Bandaranayake College Buddhist Association. [BCBA]

Bandaranayake College Buddhist Association. [BCBA] Official Page of Bandaranayake College Buddhist Association

සිනහව පිරුණු මුවින් ලෝකයම එළිය කරන, පුංචි මල් කැකුළු නුඹලාමයි හෙට දිනේ සුන්දරම හෙට දවස!සුබ ළමා දිනයක් වේවා!බෞද්ධ සංගමය,බ...
30/09/2026

සිනහව පිරුණු මුවින් ලෝකයම එළිය කරන, පුංචි මල් කැකුළු නුඹලාමයි හෙට දිනේ සුන්දරම හෙට දවස!

සුබ ළමා දිනයක් වේවා!

බෞද්ධ සංගමය,
බණ්ඩාරනායක විද්‍යාලය,
ගම්පහ.


මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ මෙහෙණි සස්න ඇරඹුණු, මාතෘ ගුණයෙන් මුළු ලොවම සැනසුණු උතුම් බිනර පොහෝ දිනයේ සිත් සතන් දහම් සිස...
26/09/2026

මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ මෙහෙණි සස්න ඇරඹුණු, මාතෘ ගුණයෙන් මුළු ලොවම සැනසුණු උතුම් බිනර පොහෝ දිනයේ සිත් සතන් දහම් සිසිලෙන් නිවී සැනසේවා!

පින්බර බිනර පොහෝ දිනයක් වේවා !

බෞද්ධ සංගමය,
බණ්ඩාරනායක විද්‍යාලය,
ගම්පහ.

සියනෑ අඹරේ නොකෙලෙසෙන නැණ පහන වී, දශක එකොළහකට ආසන්න කාලයක් පුරා පරම්පරා ගණනාවකට මඟ පෙන්වූ අපගේ අභිමානවත් මාතෘ භූමිය... දැ...
17/09/2026

සියනෑ අඹරේ නොකෙලෙසෙන නැණ පහන වී, දශක එකොළහකට ආසන්න කාලයක් පුරා පරම්පරා ගණනාවකට මඟ පෙන්වූ අපගේ අභිමානවත් මාතෘ භූමිය...
දැයට නුවණ මෙන්ම සුචරිතවත් ගුණධර්ම දායාද කරමින්, විනයගරුක හා බුද්ධිමත් දරුවන් දහස් ගණනක් බිහිකළ අපගේ අභිමානවත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට අද දිනට වසර 108ක් සපිරේ!
දහමේ ආලෝකයෙන් සිසු හදවත් ඒකාලෝක කරමින්, සෙනෙහසේ සහ කරුණාවේ මඟ පෙන්වන බෞද්ධ සංගමය ලෙස, අපේ මාතාවගේ මේ ඓතිහාසික 108 වන ජන්ම දිනය අපි ඉතා භක්තිමත් සිතින් සමරන්නෙමු.

ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් ඉදිරියටත් දහම් ගුණයෙන් හා විශිෂ්ටත්වයෙන් බැබළෙමින්, බණ්ඩාරනායක මාතාව තව තවත් චිරාත් කාලයක් ලක් අඹරේ වැජඹේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!

බෞද්ධ සංගමය,
බණ්ඩාරනායක විද්‍යාලය,
ගම්පහ.

"නිකිණි සඳ රැස් ගලා හැලෙනා රෑ පුරාදහම් සිසිලෙන් සිත් සතන් නිවී යන්නාදළදා සමිඳු ගුණ සිත තුළ රැඳී තියෙන්නාසැමට පින්බර පෝ ද...
27/08/2026

"නිකිණි සඳ රැස් ගලා හැලෙනා රෑ පුරා
දහම් සිසිලෙන් සිත් සතන් නිවී යන්නා
දළදා සමිඳු ගුණ සිත තුළ රැඳී තියෙන්නා
සැමට පින්බර පෝ දිනයක් වේවා !"

දළදා සමිඳු පිහිටෙන් සැමටම පින්බර නිකිණි පෝ දිනයක් වේවා!

බෞද්ධ සංගමය,
බණ්ඩාරනායක විද්‍යාලය,
ගම්පහ.


ශ්‍රද්ධා ගුණ සුද්ධෝදන නරපති කුල මහිමම්බුද්ධාගම මහමායා දේවීධර ප්‍රසුතම්විද්‍යාධර සකලාගම නිපුණා බහු පඨිනම්ශ්‍රී ගෞතම දාඨාම...
20/08/2026

ශ්‍රද්ධා ගුණ සුද්ධෝදන නරපති කුල මහිමම්
බුද්ධාගම මහමායා දේවීධර ප්‍රසුතම්
විද්‍යාධර සකලාගම නිපුණා බහු පඨිනම්
ශ්‍රී ගෞතම දාඨාමුනි ප්‍රණාමිත සරණම්

කන්ද උඩරට මුදුන් මල්කඩ බදු ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය පිළිබඳ තතු මෙසේ දිග හැරෙන වගයි.....

මහා පරිණිබ්බාණ සූත්‍රයට අනුව එකල ඉන්දියාවේ කාලිංග රාජ්‍යයේ අඛණ්ඩ ගැටුම් ඇතිවීම හේතුවෙන් මහා පරිනිර්වානයෙන් පසු ශේෂ වූ දන්ත ධාතූන් වහන්සේලා සිව් නම අතරින් බුදුරජාණන් වහන්සේගේ වාම රදනක ධාතූන් වහන්සේ කාලිංග දේශයේ ගුහසීව රජුගේ දියණිය වූ හේමමාල කුමරිය සහ බෑනා වූ දන්ත කුමරුන් කිත්සිරිමෙවන් රජ දවස මෙරටට වැඩම කරවනු ලැබීය.

