ගැමි පදම

ගැමි පදම ගමේ රසට රස පදමට ගැමි පදම නිශ්පාදන ඔබේ මුලුතැන්ගෙට

මේක දංකොටුවට ගියපු ඕර්ඩර් එකක්.. මේක යවලත් කස්ටර්මට ලැබිලත් දවස් දෙකක් වගේ වෙනවා. 🤭 මේ ඕර්ඩර් එක විශේශ ඒ නන්ගි ඉතාලි වල ...
25/07/2026

මේක දංකොටුවට ගියපු ඕර්ඩර් එකක්.. මේක යවලත් කස්ටර්මට ලැබිලත් දවස් දෙකක් වගේ වෙනවා. 🤭

මේ ඕර්ඩර් එක විශේශ ඒ නන්ගි ඉතාලි වල ඉන්න කාලෙදි මාස ගානකට හරියන්න මිරිස් තුනපහ ලොකු ප්‍රමානයක් ගන්නවා .. මගේ පලවෙනි ඉන්ටර්නැශනල් ඕර්ඩර් එක ලැබුනෙ එයාගෙන් බයේ බයේ තමා යැවුවෙත් දැන් අවුරුදු පහක් විතරම කස්ටර්මර් කියන්න බැ දැන් හොද යාලුවෝ...

මාලු ඇබුල් තියල් , බටු මෝජු , සිංහල අච්චාරු , ඉස්සෝබැදුම , අමු තුනපහ , මිරිස් , කුරුදු පව්ඩර් මේ පාර ඕර්ඩර් එක..

ඉක්මනින් එනකන් ඊලග ඕර්ඩර් එකට රෙඩි වෙන්නෙ මොනවද බලමුද  #ගැමිපදම
21/07/2026

ඉක්මනින් එනකන් ඊලග ඕර්ඩර් එකට රෙඩි වෙන්නෙ මොනවද බලමුද

#ගැමිපදම


පොය දවසට චිකන් කෑවාම පව් පිරෙන නිසා මාලු ඇඹුල් තියල් එකක් හැදුවා   🤭🤭🤭 හැදුවට පස්සෙ ෆොටෝ ගහන්න ඕන කියලා අමතක උන නිසා මෙන...
30/06/2026

පොය දවසට චිකන් කෑවාම පව් පිරෙන නිසා මාලු ඇඹුල් තියල් එකක් හැදුවා 🤭🤭🤭 හැදුවට පස්සෙ ෆොටෝ ගහන්න ඕන කියලා අමතක උන නිසා මෙන්න මේ ෆොටෝ එක බලලා මොනා හරි කියලා යන්න ඒයිලා

#ඇඹුල්තියල් #ගැමිපදම ゚viralシfypシ゚

අද ගියපු ඕර්ඩර් එකක්..🍊 හතු, කොස් මිශ්‍ර රටකජු මික්සර්🍊චයිනීස් චිලිපේස්ට්🍊උම්බලකඩ සම්බල්...මේවා ටිකක් සැරට හදපු කෑම ජාති...
25/06/2026

අද ගියපු ඕර්ඩර් එකක්..

🍊 හතු, කොස් මිශ්‍ර රටකජු මික්සර්
🍊චයිනීස් චිලිපේස්ට්
🍊උම්බලකඩ සම්බල්...

මේවා ටිකක් සැරට හදපු කෑම ජාති තුනක්.
Thank u Sampath Weerasekara sir for your order 🩷🩷🩷🩷

゚viralシfypシ゚ #ගැමිපදම

කිතුල් පිටි තලපඉස්සර පොඩිම කාලෙ මට මතකයි කිතුල් පිටි කඩෙන් ගන්නැ ගෙදරම තමා හදන්නෙ.. ඒකත් ලේසි පාසු රාජකාරියක් නෙමෙයි..සා...
15/06/2026

කිතුල් පිටි තලප

ඉස්සර පොඩිම කාලෙ මට මතකයි කිතුල් පිටි කඩෙන් ගන්නැ ගෙදරම තමා හදන්නෙ.. ඒකත් ලේසි පාසු රාජකාරියක් නෙමෙයි..

