Landscaping-sk

Landscaping-sk

Share

Landscaping►sk

28/12/2025

ඔබ දන්නවාද? මේ ලෝකයේ එකම එක ගසක් පමණක් ඉතිරි වී, තමන්ගේ සහකාරිය සොයාගත නොහැකිව වසර 100 කට වඩා වැඩි කාලයක් බලා සිටින ශාකයක් ගැන?
​මෙන්න ඒ අපූර්ව කතාව... 👇

​📍 කවුද මේ ගස?
මෙය හඳුන්වන්නේ 'සයිකැඩ්' (Encephalartos woodii) යන නමිනි. 1895 වසරේදී දකුණු අප්‍රිකාවේ වනාන්තරයකින් මෙහි එකම එක ශාකයක් පමණක් හමු විය. එතැන් සිට අද වනතුරු මුළු ලෝකයෙන්ම හමු වී ඇත්තේ මෙම වර්ගයට අයත් එකම එක ශාකයක් පමණි!

​😲 පුදුමය කුමක්ද?
විද්‍යාඥයන් පවසන පරිදි මෙම ශාකය "පිරිමි" ශාකයකි. මෙයට වර්ගයා බෝ කිරීමට නම් "ගැහැණු" ශාකයක් අවශ්‍ය වේ. නමුත් වසර සියයකට අධික කාලයක් ලොව පුරා සෙව්වත්, මෙම වර්ගයේ ගැහැණු ශාකයක් සොයා ගැනීමට කිසිවෙකුටත් නොහැකි විය.

​🧪 විද්‍යාව පවා අසරණයි!
දැනට උද්භිද උද්‍යාන කිහිපයක මෙහි අනුකෘති (Clones) වගා කර ඇතත්, ඒ සියල්ල පිරිමි ශාක වේ. මේ නිසා මෙම ශාකය හඳුන්වන්නේ "ලොව හුදකලාම ශාකය" ලෙසයි. තම වර්ගයා බෝ කර ගැනීමට නොහැකිව මේ ශාකය සොබාදහම ඉදිරියේ නිහඬ අරගලයක යෙදී සිටී.

​අපට දෙන පණිවිඩය කුමක්ද? 🌍
එක් ශාකයක් වඳවී යාම කෙතරම් බියකරුද යන්නට මෙය හොඳම උදාහරණයකි. අද අප නොසලකා හරින පරිසරය, හෙට දිනයේදී මහා ධනස්කන්ධයක් වියදම් කළත් නැවත ලබාගත නොහැකි වනු ඇත.

​අනාගත දරුවන්ට දැකගන්නට මෙවැනි සොබාදහමේ අසිරිමත් නිර්මාණ ඉතිරි කරමු. සොබාදහම රැකගැනීම අප සැමගේ වගකීමකි! 🌱❤️

