ICT Teachers of Giriulla Education Zone

ICT Teachers of Giriulla Education Zone Welcome to the ICT Teachers Community of Giriulla Zone! 🇱🇰🖥️

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ සියලුම ICT ගුරු මහත්ම මහත්මීන් සාදරයෙන් පිළිගනිමු.

This page is dedicated to all the ICT Instructors and Teachers in the Giriulla Education Zone to share knowledge, updates, and collaborate for a better future in technology education.

එක්වෙමු, බෙදාගනිමු, දිනවමු!

30/05/2026
පාසල් දෘඩාංග කමිටු බලගැන්වීම - පළමු වැඩසටහනපාසල් දරුවන්ගේ තාක්ෂණික කුසලතා වර්ධනය කරමින්, පාසල් පරිගණක සහ දෘඩාංග පද්ධති න...
21/05/2026

පාසල් දෘඩාංග කමිටු බලගැන්වීම - පළමු වැඩසටහන

පාසල් දරුවන්ගේ තාක්ෂණික කුසලතා වර්ධනය කරමින්, පාසල් පරිගණක සහ දෘඩාංග පද්ධති නඩත්තු කිරීම හා කළමනාකරණය සඳහා සිසුන් සෘජුවම දායක අරමුණු කර ගත් පාසල් දෘඩාංග කමිටු සකස් කිරීම සහ නැවත බලගැන්වීමේ වැඩසටහනක් 2026/05/20 දින නාරම්මල R G සේනානායක මහා විද්‍යාලයෙදී පැවැත්වුනා.

හුදෙක් තාක්ෂණය පරිශීලනය කරන්නන් පමණක් නොව, එහි ක්‍රියාකාරිත්වය සහ නඩත්තුව පිළිබඳව ප්‍රායෝගික දැනුමක් සහිත නායකත්වයකින් යුත් සිසු පිරිසක් බිහිකිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

👨‍💻 මෙම වැඩසටහන හරහා සිසුන්ට ලැබෙන අවස්ථා:
• ප්‍රායෝගික පරිගණක දෘඩාංග (Hardware) සහ ජාලකරණ (Networking) දැනුම.
• ගැටලු විසඳීමේ සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් පිළිබඳ නායකත්ව පුහුණුව.
• පාසල් සම්පත් තිරසාර ලෙස ආරක්ෂා කරගැනීමේ වගකීම.

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ C P ගුණවර්ධන මහත්මියගේ මෙහෙයවීමෙන් වැඩසටහන පැවැත්වූ අතර වැඩසටහන සඳහා සම්පත් දායකත්වය R G සේනානායක මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ආචාර්ය සංජිව මහතා විසින් ලබා දුන් අතර තාක්ෂණික සහය ගිරිඋල්ල කලාපයේ ඩිජිටල් අධ්‍යාපන සංවර්ධන ඒකකය විසින් ලබා දුන්නා.

වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා R G සේනානායක විදුහල්පති ඇතුළු තොරතුරු තාක්ෂණ ඒකකයේ ආචාර්ය මණ්ඩලය ලබා දුන් සහය ලබා දුන්නා.
වැඩසටහන සඳහා දරුවන් සම්බන්ධ කරමින් ඉ=ඔවුන් සමග පැමිණි ගුරුභාවතුන්ටද ස්තුතියි.

Social Media සහ දුරකථන ඇමතුම් හරහා මුදල් කොල්ලකන ජාවාරම් ගැන පොලීසියෙන් නිවේදනයක්…සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් හා දුරකථ...
19/01/2026

Social Media සහ දුරකථන ඇමතුම් හරහා මුදල් කොල්ලකන ජාවාරම් ගැන පොලීසියෙන් නිවේදනයක්…

සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් හා දුරකථන ඇමතුම් ලබා දෙමින් වංචනික ලෙස ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීමේ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් හා දුරකථන ඇමතුම් ලබා දෙමින් රැකියා අවස්ථා ලබා දෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති බවට, අසත්‍ය චෝදනා යොමු කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට බව පවසා විවිධ ගිණුම් වෙත වංචනික ලෙස මුදල් බැර කර ගැනීම සිදු කරන බවට දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති පැමිණිළි අනුව නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසයි.