සාමාන්‍යෙන් හුගක් අය කියන දෙයක් තමා හොදම සහ හුගක් කිතුල් පිටි ගන්නනම් අපි කිතුල් මල් කපපු නැති ගහක් වෙන්න ඕන කියන එක..

ඉතින් එහෙම ගහක් වැටුනා හෝ කැපුවා කියන්නෙ එක ගෙදරක් නෙමෙ අහල පහල ගෙවල් කීපයක්ම ඕක බෙදාගන්නව. ඒ හදගන්න පිටි සෑහෙන කාලෙකට සමහරවිට අවුරුදු කිපයකටම ඇති..

මුලින්ම කිතුල් ගහ කපලා කෑලි කරලා අරන් එන කිතුල් කොට පලාගෙන ඕකෙ මැද කොටස /බඩෙ කොටස පොඩි පොඩි කෑලි වලට කපාගනන්වා.. ඒ කපාගන්න චූටි කෑලි කොටසක් වන්ගෙඩියෙ දාලා හොදට කොටනව..

ඊට පස්සෙ ඒවා කරන්නෙ ගෙදර තියන ලොකු බේසම් ,තඹ ඇතිලි වගෙ ඒවට උඩින් පිරිසිදු රෙදිකෑලි බදිනව. ඊලගට ඒ රෙදි කැල්ලට උඩින් සාමාන්‍ය ප්‍රාමනෙට එනකන් වතුර පුරවන එක.. ඊට පස්සෙ අපි අර කොටා ගනිපු කිතුල් කෑලි ටික අර වතුර එකට දාලා හොදට සෝදන්න ඕන ටික ටික ඒවගෙ තියන පියි ගතිය වතුරෙ හොදට දියවෙනකන් එහෙම කරලා ඉතුරු වෙන කෙදි ටික මිරිකලා අයින් කරනව. මේ වගෙ හුගක් පාරක් එහෙම එකම බාජනෙ සෝදනව..

ඉස්සර මට මතකයි අපේ ගෙදර ඔය වගෙ ලොකු බේසම් , තඹ මුට්ටි එහෙම පහ හයක් එක රැකට අපි අර විදියට සෝදලා ඊකගට අර කටට බැදපු රෙදි කැල්ල අයින් කරලා වට්ටි වලින් වහලා උදේ වෙනකන් තියනව..

අර වතුරෙ දියවුන පිටි ටික උදේ වෙනකොට යටට මිදිලා වතුර පැහැදිලි වෙන්න ගන්නව.උදෙට ඒ වතුර ටික හලලා අර පිටි ටික දවස් දෙක තුනක් හොද අවුවෙ වේලගන්නව.

ඒ වගෙම අපි අර කපාගත්ත කෑලි ටිකක් අවුවෙ වේලලා තියනව පස්සෙ කාලෙක ආයෙ අර වගෙම වන්ගෙඩියෙ කොටලා පිටි කරගන්න ..

කිතුල් තලප හදාගන්න එකත් ලේසිම නැ. කිතුල් පිටි අරගෙන සාමාන්‍ය ප්‍රමානෙක වතුරෙන් දිය කරලා දොදොල් වගෙ එක ගුලියට පාට වෙනස් වෙලා එනකන් හැදි ගාන්න ඕන. අපිනම් මේක රෑට හදන්නෙ උදේට කන්න..

කිතුල් තලප වලට හකුරු මිශ්‍ර පොල් කිරි ටිකක් රත් කරලා කෑමට ගන්නරස කියලා වඩක් නෑ😋😋😋

゚viralシfypシ゚

මගෙ අලුත්ම බඩියා.. කලින් වැකියුම් සීලර් එක අවුරුදු පහක්ම පාවිච්චි කරලා ඒක ආයෙ හදන්න බැ මම හිතන්නෙ. ඉතින් මේක අලුත්න්ම ගත...
13/03/2026

මගෙ අලුත්ම බඩියා.. කලින් වැකියුම් සීලර් එක අවුරුදු පහක්ම පාවිච්චි කරලා ඒක ආයෙ හදන්න බැ මම හිතන්නෙ. ඉතින් මේක අලුත්න්ම ගත්ත එක..

