Varuna Malalgoda - Poliltical Academy

Varuna Malalgoda - Poliltical Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Varuna Malalgoda - Poliltical Academy, Education, Gampola Town.

ලෝක ඉතිහාසයේ වැඩිම මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වූ යුද්ධ කිහිපයක් තමයි මේ තියෙන්නෙ. මේ ලැයිස්තුවේ යුද්ධ අතරින් අඩුම මරණ...
21/03/2026

ලෝක ඉතිහාසයේ වැඩිම මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වූ යුද්ධ කිහිපයක් තමයි මේ තියෙන්නෙ. මේ ලැයිස්තුවේ යුද්ධ අතරින් අඩුම මරණ සංඛ්‍යාවක් සහිත යුද්ධයේදි මිලියන 20ක් දෙනා මියැදිලා තියෙනවා. ලංකාවෙ මුලු ජනගහනය මිලියන 21 යි. ඉතින් මරණ සංඛ්‍යාව ගැන හිතාගන්න පුලුවන් නේද?

1-දෙවැනි ලෝක යුද්ධය

මේක සිද්ධ උනේ 1939 ත් 1945 අතර කාල සීමාවේදි. මිලියන 85කට ආසන්න (85,000,000) ප්‍රමාණයක් මිය ගියා. මරණවලින් හතරෙන් පංගුවක් ම විවිධ රටවල හමුදා සාමාජිකයින්. හතරෙන් තුනක්ම නිරායුධ සිවිල් මිනිස්සු. ගණන් මිණුම් අනුව එදා හිටපු සමස්ථ ලෝක ජනගහණයෙන් 3%ක් මේ වෙලාවෙදි මියැදුනා.

2-මොංගල් අධිරාජ්‍යයේ ආක්‍රමණ මාලාව

මේක සිද්ධ උනේ ක්‍රිස්තු වර්ෂ 1206 ත් 1368 ත් අතර දීර්ඝ කාල රාමුවක. මේ ආක්‍රමණ මාලාවෙදි මිනිස්සු මිලියන 40කට ආසන්න ප්‍රමාණයක් මිය ගියා. මොංගල් අධිරාජ්‍යය වර්ධනය කරගන්න කරපු මේ ආක්‍රමණවලින් ලොකුම හානියක් උනේ පුරාණ පර්සියාවට. (ඒ කියන්නෙ අද ඉරානය ඇතුලු අවට කලාපය). ඊට අමතරව චීනය, රුසියාව ආදී කලාපවලත් මිලියන ගානක මිනිස් ජීවිත අහිමි උනා. මේ අධිරාජ්‍යය වර්ධනය උනේ මොංගෝලියාව සහ නැගෙනහිර ආසියාව මුල් කරගෙන. මේකෙ මූලිකයා තමයි ‘ගෙන්ගීස් ඛාන්‘.

3-චීනයේ Qing රාජ වංශය විසින් Ming පාලන තන්ත්‍රය ආක්‍රමණය කිරීම

මේක සිද්ධ උනේ ක්‍රිස්තු වර්ෂ 1618 ඉඳන් 1680 වෙනකන් කාලයේදි. මිලියන 25ක් මේ යුද්ධ මාලාවෙන් මියැදුනා. මේකෙදි උනේ චීනයේ එවක තිබුණු පාලන වංශයකින් තවත් වංශයක් වෙත බලය හුවමාරු වීම. මේ වෙලාවෙදි අභ්‍යන්තර කැරලි, කල කෝලාහල, කුමන්ත්‍රණ විශාල සංඛ්‍යාවක් උනා.

4-තායිපින් කැරැල්ල

මේක ඇති උනේ ක්‍රිස්තු වර්ෂ 1850 ඉඳන් 1864 වෙනකන් අවුරුදු 15 ක කාලයේදි. මේ වෙලාවෙදි අවම වශයෙන් මිනිස්සු මිලියන 25ක් මියැදුනා. මේ ප්‍රමාණය එවක චීනයේ මුලු ජනගහණයෙන් 8%ක්. මේකත් සමූල ඝාතන, කැරලි, යුද්ධ ගණනාවක එකතුවක්. සංකීර්ණ සටනක්. චීන පාලනයත් තායිපින් රාජධානියත් අතර සිද්ධ වෙච්ච බල අරගලයක්.

5-පළමුවැනි ලෝක යුද්ධය

මේක ඇති වුනේ ක්‍රිස්තු වර්ෂ 1914 ඉඳන් 1918 වෙනකන් වසර 4 තුළ. මිලියන 20කට ආසන්න පිරිසක් මේ කාලයේදි මියැදුනා. ඒ අතරින් හරි අඩක් හමුදා සාමාජිකයින්. හරි අඩක් නිරායුධ සිවිල් වැසියන්.

6-චීනයේ ඇන් ලූෂන් කැරැල්ල

මේක ඇති වුනේ ක්‍රිස්තු වර්ෂ 755 ත් 763 ත් අතර. මේ යුද්ධ මාලාවෙදි මියගිය ගණන ගැන නිවැරදි තක්සේරුවක් නෑ. අවම වශයෙන් මිලියන 20ක පමණ පිරිසක් මිය ගිය බව තමයි පිළිගැනීම. උතුරු චීනයේ හටගත් මේ යුද්ධ මාලාව අවසානයේදි, මේ ප්‍රදේශයේ තිබුණු මිලියන 53ක් නිවාස අතරින් නිවාස මිලියන 17ක් විතරයි ඉතිරි උනේ කියලා වාර්ථාවල සඳහන්. මේක චීනයේ ඇන් ලූෂන් නම් ජනරාල්වරයා විසින් ඇතිකළ කැරැල්ලක් නිසා හටගත්තු සිවිල් යුද්ධයක්.
••

ලැයිස්තුව තව දිගයි.

මේ හැම යුද්ධයකදිම, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලෙසින් නීතියේදි හඳුන්වන, වර්ග සංහාර සිද්ධ උනා. ඒ කියන්නෙ යම් ජන වර්ග මුලිනුපුටා දැම්මා. සමූල ඝාතන සිද්ධ උනා. ඒ කියන්නෙ යම් ජන කොටසක දස දහස් ගානක් එකවර මරා දැම්මා. තවත් යුද්ධ නිසා දශක ගණනාවක් පැවති සාගත, වසංගත සහ ජාන විකෘතීන් ඇති උනා. හමු වූ මළ සිරුරු හැර, ඒ තරම්ම සංඛ්‍යාවක් අතුරුදන් ලැයිස්තුවලට වැටුණා.

මේ යුද්ධ හැම එකකදී ම, ජීවිත බේරාගත් අයගෙන් අති විශාල පිරිසක් සදාකාලික සරණාගතයින් බවට පත් උනා.

ඒ වගේම මේ ලැයිස්තුවට ඇතුළත් නොවන, වෙන් වෙන් යුද්ධ මාලාවන් සමූහ වශයෙන් ලෝක ඉතිහාසයේදි සිද්ධ වෙලා තියෙනවා.

තව විශේෂ කාරණයක් තමයි, මේ යුද්ධවලදි මිය ගිය අය අතරින් අතිශය බහුතරයක් දෙනා ආයුධයක් දැකලාවත් නැති සිවිල් මිනිස්සු. යුද්ධයට බළපෑ දේශපාලන තීන්දු තීරණවල අහලකවත් නොහිටපු මිනිස්සු.

දෙවැනි ලෝක යුද්ධයේ, නාගසාකි-හිරෝෂිමා නගරවලට අමෙරිකාව විසින් පරමාණු බෝම්බ හෙලීම ඔබට මතක ඇති. මෑතක් වනතුරුත් එහි බළපෑමෙන් ළමුන් මියැදුනා. ඒ මරණ මේ ගණන් මිණුම්වලට ඇතුළත් කරලා නෑ.

මේ බොහෝ යුද්ධවල මියගිය සංඛ්‍යාව ගණන් බලලා තියෙන්නෙ අදාල යුද්ධය පැවති ප්‍රදේශයේ ඉතිහාස රචකයින්, ගම්පතීන්, රජුගේ නියෝජිතයින්, බදු එකතු කරන්නන් ආදීන්ගෙ සටහන් අනුව. සමහර සටහන් ගම් පිටින්ම විනාශ උනා නම් ඒ ගණන් මිණුම් මේවාට එකතු වෙලා නෑ.

වියට්නාම යුද්ධය, කොරියානු යුද්ධය වගේ දේවල්වලට පසුව දැවැන්ත සාගත ඇති උනා. ඈත අතීතයේදි මේ තත්ත්වය සුලබ යි. සාගත හරහා ජන වර්ගවල ජානමය යහපැවැත්මට කරපු හානිය, යුද්ධවලින් ලෝකයේ තාක්ෂණය දියුණු වූ තරමටම සමපාත යි.

1950 දශකයෙන් පස්සෙ, ඒ කියන්නෙ මෑත කාලීනව ඇති වූ යුද්ධවලින් විශාලම මරණ සංඛ්‍යාවක් වාර්ථා උනේ කොරියානු යුද්ධයේදි. ඒ මිලියන 3කට ආසන්න ප්‍රමාණයක්. ඒ අතරින් තුනෙන් දෙකක් පමණ සාමාන්‍ය සිවිල් වැසියන්. වියට්නාම යුද්ධයේදීත් මිලියන 3ක පමණ මරණ වාර්ථා වෙලා තියෙනවා. හැබැයි වක්‍ර මරණ සංඛ්‍යාව අදටත් ගණන් බලලා නෑ.

1988 ඉරාන-ඉරාක යුද්ධයේදි මිලියනයක් පමණ මියැදුනා.

මේ ගණන් මිණුම් ඉතිහාසයේ ජනගහනය එක්ක සසඳලා බැලුවහම නම්, යුද්ධවල පිලිවෙල වෙනස් වෙනවා.

යුද්ධය පැවති කාලයේ ලෝක ජනගහනයෙන් වැඩිම ප්‍රමාණයක් මිය ගිහින් තියෙන්නෙ මොංගල් ආක්‍රමණවලින්. එදා ලෝක ජනගහනයෙන් 11% ක් මේ ආක්‍රමණ මාලාවෙදි මිය ගිහින්. දෙවැනි ලෝක යුද්ධයේදි එදා ලෝක ජනගහණයෙන් 3% ක් මියගියා.

ලංකාවෙ තිස් අවුරුදු යුද්ධයේදි මියගිය ගණන 40,000 කට ආසන්නයි. එය පවා අපට දරාගත හැකි දෙයක් නෙවෙයි. ඉතින් මේ ලැයිස්තුවේ වගේ සුවිසල් යුද්ධවල වින්දිතයෙක් බවට පත්වෙන්න සිද්ධ උනොත්, ඒ කෲරත්වය අපිට උපකල්පනය හැකි මට්ටමක නෑ.

අපි කැමති පාර්ශ්වය කුමක් උනත්, යුද්ධයක පැවැත්ම ප්‍රාර්ථනා කරන්න මනුෂ්‍යයෙක්ට බෑ.



උපුටා ගැනීම: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ

නැවත පන්ති ආරම්භ වේ. දන්න කියන ඉගෙන ගන්න උනන්දුවක් තියන දරුවන් දැනුවත් කරන්න. එන හැම දරුවම ගොඩ දානවා..💪❤️🙏🍀
10/03/2026

නැවත පන්ති ආරම්භ වේ. දන්න කියන ඉගෙන ගන්න උනන්දුවක් තියන දරුවන් දැනුවත් කරන්න. එන හැම දරුවම ගොඩ දානවා..💪❤️🙏🍀

(Aristotle) ඇරිස්ටෝටල් (ක්‍රි.පූ. 384 – ක්‍රි.පූ. 322) යනු පුරාණ ග්‍රීසියේ විසූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයෙක් මෙන්ම බහුශාස්ත්‍...
15/11/2025

(Aristotle) ඇරිස්ටෝටල් (ක්‍රි.පූ. 384 – ක්‍රි.පූ. 322) යනු පුරාණ ග්‍රීසියේ විසූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයෙක් මෙන්ම බහුශාස්ත්‍රඥයෙක් (Polymath) ලෙස සැලකේ. බටහිර දර්ශනවාදයේ නිර්මාතෘවරුන් අතර ඔහුට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි.

📚 ප්‍රධාන කරුණු
උපත: ක්‍රි.පූ. 384 දී ග්‍රීසියේ ස්ටැජිරා (Stagira) නමැති කුඩා නගරයේ.

ගුරුවරයා: ඔහු වයස අවුරුදු 18 දී පමණ ඇතන්ස් නුවරට ගොස් ප්ලේටෝගේ (Plato) ඇකඩමියට බැඳී වසර 20ක් පමණ එහි අධ්‍යාපනය ලැබීය. ප්ලේටෝ ඔහුගේ ප්‍රධාන ගුරුවරයා විය.

ශිෂ්‍යයා: ඔහු මැසිඩෝනියාවේ II වන පිලිප් රජුගේ ආරාධනයෙන් ඔහුගේ පුත් කුමාරයා වූ මහා ඇලෙක්සැන්ඩර් (Alexander the Great) රජුගේ ගුරුවරයා ලෙස කටයුතු කළේය.