අවස්ථානුකූලව විවිධ උපක්‍රම භාවිතා කරමින් පුද්ගලයින් සතු ගිණුම් අංක, මුරපද (OTP), හා QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගැනීම මගින් හා අන්තර්ජාල දිගු හා ස්කෑන් ශක්ත ඔස්සේ ද මෙම වංචාවන් සිදු කරන බවට ද නිරීක්ෂණය වී ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

“බැංකු සේවකයින් ලෙස පෙනී සිටිමින් ගිණුම් හිමියන් වෙත දුරකථන ඇමතුම් ලබා දී බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ලබා ගෙන එම ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුදල් තැන්පත් කර ඇති බවට පවසා ගිණුම් හිමියන් බිය ගන්වා වංචාකරුවන් විසින් ලබාදෙන විවිධ ගිණුම් වෙත මුදල් තැන්පත් කර ගැනීමේ ජාවාරම් පිළිබඳ පසුගිය දිනවල මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙසද, පොලිස් නිලධාරීන් ලෙස පවසා දුරකථන ඇමතුම් ලබාදී ගිණුම් විස්තර හා මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධව පාදුක්ක පොලිස් ස්ථානය වෙත ද පැමිණිළි වාර්තා වී ඇත.”

මෙවැනි වංචාවනික ක්‍රියා වලට හසු නොවන ලෙසට පොලිසිය විසින් මීට පෙර අවස්ථාවලදී ද මහජනතා දැනුවත් කර ඇති අතර මෙවැනි අවස්ථා වලදී පහත ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසට නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා සිටියි.

Verified badges/official pages පරීක්ෂා කිරීම.
දෙවැනි පාර්ශවයට Bank details, NIC Number, login details, OTP, Password, PIN, Photos ලබා නොදීම.
සැක සහිත links පරිශීලනය නොකිරීම.
විශ්වසනීය / Verified ගිණුම් පමණක් භාවිතා කිරීම.
මුදල් තැන්පත් කිරීමේදී අනන්‍යතාවය සනාථ කර ගැනීම.
වංචාවන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ Cyber Crime Unit වෙත වහාම පැමිණිලි කිරීම.
මෙවැනි වංචා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය -011-2852556
ස්ථානාධිපති/ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය – 075-3994214
නියෝජ්‍ය අධ්‍යක්ෂ / පරිගණක අපරාධ විමර්ශන අංශය – 011-2300638
පුද්ගලික සහකාර / පරිගණක අපරාධ විමර්ශන අංශය – 011-2381375
ස්ථානාධිපති/ පරිගණක අපරාධ විමර්ශන අංශය – 011-2381058

හච් (Hutch) සහ සිටි කේබල් (City Cables) එක්ව ශ්‍රී ලාංකිකයින්ට අධිවේගී Fiber අන්තර්ජාල අත්දැකීමක් ළඟා කරයිශ්‍රී ලංකාවේ ව...
19/01/2026

හච් (Hutch) සහ සිටි කේබල් (City Cables) එක්ව ශ්‍රී ලාංකිකයින්ට අධිවේගී Fiber අන්තර්ජාල අත්දැකීමක් ළඟා කරයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවෙකු වන හච් (Hutch), ප්‍රමුඛ පෙළේ කේබල් සේවා දායකයෙකු වන සිටි කේබල් (City Cables) ආයතනය සමඟ එක්ව, පාරිභෝගිකයින් වෙත නවතම 'Fiber To The Home' (FTTH) අන්තර්ජාල සේවාව හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මෙම හවුල්කාරීත්වය හරහා, සාම්ප්‍රදායික මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සීමාවන්ගෙන් ඔබ්බට යමින්, නිවාස සහ කුඩා ව්‍යාපාර සඳහා අතිශය වේගවත් හා ස්ථාවර අන්තර්ජාල පහසුකම් ලබා දීම අරමුණයි.

මෙම නව සේවාවේ විශේෂත්වයන්:
අධිවේගී සම්බන්ධතාවය: ෆයිබර් තාක්ෂණය (Fiber Optic Technology) ඔස්සේ බාධාවකින් තොරව ඉතා ඉහළ වේගයකින් අන්තර්ජාලය පරිශීලනය කිරීමේ හැකියාව.

ආකර්ෂණීය ඩේටා පැකේජ: පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි සකස් කළ Unlimited සහ ඉහළ ධාරිතාවයෙන් යුත් ඩේටා පැකේජ (Data Packages) හඳුන්වා දී ඇත.