*තව කෙනෙක්ට දැනගන්න share කරන්න අමතක කරන්න එපා.. 🌎💚

Photos from Landscaping-sk's post 08/10/2025

දොළොස් (12) වසකට පසු මහ එළියට උදාවූ මල් වසන්තය

මහා එලිතැන්න කියන්නෙ ශ්‍රී ලංකාව නැමැති පුංචි දිවයිනේ සැඟවුණු ජෛව විවිධත්ව යේ මුදුන් මල්කඩයි.හෝට්න් තැන්නට යන ඕනෑම කෙනෙකුට මේ බිමේ සෑම බිම් අගලකම ඇති ජෛව විවිධත්වයේ ආනුභාවයෙන් ගත සිත ප්‍රබෝධමත් කරගන්න පුළුවන්.ස්වභාව ධර්මයේ ආනුභාවය විදහාපාන අසිරිමත් බිම් කඩ සුන්දර මහා එළි තැන්න සානුව ශ්‍රී ලංකාවේ සමස්ථ භූමි භාගයෙන් 0.05% තරම් කුඩා වපසරියක් වුවත් අපේ රටේ හමුවන සපුෂ්පශාකයන්ගෙන් 9% ම මේ බිමේදී අපට බලාගන්න පුලුවන්කම තියෙනවා.අපේ රටට ආවේණික මල් පිපෙන ශාකයන්ගෙන් 12% හෝර්ටන් තැන්නෙදි අපට හමුවෙනව.
හෝටන් තැන්නේ මල් පිපෙන ශාක අතරින් නෙළු ශාකයට හිමි වන්නේ සුවිශේෂී වටිනාකමක්.නෙළු මල් පිපෙන කාලයට මහ එලි තැන්න සුදු දම් රතු කහ පාටින් බබලනවා.හෝටන් තැන්න ට දෙවියන්ගේ මල් උයන කියලා විරුදාවලියක් ලැබිලා තියෙන්නෙ නෙළු මල් පිපෙන නිසාමයි.මල් පිපෙන කාලෙට නෙළුමල් යාය මහා එළි තැන්නට පළඳවපු ආභරණයක් වාගේයි පෙනෙන්නේ.අපේ රටේ නෙළු විශේෂ තිස් එකක් හඳුනගෙන තියෙනවා.ඒවායින් 12ක්ම රටට ආවේණිකයි. මහා එළිතැන්නේ නෙළු විශේෂ අටක් පිළිබඳ මුලින්ම වාර්තා කළේ . බ්‍රිතාන්‍ය ජාතික Thomas Farr විසින් එක්දාස් 1891දියි.ඒ වකවානුවේ දී ඔහු විසින් හඳුනාගත් සමහර නිළු විශේෂවල මල් පිපෙන්නේ වසර දොළහකට වරක් බව Thomas Farr ගේ වාර්තා වල සඳහන් කරලා තිබෙනවා.ඒ විතරකුත් නෙවෙයි.සියවසක් ඉදිරියේ දී 2013 වර්ෂයේ දී මල් පිපෙන බව ඔහු විසින් පුරෝකතනය කර තිබෙනවා. ඔහුගේ පුරෝකතනය සපල කරමින් 2013 වර්ෂයේ දී මහා එළි තැන්න වසාලමින් නෙළුමල් පිපුනා.
එදා Thomas Farr හෝටන් තැන්නේ නෙළු විශේෂ අටක් ගැන සඳහන් කරලා තිබුණත් අද වෙද්දි හෝටන් තැන්නෙ දක්නට ලැබෙන්නේ නෙළු විශේෂ හයක් පමණයි.
Strobilanthes Hookeri
Strobilanthes Dianadra
Strobilanthes Viscosa
Strobilanthes Pulcherrima
Strobilanthes Calycina
Strobilanthes Sexennies
මේ දිනවල මහයිලිතැන්න දිගේ පිය මනින්නෙකුට වෙනදා නොඇසුණු බබර මී මැසුන්ගේ කුමුකුමකුමුකුමු නාදයෙන් දෙසවන් පිනවිය හැකි අතර දෙව්ලොවක වෙස්ගත් තුරුලතා මඩුළු වසා ගත් කහ සුදු දම් රතු පැහැයෙන් බබළන නෙළුමල් පුෂ්ප මන්ජරීන්ගේ සෝබාලංකාරයෙන් නෙත් සඟල මන්මත් කර ගත හැකියි.
හෝටන් තැන්නේ දැනට හමුවන නිළු විශේෂ හයෙන් දෙකක මල් පිපෙන්නේ වසර දොළහකට වරක් වන අතර තවත් නෙළු විශේෂයක වසර හයකට වරක් මෙන්ම වසර හතරකට සහ තුනකට වරක් පිපෙන විශේෂයන්ද තිබෙනවා.තවත් එක් නෙලු විශේෂයක වසරක් පාසා මල් පිපීම සිදු වෙනවා. අවසන් වරට මේ සියලු නෙළු විශේෂයන්ගේ එකවර මල් පිපීම සිදුවූයේ 2013 වසරේ දීයි. දැන් නැවතත් වසර දොළහක් ගෙවී ගොසින් 2025 වර්ෂය එළඹුණු මේ දින වල සියලු නෙළු විශේෂ වල මල් පිපෙන දිව්‍යමය සුයාමය එළඹී තිබෙනවා.
මේ දිනවල හෝටන් තැන්නට පිවිසෙන්නෙකුට මල් වලින් වැසී ගිය පාරාදී සේක සිරි අසිරි මීදුම් සළු අතරින් නේත්‍රාකර්ෂණයට ලක් කර ගැනීමේ වාසනාව උදා වී තිබෙනවා.මෙම දිව්‍යමය කාල පරිච්ඡේදය මඟහැර ගන්නෙකුට නැවතත් මෙවැනි දෙව්ලෝසිරි අසිරි මවනා මොහොතක් උදාවන්න තෙක් 2037 වාර්ෂය වන තෙක් බලා සිටීමට සිදුවෙනවා.
මල්ලියකම් කළ මහාඑළිය වනරුදට පිවිසෙන්නෙකුට දීප්තිමත් රතුදම් පැහැයෙන් බබළන Strobilanthes Pulcherrima නම් මලින් බරව ගිය 2m පමණ උස ශාකය දැකගත හැකියි. Pulcherrima යන ලතින් නමෙහි තේරුම "ඉතාම අලංකාරයි" යන්නයි. මේ මල් පිපෙන්නේ සෑම වසර දොළහකට පාසා වීම විශේෂත්වයක්.
මහා එළියේ හමුවන්නේ නෙළු විශේෂ අතරින් සුලබ ම නෙළු විශේෂය Strobilanthes Sexennies . 1-8 m අතර උස යන මෙම ශාකය සුදු දම් පැහැයෙන් වනපෙත බබලවනවා. වන රුද මැද ඇතිරු පලසක් මෙන් ඈතට මේ මල් යාය හරි අපූරුවට පේනවා.අවුරුද්දක් පතා මල් පූදින Strobilanthes Viscosa ප්‍රභේදය පාට කිහිපයකින්ම මල් හටගන්නවා මෙම විශේෂයේ ශාක 2.5 m පමණ උස යනවා.
මහා එළිපැන්නේ සේද ඇතිරිල්ලක් මෙන් වන රොද සුදු පැහැයෙන් වසාගන්නා නෙළු විශේෂයේ විද්‍යාත්මක නාමය Strobilanthes Hookeri . මෙම විශේෂයේ මල් පිපෙන්නේ සැප්තැම්බර් සිට පෙබරවාරි අතර කාලයේදීයි. ගස්වලගස්වල අතුපතර කහ පැහැයෙන් බබළවන Strobilanthes Calycina විශේෂය හෝට්න් තැන්හි වගේම ඒ අවට ඇති ප්‍රාථමික මෙන්ම ද්විතීක වනාන්තර වලත් දැක ගන්න පුලුවන්.
වසර දොළහකට පසු උදා වූ මේ වසන්ත සැණකෙළිය හෝටන් තැන්නේ හැම සතෙකුටම අමුතු ප්‍රබෝධයක් ගෙන එනවා.බඹරු දෙබරු මී මැස්සෝ ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් හරි හරියට පැණි එකතු කරන. වෙනදා නැති කඩිසර බවකින් යුතුව මහා එළි තැන්නේ මී වද වෙල පැණි පිරෙනවා. කටුස්සු මියයෝ වගේ සත්තු මල්වලට ආව කෘමීන්ව අල්ලගන්න බලන්ඉන්නවා. වලි කුකුලා හබන් කුකුලා නෙළුමල්වල අවසාන ඵලය වූ නෙළු ඇට කෑමට සැදී පැහැදී බලන් ඉන්නවා.මේ විදිහට පරිසරයේ හැම සතෙකුටම ස්වභාදහමේ අලංකාරයා ආශ්වාදය දැනෙන්නට පටන් අරන් තියෙන බව පරිසරයට හොඳින් ඇහුම්කන් දෙන්නෙකුට බලාගන්න පුළුවන්.
ඉතින් මේ ආරාධනාව සොබා දහමට ආදරය කරන ඔයාලට
දෙවියන්ගේ මල් උයනේ සිරි අසිරි විදගන්න ගමන් තුරු ලතා වලින් නොමිලේම තිළිණ කරන නොවිඳුල් වාරුදක පහස විඳින ගමන් ඔයාගේ පා සටහන් විතරක් ඉතිරි කරලා එන්න අමතක කරන්න එපා.

