26/05/2026
🎯 ලංකාවේ අපනයන කතාව වෙනස් වෙමිනුයි පවතින්නේ!
දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ගෝලීය අනන්‍යතාවය ගොඩනැගුනේ තේ සහ ඇඟලුම් වටා වුණත්, අද වන විට තාක්ෂණයත් ඒ කතාවේ ප්‍රධානම කොටස්කරුවෙක් වෙමින් පවතිනවා.
අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) අලුත්ම දත්ත වලට අනුව, 2026 මුල් මාස හතර ඇතුළත ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.78 ක් දක්වා ළඟා වී තිබෙනවා. මෙය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 4.3% ක වර්ධනයක්. ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රය ඩොලර් බිලියන 1.62 ක ආදායමක් ලබමින් තවමත් රටේ විශාලතම අපනයන ක්ෂේත්‍රය ලෙස ආර්ථිකයට ලොකු දායකත්වයක් දෙනවා.
හැබැයි ඊට වඩා සුවිශේෂී වෙනසක් සිද්ධ වෙන්නේ අපේ රටේ දැනුම පාදක කරගත් කර්මාන්ත (Knowledge-based industries) ඇතුළේ.
📉 පසුගිය අප්‍රේල් මාසයේදී ඇඟලුම් (-4.88%) සහ තේ (-6.82%) වැනි සාම්ප්‍රදායික ක්ෂේත්‍ර යම් පසුබෑමකට ලක් වුණා.
📈 හැබැයි සේවා සහ තාක්ෂණය මුල් කරගත් කර්මාන්ත දිගින් දිගටම ශක්තිමත් වෙනවා.
💻 2026 අප්‍රේල් මාසයේ විතරක් ලංකාවේ ICT/BPM අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 146.09 ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. විශේෂම දේ තමයි, ඒ කාලසීමාව ඇතුළත තේ අපනයනයෙන් ලැබුණු ඩොලර් මිලියන 100.02 ක ආදායම පරද්දන්න තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පුළුවන් වෙලා තියෙනවා!
⚡ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපාංග අපනයනය 41.51% කින් ඉහළ ගොස් ඇති අතර, මූල්‍ය සේවා අපනයන ආදායම 119.41% ක දැවැන්ත වර්ධනයක් පෙන්වනවා.
මේ හැමදෙයකින්ම කියන්නේ එකම එක පණිවිඩයයි. ශ්‍රී ලංකාව කියන්නේ තවදුරටත් සාම්ප්‍රදායික අපනයන මත විතරක් යැපෙන රටක් නෙවෙයි. දක්ෂ ශ්‍රම බලකාය, ඉහළ ඉංජිනේරු හැකියාව සහ ජාත්‍යන්තර පිළිගැනීමත් එක්ක ලංකාව ලෝකය ඇතුළේ ප්‍රබල තාක්ෂණික සහ සේවා මධ්‍යස්ථානයක් (Technology & Services Hub) බවට පත් වෙමින් ඉන්නවා.
හැබැයි ඇත්තම කතාව නම් රටේ බහුතරයක් මිනිස්සු මේ ගැන දන්නෙ නැහැ!
පත් වෙන කිසිම ආණ්ඩුවක් මේ වෙනුවෙන් කැපී පෙනෙන අවධානයයක් යොමු කරන්නෙත් නැහැ. මේකට හොඳම උදාහරණය තමයි අපේ අල්ලපු රට. අල්ලපු රට IT sector එක උපරිමයෙන්ම focus කරන නිසා තමයි අපේ රටේ IT sector එකටත් ඒකෙන් ලොකු බලපෑමක් (තරඟකාරීත්වයක්) වෙලා තියෙන්නේ.
අදාළ බලධාරීන් සහ සමස්ත රටක් විදිහට අපි හැමෝම හරි හැටි උනන්දු වෙනවා නම්, මුළු රටම මේ අමාරු අඩියෙන් ගොඩ දාන්න පුළුවන් සුපිරිම Sector එකක් තමයි IT කියන්නේ! 💻🇱🇰