ස්ථාවරත්වය: අයහපත් කාලගුණ තත්ත්වයන් යටතේ වුවද බාධාවකින් තොරව (Stable Connection) අන්තර්ජාලය භාවිතා කිරීමට හැකි වීම.

විනෝදාස්වාදය සහ වැඩ කටයුතු: නිවසේ සිට වැඩ කරන (Work from Home) වෘත්තිකයින්ට, ඔන්ලයින් අධ්‍යාපනය ලබන සිසුන්ට මෙන්ම High-definition වීඩියෝ නැරඹීම සහ ඔන්ලයින් ගේම්ස් (Gaming) සඳහා මෙම සේවාව වඩාත් යෝග්‍ය වේ.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් අදාළ ආයතන ප්‍රකාශ කර සිටින්නේ, ඩිජිටල් තාක්ෂණය රට පුරා ව්‍යාප්ත කිරීමේ සහ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට උසස්ම තාක්ෂණය ලබා දීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. සිටි කේබල් (City Cables) සතු පුළුල් යටිතල පහසුකම් ජාලය සහ හච් (Hutch) සතු තාක්ෂණික විශේෂඥතාවය මුසු වීමෙන් පාරිභෝගිකයින්ට සුපිරි අත්දැකීමක් හිමිවනු ඇත.

මෙම සේවාව ලබා ගැනීමට කැමති පාරිභෝගිකයින්ට ළඟම ඇති හච් හෝ සිටි කේබල් නියෝජිතයෙකු මගින් වැඩි විස්තර ලබා ගත හැක.

ස්ටාර්ලින්ක් අභියෝගයට ඇමේසන් සැරසෙයි: 'Amazon Leo' චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ලොව පුරා ව්‍යාප්ත වෙයිලොව සුප්‍රකට ඇමේසන් ...
17/01/2026

ස්ටාර්ලින්ක් අභියෝගයට ඇමේසන් සැරසෙයි: 'Amazon Leo' චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ලොව පුරා ව්‍යාප්ත වෙයි

ලොව සුප්‍රකට ඇමේසන් (Amazon) සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන Amazon Leo (පෙර හැඳින්වූයේ Project Kuiper ලෙසයි) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව, 2026 වසරේදී ලොව පුරා වාණිජමය වශයෙන් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය අවසන් අදියරට එළඹ ඇති බව වාර්තා වේ.

ඉලොන් මස්ක්ගේ Starlink සේවාවට සෘජු අභියෝගයක් එල්ල කරමින් ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය හරහා පෘථිවියේ ඕනෑම ස්ථානයක සිටින අයෙකුට ඉතා ඉහළ වේගයකින් යුත් අන්තර්ජාල පහසුකම් ලබා දීම අරමුණයි.

ප්‍රධාන තොරතුරු සහ තාක්ෂණික දියුණුව
චන්ද්‍රිකා ජාලය: ඇමේසන් සමාගම දැනටමත් සිය චන්ද්‍රිකා සිය ගණනක් පහළ පෘථිවි කක්ෂයේ (LEO) ස්ථාපිත කර ඇති අතර, ඉදිරි වසර කිහිපය තුළ චන්ද්‍රිකා 3,200කට අධික සංඛ්‍යාවක් කක්ෂගත කිරීමට නියමිතය.

අධිවේගී සම්බන්ධතාව: සාමාන්‍ය නිවාස සඳහා 400 Mbps දක්වා වේගයක් ද, ව්‍යාපාරික මට්ටමේ සේවාවන් සඳහා 1 Gbps ඉක්මවන වේගයක් ද ලබා දීමට ඇමේසන් සමාගම සූදානම් වේ.

නවීන උපකරණ: පරිශීලකයින්ට ලබා දෙන ඇන්ටනා (Customer Terminals) ඉතා කුඩා සහ සැහැල්ලු ලෙස නිර්මාණය කර ඇත. මෙහි කුඩාම මාදිලිය පොතක ප්‍රමාණයට සමාන වන අතර එය ඉතා අඩු මිලකට වෙළඳපොළට නිකුත් කිරීමට අපේක්ෂිතය.