සටහන : දර්ශන ප්‍රභාත් ගුණරත්න.

27/09/2025

එංගලන්තයේ නොර්තම්බර්ලන්ඩ්(Northumberland)හි අගුළු දැමූ ගේට්ටු පිටුපස සැඟවී ඇත්තේ "ඇල්න්වික් විෂ උද්‍යානයයි(Alnwick Poison Garden)" , එය සාමාන්‍ය උද්භිද උද්‍යාන මෙන් නොව, මෙහි වගා කරන සෑම ශාකයක්ම විෂ සහිත, මාරාන්තික හෝ බිහිසුණු බව ඇති කරන බැවින් එය ලෝකයේ භයානකම උද්‍යානය ලෙස සලකයි.

විෂ සහිත ෆොක්ස්ග්ලව් සහ හෙම්ලොක් වල සිට මාරාන්තික නයිට්ෂේඩ් දක්වා, එක් ස්පර්ශයකින් හෝ ශරීරගත වීමෙන් මරණයට පත්විය හැකි විශේෂ වලින් උද්‍යානය පිරී ඇත. අමුත්තන්ට මඟ පෙන්වන චාරිකා සඳහා පමණක් අවසර දෙනු ලබන අතර, දැඩි අනතුරු ඇඟවීම් මඟින් ඇතුළත කිසිවක් සුවඳ, ස්පර්ශ කිරීම හෝ රස බැලීම නොකළ යුතු බව මතක් කර දෙයි.

මුලින් විෂ සහිත ශාකවල අන්තරායන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද මෙම උද්‍යානය දැන් සෑම වසරකම කුතුහලයෙන් පිරි සංචාරකයින් දහස් ගණනක් ආකර්ෂණය කර ගනිමින් අනතුර සුන්දරත්වය තරම්ම ආකර්ෂණීය බව ඔප්පු කරයි.

09/09/2025

ශාක මාංශ භක්ෂකයින් බවට පත් වුනේ කොහොමද.....

මාංශ භක්ෂක ශාක කියන්නෙ 'පෘථිවියේ වඩාත්ම දක්ෂ හරිත දඩයම්කරුවන්' කොටසටයි. ශ්‍රී ලංකාවේ ත් ප්‍රධාන වශයෙන් මාංශ භක්ෂක ශාක විශේෂ 5ක් හමුවෙනවා. ඒ, Drosera ගණයට අයත් මාංශභක්ෂක ශාක වන වටැස්ස (Drosera burmannii), කඳුලැස්ස (Drosera indica) සහ අඩහඳඇස්ස (Drosera peltata) යන ශාක විශේෂත්, මෙරටින් හමුවන Nepenthes ගණයට අයත් එකම මාංශභක්ෂක ශාකය වගේම අපේ රටට ආවේණික විශේෂයක් වන බාඳුරා (Nepenthes distillatoria) සහ Utricularia ගණයට අයත් ආවේණික නිල් මොනරැස්ස (Utricularia moniliformis) ශාකයත් යන ශාක වර්ග පහයි.

උද්භිද විද්‍යාඥයන් කියන විදියට, මුල්ම ප්‍රාග් ඓතිහාසික ශාක රාජධානියේ මාංශභක්ෂක ශාක තිබිලා නෑ. වසර මිලියන 70 කට පමණ පෙර, ඩයිනෝසෝරයන් පෘථිවියේ සැරිසැරූ අවධියේදී, ශාකවල ඇතිවුනු ජානමය විෂමතාවයක් නිසා තමයි සමහර ශාක මස් අනුභව කරන්නන් බවට පත් වෙලා තියෙන්නේ. නමුත් මේ ජාන විෂමතාවය හැම ශාකයකටම බලපාලත් නෑ. නව අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙන විදියට, සමහර ශාක වල පමණක් මේ ජාන විෂමතාවය සිද්ධ වෙලා තියෙන්නේ, මුල් සහ කොළ වැනි කොටස් වල ජාන නැවත සකස් වීම මඟින් ගොදුරු අල්ලා ගැනීමට භාවිතා කළහැකි රහසිගත උපක්‍රමයක් විදියටයි. මේ විදියට සමහර මාංශ භක්ෂක නොවන ශාක, කුසගින්නෙන් පෙළෙන මාංශ භක්ෂකයින් බවට පත්වීමට වසර මිලියන ගණනක් ගත වූ බව පර්යේෂකයෝ පවසනවා.