මම කලින් සීලර් එක ගත්තෙත් kays online shop shop කියන පේජ් එකෙන් .. එයාලගෙ සර්විස් එක බෙස්ට්..

අලුත් අවුරුද්ද රසවත් කරගන්න ඔයාලටත් ඇනවුම් කරන්න පුලුවන්.. මේක කැනඩා වලට යන්න තිබුන පාර්සල් එකක්... ඒ මිස්ගෙ අම්මට තමා අ...
12/03/2026

අලුත් අවුරුද්ද රසවත් කරගන්න ඔයාලටත් ඇනවුම් කරන්න පුලුවන්..

මේක කැනඩා වලට යන්න තිබුන පාර්සල් එකක්... ඒ මිස්ගෙ අම්මට තමා අපි මේක කුරියර් කලේ..

චයිනීස් චිලිපේස්ට්
කූනිස්සන් චිලිපේස්ට්
සිංහල අච්චාරු
ලුනු දෙහි
රටකජු මික්සර්
අමු තුනපහ
බැදපු තුනපහ

පිටරට ඉන්න ඔයාලට , බොඩිම් වෙලා ඉන්න ඔයාලට, ජොබ් එකට ගිහින් ඇවිත් උයන්න වෙලාව මදි ඔයාලට වගේම ඕනම කෙනෙක්ට ඕර්ඩර් කරන්න පුලුවන්.

゚viralシ #ගැමිපදම

අලුත්ම ලේබල් ටික.. බිස්නස් එක පටන් ගත්ත කාලෙ මම ඇත්තටම ලේබල් එක හදන්න ඕන උනත් මෙලො එකක් දන්නැ කිසිම අයිඩියා එකක් තිබ්බෙ ...
11/03/2026

අලුත්ම ලේබල් ටික.. බිස්නස් එක පටන් ගත්ත කාලෙ මම ඇත්තටම ලේබල් එක හදන්න ඕන උනත් මෙලො එකක් දන්නැ කිසිම අයිඩියා එකක් තිබ්බෙ නැ..

නිකමට වගෙ රන්ගිත් එක්ක කියව කියව ඉන්නකොට කිවුවෙ ලෙබල් හදන්න ඕන ලෝගෝ එක හදාගන්න ඕන කිසිම අයිඩියා එකක් නැ බන් කියලා. ඉතින් අපෙ රන්ගියා rangika kumarathunga වැඩෙ බාරගත්තා.. ඒ ටික සුපිරියටම කරලා දුන්නා..

මගෙන් බඩු ගත්ත ඕනම කෙනෙක් සහ ලෙබල් දකින ඕනම කෙනෙක් කියන දෙයක් තමා ලේබල් ටික දැක්කාම ආසාවෙ බැ කියන එක ඒ තරම් නීට් ලස්සනයි කියන එක.

අවුරුදු පහකට පස්සෙ අපි ආයෙම ලෙබල් ටික අලුතෙන් හදාන යනව.. බලමු ඒ ටිකට ඔයාලගෙ ප්‍රතිචාර මොනවද කියලා .. අදහස් කියාන යන්ඩෝ...