2026 වසරේ අපේක්ෂිත ඉලක්ක

2025 වසරේදී සාර්ථක පරීක්ෂණ මට්ටම් කිහිපයක් අවසන් කළ ඇමේසන් සමාගම, 2026 වසර තුළදී උතුරු ඇමරිකාව, යුරෝපය සහ ආසියාවේ තෝරාගත් රටවල් කිහිපයකට මෙම සේවාව නිල වශයෙන් හඳුන්වා දීමට කටයුතු යොදා ඇත.

විශේෂයෙන්ම සාම්ප්‍රදායික අන්තර්ජාල පහසුකම් (Fiber/4G) නොමැති දුෂ්කර සහ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ජනතාවට සහ ව්‍යාපාරවලට මෙමගින් විශාල සහනයක් ලැබෙනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

තරඟකාරිත්වය සහ පාරිභෝගික වාසි

Starlink සේවාව දැනට වෙළඳපොළේ ප්‍රමුඛයා වී සිටියද, ඇමේසන් සමාගම සිය Prime සාමාජිකත්වය හරහා ලබා දෙන වට්ටම් සහ ඒකාබද්ධ සේවාවන් නිසා පාරිභෝගිකයින් වැඩි වශයෙන් Amazon Leo වෙත ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වේ. මෙම තරඟකාරිත්වය හේතුවෙන් ඉදිරියේදී චන්ද්‍රිකා අන්තර්ජාල මිල ගණන් තවදුරටත් අඩු වනු ඇතැයි විශ්වාස කෙරේ.

AI තාක්ෂණයේ පිබිදීමත් සමඟ ලෝක RAM වෙළඳපොළ උණුසුම් වෙයි - මිල ඉහළ යාමේ පෙරනිමිතිකෘතිම බුද්ධිය (Artificial Intelligence - ...
14/01/2026

AI තාක්ෂණයේ පිබිදීමත් සමඟ ලෝක RAM වෙළඳපොළ උණුසුම් වෙයි - මිල ඉහළ යාමේ පෙරනිමිති

කෘතිම බුද්ධිය (Artificial Intelligence - AI) සහ එයට අදාළ දෘඩාංග සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්, 2026 වසරේදී ලෝක RAM (Random Access Memory) වෙළඳපොළ තුළ සැලකිය යුතු වෙනස්කම් සිදුවනු ඇතැයි තාක්ෂණික විශ්ලේෂකයෝ පවසති. දැනට පවතින දත්ත වලට අනුව වෙළඳපොළ තුළ දැඩි "හිඟයක්" (Shortage) ප්‍රකාශ වී නැතත්, සැපයුම සීමා වීම හේතුවෙන් මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

ප්‍රධාන හේතුව: HBM (High Bandwidth Memory) සඳහා ඇති ඉල්ලුම ලොව ප්‍රධාන පෙළේ මෙමරි චිප් නිෂ්පාදකයින් වන Samsung, SK Hynix සහ Micron යන සමාගම් සිය නිෂ්පාදන ධාරිතාවයෙන් වැඩි කොටසක් මේ වන විට යොමු කර ඇත්තේ AI සර්වර් (AI Servers) සඳහා අත්‍යවශ්‍ය වන HBM චිප් නිෂ්පාදනය කිරීමටයි. සාමාන්‍ය පරිගණක සඳහා භාවිතා කරන DDR4 සහ DDR5 මෙමරි නිෂ්පාදනයට වඩා HBM නිෂ්පාදනය ලාභදායී වීම මෙයට හේතුවයි.

මෙම නිෂ්පාදන මාරුව (Shift in production) හේතුවෙන් සාමාන්‍ය පාරිභෝගිකයින් භාවිතා කරන PC RAM (DDR4/DDR5) සැපයුම තරමක් සීමා වී ඇති අතර, එය ඉදිරි මාසවලදී මිල ඉහළ යාමකට බලපෑ හැකිය.

වෙළඳපොළ තත්වය කෙටියෙන්:

DDR5: මේ වන විට ප්‍රමිතිය (Standard) බවට පත්වෙමින් තිබේ. ඉල්ලුම වැඩිවී ඇත.

DDR4: පැරණි තාක්ෂණයක් ලෙස සැලකෙන බැවින් නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු කරමින් පවතී. කෙසේ වෙතත් තවමත් විශාල පිරිසක් භාවිතා කරන බැවින් මිල ස්ථාවර මට්ටමක හෝ තරමක් ඉහළ යා හැකිය.