කොහොම නමුත් මේ "මස් කෑමේ මාරුව" මේ ශාකවලට වාසි ගණනාවක් ලබා දුන්නා. මාංශ භක්ෂක ශාක පෝෂ්‍ය පදාර්ථ බහුල සත්ව ගොදුර අල්ලාගෙන පරිභෝජනය කිරීමට හැඩ ගැසීමෙන්, පෝෂ්‍ය පදාර්ථ නොමැති පසක වුනත් වර්ධනය වීමට ඔවුන්ට හැකියාව ලැබුණා.

මාංශ භක්ෂක ශාක පරිණාමය වූ ආකාරය විමර්ශනය කිරීම සඳහා, ජර්මනියේ Würzburg විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය Jörg Schultzගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර උද්භිද විද්‍යාඥයින් සහ ජීව විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්, නූතන මස් අනුභව කරන ශාක තුනක ජෙනෝම සහ ව්‍යුහ විද්‍යාව සංසන්දනය කළා. ලොව පුරා මාංශ භක්ෂක ශාක විශේෂ සිය ගණනක් තිබුණත්, පර්යේෂකයන් කෘමි භක්ෂක ශාක තුනක් පමණක් මේ පර්‍යේෂණය සඳහා තෝරාගත්තා. ඒ ශාක තුනම Droseraceae පවුලේ සාමාජිකයන් වගේම ශාක තුනම ගොදුර අල්ලා ගැනීමට චලනය භාවිතා කරන අයයි.

එක් ශාකයක් වන්නේ හුරුපුරුදු වීනස් මැසි උගුල් -Venus flytraps (Dionaea muscipula)) වන අතර එය කැරොලිනා ප්‍රාන්තයේ තෙත්බිම් වලට ආවේණික වූ එකක්. අනෙක ජලජ waterwheel plant (Aldrovanda vesiculosa) නම් සෑම මහාද්වීපයකම පාහේ හමුවෙන ශාකයක්. විමර්ශනය කරන ලද තුන්වන ශාකය, ඉතා අලංකාර නමුත් මාරාන්තික වටැස්ස පවුලේ- sundew (Drosera spatulata), ශාකයයි. ඕස්ට්‍රේලියාවේ බහුලව දක්නට ලැබෙන මේ ශාකය වින්දිතයින් පැණි රසයෙන් ආකර්ෂණය කර ගන්නවා.

මේ ශාක විශ්ලේෂණය කිරීමෙන් පසුව පර්‍යේෂක කණ්ඩායම, ශාක මාංශ භක්ෂකත්වය දෙසට ගමන් කළ පියවර තුනක ක්‍රියාවලියක් සොයා ගත්තා. එහිදී ඔවුන්ට හමුවුනේ පළමුව, වසර මිලියන 70 කට පමණ පෙර, මේ නූතන ශාක මාංශ භක්ෂකයින් තිදෙනාගේ මුල් 'මාංශ භක්ෂක නොවන මුතුන් මිත්තෙකුගේ ජාන, එහි සම්පූර්ණ ජෙනෝමයේ දෙවන පිටපතක් එහෙමත් නැත්නම් අනුපිටපතක් ජනනය කර තිබෙනවා. මේ අනුපිටපත මඟින් පත්‍ර සහ මූල ජානවල පිටපත් වලින් එකක් විවිධාංගීකරණය කිරීමට නිදහස් කර ඇති අතර, එයින් පත්‍ර සහ මුල් වලට පැවරී ඇති රාජකාරියෙන් පිට වෙනත් කාර්යයන් ඉටු කිරීමටත් ඒවාට ඉඩ සලසනු ලැබුවා. ඒ අනුව සමහර පත්‍ර ජාන (leaf genes) උගුල් සඳහා ජාන බවට වර්ධනය වූ අතර, පසෙන් පෝෂණය ලබා ගැනීමට මුල්වලට බලපෑ ජාන, මාංශ භක්ෂක පෝෂණය සහ අවශෝෂණ ක්‍රියාවලීන් මෙහෙයවීමට අනුවර්තනය වුනා.

මාංශ භක්ෂකත්වය වෙත යන ඔවුන්ගේ ගමනේ දෙවන පියවර සිදුවුනේ ශාක තම ගොදුරෙන් නව පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට පටන් ගත් පසුවයි. එම අවස්ථාවේදී, මේ ශාක වලට සාම්ප්‍රදායික කොළ සහ මුල් තවදුරටත් අවශ්‍ය වුනේ නෑ. ඒ නිසා මේ ශාක වල මාංශ භක්ෂක පෝෂණයට සම්බන්ධ වුනේ නැති බොහෝ ජාන අතුරුදහන් වීමට පටන් ගත්තා. නිදසුනක් විදියට, ජලජ waterwheel ශාකවල බීජ පැල වල පූර්ව මූල් (proto-roots) හටගත්තත් ශාකය පරිණත වෙද්දී ඒවා තවදුරටත් වර්ධනය වෙන්න අසමත් වෙනවා. ඒ කියන්නෙ පරිණත waterwheel ශාක වලට මූල පද්ධතියක් නෑ. මේ පූර්ව මුල් තමයි වරක් මේ ශාක වලට මූල පද්ධතියක් තිබුණු බවට එකම සාක්ෂිය වෙන්නේ. මේ මූල ජානය සහ තවත් ජාන කිහිපයක් අහිමි වීමේ ප්‍රතිඵලයක් විදියට, මේ අධ්‍යයනයේ නිරීක්ෂණය කරන ලද ශාක තුනම ජාන වලින් දුප්පත්ම (gene-poorest) ශාක බව පර්යේෂකයෝ සඳහන් කරනවා..

