Susipvan Higher Education Center

Susipvan Higher Education Center ශ්‍රී ලාංකීය ටියුශන් කලාව වෙනස් කල, ගම්පහ පුරවර සන්නාමය 'සුසිප්වන් උසස් අධ්‍යාපන ආයතනය - ගම්පහ'

-💢සැවොම පුදුම වූ ශ්‍රී ලංකාවට සමාන දූපත ♥️🌊😍☘️🏝️- Pulau Kenawa Island කෙනාවා දූපත නිරිතදිග නුසා පළාතේ සුම්බාවා දූපතට ආසන...
02/08/2024

-💢සැවොම පුදුම වූ ශ්‍රී ලංකාවට සමාන දූපත ♥️🌊😍☘️🏝️
- Pulau Kenawa Island

කෙනාවා දූපත නිරිතදිග නුසා පළාතේ සුම්බාවා දූපතට ආසන්නව පිහිටි කුඩා දූපතකි. ලොම්බොක් සිට මෙහි පැමිණීමට නම්, බස් රථයක් සහ තොටුපළකින් දූපතට යා යුතුය.

දූපතේ පිහිටීම :

බැලූ බැල්මට ශ්‍රී ලංකාවේ පිහිටීමට බෙහෙවින් සමාන වූවත් ඇසට පෙනෙන පරිදි මෙම දූපතේ ඇත්තේ තෘණ බිම් සහ කුඩා කන්දක් පමණි. කෙනාවා දූපත බොහෝ දුරට ඉන්දුනීසියානු දේශීය සංචාරකයින් අතර ප්‍රචලිත වී ඇත්තේ එහි සුවිශේෂී භූ ලක්ෂණ නිසාය. මෙම දූපත ප්‍රධාන වශයෙන් කන්දකින් සමන්විත තෘණ භූමියකි

කෙනාවා දූපතේ අපූරු ස්වාභාවික දර්ශන ඇත. ස්වාභාවික කෙනාවා දූපතෙන් සාදන ලද ස්වාභාවික කඳු, තෘණ බිම් , සුදු වැලි සහිත වෙරළ තීරයක් සහ සාගර ජල නිල්-කොළ වර්ණවල සංයෝජනය එතරම් සුන්දර හා ආකර්ෂණීය ය. හෙක්ටයාර 13.8 ක භූමි ප්‍රදේශයක ජනාවාස නොමැති අතර බොහෝ සංචාරකයින් සංචාරය කර නොමැති බැවින් එම ප්‍රදේශ ඉතා පාලූ හා නිහඬ ස්වභාවයක් ගනී.

මෙහි එන සංචාරකයෙකු කොතැනක සිටියත් සුන්දර මුහුදු දර්ශනයක් පෙනෙනු ඇත. කඳු මුදුනට ළඟා වන තෙක් මාර්ගය දිගේ ඇවිද ගියහොත්, ඔබ දකින දර්ශන ඉතා සිත් ඇදගන්නා සුළු වනු ඇත. නිල් මුහුද පමණක් නොව, කෙන්වා අවට තවත් බොහෝ දූපත් ද දැක ගත හැකිය.

කෙනාවා තෘණ භූමියේ අද්දර, හිරු හා වැස්සෙන් ආරක්ෂා වීමට ඔබට භාවිතා කළ හැකි සාදන ලද බොහෝ පැල්පත් තිබේ. කෙසේ වෙතත්, බොහෝ සංචාරකයින් මෙහි පැමිණෙන්නේ කඳවුරු බැඳීමට, සාගරය මැද තරු අහස යට රාත්‍රියක් භුක්ති විඳීමටය. විවිධ දැඩි නීති රීති සහිතව මෙම දූපතේ කඳවුරු බැඳීමට අවසර ඇත.

උපුටා ගැනීමකි

මේ "2024 පැරිස් ඔලිම්පික්" එකේ හොඳම ඡායාරූපය වෙන්න පුළුවන් බොහෝ වෙලාවට.මේ ඉන්නේ බ්‍රසීලයේ Gabriel Medina.30 හැවිරිදි මොහ...
30/07/2024

මේ "2024 පැරිස් ඔලිම්පික්" එකේ හොඳම ඡායාරූපය වෙන්න පුළුවන් බොහෝ වෙලාවට.

මේ ඉන්නේ බ්‍රසීලයේ Gabriel Medina.
30 හැවිරිදි මොහු සර්ෆින් ක්‍රීඩාවේ ලෝක ශූරයෙක්.

2024 පැරිස් ඔලිම්පික් එකේ පිරිමි සර්ෆින් ඉසව්වේ තුන්වෙනි වටයට මුහුණ දුන් Gabriel Medina ලකුණු 10 න් 9.90 ක් ලබා ගත්තා.

