D.B. Wijethunga National School, Daskara, Muruthagahamula

D.B. Wijethunga National School, Daskara, Muruthagahamula Welcome to official page of D.B. Wijethunga National School. D.B.

Wijethunga National School, founded in 1934, is a national school (Type 1AB - Mixed) located in Udunuwara - Denuwara education zone, in Central Province, Sri Lanka.

⭕ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය අනුකමිටුව විසින් සංවිධානය කරන ලද "ශාන්ත බණ්ඩාර අනුස්මරණ අන්තර් පාසල් විවාද තරගාවලි...
01/08/2026

⭕ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය අනුකමිටුව විසින් සංවිධානය කරන ලද "ශාන්ත බණ්ඩාර අනුස්මරණ අන්තර් පාසල් විවාද තරගාවලිය" - මහනුවර දිස්ත්‍රික්කයේ තරගාවලිය සඳහා අප පාසලේ නවක කනිෂ්ඨ විවාද කණ්ඩායම සහභාගී වූ අතර එහිදී උද්වේගකර තරගයක් ලබා දීමට අපගේ පාසල් විවාදකයින්ට හැකි විය.

⭕ ඒ සඳහා නිතැතින්ම මග පෙන්වීම් ලබා දුන් ගරු විදුහල්පතිතුමාටත් , නියෝජ්‍ය විදුහල්පතිතුමාටත් , සහකාර විදුහල්පතිතුමියටත්, අධ්‍යයන,අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, දෙමාපියන්ටත් හෘදයංගම ස්තුතිය පුද කරමි! 💐💐💐💐

⭕ තරගය සඳහා ඉදිරිපත් වූ දූ දරුවන්ට සුබ පැතුම් එක් කරන අතර ඉදිරියේ පැවැත්වෙන තරග සඳහා හොඳින් මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි!

විවාද අංශභාර ආචාර්ය,
F.Z.සහබ්ඩීන් මෙය

උඩුනුවර ඩී. බී. විජේතුංග ජාතික පාසලේ දක්ෂ දූවරුන් පිරිස, අද දින මහනුවර දිස්ත්‍රික් Under 15 DSI වොලිබෝල් ශූරියන් ලෙස නැව...
29/07/2026

උඩුනුවර ඩී. බී. විජේතුංග ජාතික පාසලේ දක්ෂ දූවරුන් පිරිස, අද දින මහනුවර දිස්ත්‍රික් Under 15 DSI වොලිබෝල් ශූරියන් ලෙස නැවතත් කිරුළු පැළඳීමට සමත් වූහ! 🥇🔥

පසුගිය වසර 5 පුරාම මධ්‍යම පළාත තුළ අප පාසලේ නාමය රන් අකුරින් සනිටුහන් කිරීමට තරම් අපේ වොලිබෝල් ක්‍රීඩිකාවන් දැක්වූයේ අතිවිශිෂ්ට දක්ෂතාවයකි. පුහුණුවීම් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වුවද, විවිධ අඩුපාඩුකම් රැසක් මධ්‍යයේ දැඩි කැපවීමෙන් කටයුතු කළ අපේ ක්‍රීඩිකාවන් අද ක්‍රීඩා පිටිය තුළ පෙන්වූයේ නොපසුබට උත්සාහයකි.

මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් දූවරුන් නිසි මඟට යොමු කළ ගෞරවනීය ප්‍රධාන පුහුණුකරුතුමා ඇතුළු ක්‍රීඩා අංශයටත්, සැමවිටම පිටුපසින් සිටි ආදරණීය දෙමාපියන්ට සහ සහයෝගය දැක්වූ සැමටත් ඩී. බී. විජේතුංග ජාතික පාසල් මාතාවගේ උණුසුම් සුබපැතුම් සහ ගෞරවනීය ස්තූතිය මෙසේ පිරිනමන්නෙමු!