2013 දී වෙනත් විද්‍යාඥ කණ්ඩායම් විසින් කරන ලද අධ්‍යයන දෙකකිනුත් අනෙකුත් මාංශ භක්ෂක ශාකවල සමාන ජාන දුර්වලකම් පෙන්නුම් කර තිබෙනවා. ඇන්ටාක්ටිකාව හැර අනෙකුත් සියලුම මහාද්වීපවල වර්ධනය වන ජලජ bladderwort නම් පැළෑටියක් සහ බ්‍රසීලයට ආවේණික corkscrew නම් බිම් ආවරණය කරන ශාකයක් යන දෙකෙහිම මාංශ භක්ෂක නොවන ශාක හා සසඳන විට ඉතා කුඩා ජෙනෝම ඇති බව ඔවුන් සොයා ගෙන තිබෙනවා. මේ මාංශ භක්ෂකයින් ද එම ජාන වැගිරීම් ක්‍රියාවලියටම භාජනය වී ඇති බවයි නව අධ්‍යයනයේ පර්යේෂකයෝ ප්‍රකාශ කරන්නේ.

මාංශ භක්ෂක බවට පරිවර්තනය වීමේ තුන්වන පියවරේදී, ශාක ඔවුන්ගේ පරිසරයට විශේෂිත වූ පරිණාමීය වෙනස්කම් වලට භාජනය වෙනවා. සාමාන්‍ය මුල් සහ කොළ, 'උගුල්-විශේෂිත' ඒවා ලෙස පරිණාමය වූ බව පර්යේෂකයෝ එහිදී සොයා ගත්තා. පසෙන් පෝෂ්‍ය පදාර්ථ සොයා ගැනීමට සහ අවශෝෂණය කර ගැනීමට භාවිතා කළ මුල් සඳහා වූ ජාන දැන් ගොදුරෙන් පෝෂ්‍ය පදාර්ථ ජීර්ණය කිරීමට සහ අවශෝෂණය කර ගැනීමට අවශ්‍ය එන්සයිම නිර්මාණය කිරීමට අණ දෙනවා. පරාගනය කරන කෘමීන් ආකර්ෂණය කර ගැනීම සඳහා මල් පැණි ස්‍රාවය කරන ග්‍රන්ථි සඳහා වරක් භාවිතා කළ ජාන, දැන් උගුල්වලට සතුන් කැඳවනු ලබන අතර, එහිදී ඒවා ගොදුරු ආකර්ෂණය කර ගැනීම සඳහා ද්‍රව්‍ය නිපදවනවා.

මේ නව අධ්‍යයනය සිදු කලේ මාංශභක්ෂක වුනු ශාක එහෙම වෙන්න හේතු වුනු කරුණු මොනවාද කියලා සොයා බලන්නයි. එහිදී හෙළි වූ පියවර තුනක ක්‍රියාවලිය, කාලයත් සමඟ පුරාණ "මාංශ භක්ෂක නොවන ශාක, ග්‍රහලෝකයේ වඩාත්ම දක්ෂ හරිත දඩයම්කරුවන් බවට පරිණාමය වූ ආකාරය" පැහැදිලි සාක්ෂි සහිතවම පෙන්නුම් කරන බවයි පර්යේෂකයෝ අධ්‍යයන වාර්තාවේ සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධ පර්‍යේෂණ වාර්තාව Current Biology සඟරාවේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කොහොම නමුත්, කොළ සහ මුල් සහිත බොහෝ ශාකවල මාංශ භක්ෂක වීමට අවශ්‍ය ජාන ද්‍රව්‍ය අඩංගු වෙනවා කියලයි විද්‍යාඥයන් කියන්නේ. නමුත් ඒ හැම ශාකයක්ම ඉහත සඳහන් කළ පියවර තුනේ ක්‍රියාවලිය හරහා යමින් තවමත් මාංශ භක්ශක වෙලා නෑ. ඒත් ඕන නම් වෙන්න එහෙම වෙන්නත් අවස්ථාව තියෙනවා.

ඒ කියන්නෙ තව අවුරුදු දහස් ගාණක් ගිය තැන පෘථිවියේ මිනී කන සොම්බි ශාක තියෙන්නත් බැරි නෑ .....☢️

Timeline Tales

22/06/2025

ඔබේ නිවසේ අනිවාර්යයෙන්ම මේවායින් එකක් තිබිය යුතුයි. මම අංක 6 ට වඩාත්ම කැමතියි. මෙම ගෘහස්ථ ශාක 6 වාතය පිරිසිදු කළ හැකි අතර අඩු ආලෝකයේදී හොඳින් වර්ධනය විය හැකිය:

1. සර්ප ශාකය (Sansevieria trifasciata) - විශිෂ්ට වායු පවිතකාරකයක් සහ අඩු ආලෝකයට ඉතා ඔරොත්තු දෙන.

2. පීස් ලිලී (Spathiphyllum) - ෆෝමල්ඩිහයිඩ් සහ බෙන්සීන් වැනි විෂ ද්‍රව්‍ය ඉවත් කරයි; අඩු ආලෝකයට හොඳින් ඔරොත්තු දෙයි.

