01/05/2026
🌱✨️
අපොස උසස් පෙළ ප්‍රතිඵල පිට විමත් එක්ක ගොඩක් අය අහපු ප්‍රශ්න කිපෙකට පිළිතුරු අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතුන නිසා මෙහෙම පෝස්ට් එකකින් ගේන්න හිතුවා. ....🙏🍂
සමත් වුණ දුවලා පුතාලට ජයවේවා......
සුබ පතන අතර , විශ්ව විද්‍යාල සුදුසුකම් නොලබපු දුවේ පුතේ ඔයාලට ජයෙන් ජයම පතනවා. ❤️💪
මේක හරි විශාල ලෝකයක් තමන්ට කියලා මොකක්ම හරි වෘත්තියක් ලෝකේ කොතනක හරි තියෙනවා.
උත්සහය කැපවිම සොයාබැලිම සහ නිරන්තර අධ්‍යයනය කියන කාරනා වලින් ඔයාලව ලොකු ගමනක් අරගෙන යාවි.
වැටෙන්න තියා හිතන්නවත් එපා. WWW උනත් ඒ ඔයාගෙ කැපවිම මත ලැබුනු ප්‍රතිඵලය. තව අවස්ථා තුනක් තියෙනවා.
ජිවිතයට මෙම අවස්ථාව තුනක් අයේ ලැබේන්නේ නැහැ .....🙏
උත්සහය නවත්තන්න එපා.
හරි. දැන් අපි යමු මාතෘකාවට. ගොඩාක් අය අහනවා දැන් මම මොකක්ද තෝරගන්න ඕනි ඔයා ලබාගත්තු රිසාල්ට් එක අනුව තියන Z අයගෙන් යන්න පුලුවන් උපරිම එකකට යන්න. විද්‍යා , වාණිජ, ගණිත, තාක්ෂණ අංශවල අයටනම් ලොකුවට ගැටලුවක් පෙන්වන්නෙ නැ. ඒත් කලා විෂය ධාරාවෙ අය පොඩ්ඩක් කමිපියුස් වෙනවා අනේ ජොබ් නැතිාවයිද වගේ එකකින්. මෙහෙමයි
කලා විෂය ධාරාවෙන් පෙනි සිටින අය කලා උපාධිම කරන්න ඕනි කියලා නීතියක් කොහේවත් නැ.
කැම්පස් පොත හොඳටම කියවන්න.
අකුරක් නෑර. ඒකෙ තියෙනවා ඕනිම විෂය ධාරාවකින් අයදුම් කරන්න පුලුවන් පාඨමාලා, සහ සමහර විෂයන් කරලා තිබිම සුදුසුකමක් වෙන පාඨමාලා. ඉතිං ඒව ජොබ් මාකට් එක ඉල්ලුම අනුව සකස් වෙලා තියෙන්නෙ. උදාරහණයක් විදියට මේ පාර
``කෘතිම බුද්ධිය´´ කියලා උපාධියක් එකතුවෙලා තියෙනවා.
ඉතිං . සාම්ප්‍රදායික කලා උපාධිය ම කරන්න කියලා දඟලන්න එපා.
ගොඩක් වෙලාවට කලා උපාධිය සඳහා වර්තමානයේ පවතින රැකියා අඩු විම මං ඒකට හේතුවක් විදියට කියනවා. ඉගෙනගන්නෙ රස්සා කරන්න නෙමෙයි....
ඒක ඇත්ත. නමුත් අවුරුදු ගානක් දුක් විදපු අම්මා තාත්තා බලන් ඉන්නවා
ඔයා පවුලට හයියක් වෙනකල්.
ඉතිං ආසාවට උපාධියක් කරලා ගෙදර ඉන්න ලැස්තිවෙන්න එපා. අවස්ථා ගොඩාක් දිලා තියෙන එකේ ඒවාගෙ තමන්ට වඩා සුදුසු එක ට්‍රයි කරලා බලන්න.