මෙය අපේ දූවරුන්ගේ දීප්තිමත් ක්‍රීඩා ගමනක ඇරඹුමක් පමණි. අපගේ ඊළඟ ඉලක්කය සමස්ත ලංකා තරගාවලියයි! 🇱🇰🏆 💐💐💐💐🎉🎉🎉🎉🎉💪💪💪

2026 වර්ෂයේ පාසල් ක්‍රිකට් සංගමය මගින් පවත්වන 15න් පහළ ක්‍රිකට් තරගාවලියජූලි 27 වන දින පන්විල රාජසිංහ ජාතික පාසල්  15 න්...
29/07/2026

2026 වර්ෂයේ පාසල් ක්‍රිකට් සංගමය මගින් පවත්වන 15න් පහළ ක්‍රිකට් තරගාවලිය

ජූලි 27 වන දින පන්විල රාජසිංහ ජාතික පාසල් 15 න් පහළ කණ්ඩායම සමඟ පැවැති තරඟයේදී ඉනිමක සහ ලකුණු 61ක විශිෂ්ට ජයක් වාර්තා කළ ඩී.බී. විජේතුංග පාසල් ක්‍රිකට් කණ්ඩායමේ දරුවන්ට හා පුහුණුකරුට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ කාර්යය මණ්ඩලයේ උණුසුම් සුභපැතුම්.

එම තරඟයේදී පළමුවට පන්දුවට පහර දුන් ඩී.බී. විජේතුංග ජාතික පාසල් කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 222ක් ලබා සිටියදි ඉනිම අත්හිටුවන ලදි.

එහිදී,
පසිඳු පවන් ලකුණු 59ක් ද,
යසංජිත් බණ්ඩාර ලකුණු 39ක් ද,
කවිත් ටෙහන් ලකුණු 34ක් ද,
කවීන් ආකර්ෂණ ලකුණු 31ක් ද,
නවීන් රූපසිංහ ලකුණු 23ක් ද,
නදුන් බිම්සර නොදැවි ලකුණු 16ක් ද,

රාජසිංහ ජාතික පාසල් කණ්ඩායම පළමු ඉනිම 62කට සහ දෙවන ඉනිම ලකුණු 97කට සියලු දෙනා දැවීගියේය.

එහිදී,
නදුන් බිම්සර ඉනිම දෙකේදීම කඩුළු 07ක් ද,
පසිඳු පවන් ඉනිම දෙකේදීම කඩුළු 06ක් ද,
කවිත ටෙහන් ඉනිම දෙකේදීම කඩුළු 03ක් ද,
නවීන් රූපසිංහ ඉනිම දෙකේදීම කඩුලු 02ක්‌ ද,
දිනක්ෂ හා සසිඳු දෙදෙනා එක කඩුල්ල බැගින් ලබා ගත්තේය.

ඩී.බී. විජේතුංග ජාතික පාසලේ 12 ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවාගැනීමේ වැඩසටහන අද (2026/07/17) දින විද්‍යාලයීය ශ්‍රවණාගාරයේද...
17/07/2026

ඩී.බී. විජේතුංග ජාතික පාසලේ 12 ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවාගැනීමේ වැඩසටහන අද (2026/07/17) දින විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

2026/07/13 දින විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පාසලේ 6 - 9 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් සඳහා පැවති උපදේශන වැඩසටහන...
13/07/2026

2026/07/13 දින විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පාසලේ 6 - 9 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් සඳහා පැවති උපදේශන වැඩසටහන...

2026 වර්ෂයේ පාසල් ක්‍රිකට් සංගමය මඟින් පවත්වන 15න් පහළ ක්‍රිකට් තරඟාවලියජූලි 12 වන දින ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලීය ...
12/07/2026

2026 වර්ෂයේ පාසල් ක්‍රිකට් සංගමය මඟින් පවත්වන 15න් පහළ ක්‍රිකට් තරඟාවලිය

ජූලි 12 වන දින ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලීය 15 න් පහළ කණ්ඩායම සමඟ පැවැති තරඟයේදී, පළමු ඉනිමේ විශිෂ්ට ජයක් වාර්තා කළ ඩී.බී. විජේතුංග පාසල් ක්‍රිකට් කණ්ඩායමේ දරුවන්ට හා පුහුණුකරුට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ කාර්යය මණ්ඩලයේ සුභපැතුම්.