3. මකුළු ශාකය (Chlorophytum comosum) - නඩත්තු කිරීමට පහසු සහ දූෂක පිරිසිදු කිරීමේදී ඵලදායී වේ.

4. Pothos (Epipremnum aureum) - අඩු ආලෝකයේදී හොඳින් වැඩෙන අතර වාතය පිරිසිදු කිරීමේදී ඵලදායී වේ.

5. ZZ ශාකය (Zamioculcas zamiifolia) - සෙවණෙහි නොනැසී පැවතිය හැකි අතර ගෘහස්ථ වායු ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට දිරිගන්වයි.

6. චීන සදාහරිත (Aglaonema) - අඩු ආලෝකයේදී හොඳින් නොනැසී පවතින අතර භයානක වායු දූෂක ඉවත් කරයි.

ruwannishsha

18/06/2025

නියම නම හරියටම දන්නේ නැහැ
අපි කියන්නෙ කහ මල් කියලා .(ඇලමැන්ඩා )

02/05/2025

⭕ ජපානය 🇯🇵 පොදු වාහන නැවැත්වීමේ ස්ථානවල වහලවල් මත පාවෙන උද්‍යාන ස්ථාපනය කිරීම ආරම්භ කර ඇති අතර, එම ප්‍රදේශ හරිත අවකාශයන් බවට පත් කර ඇත. මෙම උද්‍යාන නාගරික පසුබිම අලංකාර කරන අතර ජෛව විවිධත්වයට අත්‍යවශ්‍ය වන මී මැස්සන් සහ අනෙකුත් පරාග වාහකයන් සඳහා තීරණාත්මක වාසස්ථාන සපයයි. 🌱💚🍂

මෙම හරිත මුලපිරීම නගරවල කොන්ක්‍රීට් වල බලපෑම් අවම කිරීමට, වනජීවී රැකවරණයක් ලබා දීමට සහ වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට උත්සාහ කරයි. වාහන නැවැත්වීමේ උද්‍යාන නාගරික තිරසාරභාවය කරා යන පියවරක් නියෝජනය කරන අතර, නාගරික අවකාශයන්හි සොබාදහමේ වැදගත්කම ඉස්මතු කරයි. 💚💫😍
Copied.......

20/04/2025

ඔබ තවමත් මෙහි වටිනාකම නොදන්නේද?එසේනම් කියවන්න, දැනගන්න .....

💚💛 Sansevieria /Snake plant 💚💛

මෑත කාලයේදී වැඩි ඉල්ලුමක් ඇති වූ මෙම ශාකය Sansaveria නැතිනම් Snake plant යනුවෙන් හඳුන්වනවා. ⁣
පැය 24 පුරාම මෙම ශාකය මුදා හරින්නෙ ඔක්සිජන් වායුවයි. ඒ හේතුවෙන් මෙය නිවෙස් තුල රාත්‍රි කාලයේදී පවා තබා ගැනීමට යෝග්‍ය ශාකයකි. එමෙන්ම විෂ වායුව ඉවත් කිරීමේ හැකියාව මෙම ශාකයට ඇති බව NASA ආයතනය මගින් සිදුකල පරීක්ෂණ මගින් ඔප්පු කර අැත.
මට මතකයි ඉස්සර අපි පුංචි කාලේ නිවෙස් වල වටේට වැටක් ආකාරයට මෙම ශාකය සිටුවා තියෙනවා. ඒ දිනවල මෙය ගැන අපි නොදැනුවත් උනත් දැන් හිතෙනවා අපේ වැඩිහිටියො එවකට මේ ගැන දැනුවත්ව හිටියද කියලා. මොකද නවතම සොයාගැනීම් අනුව වර්ග අඩි 1800 ක වපසරියක් ඇති භූමියක, විශාල ප්‍රමානයෙ Sansaveria පැළ 15ක් 20ක් පමණ සිටුවා තිබීම තුලින් ඒ තුල ඇති අපිරිසිදු වාතය පිරිසිදු කිරීමට හැකි බව සොයාගෙන තිබෙනවා.
ජලය වැඩිපුර අවශ්‍යය නැති මෙම ශාකයට සතියකට දෙවරක් හෝ තුන්වරක් ජලය දැමීම සෑහේ. මාධ්‍ය සකස් කිරීමේදී වැලි වැඩි වශයෙන් යොදාගැනීම සුදුසුය. තද අව්ව මෙයට අහිතකරයි. එමගින් පත්‍ර පිච්චීමට ලක්වෙනවා.
වෙළෙදපොළ විශාල ඉල්ලුමක් අැති මෙම Sensaveria ...වර්ග රාශියක් දැනට ලංකාව තුල පවතිනවා. ඒවා වර්ණයෙන් කොළයෙ හැඩයෙන් ප්‍රමානයෙන් එකිනෙකට වෙනස් වෙනවා.
විෂ වායුව ඉවත් කිරීමේ සුවිශේෂී හැකියාව ඇති මෙම Sensaveria ශකය අපි හැම දෙනාගේම නිවෙස් තුල වැඩිපුර සිටුවා ගමු.
ස්තුතියි 🙏

සමහර තොරතුරු අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී...

✒️
මුල් අයිතියට ස්තූතියි .

Photos from Landscaping-sk's post 18/04/2025

- ටෙරාරියම් වලට ආස අයට 🍄🌵😍
බොන්සායි වගේම හිත නිවන කාලාවක් විදියටTerrarium සජීවි කලාව හදුන්වන්න පුලුවන්. ඒ වගේම වානිජමය මට්ටමට වැඩි දියුණු කල හැකි අපූර්ව කලා නිර්මාණයක් ...
මේකෙදි කරන්නෙ විනිවිද පෙනෙන බෝතලයක් ඇතුලේ පැල වවන එක... මේකෙ සිස්ටම් දෙකක් තියෙනවා
01.සීල් කරපු open terrarium
02. සීල් නොකරපු Close terrarium
🌹මෙහීදි බහුලව Terrarium සඳහා යොදා ගන්නේ සීල් කරපු ආකාරයයි....... මොකද නියම ටෙරාරියුම් එකක් විදියට ඒ ක්‍රමය හඳුන්වන්න පුලුවන්... මේක සරළ ඒකලිත පද්ධතියක්... මේකෙ තත්ව හරියටම තියාගන්න පුළුවන්නම් Terrarium එකක් අවුරුදු ගාණක් තියාගන්න පුලුවන්... හරියට බොන්සායි එකක් වගේ... මේක සජීවී දෙයක් නිසා අපේ කාලය ශ්‍රමය කැපවීම කරන්න සිදු වෙනවා .මේ දේවල් සංයමයෙන් කලොත් ඔයාලට සාර්ථක Terrarium එකක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්.
🌺මුලුන්ම වහන්න පුලුවන් විනිවිද පේන බෝතලයක් ගන්න... ඒකෙ අඩියෙම ලේයර් එකට බොරලු දාන්න... මේ ලේයර් එකෙ තමා වතුර රැඳිලා තියෙන්නෙ...
ඊට පස්සෙ වර්ගඵලයට සමාන වෙන විදියෙ නෙට් කෑල්ලක් දාන්න...
(මේක දාන්නෙ බොරලු වලට උඩින් දාන මීඩියා එක බොරලු එක්ක මික්ස් නොවෙන්න..) .👇👇👇
පස්සෙ ඒ නෙට් එකට උඩින් අඟුරු ලේයර් එකක් දාන්න...⁣( මේකෙන් ගස් වලට ඕනි කාබන් ලබාදෙනවා)
ඊට උඩින් පස් හරි කොම්පෝස්ට් හරි දාන්න... මෙතනදි මතුපිට පස් දාගන්න පුලුවන් නම් අපිට අමතර වාසියක් විදියට පොඩි පොඩි සත්තු,ගැඩවිල්ලු වගේ අය නොමිලේම ලැබෙනවා... කොම්පෝස්ට් දැම්මොත් අපිට ඒවා පිටින් වෙනමම අැඩ් කරන්න වෙනවා... මේ සත්තු ⁣⁣ටෙරාරියුම් එකකට ගොඩාක් වැදගත්...මේ දාන මීඩියා එකේ තමා අපි හිටවන පැලවර්ග හිටවන්නේ... මේ වගේ බඳුන් ඇතුලෙ හිටවන⁣කොට ප්‍රරමාණය කුඩා, අඩු පෝශක ප්‍රරමාණයකින් ජීවත් වෙන්න පුලුවන් ශාක වර්ග තමා භාවිතා කරන්නෙ..
🌺ෆර්න් වර්ග⁣(පොඩි බේඳුරු වර්ග, පොඩි කැරන් කොකු වර්ග),
මොස් වර්ග
ඕකීඩ් වර්ග, වගේ තෙතමනයට වැඩි කැමැත්තක් දක්වන පැල ගන්න එක වඩාත්ම සුදුසුයි... මොකද මේක සීල් වෙලා සයිකල් ටික ගානට සෙට්වෙද්දි හැදෙන්නෙ නිවර්තන වැසි වනාන්තරයක ලක්ෂණ...
🌺මේකෙ සිදුවෙන ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුලුවන් ලේසිම ක්‍රමයක් තමා පෘථිවිය බෝතලයක් ඇතුලට දැම්මා වගෙ දෙයක් තමා සිද්ධ වෙන්නේ ඒ කියන්නේ Terrarium එකක් වැඩකරන්නෙ වෙනම ප්ලැනට් එකක් විදියට... ඒකෙදි බදුනේ පතුලෙම තියෙන ජලය ශාක මගින් උරාගෙන පරිභෝජනය කරලා උත්ස්වේදනය මගින් ආපහු වාශ්ප විදියට පිට කරනවා... මේ වාශ්ප ඝණීභවනය වෙලා ආයෙම ජලය හැදෙනවා... මේ විදියට ජල චක්‍රරයක් හැදෙනවා... ශාකවලට අවශ්‍ය කරන ඔක්සිජන් මේ පද්ධතියේ ඉන්න කුඩා සත්තු,බැක්ටීරියාවන් ලබා දෙනවා...පොඩි Terrarium එකකට නම් සත්තු දාන්න අවශ්‍ය වෙන්නේ වෙන්නේ නෑ මොකද බැක්ටීරියා වර්ග ඉන්න නිසා ශාකකොටස් දිරායෑම, ඔක්සිජන් වගේ දෙවල් ඉබේම සිද්ධ වෙනවා .. ඒත් ප්‍රරමාණයෙන් ලොකු වෙද්දි බැක්ටීරියා විතරක් මදි වෙනවා... ඒක නිසයි ගැඩවිල්ලු වගේ පාංශු ජීවීන් මේකට දාන්නෙ.. එයාලා කාබන්ඩයොක්සයිඩ් නිපදවීම,දිරායන ශාක කොටස් ආහාරයට ගැනීම, පස සාරවත් කිරීම ව⁣ගේ දේවල් සිද්ධ වෙනවා ... මෙයාලට ඕනිකරන ඔක්සිජන් ගස්වලින් සපයනවා .....ඉතින් ඔය විදියට මේකෙ ඇතුලෙ චක්‍රයන් ගනණනාවක් අපි නොදැනුවත්වම සිද්ධ වෙමින් පවතිනවා.. මේක ඒකලිත පද්ධතියක්... ටෙරාරියුම් එකක් බලාගැනීමේදී කරුණු කීපයක් තියෙනවා... එකක් ලයිට් එක.. මද ආලෝකයක් දෙන්න පුලුවන්නම් මේ සඳහා ගොඩක් හොඳයි... ඒකට ඇක්වාස්කේප් වලට පාවිච්චි කරන ලයිට් වර්ග හොඳයි... අනික වතුර... අපි කොච්චර සීල් කරත් ඒ දේ හරියටම වෙන්නෙ නෑ... ඒක නිසා මේක ඩ්‍රයි (Dry) වෙන්න වෙන්න අඩුවෙන වතුර පිටින් එකතු කරන්න ඕනි... තව දෙයක්... මේවාට දීලීර බෝවෙන්න පුලුවන්... එ් සඳහා දිලීර නාශකයක් භාවිතා කල හැකියි නමුත් යම් අවස්ථා වලදී එ්වා ශාකයට විෂ වීමක් සිදු විය හැකියි එහෙම උනොත් පද්ධතියම විනාස වෙන්න පුලුවන්... ඒක නිසා අඩුම වශයෙන් සති දෙකකට සැරයක්වත් ටෙරාරියුම් එක ඕපන් කරලා ඇතුලෙ වාතය අලුත් කරන්න...තව පුලුවන් ටෙරාරියුම් එකක් හදලා ඒක සීල් නොකර ටික දවසක් තියන්න.. එතකොට පැල වලට නිදහසේ මුල් අල්ලන්න පුලුවන්... මේවා නිවසක් තුල තැබීමෙන් මනස පිරිසිදු කරන්න පුළුවන් ඉතා සුන්දර කලාවක් .... terrarium කලාව ඔයාටත් පුළුවන් උත්සහ කරලා බලන්න ..... එය ඔබට නව අත්දැකීමක් වේවී.....💚🌻
උපුටා ගන්නා ලදී..๬

Photos from Landscaping-sk's post 08/04/2025

කැලේ ගහක් නෙවෙයි යාළු කැලේ නසන්නේ

ජපානයේ, ඉදිකිරීම් කටයුතුවලට බාධා වන විට ඇතැම් අවස්ථා වලදී ගස් කපා දමනවා වෙනුවට ඒවා ප්‍රවේශමෙන් වෙනත් ස්ථානයකට ගෙන යනු ලැබේ. සොබාදහම විනාශ කරනවා වෙනුවට, විශේෂඥයින් ගසේ මුල් බැඳ එය දිගටම වර්ධනය විය හැකි නව ස්ථානයකට ගෙන යයි. 🇯🇵❤️🇯🇵

Ishara R

08/03/2025

සර්ප ශාකය (Snake plant).
ලංකාවේ ඉබේ පැලවෙන සෑම ගෙදරකම සාදා ගත හැකි පැලයක්.

***************************
නම ඇහුවමත් බය හිතෙන ශාකයක් වුණාට, මේ පැළෑටිය ඔබට කොයිතරම් වටිනවද කියල සමහර විට ඔබ දන්නෙ නැතුව ඇති.

හිරු එළිය තිබෙන විට ශාක, අපට අනවශ්‍ය කාබන්ඩයොක්සයිඩ් (CO2) ප්‍රයෝජනයට ගනිමින් ශාක පත්‍රවල තමන්ගේ ආහාර නිෂ්පාදනය (ප්‍රභාසංස්ලේෂණය) කරගන්නා අතර පරිසරයට ඔක්සිජන් මුදාහරිනවා.මේ අනුව ගහකොළ හා අප අතර සිදුවන්නේ අපූරු ගනුදෙනුවක්. රාත්‍රී කාලයේදී මේ ක්‍රියාවලිය සිදුනොවන අතර අප මෙන්ම ශාකත් හුස්ම ගන්නවා. එසේ සිදුවන ස්වසනයේදී අප සේම ශාකත් ඔක්සිජන් ලබාගන්නා අතර කාබන්ඩයොක්සයිඩ් පිටකරනවා. මේ වායුව(CO2) මිනිස් සිරුරට අහිතකරයි. මෙන්න මේ නිසයි රාත්‍රී කාලයේ නිදන කාමර තුළ පැළෑටි තියාගන්න එපා කියන්නෙ.

ඒත් මේ සර්ප ශාකය(Snake plant) (විද්‍යාත්මක නාමය : Syngonium) සම්බන්ධයෙන් අප එසේ බියවියයුතු නෑ. ඊට හේතුව තමයි පැය 24 පුරාම මේ සර්ප ශාකයෙන් ඔක්සිජන් පරිසරයට මුදාහැරීම. ඒ විතරක් නෙවෙයි වාතයේ තිබෙන අපට අහිතකර ෆෝමැල්ඩිහයිඩ් මෙන්ම කාබන්ඩයොක්සයිඩ් වායුව මේ පැළෑටියට උරාගෙන නිවස තුළ ඇති වාතය පිරිසිදු කරනවා.
ඒ අනුව Snake plant දිවා රෑ දෙකේදීම අප අසලින් තබාගත යුතු මිතුරෙකු වෙනවා.

ස්තූතියි මුල් හිමිකරුට

28/10/2024
Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Gampaha