KevinPerera

KevinPerera

Share

විශ්වාසනීය ඉංජිනේරු පන්තිය.....

11/01/2026

මගේ කලින් Post එකට මේ Comment එක වැටිලා තිබ්බ නිසා මේ Post එක දාන්න හිතුවා. සමහරවිට මේක ඇත්තටම නොදන්නකමට අහපු ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. නැත්තම් නෝන්ඩියට ඇහුවා වෙන්නත් පුළුවන්. (මෙයාගේ තව Comments කිහිපයක් දැක්කා)

ඒ නිසා Post එකකින්ම උත්තරයක් දෙන්න හිතුවා.

මේ ක්ෂේත්‍රයට අදාලව Job Field එකේ තියෙන පුළුල් බව (හරි අදහස Versatile - ගැලපෙන සිංහල වචනයක් ඔළුවට එන්නේ නෑ) තේරුම් ගන්න Technology කරලා එකිනෙකට වෙනස් Field වලින් Jobs, Masters කරන 10 දෙනෙක්ගෙන් උදාහරණ දෙන්නම්. ඒත් මදි කෙනෙක් ඉන්නවා නම් කියන්න 10 ක් නෙවෙයි 100ක් උනත් දෙන්න පුළුවන්.

1. Shanaka Anuradha - http://linkedin.com/in/shanaka-anuradha

2015 Technology පළවෙනි Batch එකෙන් ET Island 1st. ආසාව නිසා Japura BICT Degree එකෙන් Network Technology Specialize කලේ. Second Upper එකක් එක්ක Degree එක ඉවර කරලා දැන් German වල Masters කරනවා. ඉගෙනගන්න ගමන් AI Engineer කෙනෙක් විදිහට වැඩ කරනවා. මම ජීවිතේට දැකපු Multitalented පොරක්. (මිනිහගේ වැඩ linkedin එකට ගිහින් බලන්න පුළුවන්)

2. Ishara Buddhika - http://linkedin.com/in/ishara-buddhika

2015 Technology පළවෙනි Batch එකෙන් ET Island 2nd. ජපුර BET Degree එක කලේ. Specialized in Mechatronics. Second Upper එකක් එක්ක Degree එක ඉවර කරලා දැන් Austria වල Robotocs & Automation Master එක කරනවා. Europe වල තියෙන Job Market එකත් එක්ක සමහරවිට Master එකෙන් පස්සේ Austria වලම Settle වෙයි.

3. Gnanakeethan Balasubramaniam - http://linkedin.com/in/gnanakeethan

2015 Technology පළවෙනි Batch එකෙන් ET Island 3rd. Tamil Medium Island 1st. Jaffna කොල්ලෙක්. මම කියනවට LinkedIn එකට ගිහින් බලන්න අවුරුදු 29 වෙද්දි ගහලා තියෙන ගේම. මිනිහා ICT වලට සිරාම වැඩ්ඩෙක් ඒත් තෝරගත්තේ ජපුර BET. UCSC එකේ BIT External එක කලා. මම දවසක් ඇහුවා ඇයි මචං ඔච්චර IT Knowledge එක තියාගෙන BICT වෙනුවට BET කරන්නේ කියලා පොර දුන්න උත්තරේ "Bro I have nothing new to learn in BiCT curriculum. I can even teach lecturers. Its better to study something new” කියලා. ඒ වෙද්දිත් Dialog Ideamart එකේ Management Level Position එකක හිටියා. අද වෙද්දි Cloud Parallax කියන Company එකේ CEO

4. Prasad De Silva - http://linkedin.com/in/prasad-de-silva-481ab6140

ප්‍රසාද්ව නම් ඉස්සර ඉඳන් මේ Group එකේ නංගිලා මල්ලිලා දන්නවා ඇති. 2015 Batch එකේ Japura BICT in Network Technology Degree එක Complete කරලා දැන් UK වල Cybersecurity Masters කරනවා.

5. Shan Menaka - http://linkedin.com/in/shan-menaka

2015 Technology Batch එකෙන් BICT in Software Technology Degree එක Complete කරලා දැන් Sysco Labs එකේ Senior Software Engineer කෙනෙක් විදිහට වැඩ කරනවා

6. Dinuka Wijesinghe - http://linkedin.com/in/dinukawijesinghe

Technology සම්බන්ධ Youtube Content Creator කෙනෙක් නිසා ගොඩක් අය දන්නවා ඇති. 2015 BET Degree එක කරලා දැන් Colombo School of Information Technology කියන Institute එකේ Director විදිහට අලුත් වැඩ වගයක් කරගෙන යනවා.

7. Maleesh Randunu De Silva - http://linkedin.com/in/maleesha-randunu

Japura 2016 Technology Batch එකේ පට්ටම Match එකක් ගහපු කොල්ලෙක්. මතක විදිහට BET in Automobile Technology කලේ. කොහොම හරි Degree එකට එහා ගිය Next Level Management, Marketing, Business Development Skill එකක් තියෙන කොල්ලෙක්. අද වෙද්දි DEVENT කියන Event Management Company එකේ Director Board Member කෙනෙක්.

8. Laksh*tha Madalagama - http://linkedin.com/in/laksh*tha-madalagama-58067436b

මේ ඉන්නේ 2017 Technology ET Island 1st. මට මතක විදිහට 1st Class එකක් එක්ක Japura BET Degree එක ඉවර කරලා දැන් USA වල Masters කරන ගමන් ඉන්නේ. සෑහෙන ගේමක් ගහන Multitalented කොල්ලෙක්.

