18/06/2023
කාලෙ වෙනස් වෙනකොට තාලේ අලුත් වෙනවා කියනවනේ, පහුගිය අතීතය දිහා බලපුවාම ඒක බොරුවක් නෙමෙයි කියලා අපට පිලිගන්න වෙනව... දඬුබස්නාමානෙක දුරට පමණක් පණිවිඩයක් ඊ තලේක ඔතලා දුන්නෙන් විදලා යවපු මිනිස්සු මේ වෙනකොට ලෝකේ ඕනම කොනකට ඊ මේල් යවන තරමට දියුණු වෙලා. මේ තමයි කාලයත් එක්ක වෙලා තියෙන වෙනස.
මේ වෙනස ගොඩක් ක්ෂේත්‍රවලට අදාලයි. ඇත්තෙන්ම අතීතය හා සැසදුවොත් මේ වෙද්දි වෙනස් නොවුන කේෂ්ත්‍රයක් නැති තරම්. ඔය සියලු වෙනස් කම් මැද, මෙතෙක් කල් අපි කඩදාසි වල මුද්‍රණය කරලා භාවිතා කළ විසිටින් කාඩ් එකත් හිතාගන්න බැරි තරම් වෙනස් වෙලා. හැබැයි ඒ වෙනස නම් ඔබට මට හිතා ගන්නත් බැරි තරමේ වෙනසක්.
වෘත්තිකයන්ට හා ව්‍යාපාරිකයන්ට ඉතාමත් අත්‍යවශ්‍ය සන්නිවේදන උපාංගයක් වගේම, අනන්‍යතා ප්‍රකාශන උපාංගයක් ලෙසින් තමයි විසිටින් කාඩ් එක ලෝකෙ කොහෙත් භාවිතා උනේ.
කෙනෙක්ගේ හෝ ආයතනයක නම, පුද්ගලයෙක් නම් තනතුර, ආයතනික ලිපිනය වගේම ටෙලිෆෝන් අංක, විද්‍යුත් තැපැල් ලිපිනයන් අඩංගු විසිටින් කාඩ් එකට, ෆොටො, ලොගෝ, වර්ණ සංකලන හා මුද්‍රණයට යොදා ගත් කඩදාසියේ ගුණාත්මක තත්ත්වය වැනි දේත් අගයන් විදියට එකතු වෙලා තමයි එය සන්නිවේදන තොරතුරු සැපයීමකට එහා ගිහින් යම් පුද්ගලයෙකුගේ හෝ ආයතනයක ප්‍රතිරූප වර්ධනය කරන්න පවා දායකත්වය දෙන්න සමත් උනේ.
මෙහෙම පුද්ගලයින්ගේ හා ආයතනික සන්නිවේදන හා ප්‍රතිරූප ප්‍රවර්ධනයට දායක වුණ කඩදාසි විසිටින් කාඩ් එක දැන් ලෝකෙ පුරා යන්නේ වෙනස්ම ස්වරූපයකින්.
දැන් විසිටින් කාඩ් එක QR කෝඩ් එකක් වෙලා, ඉන්ටනෙට් ලින්ක් එකක් වෙලා, අලෙවි ප්‍රචාරක උපාංගයක් බවටත් පත්වෙලා, ෆේස්බුක්, ට්විටර්, යු ටියුබ්, ඉන්ස්ට්ග්‍රම්, බ්ලොග් විතරක් නෙමෙයි, ඊ කොමස් සපෝට් කරන වෙබ් සයිට් එකක් තරමටත් දියුණු වෙලා.
කඩදාසි කාඩ් එකේ ඉඳන්, ඩිජිටල් ෆොමැට් එකට මාරු උන විසිටින් කාඩ් එකේ තියෙන සුවිශේෂී වෙනස් කම් නම් කීපයක් තියෙනවා. ඉන් එකක් තමයි කඩදාසි වල මුද්‍රණය කල විසිටින් කාඩ් එකකට වඩා අඩු මිලකට ඊටත් වඩා අයස්කාන්ත වගේම ගුණාත්මක සේවයක් ලබා දීම.
