15/08/2026
මේ පාර Physics පේපර් එක සාපේක්ෂව අමාරුයි. විශේෂයෙන් ප්‍රශ්න කියවන්න ගොඩක් වෙලා යනවා. ඒනිසා AVERAGE ලමයෙක්ට TIME මදි. බහුතරේකට ඒනිසා PASS MARKS අනිවා අඩුවෙනවා. S,C,B,A මට්ටම් වල ලකුණු මට්ටම් අඩුවෙනවා ඒක වෙනම කතාවක්..
හැබැයි කටුක සත්‍ය බලමු. ඕනෙම A/L විභාගයක වැදගත්ම දේ වෙන්නේ PAST PAPERS .ඒක කැම්පස් ගිය ඕනේ කෙනෙක් දන්නවා. ඒනිසා තමයි අපි මුල ඉදන්ම ඔක්කොම පාස්ට් පේපර් පන්තියේ කරවන්නේ. පන්තියේ MODEL PAPER එකටත් වඩා අපි පන්තිය තුලදි PAST PAPER එක වැදගත් කරලා සලකනවා.
"මේපාරනම් පාස්ට් පේපර් ගැවිලාවත් නෑ ", "සම්පූර්ණෙන්ම වෙනස් පේපර් එකක් " වගේ ගොන් කතා කීපයක් ඇහුනා නේද අපිට.
ඒ පාස්ට් පේපර් හරියට කරල නොගිය අය.. පාස්ට් පේපර් පාඩම් කරන් ගිය අය. ඒ ගානම ආයේ දෙන්නනම් වියදම් කරන් විභාගේ තියන්නඕනේ නෑනේ.ඉතින් සමහර ගනන් එහෙම්මම සහ සමහර Past Paper ගණන් ඉතාම සුලුවශයෙන් වෙනස් කරලා. ඒක මූලික වුන Theory එක Base කරගෙන හදපු 2026 Al Paper එකට ආව ප්‍රශ්න 25ක් මෙතන තියෙනවා.(මූලිකම සෘජු සිද්ධාන්ත ප්‍රශ්න 5/8/19/2 පවා)
අපි අවුරුදු දෙකක Theory Class එකක් වුනත් මාස 8ක Revision Class එකක් වුනත් නොවරදවා කරන දෙයක් තියෙනවා.
ඒ තමයි එක එක කොටසින් කොටසට අදාල PAST PAPERS ටික පන්තියේ කතාකරන එක . එහෙම කතාකරලා නිකම් ඉන්න එක නෙමේ. ඒවා සවිස්තරාත්මකව විවරණ සහිතව THEORY මතක් වෙන විදිහට ඒ හොදට විවරණය කරන විවරණ පොත් පන්තියේ කරවන එක.. ඒ විවරණ පොත් වල පිටිපස්සේ ගහල තියෙනවා මේක 6පාරක් හොදට අවබෝධෙන් කරන්න කියලා විවරණ කියවන ගමන්.( 6 පාරක් කරලා වරදින දේවල් සටහන් කරන්න වගු දීලා තියෙනවා)
6 පාරක් ඕනේ නෑ කියමුකො. THEORY පන්තියේ හරියට වැඩකරන ලමයි නම් PAST PAPER විවරණ පොත් ටික වාර 3කට වඩා අනිවා කරලා තියෙනවා. අපේ පන්තියේ ( හරියට වැඩකරන) REVISION ලමයිනම් වාර 2ක් වත් කරලා තියෙනවා..මොකද අපි පන්තියේ කොටසින් කොටස උගන්නන ගමන් ඒවා කරනවා.
ඉතින් එයාලට මේ ප්‍රශ්න 25 අලුතින් හිතන්න දෙයක් නෑ. මොකද මේවා පන්තියේ සාකච්ජා කරලා විවරණ පොත් වලින් නැවත කියවලා දෙතුන් පාර තේරුම් අරන් ඉන්න නිසා..ඉතුරු 25ට අදාල දැනුම තියෙන නිසා ඉතුරුවෙන වෙලාවේ ඒ 25 කරලා දාන්න පුලුවන්.
එක ලමයෙක්ට විවරණ පොත් 40ක කට්ටලයක් අපි දෙනවා රුපියල් 16,000ක වගේ වියදමක් දරලා එක ලමයෙක් වෙනුවෙන්.
ඒ වියදම් අපතේ ගිහිල්ලා නෑ ♥️.
දැන් සමහර ලමයි ඉන්නවා අන්තිමට විභාගෙට මාසයක් දෙකක් වෙනකම් කිසිම දෙයක් කරන්නේ නෑ. කිසිම විනයක් නෑ.. කැපකිරීමක් නෑ. NOTES COMPLETE නෑ. PRACTICALS බලලා නෑ.ඔහේ ඉන්නවා. කාලේ කනවා. හරියට අඛණ්ඩව පන්තියකට යන්නේ නෑ.. පේපරයක් ලියලා ලකුණු බලන්නේ නෑ. අන්තිම සතියේ බැහැලා MCQ 45ක් ගහන්න පට්ට ෆැන්ටසි ලෝකෙක හිතන් ඉන්නවා..