පාසල: ක්‍රි.පූ. 335 දී නැවත ඇතන්ස් වෙත පැමිණි ඔහු ලයිසියම් (Lyceum) නමින් ඔහුගේම පාසලක් ආරම්භ කළේය.

💡 දාර්ශනික දායකත්වය
ඇරිස්ටෝටල් විෂය ක්ෂේත්‍ර රැසකට විශාල දායකත්වයක් ලබා දී ඇත.

තර්ක ශාස්ත්‍රය (Logic): ඔහු විධිමත් තර්ක ශාස්ත්‍රයේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. ඔහු විසින් හඳුන්වා දුන් සංවාක්‍යය (Syllogism) නම් වූ තර්ක ක්‍රමය වසර 2000කට වැඩි කාලයක් පුරා බටහිර චින්තනයේ ප්‍රධාන පදනම විය.

ආචාර ධර්ම (Ethics): ඔහුගේ සුප්‍රසිද්ධ "නිකොමාකියන් ආචාර ධර්ම" (Nicomachean Ethics) නම් කෘතිය මගින් රන්මය මධ්‍යන්‍යය (Golden Mean) සංකල්පය ඉදිරිපත් කරයි. මෙය අනුව, ගුණධර්මය යනු අන්ත දෙකක් (අධිකකම සහ ඌනකම) අතර ඇති මධ්‍යස්ථ තත්ත්වයයි. උදාහරණයක් ලෙස: ධෛර්යය යනු අවදානම් ගැනීම සහ බියගුලුකම අතර ඇති මධ්‍යස්ථ මාර්ගයයි.

දේශපාලනය (Politics): ඔහු මිනිසා හැඳින්වූයේ "ස්වභාවයෙන්ම සමාජීය සත්වයෙක්" වශයෙනි. ඔහුගේ "දේශපාලනය" නම් කෘතිය මඟින් විවිධ පාලන ක්‍රම විශ්ලේෂණය කරමින් පුරවැසියන්ගේ පොදු යහපත (Common Good) සඳහා වන පාලනයක වැදගත්කම පෙන්වා දුන්නේය.

භෞතික විද්‍යාව සහ ජීව විද්‍යාව (Physics and Biology): ප්ලේටෝ වියුක්ත අදහස් (Forms) කෙරෙහි අවධානය යොමු කළ අතර, ඇරිස්ටෝටල් ආනුභවික නිරීක්ෂණ (Empirical Observation) සහ වර්ගීකරණය මත පදනම් වූ දර්ශනයක් ගොඩනැගුවේය. මෙය විද්‍යාත්මක ක්‍රමයට (Scientific Method) මුල් තැනක් දුන්නේය.

කාව්‍ය ශාස්ත්‍රය (Poetics): මෙම කෘතිය තුළින් ඔහු ශෝකාන්ත නාට්‍ය (Tragedy) පිළිබඳව හා භාව විමෝචනය (Catharsis) නම් සංකල්පය ගැන විස්තර කරයි.

ඇරිස්ටෝටල්ගේ අදහස් ලෝක ඉතිහාසය පුරා, විශේෂයෙන්ම මධ්‍යතන යුගයේ දර්ශනය, විද්‍යාව සහ දේවධර්මය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළේය.

අපේ දරුවෙක්ගේ නිර්මාණශිලී වැඩක් follow කර සහයෝගයක් ලබා දෙන්න..🍀
16/10/2025

අපේ දරුවෙක්ගේ නිර්මාණශිලී වැඩක් follow කර සහයෝගයක් ලබා දෙන්න..🍀

2026 A/Lටික්ටොක්, වැල්බයිලා වලින් තොරව සුපිරියටම දේශපාලන විද්‍යාව ම උගන්වන පන්තියට සම්බන්ධ වන්න....අඩමාන නොවු ප්‍රශ්න සා...
14/10/2025

2026 A/L
ටික්ටොක්, වැල්බයිලා වලින් තොරව සුපිරියටම දේශපාලන විද්‍යාව ම උගන්වන පන්තියට සම්බන්ධ වන්න....

අඩමාන නොවු ප්‍රශ්න සාකච්ඡා කරනු ලබන
දේශපාලන විද්‍යාව ඉලක්කගත පුනරීක්ෂණ පාඨමාලාව...

ලංකාවටම ONLINE

ඔක්තෝබර් 21 සිට Zoom මගින්
අඟහරුවාදා සවස 6.30 සිට...

