ARTS Society Bandaranayake College Gampaha

ARTS Society Bandaranayake College Gampaha සියනෑවේ භාවපූර්ණ කලාකරුවන්ගේ නිජබිම 💙❤

ග්‍රන්ථ පරිශීලනය තුළින් පුබුදුවන අදහස් තුළින් නව ලොවක් තනන්නට අද උරදෙන වස් අප වැනිම තවත් පිරිසක් වෙනුවෙන් ඔබේ නොමසුරු දා...
11/02/2024

ග්‍රන්ථ පරිශීලනය තුළින් පුබුදුවන අදහස් තුළින් නව ලොවක් තනන්නට අද උරදෙන වස් අප වැනිම තවත් පිරිසක් වෙනුවෙන් ඔබේ නොමසුරු දායකත්වය ඔස්සේ ඔවුන්ගේ ලෝකයක් පුළුල් කිරීමට අපහා එක්වන්න!

Join us to expand their world through your generous contribution for another group of people like us who today are shouldering the burden of building a new world through the ideas that emerge through the reading of books!



ුරුඅතරින්සිනාවන්
🇱🇦

අප පොතපතින් දුටු  ලෝකය තවත් පිරිසකට ළංකරන්න ,මුහුණකට සිනාවක් ගෙනෙන්න අපි සැවොම එනවා අනිවාර්යයෙන්ම  ළඟදිම....We will defi...
30/01/2024

අප පොතපතින් දුටු ලෝකය තවත් පිරිසකට ළංකරන්න ,මුහුණකට සිනාවක් ගෙනෙන්න අපි සැවොම එනවා අනිවාර්යයෙන්ම ළඟදිම....

We will definitely come soon to bring the world that we saw in the book closer to another group of people and to bring a smile to their faces.

A community service project by the Interact Club & the Arts Society of Bandaranayake College , Gampaha .



ුරුඅතරින්සිනාවන්
🇱🇦

සුබ නව වසරකට ආසිරි ! සාර්ථකත්වයේ මංපෙත් ඔස්සේ උඩුගම්බලා අතිසාර්ථකව ගමන් කිරීමට, එළැඹි 2024 වසර තුළ හැකි වේවායී අභිමානවත්...
01/01/2024

සුබ නව වසරකට ආසිරි !

සාර්ථකත්වයේ මංපෙත් ඔස්සේ උඩුගම්බලා අතිසාර්ථකව ගමන් කිරීමට, එළැඹි 2024 වසර තුළ හැකි වේවායී අභිමානවත් බණ්ඩාරනායක කලාකාමී පුත්‍ර පර්ෂදයේ සුබපැතුම් මෙසේ එක් කරමු .


වගකීම් දරන්න කියාදුන් තැන ,වගකීම් රකින්න කියාදුන් තැන ,නිහතමානීකම කියාදුන් තැන ,එකමුතුකම කියාදුන් තැන ,සහෝදරකම කියාදුන් ...
12/12/2023

වගකීම් දරන්න කියාදුන් තැන ,
වගකීම් රකින්න කියාදුන් තැන ,
නිහතමානීකම කියාදුන් තැන ,
එකමුතුකම කියාදුන් තැන ,
සහෝදරකම කියාදුන් තැන. 💙❤

එදා ඒ කියාදුන් ,

වගකීම් , නිහතමානීකම් , එකමුතුකම් , සහෝදරකම්
අදටත් එලෙසින්ම රකින
කණ්ඩායමක් . 💙❤

දෙවසරකට ආසන්න කාලයක් පුරා නිහඬියාව රජ කළ බණ්ඩාරනායකවරුන්ගේ කලා සම්ප්‍රදායට , නව ප්‍රාණයක් නව ජීවයක් එක් කළ ,

2023 කලා සංගමයට අදට වසරක් !

|||||| හිටපු විදුහල්පති යූ.ඩී. ඉරාන් චම්පික ගුරුපියාණන් ප්‍රධාන නියෝජ්‍ය විදුහල්පති ගුරුමෑණිවරුන් පියවරුන් ,

|||||| අංශ ප්‍රධාන රූපසිංහ රත්නායක ගුරුපියාණන් ,

|||||| සංගම් භාරව කටයුතු කළ කල්හාරි මල්ලවාරච්චි ගුරුමෑණියන් , සංජය රංගලාල් නිශ්ශංක ගුරුපියාණන් , පබසරා ප්‍රනාන්දු ගුරුමෑණියන්

ඇතුළු අපට ශක්තියක් වුණු සියලු පිරිස මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමි .

✒️ එන්.එච්.ඒ. කවිදු දුල්ෂාන්
හිටපු සභාපති ,
කලා සංගමය ,
බණ්ඩාරනායක විද්‍යාලය ,
ගම්පහ.

19/08/2023

We gather in mourning for the loss of dear Nayaken brother Ravishka Wijesinghe whose memories will never be forgotten.
May you attain great Nibbana

🤍🤍🤍

ඉතින් 24 ට බාරයි ! 🇱🇦🎭🎊️කලාව වූ කලී රසබර අරුත් මවන නවාතැන්පොළකි. එහි නවාතැන් ගෙන, කලාවේ නියම රසය විඳීමට වාසනාවන්ත වූවෝ ස...
21/07/2023

ඉතින් 24 ට බාරයි ! 🇱🇦🎭

🎊️කලාව වූ කලී රසබර අරුත් මවන නවාතැන්පොළකි. එහි නවාතැන් ගෙන, කලාවේ නියම රසය විඳීමට වාසනාවන්ත වූවෝ සිටී නම්, ඒ අතළොස්සකි.

🎊️ඉතින්, පුරා වසරකට ආසන්න කාලයක් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය කලා සංගමයේ ප්‍රධාන නිලධාරියා වශයෙන් කටයුතු කරමින්, විද්‍යාලය තුළ සේම පිටතදීත් දක්ෂතා අතින් සේම සෞන්දර්යාත්මක චින්තාවන් අතින් ද, කලා සංගමය ඉහලින් ම ඔසවා තැබීමට හැකි වීම සම්බන්ධයෙන් මම නිහතමානීව සතුටු වෙමි.

✨️ ඒ සඳහා අප හට ශක්තියක් වුණු කලා අංශයේ ගෞරවණීය ආචාර්ය මණ්ඩලයට, කලා සංගමය භාරව කටයුතු කළ ගුරුදෙගුරුන්ට, කලා සංගමයේ නිලධාරි මණ්ඩලයේ සියලු දෙනා ට, සහෝදර නායකවරුන් සියලු දෙනාට, ඉන් පිටත සිට වචනයකින් හෝ සහයෝගයක් ලබා දුන් ඔබ සැමට මාගේ හෘදයාංගම තුති !

ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා ! වඩාත් හොද අනාගතයක් ප්‍රාර්ථනා කරමි.
චිරං ජයතු !

ස්තූතියි.

✒මෙයට,
එන්.එච්.ඒ. කවිදු දුල්ෂාන්,
හිටපු සභාපති ( 2022 - 2023 ),
කලා සංගමය,
බණ්ඩාරනායක විද්‍යාලය,
ගම්පහ.

The annual General meeting of the Arts Society of Bandaranayake College .
20/07/2023

The annual General meeting of the Arts Society of Bandaranayake College .

නෞකාවක් මහ සයුරේ යාත්‍රා කිරීමට හසල දැනුමැති කප්පිත්තෙකු අවශ්‍යම ය. බණ්ඩාරනායක  මාතාව නැමැති මේ නෞකාව දක්ෂ ලෙස හසුරුවමින...
23/06/2023

නෞකාවක් මහ සයුරේ යාත්‍රා කිරීමට හසල දැනුමැති කප්පිත්තෙකු අවශ්‍යම ය. බණ්ඩාරනායක මාතාව නැමැති මේ නෞකාව දක්ෂ ලෙස හසුරුවමින් යාත්‍රා කල විසල් කප්පිත්තා නුඹයි.