මිල ගණන්: විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ 2026 මුල් භාගය වන විට DRAM මිල ගණන් 15% - 20% අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි.

ශ්‍රී ලංකාවට බලපාන ආකාරය: ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය මත පදනම්ව, දේශීය වෙළඳපොළේ ද පරිගණක මෙමරි (RAM) මිල ගණන්වල යම් වැඩිවීමක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැක. පරිගණක එකලස් කරන්නන් (PC Builders) සහ වැඩිදියුණු කරන්නන් (Upgraders) මෙම තත්වය ගැන අවධානයෙන් සිටීම වැදගත්ය.

🚀 අන්තර්ජාල ලෝකයේ දැවැන්ත පිම්මක්! Starlink චන්ද්‍රිකා 7,500කට අලුතින් අවසර - ජංගම දුරකථනයට කෙලින්ම සිග්නල්?ඊලොන් මස්ක්ග...
13/01/2026

🚀 අන්තර්ජාල ලෝකයේ දැවැන්ත පිම්මක්! Starlink චන්ද්‍රිකා 7,500කට අලුතින් අවසර - ජංගම දුරකථනයට කෙලින්ම සිග්නල්?

ඊලොන් මස්ක්ගේ SpaceX සමාගම අභ්‍යවකාශ අන්තර්ජාල සේවාව (Satellite Internet) තුළ තවත් යෝධ පියවරක් තැබීමට සමත්ව තිබේ. ඇමරිකාවේ ෆෙඩරල් සන්නිවේදන කොමිසම (FCC) විසින් ඊයේ (2026 ජනවාරි 12) දින SpaceX සමාගම වෙත සුවිශේෂී අවසරයක් ලබා දී ඇත.

ඒ අනුව, Starlink ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ "Gen 2" (දෙවන පරම්පරාවේ) අති නවීන චන්ද්‍රිකා 7,500ක් පෘථිවි කක්ෂයට මුදා හැරීමට සමාගමට නිල වශයෙන් අවසර ලැබී තිබේ.

මෙමගින් ලෝකයට ලැබෙන වාසි මොනවාද?

තාක්ෂණික විශේෂඥයින් පෙන්වා දෙන ආකාරයට මෙම නව චන්ද්‍රිකා ජාලය හරහා ප්‍රධාන වාසි කිහිපයක් අත්වනු ඇත:

අධිවේගී අන්තර්ජාලය: දැනට පවතින වේගයට වඩා ඉහළ අන්තර්ජාල වේගයක් (High Speed) ලොව පුරා පාරිභෝගිකයින්ට ලබා දීම.

අවම ප්‍රමාදය (Low Latency): ඔන්ලයින් ගේමින් සහ වීඩියෝ ඇමතුම් සඳහා අත්‍යවශ්‍ය වන දත්ත හුවමාරු ප්‍රමාදය (Latency) සැලකිය යුතු ලෙස අඩු කිරීම.

Direct to Cell විප්ලවය: වඩාත්ම ආකර්ශනීය කාරණය වන්නේ මෙම Gen 2 චන්ද්‍රිකා වඩාත් බලසම්පන්න බැවින්, අනාගතයේදී පෘථිවියේ ඕනෑම තැනක සිට සාමාන්‍ය ස්මාර්ට් ජංගම දුරකථන වෙත සෘජුවම චන්ද්‍රිකා සම්බන්ධතාවය (Direct to Cell) ලබා දීමට හැකි වීමයි.

මෙම තීරණයත් සමඟ අනාගත සන්නිවේදන තාක්ෂණය සම්පූර්ණයෙන්ම නව මාවතකට යොමු වනු ඇති බව විචාරකයෝ මත පළ කරති.

6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දමයි - කැබිනට් මණ්ඩලය තීරණය කරයි6 ශ්‍රේණිය සඳහා යෝජිත අධ්‍යාපන ප්‍ර...
13/01/2026

6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දමයි - කැබිනට් මණ්ඩලය තීරණය කරයි

6 ශ්‍රේණිය සඳහා යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ (English module) අන්තර්ගතය සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ ආන්දෝලනය හේතුවෙන්, 2026 වසරේ ක්‍රියාත්මක කරනවා වෙනුවට 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එම ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවි සබැඳියක් (web link) ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදු කළ විමර්ශනයක සොයාගැනීම් මෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කළ වෙනම විමර්ශනයක් සහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන නිලධාරීන් සමඟ පැවති සාකච්ඡා පදනම් කරගෙන මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කළේය.