ලංකාවේ අමාරුම Stream එක වෙන Science stream එකේ කිසිම විධිමත් වැඩපිලිවෙලක් Follow කරන්නැතුව, කාලයක් ක්‍රමානුකූලව පිලිවෙලකට වැඩක් කරන්නැතුව. එහෙන් මේ මෙහෙන් එක එක සර්ලගේ Live දෙක තුනකට Join වෙලා. අන්තිමට Night දෙකතුනක් ගහලා පට්ට දිග වීඩියෝ දෙක තුනක් 2X දාලා එහෙන් මෙහෙන් Recording ටිකක් බලලා , සෙමිනා එකක් දෙකක් බලලා ඒකෙන් MCQ 45ක් විතර ගහන්න හිතන් ඉන්නවම් ඒ හීන විතරයි...එහෙම පුලුවන්නම් අනිත් උන් අවුරුදු දෙකක්- අඩුමගානේ රිවිශන් අවුරුද්දක් නහින්නඕනේ නෑනේ..
ජයග්‍රහණයට Shortcut නෑ. අඛණ්ඩව හරි වැඩපිලිවෙලකට වැඩ කල යුතුමයි.
අපි එක REVISION අවුරුද්දක පට්ට වැඩ ගොඩක් කරනවා. කිසිම කෙනෙක් නොකරන EXTRA HOMEWORK DISCUSSION පවා කරනවා..පාසල් වල TERM TEST PAPERS ඇතුලත් FLW ,, UNIT TEST අරව මේවා ගොඩයි. ලමයෙක් පන්තියක කතා කරනව දැක්කත් ඒ ලමයට බනිනවා.ONLINE උන් ක්ලාස් එක වෙලේ චැට් කරනවනම් බනිනවා. HOMEWORK නොකලනම් CHATER කරනවා. PAPER MISS කරන උන්ට බනිනවා SPECIAL MEETING ගන්නවා.ඒ ඔය වැඩේ අනාගන්න යන උන්ව හරි පාරට ගන්න.. අන්තිම ටිකේ LIVE ම බලන්න කියලා අනන්ත කියනවා
""ඒ සත්‍ය බොහෝම කටුකයි. ඒ කටුක සත්‍ය දරාගන්නම වෙනවා."" හිත රිදෙනවා උනත් ඒ තමයි මහපොලොවේ ඇත්ත.
එහෙම නැත්තම් ඒ සත්‍ය තේරුම් ගන්නකම් ඔහේ වැනි වැනි කර FAIL වෙවී කාලේ කකා SHY ගානක් ගෙවන්න වෙනවා.
සර්ලා දෙන ගනන් එන්න පුලුවන් නොඑන්න පුලුවන්. ආවම අපි දීපුවා ආවා කියල Marketing කරනවා( අපිත් කරනවා) අනිත් අයත් කරනවා.
හැබැයි අපි විෂය නිර්දේශයේ මුල සිට අගට හරියට උගන්නලා ඔක්කොම පාස්ට් පේපර්ස් කරන නිසා එන ඒවා දෙන්න දෙයක් නැ..GUESSING දෙන්න දෙයක් නෑ. THEORY අවුරුදු දෙක තුල සියල්ල හරියට උගන්නලා , REVISION මාස 8 තුල සියල්ල උගන්නලා ඉවරයි. ආයේ Short cut ඕනේ නැත. නමුත් SEMINAR එකක් කරන්නේ GUESSING ටිකක් කරන්නේ කලින් වැඩ කරපු නැති එකක් ෆේල් නොවී බේරගන්න. F එකක් එන ලමයෙක් S එකකට, S එකක් C එකකට , C එකක් ගන්න ඉන්න ලමයෙක්ට B එකකට වගේ .සමහර විට SEMINAR එකෙන් MCQ 10ක් -12ක්ම අලුතින් වදින්නත් පුලුවන් . ඒකෙන් ඒ ලමයගේ ජීවිතේම වෙනස් වෙනවා. ඒවා කරන්නේත් සල්ලි අරන් නෙමේ සම්පූර්ණ නොමිලේ. එක අකුරකින් හරි ගොඩදාන්න
අපි එන ඒවා දෙන්නේ නෑ. අපි දෙන ඒවයෙන් තමා එන්නේ . ♥️. අපේ වැඩ ගැන දන්නේ පිලිවෙලකට පන්ති ආපු අපේ ලමයි මිසක් එහෙන් මෙහෙන් හොම්බ දාපු අය නෙමේ
ඉතුරු Structured / Essay පේපර් ලියද්දිත් අරව මේවා බලන් යන්න ඕනේ නෑ. හරියට තිතට පාස්ට් පේපර්ස් පොයින්ට්ස් බලන් යන්න. හරියට Past Papers මාකින් වල ලකුණු දෙන Points බලන්න..හැබැයි ඉතින් උඩින් පල්ලෙන් බලලා කටපාඩම් කරගෙන ඔලුවේ අලවගෙන ගණන් කටපාඩම් කරගෙන ගියොත් කියන්න වෙන්නේ අනේ කවදාවත් නැති විදිහේ පේපර් එකක් කියලා තමා..
ඒනිසා වීඩියෝ බල බල ඉන්න වෙලේ අවබෝධයෙන් Marking එක්ක Past Papers බලන්න..MCQ එක බහුතරයකට අවුල් නම් ඔයාට ඒකෙන් විශේෂ පාඩුවක් නෑ. දැන්වත් හරියට මේ දවස් දෙකේ වීඩියෝ බල බල ඉන්නැතුව PAST PAPERS හැකු තරම් ප්‍රමාණයක් කට පාඩම් නොකර කරන්න්. ඒකෙන් ලොකු ගේමක් ගහන්න පුලුවන්.
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS