08/09/2025
දුවෙක් ඕනමලු අම්මෙකුට
පාළු මකන්න තනි රකින්න
කයිවාරු ගහන්න
හැමදේම අහන් ඉන්න
හොදම යාළුවා වගේ හැමදේම
තෙරුම් ගන්න
මහ හයියට හිනා වෙන්න
අඩනකොට ඔළුව අතගාන්න
හිත හදන්න
අම්මෙකුට දුවෙක් ඕනමයි
හැමදේම බෙදාගන්න
එකමයි දූවරු දීග යනකොට
අම්මා බැරි දරාගන්න
දුවෙකුට බැරි එදාට හිනා වෙන්න..
දුවෙක් කියන්නෙම මලක්
අනුන්ගෙ වත්තක
ලස්සනට පිපෙන්න පිපිච්ච
මධු සිරිවර්ධන