ඒ වගේම ඔබේ ඩිජිටල් විසිටින් කාඩ් එකේ සේවා සැපයුම් කරුවා "හෙලෝ කාඩ්" නම් ඒක තවදුරටත් විසිටින් කාඩ් එකක් විතරක් නෙවෙයි. ඒක ඔබට ලාබ ගේන ප්‍රිවිලේජ් කාඩ් එකකුත් වෙනව. ඒ තමයි ලෝකේ හෙලෝ බ්‍රැන්ඩි විසිටින් කාඩ් එකකයි, අනික් ඩිජිටල් විසිටින් කාඩ් වලයි වෙනස.
ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට මේ ඩිජිටල් විසිටින් කාඩ් එකක් ලබා ගන්න අවස්ථාව වගේම අයිතියකුත් තියෙනවා. ඒ කාටත් මේ සදහා වැය වෙන්නේ අවුරුද්දකට රුපියල් 4900 වගේ සුළු මුදලක් විතරයි. ඒ කියන්නේ දවසකට රුපියල් 13යි ශත 42 වගේ මුදලක්. හැබැයි ඔබට දැනට ප්‍රධාන වෙළෙඳ ආයතන 550 එහා ප්‍රමාණයක් ඔබේම ඩිජිටල් විසිටින් කාඩ් එකට විශේෂ වට්ටම් ඔබට ලබා දෙනව. ඇත්තෙන්ම ඔබ අවුරුද්ද පුරා මිලදි ගන්න භාන්ඩ හා සේවා වලට ඔබට ලැබෙන වට්ටම් වල වටිනාකමත් මේ ඩිජිටල් කාඩ් එකට යොදවන පිරිවැයට වඩා වැඩියි කිව්වොත් වැරදි නෑ.
මේ ඩිජිටල් කාඩ් එකේ තවත් ප්‍රතිලාභයක් තමයි ඔබ කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක් උනත්, මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් උනත්, ඔබටත් ඔබේම වෙබ් සයිට් එකකුත් කරගෙන, අවශ්‍ය නම් අන්තර්ජාල ව්‍යාපාරයක නිරත වෙන්න උනත් අවස්ථාව හිමිවීම. මේ ඔක්කොම කරන්න යන්නේ දවසකට රුපියල් 33 කටත් අඩුවෙන්. ඒ කියන්නේ දවසකට ප්ලේන්ටියක් බොන්නත් බැරි ගානකට ඔබට පුලුවන් වෙනව, ඔබේම වෙබ් එඩ්‍රස් එකක, ඔබේම සයිට් එකක ඔබේ ව්‍යාපාරයක් කරන්න හෝ තොරතුරු ප්‍රදර්ශනය කරන්නත් පුලුවන් වෙනව.
ඇත්තෙන්ම මේ හෙලෝ බ්‍රැන්ඩ් ඩිජිටල් විසිටින් කාඩ් එකකින් එම සේවාදායකයන්ට ලැබෙන ප්‍රතිලාභ වලින් සුලු කොටසක් විතරයි. අපි බලාපොරොත්තු වෙනව ඉදිරියේදි තවත් මේ ගැන තොරතුරු තවත් ඔබට ලබා දෙන්න.
ඔබ තවමත් ඩිජිටල් විසිටින් කාඩ් එකක් දැකල නැත්නම් මේ පහත ලින්ක් එකෙන් ඔබට ලංකාවේ ජනප්‍රිය ගායකයෙකුගේ ඩිජිටල් විසිටින් කාඩ් එක බලන්න පුලුවන්.
https://helloaddme.com/HelloKeerthi/vcard/85
මේ වගේ විසිටින් කාඩ් එකක් ඔබට හෝ ඔබේ ආයතනයටත් සකස් කරගන්න අපිට අමතන්න, අපිට පුලුවන් ඔබට සහය වෙන්න...
ඒකට කරන්න තියෙන්නේ ෆේස්බුක් මැසෙජ් එකක්, වට්සැප් මැසෙජ් එකක් හෝ දුරකතන මාර්ගයෙන් අපිව ඇමතීම විතරයි.
+94715594830
ඔබට ජය