එම තරඟයේදී පළමුවට පන්දුවට පහර දුන් රණබිම රාජකීය කණ්ඩායම ලකුණු 90කට සියලු දෙනා දෙනා දැවී ගියේය.

එහිදී
* ලකිඳු තිනෙත් කඩුලු 04ක් ද,
* කවිත ටෙහාන් කඩුලු 02ක් ද,
* නදුන් බණ්ඩාර සහ සහස් විරාජිත් කඩුලු 01 බැගින් ද ලබා ගත්තේය.

ඩී.බී. විජේතුංග ජාතික පාසල් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 129 ක් ලබා ගත්තේය.

එහිදී,
* නවීන් රූපසිංහ ලකුණු 30ක් ද,
* සසිඳු දෙශාන් ලකුණු 18ක් ද,
* යසංජිත් බණ්ඩාර හා පසිඳු පවන් ලකුණු 17 බැගින් ද, ලබා ගත්තේය.

දෙවන ඉනිමේ දී රණබිම රාජකීය කණ්ඩායම ලකුණු 88කට සියලු දෙනා දෙනා දැවී ගියේය.

එහිදී,
* අමිල ඉන්ද්‍රජිත් කඩුලු 04ක් ද,
* කවිත ටෙහාන් කඩුලු 02ක් ද,
* නදුන් බණ්ඩාර සහ සහස් විරාජිත් කඩුලු 01 බැගින් ද ලබා ගත්තේ ය.

ශිෂ්‍ය සුභසාධනය තේමාවේ, ආපදා කළමනාකරණය විධිමත් ව සිදු කිරීම නිර්ණායකය යටතේ, ආපදා දැන්වීම් සංඥා ක්‍රමයක් පැවතීම යන දර්ශකය...
10/07/2026

ශිෂ්‍ය සුභසාධනය තේමාවේ, ආපදා කළමනාකරණය විධිමත් ව සිදු කිරීම නිර්ණායකය යටතේ, ආපදා දැන්වීම් සංඥා ක්‍රමයක් පැවතීම යන දර්ශකයට අදාළව පාසලේ විවිධ ස්ථාන වල ආපදා සංඥා දර්ශනය කිරීමේ ව්‍යාපෘතිය 2026/07/07 දින සාර්ථකව අවසන් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය භාරව තාක්ෂණවේද අංශයේ සුමේධ බණ්ඩාර මහතා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ ප්‍රසන්න හේරත් මහතා කටයුතු කරන ලදී.

මීට අදාළව ආපදා සංඥා දර්ශනය කිරීම පහත ස්ථාන වල සිදු කර ඇත.
1. ස්වයංක්‍රීයව වැසෙන දොරවල් (Automatic Doors)
2. විදුලි බෙදුම් පෙට්ටි (Electricity Distribution Boxes)
3. විදුලි බෙදුම් පුවරු (Electricity Distribution Panels)
4. බිත්ති වල සවි කර ඇති විදුලි පේනු (Wall Plug Bases)
5. පඩිපෙල් (Stairs)
6. පදික වේදිකා (Pavements)
7. රසායනික විද්‍යාගාර (Chemical Laboratories)

මෙම ව්‍යාපෘතිය හරහා දැනට පහත ස්ථාන / ඒකක ආවරණය කර ඇත.
1. කාර්යාලය
2. පරිපාලන ගොඩනැගිල්ලේ ඇති සුහුරු පන්ති කාමරය
3. පුස්තකාලය
4. ක්‍රීඩා මණ්ඩපය
5. පාසලේ 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි පවතින ගොඩනැගිලි
6. ආපන ශාලාව
7. චිත්‍ර කාමරය
8. ටැබ් පරිගණක විද්‍යාගාරය
9. විද්‍යා අංශයේ පන්ති කාමර
10. ජීව විද්‍යාගාරය
11. රසායන විද්‍යාගාරය
12. කණිෂ්ඨ විද්‍යාගාරය
13. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ඒකකය
14. තාක්ෂණික පීඨය
15. මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය
16. වාණිජ අංශය

පාසල් සිසු දරුවන්ට සහ පාසල් ප්‍රජාවට අනපේක්ෂිත අයුරින් සිදුවිය හැකි හදිසි අනතුරු අවම කිරීම මෙහි අරමුණයි.

