ඉතිහාස කැරැල්ල

ඉතිහාස කැරැල්ල

Share

ජීවිතය දිනපන් මිත්‍රයා

23/06/2026

පන්තිභාර ගුරුවරයාගෙනුත් ආතල් ගන්නවානේ මුන්. 🥹🥹🥹🥹

23/06/2026

කුළුගෙඩි පහරින් ආරක්ශා වූ තොළුවිළ බුද්ධ ප්‍රථිමාව

22/06/2026

ශ්‍රිමහා බෝධිය ආරක්ශා කළ ඉංග්‍රීසි ජාතිකයා

22/06/2026

දියතලා කන්දට ගිනි තැබූ පාපතරයන්

21/06/2026

ලස්සනම ගම

20/06/2026

නොකියාම ආ අමුත්තා.

20/06/2026

"හොඳම ප්‍රතිඵල සහ නොපෙනෙන කඳුළු"

නගරයේ ප්‍රධාන වටරවුම අසල ඇති දැවැන්ත ප්‍රචාරක පුවරුව දෙස "ගම්පහ ප්‍රථමයා මගේය!" යනුවෙන් විශාල අකුරින් ලියා තිබුණි. ඒ අසලින් විවිධ උපකාරක පන්ති ගුරුවරුන්ගේ මුහුණු සහිත පෝස්ටර් දහස් ගණනක් අලවා තිබුණේ, විභාග ප්‍රතිඵලවලින් තමන් ලැබූ ජයග්‍රහණ රටටම කියා පාමිනි. මුහුණු පොත පුරාම තිබුණේ සුභපැතුම් සහ තමන්ගේ පන්තියට පැමිණි දරුවන්ගේ ප්‍රතිඵල ලේඛනයන්ය.

නමුත් ඒ ඝෝෂාකාරී නගරයේම, තවත් පියෙකු පදික වේදිකාව අයිනේ තිබූ සිමෙන්ති පිලක් මත වාඩි වී දෑස් පිසදමමින් සිටියේය. ඔහු සතුව මුහුණු පොතේ දමන්නට පින්තූර තිබුණේ නැත.

ඔහුගේ මතකය දිව ගියේ මීට මාස කිහිපයකට පෙර, වැසි බර හැන්දෑවකටය.

"අනේ තාත්තේ... හෙට බයෝ ක්ලාස් එකේ අන්තිම කාඩ් එක ගන්න ඕනේ. නැත්නම් සර් පේපර්ස් දෙන්නේ නැහැ කිව්වා..." දියණිය එදා හැඬූ කඳුළින් කීවාය.

එදා රෑ පුරාම ඔහු හිතින් ඇඬුවේය. පසුදා පාන්දරම තමන් සතු එකම වත්කම වූ, අබලන් බයිසිකලය උකස් තබා ඔහු මුදල් සොයා ගත්තේය. පන්ති කාඩ්පත දියණියගේ අතට තබන විට ඇය සිනාසුණාය. නමුත් ඒ සිනහව වෙනුවෙන්, මාස ගණනාවක් යනතුරු ඔහු හැඬූ කඳුළු, රෑ බෝ වී නිවසට එනතුරු මහමඟ විඳි කට්ට අව්ව සහ වැස්ස දන්නේ ඔහුත්, අහසත් පමණි.

අද දියණිය ඉහළින්ම සමත් වී ඇත. ගුරුවරු ඇය තමන්ගේම කියා වැළඳ ගනිද්දී, මේ මහලු පියා සෙමින් සෙමින් පන්තිය අසලට පැමිණියේය.

"අන්න අර සර්ගේ පෝස්ටර් එකේ ඉන්නේ අපේ දුව..." ඔහු අසල සිටි ආගන්තුකයෙකුට ආඩම්බරයෙන් කීවේය.

"ෂා... සර් මරුනේ නේද?... ළමයව ලස්සනට ගොඩදාලා තියෙන්නේ..." ආගන්තුකයා කීවේය.

පියා සිනාසුණේය. ඒ සිනහව අස්සේ, කාඩ්පත ගන්නට එදා උකස් තැබූ, අදටත් බේරාගත නොහැකි වූ බයිසිකලය මතක් වී ඔහුගේ දෑසින් කඳුළු බිංදුවක් වැටුණි. නමුත් එය දරුවාගේ අනාගතයට මිණිකැට වන බැව් දැන් තාත්තා හයියෙන් හුස්මක් ගත්තේය

ලෝකයම ගුරුවරයාගේ දක්ෂතාවය සමරද්දී, ඒ "හොඳම ප්‍රතිඵලය" පිටුපස සැඟවුණු සැබෑ වීරයා, කිසිවෙකුගේ අවධානයක් නොලබාම සෙමින් සෙමින් සෙනඟ අතරින් නොපෙනී ගියේය.

(ලෝකෙට නොකිව්වාට තාත්තලාගේ කදුලු බරයි බන්.)

20/06/2026

සතුට කියන්නේ මේකට පුතා

20/06/2026

අරුම පුදුම ගොඩනැගිල්ල

20/06/2026

ගුරුවරු අපි වෙනුවෙන් කොච්චරනම් වෙහෙසුනා ද. ඒව දැන් තමයි තේරෙන්නෙ

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Gampaha