9. Chathura Madusanka - http://linkedin.com/in/chathura-madusanka-413a02220

2015 Technology Batch එකේ BBST Degree එක කරලා අද වෙද්දි PhD Candidate කෙනෙක් විදිහට අධ්‍යයන කටයුතු හදාරනවා. ගොඩක් දුරට Technology Stream එකෙන් බිහිවෙන ලංකාවේ පළවෙනි Professor වෙන්නේ චතුර. Convocation එක දවසේ BST Department එකේ සම්මාන, ස්වර්ණ මුද්‍රිකා ඔක්කොම ටික තිබ්බේ මිනිහගේ කරේ. දැන් Polymer පැත්තෙන් Research කරන ගමන් ජයවර්ධනපුර තාක්ෂණ පීඨයේම කතිකාචාර්ය කෙනෙක් විදිහට සේවය කරනවා. (මචං චතුර, වැරදි තිබ්බොත් සමාවෙලා නිවැරදි කරන්න)

මම ගැන පම්පෝරි ගහන්න ඕනේ නෑ. ඒත් මේ Field ඔක්කොටම වඩා වෙනස් Feild එකක වැඩ කරන නිසා සහ මේ ගැන කතා කරන්න මෙයාට තියෙන සුදුසුකම මොකක්ද කියලා හිතන අය වෙනුවෙන් මේක ලියන්නම්.

10. Sachin Thashmika - http://linkedin.com/in/sachin-thashmika-435ba815b

2015 Technology BICT in Multimedia Technology උපාධිය සහ Professional Diploma in Digital Marketing - APIDM කියන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කරලා Digital Marketing Field එකේ අවුරුදු 5ක් වැඩ කරනවා. මේ වෙද්දි Capsicum Digital එකේ Director of Marketing විදිහට වැඩ කරගෙන යනවා.

මේ ටික කියන්නේ Inbox Message සහ Comment වලින් Job Field එක ගැන විස්තර අහන සහ Technology කරන්න ආසාවෙන් හැබැයි බයෙන් ඉන්න මල්ලිලා නංගිලා වෙනුවෙන් (දැන් නම් දුවලා පුතාලා වෙන්නැති 😌)

Job Field එක ගැන බය වෙන්න එපා. කරන වැඩේ හරියට කරන්න. A/L අවුරුදු දෙක පිස්සු නටලා විභාගේ ෆේල් උනොත් Arts, Commerce කලත් එකයි Technology, Bio, Maths කලත් එකයි රස්සා නෑ තමයි. (තරඟකාරිත්වයත් එක්ක රස්සා නැති වෙන්න පුළුවන්) හැබැයි ආසාවෙන් වැඩේ ගොඩදාගත්තොත් තියෙන Opportunity මම උදාහරණ එක්කම උඩ පෙන්නලා තියෙනවා.

ඒ වගේම මම මේ List එකට එක ගෑණු ළමයෙක්වත් දාලා නෑ. මේ Field එකේ වැඩ දාන ගෑණු ළමයි ගැන ලියන්න ගත්තොත් එහෙම මට සතියක්වත් ලියන්න වෙනවා. 10කට සීමා කරන්න ඕන නිසා මුලින්ම ඔළුවට ආව සහ එකට උන්න කොල්ලෝ ටික විතරයි දැම්මේ.

ඒ වගේම මෙතන කියන්නේ ජපුර තාක්ෂණ පීඨයේ අවුරුදු තුනක මම දන්න නම් 10 විතරයි මම නොදන්න ලංකාවේ Government, Private කැම්පස් බර ගානක කොල්ලෝ කෙල්ලෝ බර ගානක් මීට වඩා තැන් වල ඉන්නවා ඇති.

මම මේ නම් එකක්වත් ලියන්නේ මේ කිසිම කෙනෙක්ගේ අවසරය හෝ අනුදැනුම මත නෙවෙයි. ඒ වගේම කාවවත් Promote කිරීමේ හෝ අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් නෙවෙයි. මේ නිසා කාගේ හෝ පෞද්ගලිකත්වයට හානියක් උනා නම් සමාව ඉල්ලා සිටිනවා.

හැමෝටම ජයවේවා ❤️

මා මිත්‍ර Sachin Mahawaththaගේ සටහන උපුටා ගැනීමකි.🙂

30/12/2025

27/10/2025

2026A/L පුනරීක්ෂණ පන්ති....
විශ්වාසනීය ET පන්තිය....
සමාධි - අවිස්සාවේල්ල
නැණිල - ගම්පහ
ඉසුමිණී - හංවැල්ල
Online- දිවයිනට

Tel: 077 487 1234
Whasapp group👇
https://chat.whatsapp.com/KsVp1Gxcay4G3dNAxL9bIO?mode=wwt
Kevin Sir | Engineering Technology

24/09/2025

🎉 දරුවනේ, ඔයාලගේ කැමැත්තෙන් බලා සිටි
📐 ඉංජිනේරු ඇඳීම (Engineering Drawing)* පාඩම ආරම්භ වෙනව මේ සතියේ...

🔹 Drawing ආරම්භය
📍 අවිස්සාවේල්ල – සමාධි ආයතනය
🗓️ මේ ඉරිදා උදේ 8.00 ට

📎 එදාට ඔබට අවශ්‍ය උපකරණ:
▫️ ප්‍රස්ථාර පොත
▫️ කවකටු පෙට්ටිය
▫️ මකනය ,පැන්සල්
▫️ A4 කොළ 5ක්

👨‍🏫 මෙහෙයවීම | කෙවින් සර් | Engineering Technology

📣 ET කරන හැමෝම එන්න!

06/08/2025
Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Gampaha