13/04/2026
උට්ඨානවතො සතිමතො - සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො - අප්පමත්තස්ස යසො’භිවඩ්ඪති.
"උට්ඨාන වීර්යයයෙන් නැඟීසිටින, එළඹ සිටි සිහි ඇති, නිර්දෝෂ වූ කායකර්මාදිය ඇති පරීක්ෂා කරණ සුලුවූ හෙවත් සංවර වූ ධාර්මික ජීවිකාවෙන් ජීවත්වන්නා වූ, නොපමා පුරුෂයාගේ යසස විශේෂයෙන් වැඩෙයි"
- අප්පමාද වග්ගය, ධම්මපදය -
🎓 පිරිවෙන O/L විභාගයේ විශිෂ්ටතමයින් 🎓
අප පිරිවෙනේ ආයතනයේ ශිෂ්‍ය පුතණුවරුන් 2025 පිරිවෙන් අවසාන (O/L) විභාගය විශිෂ්ට ප්‍රතිඵල සහ උසස් සාමාර්ථයන් සමඟින් සමත් වූ බව සතුටින් දැනුම් දෙමු.
මෙම විශිෂ්ට ජයග්‍රහණය ඔවුන්ගේ කැපවීම, විනය සහ අධ්‍යාපනයට ඇති උනන්දුව පිළිබිඹු කරයි. එය ධර්ම/විනය හා විධිමත් වූ මූලික අධ්‍යාපන මාර්ගය යටතේ ලබාගත් සාර්ථක ප්‍රතිඵලයකි.
සියලුම සාර්ථක වූ ශිෂ්‍යයන්ට අපගේ උණුසුම් සුභ පැතුම් පිරිනමමින්, ඔවුන්ගේ අධ්‍යාපනික මාර්ගය මෙහෙයවූ ගරු කෘත්‍යාධිකාරී ස්වාමින්වහන්සේ, පරිවේණාධිපති ස්වාමින්වහන්සේ, නියෝජ්‍ය පරිවේණාධිපති ස්වාමින්වහන්සේලා ප්‍රධාන ආචාර්ය මණ්ඩලයට ද අපගේ කෘතඥතාව පිරිනමමු.
ශිෂ්‍ය පොඩි ස්වාමින්වහන්ස, ඔබ වහන්සේලාට මෙම පියවර අනාගතය ප්‍රඥාවෙන්, සාර්ථකත්වයෙන් සහ උතුම් ජයග්‍රහණයන්ගෙන් සමෘද්ධිමත් වීමට සාධක වේවායි පතමු.
🎓 Outstanding Achievement in Pirivena O/L Examination 🎓
We are delighted to announce that the students of our esteemed Pirivena have successfully passed the Pirivena O/L Examination - 2025 with excellent results and commendable performance.
This remarkable achievement reflects their dedication, discipline, and commitment to learning, guided by the noble principles of education and Dhamma.
We extend our heartfelt congratulations to all the successful students and express our sincere gratitude to the venerable teachers for their unwavering guidance and support.
May their future be filled with wisdom, success, and noble accomplishments.
📌 Results Sheets & Student Achievements Attached