1. නීතිය
2. සාමය හා ගැටුම් නිරාකරණය
3. ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම
4. සමාජ වෘතවේදය
5. තොරතුරු තාක්ෂණය
6. කථන හා ශ්‍රවන විද්‍යාව
7. වාස්තු විද්‍යාව
8. නිර්මාණවේදය
9. විලාසිතා නිර්මාණය සහ නිපැයුම්
ප්‍රවර්ධනය
10. කළමනාකරණ අධ්‍යයන
11. ප්‍රමාණ සමීක්ෂණ
12. නගර හා ග්‍රාම නිර්මාණය
13. තොරතුරු සහ සන්නිවේදන තාක්ශණය
14. ව්‍යවසායකත්වය සහ කළමනාකරණය
15. කළමනාකරණය සහ තොරතුරු
තාක්ශණය
16. කාර්මික තොරතුරු තාක්ශණය
17. ශාරීරික අධ්‍යාපනය
18. ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය
19. ආගන්තුක සත්කාර, සංචාරක ව්‍යාපාර
සහ සිද්ධි කළමනාකරණය
20. තොරතුරු පද්ධති
21. භූමි නිර්මාණවේදය
22. පරිවර්තන අධ්‍යනය
23. සිනමා හා රූපවාහිනි අධ්‍යනය
24. ව්‍යාපෘති කළමනාකරණය
25. ආහාර ව්‍යාපාර කළමනාකරණය
26. මූල්‍ය ඉංජිනේරුකරණය
27. භූගෝලීය තොරතුරු විද්‍යාව
28. මානව සම්පත් සංවර්ධනය
29. සෞඛ්‍ය සංචාරක සහ ආගන්තුක
සත්කාර කළමනාකරණය
30. යෝග සහ පාරමනෝවිද්‍යාව
31. ප්‍රාථමික අධ්‍යාපනය
මෙන්න මේ වගේ පැති කිපෙකින් විහිදුනු පාඨමාලා වලට උසස්පෙළට ආර්ට්ස් කරලා ඔයාට යන්න පුලුවන් 🤚 .
මෙච්චර වපසරිය පුළුල් වෙලා තියෙද්දිත් අවස්ථාව උරගා බලන්න . තමන්ගෙ තියෙන
Z අගයෙන් යන්න පුලුවන් උපරිම එකකට යන්න බලන්න. ටීච කෙනෙක් වෙන්න ඕනි කියලාම හිතන්න එපා. රැකියා වෙලඳපොලේ ගුරු වෘත්තිය කියන්නෙ වෘත්තියක් විතරයි. තව වෘත්තින් කොච්චරනම් තියෙනවද , ලෝකේම ඉල්ලුම සරිලන උපාධියකට යන්න බලන්න.
ඔයා ලෝය කෙනෙක් වෙන්න ආසා නැතිනම්
z අගය 1.9 ක් තිබුනා කියලා නිතිය කරන්න දගලන්න එපා. ආසා නැනේ. ඔයා ආස වෙන පැත්තක එකක් තෝරගන්න. ඔයා ආසයිනම් නිතිය කරන්න z අගය 1.3 ක් නම් තියෙනනෙ ඍයා වෙන උපාදියක් කරන ගමන් ලෝ එන්ට්‍රන්ස් ඒම කරන්න. උත්සහය කියන දේ මොන දේටත් යටයි දරුවනේ.
හීන තියෙන්නෙ දකින්න. අරමුනු තියෙන්නෙ ලඟා කරගන්න. ප්‍රතිඵලයක් තියෙන්නෙ ඒකෙන් යන්න පුලුවන් උපරිම තැනට යන්න.
හැබැයි මොන දේ තිබුනත් ඔයා සොෆ්ට් ස්කිල් හදාගන්න. විස්වාස කරනවද අනාගත ලෝකේ වැඩිම ඉල්ලුම තියෙන ස්කිල් එක වෙන්නෙ
⛔ අනිත් අය එක්ක වැඩ කිරිමට ඇති හැකියාව.
⛔ඉංග්‍රිසි භාෂාව ගැන,
⛔තොරතුරු තාක්ෂණය,
⛔මානව සම්පත් කලමනාකරණය, වගේ පාඨමාලා ඩිප්ලෝමා කරන්න. යු ටියුබ් එක දැන් තිායනවා ඔයාලට ගෙදර ඉදන්ම කරන්න පුලුවන් ඒවා.
නොවැටි , නොසැලි ඉස්සරහටම යන්න. කෙල්ලෙක් උනාම ටීච කෙනෙක් විතරයි වෙන්න ඕන කියලා එකක් නැ. නාසා එකටත් ගියොත් යැවෙනවා. කකුල් කැඩෙන් නැ කෙල්ලෙක් කියලා. උත්සහය සහ ආසාව තියේනම් එච්චරයි.
පුළුවන් තරම් තමනගේ ගෙම කියලා පොඩිවට හරි බුලත් විට කඩයක් හරි ගොඩනගාගන්න . කැම්පස් යන ගමන් හරි තව ඉගෙන ගන්න ගමන් හරි.
මොකද තමන්ගෙම කියන ව්‍යාපාරයක් යටයි කොයි රස්සාවටත්. ව්‍යවසායකයෙක් වගේම හොඳ වෘත්තිකයෙක් සමාජ සේවකයෙක් වැඩදායි පුරවැසියෙක් වෙලා මිසක් නවතින්න එපා.
ජය වේවා පුතේ දුවේ ඔයාලා සාධාරණ ❤️
උපුටා ගැනීම
https://www.facebook.com/share/p/18eayQUrWL/
Art Society Of Ginigathhena Central College