09/08/2026
මේ අවුරුද්දෙත් සුපුරුදු විදියටම ඔයාලාගේ exam එකට කලින් දවසේ මන් කැළණි පන්සල් ආවා අද, ඔයාලාගේ exam එක වෙනුවෙන්, මගේ පන්ති ආව උන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව exam එක හොදට ලියා ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.
සමහරවිට අන්තිම මොහොත වෙනකනුත් තවම වැඩ කරන උන් ඇතී, අද දවසේ පන්සලකටවත් යා ගන්න වෙලාවකුත් නැතුව. මං උඹලා වෙනුවෙනුත් පන්සල් ආවා, ඒක නිසා උඹලා එහෙමවත් හිතේ අවුලක් තියා ගන්න එපා.
උඹලා අපී කරලා කරලා තියෙන හොද දේවල් වෙනුවෙන් අනික් පැත්තට උඹලාට exam එක හොදට ලියා ගන්න පුලුවන් වෙනවා, ඒ ගැන කිසිම බයක් හිතේ තියා ගන්න එපා!
උඹලා හීන ගොඩාක් අරගෙන හෙට exam එකට යන්නේ. උඹලා ඒ වෙනුවෙන් මේ දවස් ටිකේ පුදුම විදියට මහන්සී වුනා. උඹලා විතරක් නෙමෙයි, ඔයාලා එක්ක අම්මලා තාත්තලාත් ඔයාලා වෙනුවෙන් මාර මහන්සියක් ගත්තා.
ඒ හැමදෙයක් වෙනුවෙන්ම උඹලාට උපරිමේට exam එක ගොඩ දාගන්න පුලුවන් වෙනවා. ඉතින් අන්තිම මොහොත වෙනකම් අතහරින් නැතුව මේක ගොඩ දාන්න මහන්සි වෙයල්ලා!
උඹලාට හරියනවාමයි. උඹලා ගොඩ යනවාමයී! ❤️