ව්‍යාපෘතිය භාර ගුරු භවතුන් ලෙස මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට දායකත්වය ලබා දුන් පහත නම් සඳහන් සිසු දරුවන්ට සහ ගුරු භවතුන්ට අපගේ විශේෂ ස්තුතිය පිරිනමමු!

චමිදු (10 ශ්‍රේණිය B)
හේෂාන් (10 ශ්‍රේණිය B)
දිනෙත් (10 ශ්‍රේණිය B)
ගගන (10 ශ්‍රේණිය B)
නදුන් (10 ශ්‍රේණිය B)
ඉෂාන් හසකැලුම් මයා

💐💐💐💐💐

මීට ව්‍යාපෘති භාර ගුරු භවතුන්,
සුමේධ බණ්ඩාර මයා
ප්‍රසන්න හේරත් මයා
(2026/07/10)

2026 වර්ෂයේ පාසල් ක්‍රිකට් සංගමය මඟින් පවත්වන 15න් පහළ තරඟාවලියජූලි 08 වෙනි දින පිළිමතලාව ධීරානන්ද විද්‍යාලීය 15 න් පහළ ...
08/07/2026

2026 වර්ෂයේ පාසල් ක්‍රිකට් සංගමය මඟින් පවත්වන 15න් පහළ තරඟාවලිය

ජූලි 08 වෙනි දින පිළිමතලාව ධීරානන්ද විද්‍යාලීය 15 න් පහළ කණ්ඩායම සමඟ පැවැති තරඟයේදී පළමු ඉනිමේ විශිෂ්ට ජයක් වාර්තා කළ ඩී.බී. විජේතුංග පාසල් ක්‍රිකට් කණ්ඩයමේ දරුවන්ට හා පුහුණුකරුට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ කාර්යය මණ්ඩලයේ සුභපැතුම්.

එම තරඟයේදී පළමුවට පන්දුවට පහර දුන් ධීරානන්ද කණ්ඩායම ලකුණු 115 කට සියලු දෙනා දෙනා දැවී ගියේය.

එහිදී,
සහස් විරාජිත් කඩුලු 04 ක් ද,
නදුන් බණ්ඩර කඩුලු 03 ක් ද,
කවිත ටෙහන් කඩුලු 02 ක් ද,
නවීන් රූපසිංහ කඩුලු 01ක් ද ලබා ගත්තේ ය.

ඩී.බී. විජේතුංග පාසල් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 174 ක් ලබා ගත්තේ ය.

එහිදී,
යසංජිත් බණ්ඩාර ලකුණු 49 ක් ද,
නවීන් රූපසිංහ ලකුණු 20 ක් ද,
කවින් බණ්ඩාර ලකුණු 18 ක් ද
පසිදු පවන් ලකුණු 16 ක් ද,
දිනක්ෂ සස්මිත ලකුණු 11ක් ද ලබා ගත්තේ ය.

ඩී.බී. විජේතුංග ජාතික පාසලේ දැනට 7A ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආකාශා සෙනෙවිරත්න සිසුවිය සහ ලකිඳු සෙනෙවිරත්න සිසුවා විසින් තමන්...
07/07/2026

ඩී.බී. විජේතුංග ජාතික පාසලේ දැනට 7A ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආකාශා සෙනෙවිරත්න සිසුවිය සහ ලකිඳු සෙනෙවිරත්න සිසුවා විසින් තමන් විසින් රචිත ග්‍රන්ථ විදුහල්පතිතුමන් මගින් පාසල් පුස්තකාලයට පිරිනැමීමේ අවස්ථාව...