එතැන් පටන් මෙම දළඳා වහන්සේ උදෙසා දිනපතා,සතිපතා,වාර්ෂිකව පවත්වනු ලබන පුද පූජාවන් අතරින් දළඳා පෙරහැර මංගල්‍යය සුවිශේෂී ස්ථානයක් ගනී. මෙම දළඳා පෙරහැර ක්‍රි.ව.18 වන සියවස මැද භාගයේ පමණ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ සිට පැවත එන්නකි. එකල ඊට ඇතුළත් වූයේ නාථ,විෂ්ණු,කතරගම සහ පත්තිනි යන දේවාල වල පෙරහැර පමණි. පසුව වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජු එකී සතර මහා දේවාල පෙරහැරට ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැරක් ද ඊට එක් කර ඇථි අතර එමගින් ඇසළ පෙරහැරට බෞද්ධ මුහුණුවරක් ලැබී ඇත.

මෙලෙස දිගහැරෙන දළඳා පෙරහැර මංගල්‍යයේ අතීතාවර්ජනයත් සමඟ පෙරහැර පිළිබඳ සවිස්තරාත්මක ව්ස්තරයක් ඊලග ලිපිගොනුවෙන් බලාපොරොත්තුවන්න...

දළඳා සමිදු පිහිටයි..!

බෞද්ධ සංගමය,
බණ්ඩාරනායක විද්‍යාලය,
ගම්පහ.




"ඇසළ මල් පිපෙන සුළඟක සුවඳ පවා,දහම් සුවඳ වී සිත වෙත ගලනු මැනා...සිත් තුළ තිබෙන නොපනත්කම් දුරැර දමා,මෙත් සිතින් පිරුණු පොහ...
28/07/2026

"ඇසළ මල් පිපෙන සුළඟක සුවඳ පවා,
දහම් සුවඳ වී සිත වෙත ගලනු මැනා...
සිත් තුළ තිබෙන නොපනත්කම් දුරැර දමා,
මෙත් සිතින් පිරුණු පොහොය දිනයක් වේවා!"🌼🌼🌼

බෞද්ධ සංගමය,
බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ.


#2026/2027

අවිද්‍යාවේ අඳුර දුරු කර ප්‍රඥාවේ ආලෝකය උදා කළ ඒ උතුම් පොසොන් පෝය දිනයේ සිත් සතන් දහමින් සනසා ගනිමු.පින්බර පොසොන් මංගල්‍ය...
28/06/2026

අවිද්‍යාවේ අඳුර දුරු කර ප්‍රඥාවේ ආලෝකය උදා කළ ඒ උතුම් පොසොන් පෝය දිනයේ සිත් සතන් දහමින් සනසා ගනිමු.
පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🌼🌼

බෞද්ධ සංගමය,
බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ.


#2026/2027

“දහම් එළියෙන් සිත් පහන් වේවා,මෛත්‍රී සුවඳින් ලොව සැනසේවා.”🌼🌼සඳ රැස් පහන් වූ වෙසක් රාත්‍රියේ, බුදු දහමේ ශ්‍රී සද්ධර්ම ආලෝ...
30/05/2026

“දහම් එළියෙන් සිත් පහන් වේවා,
මෛත්‍රී සුවඳින් ලොව සැනසේවා.”🌼🌼

සඳ රැස් පහන් වූ වෙසක් රාත්‍රියේ, බුදු දහමේ ශ්‍රී සද්ධර්ම ආලෝකයෙන් සිත් සතන් නිවී සැනසෙමින්, මෛත්‍රීය, කරුණාව, දයාව සහ යහපත් සිතිවිලි ලොව පුරා පැතිරේවා. සිතට සෙත, දිවියට නිවීම, සමාජයට යහපත් බව උරුම කරදෙන උතුම් බුදු දහම සිහිකරමින්, පින්බර වෙසක් මංගල්‍යයක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමු.

බෞද්ධ සංගමය,
බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ.


#2026/2027

අඳුරෙන් ආලෝකයට යන දහම් මඟ සනාථ කරමින්, සමාධි හා ප්‍රඥා ගුණයෙන් දිවිය දිප්තිමත් වන, සැනසුම සිරිපිරිපින්බර පුන් පොහෝ දිනයක...
01/05/2026

අඳුරෙන් ආලෝකයට යන දහම් මඟ සනාථ කරමින්, සමාධි හා ප්‍රඥා ගුණයෙන් දිවිය දිප්තිමත් වන, සැනසුම සිරිපිරි
පින්බර පුන් පොහෝ දිනයක් වේවා…!

බෞද්ධ සංගමය,
බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ.


#2026/2027

සියලු සත්ත්වයන්ට සැනසිල්ල හා සතුට උදාවෙන, ධර්මයෙන් දිවි ආලෝකවත් වන, සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් ඔබ සැමට උදාවේවා!...
14/04/2026

සියලු සත්ත්වයන්ට සැනසිල්ල හා සතුට උදාවෙන, ධර්මයෙන් දිවි ආලෝකවත් වන, සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් ඔබ සැමට උදාවේවා!

බෞද්ධ සංගමය,
බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ.

❤️💙
#2026/2027

Address

Yakkala Road
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Bandaranayake College Buddhist Association. [BCBA] posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bandaranayake College Buddhist Association. [BCBA]:

Shortcuts

Share

Category