To See The World Through Science

To See The World Through Science learn science with Pasan Waduge

04/10/2026

🔴 BREAKING NEWS : හෙට රාත්‍රියේ මුළු ලංකාවටම පෙනෙන පරිදි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අහසින් ගමන් කරයි 😍

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නැතිනම් අපි හැමෝම දන්නා ISS එක හෙට, එනම් ඔක්තෝබර් 04 වන ඉරිදා රාත්‍රියේ ශ්‍රී ලංකා අහස හරහා ගමන් කිරීමට නියමිතව තිබේ.

පෘථිවියේ සිට කිලෝමීටර් 400 ක් පමණ ඉහළින් පැයට කිලෝමීටර් 28,000 ක විස්මිත වේගයකින් කක්ෂගත වන මෙම දැවැන්ත අභ්‍යවකාශ යානය, අහස වලාකුළුවලින් තොර පැහැදිලි තත්ත්වයක පැවතුණහොත් ශ්‍රී ලංකාවට ඉතා හොඳින් දර්ශනය වේ.

මෙම විශේෂ අභ්‍යවකාශ නිරීක්ෂණ අවස්ථාව පස්වරු 6:52 ට පමණ ආරම්භ වීමට නියමිතය.

යානය නිරීක්ෂණය වන හැටි 🚀

වයඹ දිග ක්ෂිතිජයෙන් මතුවන අභ්‍යවකාශ මධ්‍යස්ථානය, ගිනිකොණ දිග අහස දෙසට ගමන් කරන අතර මිනිත්තු 6 කට ආසන්න කාලයක් අහසේ රැඳී සිටිනු ඇත.

මෙහි විශේෂත්වය වන්නේ එය අහස මුදුනට ආසන්නව අංශක 68 ක උපරිම කෝණයකින් ගමන් කිරීම නිසා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින අයෙකුට ඉතා පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකි වීමයි. ඉරිදා රාත්‍රියේ පස්වරු 6.52 සිට වයඹ අහස දෙස බලා සිටින විට විශාල තාරකාවක් වැනි වස්තුවක් අහසේ වයඹ දිශාවේ සිට ගිනිකොණ දෙසට ගමන් කරන ආකාරය ඔබට දැකගන්න අවස්තාව ලැබේ.

අහසේ ගමන් කරන අනෙකුත් ගුවන් යානාවල මෙන් දැල්වෙමින් නිවෙන ආලෝක ධාරා මෙහි දක්නට නොලැබේ. ඒ වෙනුවට සූර්ය පැනල මගින් පරාවර්තනය වන සූර්යාලෝකය හේතුවෙන් -3.6 ක ඉහළ Magnitude අගයකින් නිශ්චලව, කෙළින්ම අහස හරහා වේගයෙන් ගමන් කරන ආකාරය දැකගත හැක.

කිසිදු දුරදක්නයක් හෝ විශේෂ උපකරණයක් නොමැතිව පියවි ඇසින්ම මෙය නිරීක්ෂණය කළ හැකිය.

Posted by Sachin Rajindra

11/08/2026
08/02/2026
05/08/2025
22/12/2024

අන්තිම උල්කා වර්ෂාව හෙට (23) පාන්දර බලන්න 😇❤️👇

ඔන්න එහෙනම් මේකෙන් 2024 අවුරුද්දෙ රෑ අහසෙ සිදුවෙන විශේෂ සිදුවීම් ඉවරවෙනවා. 😁 ආයෙ 2025දි බලමු. 🌝

© Andromeda Astro

Address

Gampola

Website

Alerts

Be the first to know and let us send you an email when To See The World Through Science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category