මෙවැනි නිර්මාණ වැඩි වැඩියෙන් ඉදිරියේදීත් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා...!
💐💐💐

අප පාසලේ නියෝජ්‍ය විදුහල්පති අසේල ගුණතිලක මහතාගේ යෝජනාවක් අනුව, පාසලේ 6 - 13 ශ්‍රේණි දක්වා පන්ති වල පන්ති නාම පුවරු අලුත...
06/07/2026

අප පාසලේ නියෝජ්‍ය විදුහල්පති අසේල ගුණතිලක මහතාගේ යෝජනාවක් අනුව, පාසලේ 6 - 13 ශ්‍රේණි දක්වා පන්ති වල පන්ති නාම පුවරු අලුතින් සවිකිරීමේ ව්‍යාපෘතිය 2026/06/25 දින වන විට සාර්ථකව නිමා කරන ලදී. ව්‍යාපෘතියේ වගකීම අප පාසලේ ගණිත විෂය ඉගැන්වීමෙහි නිරත ඉෂාන් හසකැලුම් මහතාට සහ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය ඉගැන්වීමෙහි නිරත ප්‍රසන්න හේරත් මහතාට පැවරිණි.

ඒ අනුව එම ගුරු භවතුන් දෙදෙනාගේ පූර්ණ දායකත්වය, නියාමනය සහ අධීක්ෂණය යටතේ මේ වන විට 6 - 13 ශ්‍රේණි දක්වා සියලුම පන්ති වල නාම පුවරු අලුතින් සවි කර අවසන් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා තම නොමසුරු දායකත්වය / ශ්‍රම දායකත්වය සැපයූ පහත නම් සඳහන් සිසු දරුවන්ට සහ ගුරු භවතුන්ට ව්‍යාපෘතිය භාර ගුරු භවතුන් ලෙස අපගේ විශේෂ ස්තුතිය මෙයින් පුද කර සිටිමු.

නාම පුවරු සඳහා ලෑලි සැපයීම:
ප්‍රගීත් (11 ශ්‍රේණිය B)

ලෑලි කැපීම හා සැකසීම:
12 තාක්ෂණවේද පන්තියේ සිසුන්
ලක්සිරි ඒකනායක මයා
ඉෂාන් හසකැලුම් මයා

නාම පුවරු සැලසුම් කිරීම:
නියෝජ්‍ය විදුහල්පති අසේල ගුණතිලක මයා
ප්‍රසන්න හේරත් මයා

නාම පුවරු සැකැස්ම, නිර්මාණය හා මුද්‍රණය කිරීම:
ප්‍රසන්න හේරත් මයා

තහඩු කැපීම, තහඩු සවිකිරීම, නාම පුවරු සැකසීම සහ සවිකිරීමේ සහය:
චමිදු (10 ශ්‍රේණිය B)
හේෂාන් (10 ශ්‍රේණිය B)
දිනෙත් (10 ශ්‍රේණිය B)
ගගන (10 ශ්‍රේණිය B)
නදුන් (10 ශ්‍රේණිය B)
ඉෂාන් හසකැලුම් මයා
ප්‍රසන්න හේරත් මයා
සුමේධ බණ්ඩාර මයා

ලෑලි ඔපදැමීම, මුද්‍රිත පුවරු හා උපකරණ සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම:
ඉෂාන් හසකැලුම් මයා
සුමේධ බණ්ඩාර මයා

ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමට ඔබ සැම දැක්වූ දායකත්වයට සහ අප හට නිබඳව ලබා දුන් සහයෝගයට නැවතත් බෙහෙවින් ම ස්තුතියි!

මීට ව්‍යාපෘති භාර ගුරු භවතුන්,
ඉෂාන් හසකැලුම් මයා
ප්‍රසන්න හේරත් මයා
(2026/07/06)

Address

Daskara, Muruthagahamula
Gampola Town
20526

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94812315176

Alerts

Be the first to know and let us send you an email when D.B. Wijethunga National School, Daskara, Muruthagahamula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to D.B. Wijethunga National School, Daskara, Muruthagahamula:

Shortcuts

Share

Category