ආදරණීය ගුරුපියාණෙනි, ඔබට චිරාත් කාලයක් යෙහෙන් වැජඹීමට ආසිරි පතමු.

💙❤️🇱🇦


Greatest achievements of Grade 13 - Art section
18/06/2023

Greatest achievements of Grade 13 - Art section

Congratulations Brother !! You are also proud to be a member of the ARTS Society Bandaranayake College Gampaha  🇱🇦❤️💪
30/05/2023

Congratulations Brother !! You are also proud to be a member of the ARTS Society Bandaranayake College Gampaha 🇱🇦❤️💪

ආදරය පිරුණු අහසක් යට සැබෑ වුනු සුබ සිහිනය                          සංගතාර්ථ"23 මාස 8 කටත් වඩා වැඩි කාලයක් කොල්ලො ටිකක් එ...
27/04/2023

ආදරය පිරුණු අහසක් යට සැබෑ වුනු සුබ සිහිනය
සංගතාර්ථ"23

මාස 8 කටත් වඩා වැඩි කාලයක් කොල්ලො ටිකක් එකතු වෙලා ගහපු ලොකු ගේම් එකක් සැබෑ වුණා.
තමන්ගේම දාදිය මහන්සියෙන් හොයාගත්තු රුපියල් සත එකතු කරල , තමන්ගේම දාදිය මහන්සියෙන් හැම ඉදිරිපත් කිරීමක්ම සාර්ථකව ඉදිරිපත් කරල , ඉදිරිපත් වුණු විවේචනත් ශක්තිමත්ව බිද දමල, අභියෝගවලට අභියෝගයක් වෙලා...
අද අපි සමස්ත නායකවරුන්ගේ කලා වංශකතාවම අලුත් කලා. දැන් එය නොරහසක්.

අධ්‍යාපනයත් බාහිර වැඩකටයුතු ත් සමබරව කරමින්, ජීවිතය ට අත්දැකීම් ගොන්නක් එක්කර ගනිමින් , නායකත්වය , සහෝදරත්වය වැනි සද්ගුණයන් ප්‍රගුණ කරමින් අද අපි සාර්ථකත්වයේ හිනිපෙත්තටම ළගා වුණා.

තව මාස 6 කින් සදහටම ඉවර වෙන පාසල් කාලය තුළ අපේ ජීවිතේ වෙනස් කරපු එකම දිනය
සංගතාර්ථ"23

හැකි අයුරින් උපකාර කළ ඔබ සැමට බෙහෙවින් ස්තූතියි !

කලා අංශයේ ආචාර්ය මණ්ඩලයටත් , නර්තනාංග , ගී රසවින්දන අංග , නාට්‍යාංග ඇතුලුව සෑම ඉදිරිපත් කිරීමක්ම සාර්ථක කරගැනීමට ශක්තියක් වුණු සමස්ත බණ්ඩාරනායක ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් ස්තුතියි !

මේ සැබෑ වුණේ සමස්ත නායක සහෝදරවරුන්ගේම ප්‍රාර්ථනයයි. අව්වැසි නොතකා වෙහෙසුණු අපගේ ක්‍රියාන්විතයයි. සුවහසක් ප්‍රේක්ෂකයන් කලා රසයෙන් පිනවාලූ සංගතාර්ථ"23 නායක හදවත් තුළ සදා අනුස්මරණීය වන බව නිසැකය.

කවිදු දුල්ෂාන්
සභාපති,
කලා සංගමය.

📸 සමස්ත ඡායාරූප සදහා විශේෂ ස්තුතිය,
ඡායාරූප කලා සංගමය
සහ
මාධ්‍ය ඒකකය

බණ්ඩාරනායක විද්‍යාලය ,
ගම්පහ .

Address

Gampaha
11000

Telephone

+94788574550

Website

Alerts

Be the first to know and let us send you an email when ARTS Society Bandaranayake College Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ARTS Society Bandaranayake College Gampaha:

Shortcuts

Share

Category