ඉංග්‍රීසි විෂය නිර්දේශය තවදුරටත් සමාලෝචනය කිරීමටත්, එහි අන්තර්ගතය සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළු විසඳීමටත් අමතර කාලයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. කෙසේ වෙතත්, දැනට පවතින 1 වන ශ්‍රේණියේ මොඩියුලය කිසිදු වෙනසකින් තොරව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව හෙතෙම සඳහන් කළේය.

"අවම මහජන විශ්වාසයකින් තොරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා නොහැකි බව රජය දැඩිව විශ්වාස කරයි," යනුවෙන් ජයතිස්ස මහතා සතිපතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම කාරණය සම්බන්ධයෙන් මහජනතාව තුළ ඇති වූ දැඩි උනන්දුව මගින් පුරවැසියන් අධ්‍යාපනයට ලබා දෙන වටිනාකම පිළිබිඹු වන බවත්, රජය එය පිළිගන්නා අතරම අගය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

වසර ගණනාවක අනිසි කළමනාකරණය හේතුවෙන් දශකයකට වැඩි කාලයක් විෂය නිර්දේශ යාවත්කාලීන නොවීම සහ මානව සම්පත් සැලසුම්කරණයේ හා බඳවා ගැනීමේ බරපතල අඩුපාඩු ඇතුළු බරපතල ගැටළු අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නිර්මාණය වී ඇති බව පවසමින් ජයතිස්ස මහතා පසුගිය රජයන් විවේචනය කළේය.

අධ්‍යාපන ක්‍රමය මගින් දරුවන් මත ඇති කරන පීඩනය පිළිබඳ මහජන කතිකාවත වත්මන් රජයේ ප්‍රතිසංස්කරණ ජනවරම කෙරෙහි බලපෑ බවත්, එම ප්‍රතිසංස්කරණ වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

12/01/2026

තාක්ෂණය යන වේගය! 🚀 මිනිස් බස තේරුම් ගන්නා රොබෝවරු සහ තුන්පාරක් නැවෙන ෆෝන්! 😱📱🤖2026 පටන් ගත්තෙම තාක්ෂණික ලෝකයේ අලුත් පෙරළ...
12/01/2026

තාක්ෂණය යන වේගය! 🚀 මිනිස් බස තේරුම් ගන්නා රොබෝවරු සහ තුන්පාරක් නැවෙන ෆෝන්! 😱📱🤖

2026 පටන් ගත්තෙම තාක්ෂණික ලෝකයේ අලුත් පෙරළි ගොඩක් එක්ක. මේ CES 2026 එකේ දැකපු විශේෂම දේවල් ටිකක්:

🤖🗣️ රොබෝවරුන්ට දැන් කතා කරන්න පුළුවන්! Boston Dynamics සමාගමේ රොබෝවරුන්ට Google Gemini AI තාක්ෂණය සම්බන්ධ කරලා. දැන් ඒ රොබෝවරුන්ට අපි කියන දේ තේරුම් අරගෙන, මිනිස්සු වගේම වැඩ කරන්න පුළුවන්ලු. මේක නම් ටිකක් බය හිතෙන දියුණුවක්!

📱 Samsung ලගේ අලුත් වැඩ: Samsung සමාගම එයාලගේ අලුත්ම නැවෙන ෆෝන් (Foldables) වගේම, තුන් පාරක් නවන්න පුළුවන් (Tri-fold) ෆෝන් සංකල්පයකුත් පෙන්නලා තියෙනවා.

📺 OLED වලටත් වඩා දීප්තිමත් TV: 'Micro RGB' කියලා අලුත් TV තාක්ෂණයක් ඇවිත්. මේවා දැනට තියෙන OLED TV වලටත් වඩා ගොඩක් දීප්තිමත් (Brighter) බවයි කියන්නේ.

මේ තාක්ෂණයන් ගැන ඔයාගේ අදහස මොකක්ද? අපි ඉස්සරහට යන්නේ රොබෝවරු පාලනය කරන ලෝකයකටද? 🤔

Address

Negambo Road
Giriulla

Alerts

Be the first to know and let us send you an email when ICT Teachers of Giriulla Education Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share