිශ්‍රණය නිවැරදිව දහනය කිරීමෙන් ලැබෙන බලය අඩුවෙනවා.එයට හේතුව තමයි අඩු වාත ප්‍රමාණයක් ඇතුල් උවහොත් එය දහනය කිරමට ECU එක මගින් ලබා දෙන්නේ එම ඇතුල් වූ වාතය නිවැරදි අනුපාතයට දහනය කිරීමට අඩු පෙට්‍රල් ප්‍රමාණයක්. දහනය සදහා පෙට්‍රල් ලබා දෙන්නේ. වාතයේ උෂ්ණත්වය,පීඩනය ගණත්වය යන කරුණු ECU එක මගින්ගණනය කරලා කියල.මෙන්න මේ හේතු නිසා cylinder charging වැඩිකර ගන්න උපක්‍රම විශාල ගණනක් මොටරථ තාක්ෂනය තුල යොදා ගන්නවා..

මේ cylinder charging systems නිෂ්පාදකයින් නොයෙක් නොයෙක් නම් වලින් ඔවුන්ගේ නිෂ්පාදන වලදී යොදා ගන්නවා. මොන නමකින් හැදින්වුවත් මේවගෙන් කරන්නේ අන්තිමට cylinder charging වැඩිකරන එක. දැන් අපි බලමු මොනවද මේ cylinder charging system කියල.

මේක හැම එන්ගිමකම වගේ භාවිත කරන දෙයක් තමයි valve overlap කියන එක. මේකෙදි වෙන්නේ exhaust stroke එක අවසාන වෙන්නට පෙර අවසන් මොහොතකදී intake valve එක ඇරීමට පටන් ගන්නවා.එවිට intake valve එක වැඩිකාලයක් විවුර්තව තබාගන්න පුළුවන් නිසා සැලකියයුතු වාත ප්‍රමාණයක් සිලින්ඩර් එකට පුරවා ගන්නා පුළුවන් වෙනවා .එහෙත් මෙය ගොඩක් සාර්ථක විසදුමක් වුනේ නෑ .හේතුව මෙහිදී ත් valve එක ඇරිලා තියෙන්නේ සිමා සහිත පුංචි කාලයක් විතරක් නිසා..

ඊළගට නිෂ්පාදකයන් මෙයට් පිළියමක් ලෙස intake valve 2ක් සහිත එන්ජින් නිර්මාණය කරා..එනම් සිලින්ඩර 4 12 valve එන්ගිනේ කියල හදුන්වන්නේ මෙන්න මේ එන්ජින්.12 valve එන්ජින් ගොඩක් දුරට සාර්ථක නිර්මාණයක් උනා. එත් පසුව පොඩි ගැටළුවක් අවා මේ එන්ජින් වල exhaust valve 1 ක් සහ intake valve 2ක් තිබුන නිසා intake valve 2න් ලබාගෙන දහනය කල වායුව ඉක්මනින් සිලින්ඩරයෙන් ඉවත් කිරීමට අපහසු වීම.මේ නිසා සිලින්ඩරය තුල back pressure එකක් ඇති වෙලා ඊලග intake stroke එකට එන වාතයට පොඩි භාදාවක් වෙන්න උනා .

මේ ප්‍රශ්නයට විසදුමක් විදියට එන්ජින් වලට 4 valve තාක්ෂනය ඇතුලත් කරා .එනම් සිලින්ඩර් එකකට intake valve 2යි exhaust valve 2ක් විදියට 16 valve .එමගින් සාර්ථක ප්‍රතිපල තිබුනත් එන්ජිමේ ඉහල RPM වලදි බලාපොරොත්තු උන සිලින්ඩර් පිරවීම නොලැබී ගියා..ඊට පස්සේ නිෂ්පාදකයෝ මේ ඉහල වෙගයේදී සිලින්ඩර් පුරවන ක්‍රමයක් හොයන්න ගත්ත . මේකට විසදුම ලෙස ඔව්න් කරේ 4 valve තාක්ෂනය තියන එන්ජිම්ටම variable cam shaft කියන තාක්ෂනය ඇතුල් කරපු එක .මෙහෙදී සිදු කරේ valve ක්‍රියා කරවනු ලබන cam shaft එක oil pressure එකක් මගින් උත්ක්‍රමණය(advance) කරන එක .එවිට intake valve කලින් විවුර්ත විම නිසා වැඩි කලයක් intake valve ඇරී තිබෙනවා .එමගින් සිලින්ඩර පිරවීම වැඩිකරනවා.මෙය පරිගණක පාලන පද්දතිය මගින් සිදු කරනු ලබනවා.

මෙය එක් එක් වාහන නිෂ්පදකයන් විසින් නොයෙක් නම් වලින් ඉදිරිපත් කරලා තියනවා .උදාහරණ විදියට
Toyota - VVTI , Honda - V TEC , Mitsubishi - MIVEC වැනි නම්වලින් හදුන්වනවා .මෙහිදී HONDA V TEC වල විතරක් cam shaft එක උත්ක්‍රමණය කිරීමකින් තොරව valve ඇරෙන ප්‍රමාණය වැඩි කිරීම මගින් සිදුකෙරේ . මෙම cylinder charging ක්‍රම මගින් අවශ්‍ය අවස්තාවට පමණක් අවස්ථානුකුලව සිලින්ඩර පිරවීම වැඩිකළ හැකි වීම නිසා හොද ඉන්දන ඉතිරියක් හා වැඩි කාර්යක්ෂම තාවයක් මේ තාක්ෂනය සහිත එන්ජිනේ වලින් ලබා ගන්න හැකි වෙලා තියනවා. මෙතරම් පරිගණක මගින් පාලනය කරණ එන්ජින් නිර්මාණය උවත් අදවනවිටත් කිසිම නිෂ්පාදකයකුට පුළුවන් වෙලා නෑ natural aspirated(non turbo) එන්ජිමක සිලින්ඩරය තුල intake stroke එකේදී පීඩනය වායු ගෝලීය පිඩනයට සමාන කරන්න .

මෙතනින් එහාට සිලින්ඩර පිරවීම වැඩිකිරීම සදහා යොදාගත් තාක්ෂනය turbo charger , super charger ,nitrous oxide (NOS) වැනි උපක්‍රම බවිතා කිරීම. මේ air induction system හදුන්වන්නේ forced air induction system විදියටයි .

Address

3rd Lane , Henawatta Road
Godagama

Opening Hours

08:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when ගරාජ් පංතිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category