🔖ඔක්තොම්බර් මාසය
සම්පූර්ණයෙන් ම 🔖නොමිලේ...🔖

➡️12 වසරේ සියලුම පාඩම් සාරංශ සටහන් මගින් මතක් කිරිම.

➡️ අනුමාන බහුවරණ, කෙටි ප්‍රශ්න, රචනා ප්‍රශ්න සුපැහැදිලිව සාකච්ඡා කිරීම.

සෑම වාර විභාගයකම වැඩිම ලකුණු දේශපාලන විද්‍යාවට ලබා ගැනීමට නම් ප්‍රදේශයේ හොදම දේශපාලන විද්‍යාව පන්තියට සම්බන්ධ වන්න..(පන්තියට සම්බන්ධ වී වෙනස වටහා ගන්න...)

# නිබන්ධන සීමිත බැවින් නිබන්ධන වෙන් කරවා ගැනිම
සදහා 0712491544 යන අංකයට 2026 Revision
ලෙස සදහන් කර whats app පණිවිඩයක් යොමු කරන්න.
දේශපාලන විද්‍යාව - වරුණ මලල්ගොඩ B.A.(Hons)Uni.of Kelaniya, Pgd.in Pols.(Uni. of Pera.MA(R)
#ලංකාවටම #උසස්පෙළ

ජපානයේ, පාසල් අධ්‍යාපනයේ පළමු වසර තුන, කරුණු කටපාඩම් කිරීමට හෝ විභාග සඳහා ඉක්මන් වීමට වෙන්වූ කාලයක් නොවේ. ඒ වෙනුවට, ළමුන...
05/10/2025

ජපානයේ, පාසල් අධ්‍යාපනයේ පළමු වසර තුන, කරුණු කටපාඩම් කිරීමට හෝ විභාග සඳහා ඉක්මන් වීමට වෙන්වූ කාලයක් නොවේ. ඒ වෙනුවට, ළමුන් මෙම වටිනා කාලය යොදවන්නේ අන් අයට ගරු කිරීමට, කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමට සහ ශක්තිමත් චරිතයක් ගොඩනඟා ගැනීමටයි. මෙහිදී ප්‍රධාන අවධානය යොමු වන්නේ සාරධර්ම, සංවේදිතාව සහ කණ්ඩායම් හැඟීම වැනි ගුණාංග කෙරෙහිය. මේවා, පෙළපොත්වලට පමණක් ඉගැන්විය නොහැකි, සමබර ජීවිතයකට අවශ්‍ය අත්‍යවශ්‍ය පදනමයි. කුඩා කල සිටම මෙම කුසලතා පෝෂණය කිරීම තුළින්, පාසල් විසින් දරුවන්ව අධ්‍යාපනිකව පමණක් නොව සමාජීයවද සාර්ථක වීමට සූදානම් කරනු ලබයි.

අවසානයේ විධිමත් අධ්‍යයන පරීක්ෂණ ආරම්භ වන විට, අභියෝගවලට විශ්වාසයෙන් යුතුව මුහුණ දීම සඳහා අවශ්‍ය විනය, ඉවසීම සහ සහයෝගීත්වය ශිෂ්‍යයන්ට ඒ වන විටත් ලැබී ඇත. මෙම ප්‍රවේශය, අධ්‍යාපනය යනු හුදෙක් ලකුණුවලට වඩා වැඩි දෙයක් බවත්, එය සමාජයට දායක වන කරුණාවන්ත පුරවැසියන් බිහි කිරීමක් බවටත් ජපානය දරන විශ්වාසය පිළිබිඹු කරයි. විභාගවලට පෙර සදාචාරයට සහ සහජීවනයට ප්‍රමුඛත්වය දීම තුළින්, ජපන් පාසල් විසින් දැනුම මෙන්ම මනුෂ්‍යත්වයද එකසේ අගය කරන පරම්පරාවක් බිහි කරනු ලබයි.

උපුටා ගැනීම
Chaminda Lakmal Kalubovila

27/09/2025
23/08/2025
එදා වගේම අදත් බලාපොරොත්තු දෙන ඒ ආදරණීය කියමන..දේව වැකියක් වගේ..❤️🍀🌸🙏
16/08/2025

එදා වගේම අදත් බලාපොරොත්තු දෙන ඒ ආදරණීය කියමන..දේව වැකියක් වගේ..❤️🍀🌸🙏

Address

Gampola Town

Telephone

+94712491544

Website

Alerts

Be the first to know and let us send you an email when Varuna Malalgoda - Poliltical Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category