゚viralシ #ගැමිපදම

මේ ඕර්ඩර් එක කුරියර් කලේ පස්වෙනිදා.. පස්වෙනිදා උදෙ ඉදන් ඕර්ඩර් එකෙ කෑම ටික හදලා වැකියුම් කරන්න බලනකොට පන ඇද ඇද හිටපු වැක...
10/03/2026

මේ ඕර්ඩර් එක කුරියර් කලේ පස්වෙනිදා.. පස්වෙනිදා උදෙ ඉදන් ඕර්ඩර් එකෙ කෑම ටික හදලා වැකියුම් කරන්න බලනකොට පන ඇද ඇද හිටපු වැකියුම් එක යන්නම ගිහින්..
අලුත් එකක් ඕර්ඩර් කලත් ඩොමෙක්ස් එකෙ අයියලා ටික එහෙට මෙහ්ව්ට පාර්සල් එක පාස් කර කර ඉදලා මට ගේනකොට හය වෙනිදත් හවස් වෙල.

හැබැයි ඒක නිදහසට කාරනාවක් නෙමේඑ නිසාම වැකියුම් පැකින් වලට රෙඩි කරපු බෑග් වල තියෙද්දිම එහෙන්ම නවලා ආයෙ වෙන වෙනම ගොසරි බෑග් වලිනුත් ගැටගහගෙන වීල් එකක් හයර් කරගෙනම ගම්පොල ගියා වකියුම් පැකින් තැනක් හොයාගන්න.

එහෙම කරලා අන්තිමෙ අලුත්ම ලේබල් පැංචෝ ටික ප්‍රින්ට් කරගන්න යනකොට එතන නන්ගිට ඒක හදාගන්න බැරුව නටපු පිස්සුවට වෙනම කතාවක් ලියන්න පුලුවන්.

පාර්සල් එක පැක් කලේ ප්‍රොම්ට් කුරියර් එකෙ ඉදලා බොක්ස් එක හදාගන්න බැරුව ඉන්නකොට එතන මල්ලි කෙනෙක් තමා සපෝට් කලේ 🤭🤭

කොහොම හරි කස්ටර්මර්ට පොරොන්දු උන විදියටම හවස පහ වෙනකොට කුරියර් එකට බාර දුන්නා. ෆෝන් ආන්සර් කරන්න බැරුව පාර්සල් එක ආයෙ කුරියර් ඔෆිස් එකට ගිහින් ඊයෙ එයාලට ලැබුනා.

කස්ටර්මර් කැනඩා ඉන්න කෙනෙක්. එයාගෙ අම්මට තමා අපි මෙ පාර්සල් එක යැවුවෙ. හරිම සුහදශීලී කස්ටර්මර් කෙනෙක්. Disna අක්කෙ thank u මාව විස්වාස කරලා ඕඩර් එක බාර දුන්නට.. බලන් ඉමු පාර්සල් එක එයාට ලැබුනාම මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා.
゚viralシ #ගැමිපදම

අවුරුදුම පහලවක්...සම්බෝලයක්වත් හදාගන්න බැරි තැන සිට ඕනම කෑමක් හදන්න පුලුවන් කෑම බිස්නස් එක්ක අයිතිකාරියක් දක්වාත්... නැන...
09/03/2026

අවුරුදුම පහලවක්...

සම්බෝලයක්වත් හදාගන්න බැරි තැන සිට ඕනම කෑමක් හදන්න පුලුවන් කෑම බිස්නස් එක්ක අයිතිකාරියක් දක්වාත්...

නැන්දම්මා කෙනෙක් නැතුව අම්මා කෙනෙක් ලැබුන,

නෑනලා ගොඩක් නැතුව අක්කලා ගොඩක් ලැබුන

හස්බන්ගෙ අම්මගෙ නෑයොන්ගෙන් හුගා...ක් ආදරේ ලැබුන.. ජීව්තෙ නිදහස්ම සතුටින්ම පිරුන කාලයක්..

නොලැබුන දේවල් වලට වඩා ලැබුන දේවල් හුගක් වැඩී..

Happy 15th Anniversary 🩷🩷🩷

Address

No: 06 , Athlone Estate (pvt), Hodiyadeniya
Gampola

Telephone

+94760312731

Website

Alerts

Be the first to know and let us send you an email when ගැමි පදම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ගැමි පදම:

Shortcuts

Share