සර්ෆින් ලෝක ශූරතා 3 කට හිමිකම් කියන Gabriel Medina තම තරග වටය අවසානයේදී තමයි මෙම සැමරීම සිදු කළේ.

ක්‍රීඩා ලෝකයම කතා වෙන මෙම ඡායාරූපය ගත්තේ Jerome Brouillet විසින්.

2024 පැරිස් ඔලිම්පික් වල සර්ෆින් තරග පැවැත්වෙන්නේ පැරීසියට කිලෝමීටර් 15,680 ක් ඈතින් පිහිටි ප්‍රංශ පොලිනීසියානු දූපතක් වන ටහිටි (Tahiti) වලයි.

ලංකාවට Internet එන්නේ චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි? එහෙනම් කොහොමද?ලංකාවට ඉන්ටනෙට් එන විදිය... අපි හැමෝම හිතන් හිටියේ චන්ද...
30/07/2024

ලංකාවට Internet එන්නේ චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි? එහෙනම් කොහොමද?
ලංකාවට ඉන්ටනෙට් එන විදිය... අපි හැමෝම හිතන් හිටියේ චන්ද්‍රිකා වලින් කියලනේ.. එහෙම නෙමෙයි මෙන්න මෙහෙමයි එන්නේ..

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි
ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන..

SEA-ME-WE කේබල් පද්ධතිය..

ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South East Asia - Middle East - West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව දක්වාම දිවෙනවා. ඔය අතරෙ තියෙන හැම රටකම වගේ නියෝජිත ආයතනයක් (ලංකාවෙ නම් SLT) මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. මේ කරපු ආයෝජනයේ ප්‍රමාණයට අනුව තමයි කේබල් පද්ධතියෙන් තමන්ට ලැබෙන ධාරිතාවය තීරණය වෙන්නෙ.. දැනට SEA-ME-WE 1 සිට 5 දක්වා කේබල් පද්ධති මුහුදෙ තියෙනවා.

Copper Cables - තඹ රැහැන්..

ගොඩක් ඉස්සර මේ සබ්මැරින් කේබල් හදල තිබුණෙ තඹ වලින්. විෂ්කම්භය අඩියකට ටිකක් අඩුයි. ලංකාවට මුලින්ම ආවෙ SEA-ME-WE 1 කියන කේබල් එක. තනිකර තඹ. මේක සම්බන්ධ වුණේ කොළඹ ගෝල්ෆේස් පිටිය අසලට. ලංකාවෙන් මේකෙ අයිතිය තිබුණෙ SLT ආයතනයට.
ටික කාලයකින් මේකෙ ධාරිතාවය මදිවුණා. ඒක නිසා අර රටවල් ටික එකතු වෙලා හැදුවා SEA-ME-WE 2 පද්ධතිය. මේකත් තඹ. වෙනසකට තිබුණෙ මේකෙ කේබල් 2ක් තිබුණා. එහෙම බෙදුවෙ සංඛ්‍යාතය දෙකට බෙදලා. මේකත් සම්බන්ධ වෙන්නෙ ගෝල්ෆේස් පිටිය අසලටමයි. අධික වියදම, අනාගතයේදී වේගය ප්‍රමාණවත් නොවීම හා ප්‍රකාශ තන්තු වල ආගමනය නිසා SEA-ME-WE 1 සහ SEAMEWE 2 වගේ තඹ රැහැන් සියල්ලම වගේ අභාවයට ගියා.

Fiber Optics..

ඊට පස්සෙ ආපු submarine cables ඔක්කොම ප්‍රකාශ තන්තු (fiber optics). මුලින් fiber optics (ප්‍රකාශ තන්තු) කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්නම්.

මුලින්ම කියන්න ඕන fiber optics ඇතුලෙ කිසිම කම්බියක් නෑ. තියෙන්නෙ ඇහැට නොපෙනෙන තරම් සිහින් වීදුරු කෙන්දක්. එතකොට කොහොමද මේක දිගේ දත්ත හුවමාරු කරන්නෙ?

හරිම සරලයි. ඕනම දත්තයක් ද්වීමය (binary) සංඛ්‍යාවකින් නිරූපනය කරන්න පුළුවන්නෙ.. 0110101001 වගේ. චිත්‍රපට වල එහෙම දැකලත් ඇති. එක සහ බිංදුව විතරක් උපයෝගී කරගෙන දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මෙහෙම හිතන්නකො. ඔයා ගඟේ එක ඉවුරක ඉන්නවා. ඔයාගෙ යාළුවෙක් එහා ඉවුරෙ ඉන්නවා. ඔයාට ඕන එයාට 0111010 කියන පණිවිඩය යවන්න. ඔයා කරන්නෙ විදුලි පන්දමක් පාවිච්චි කරන එක. ටෝච් එක නිවිලා නම් 0. පත්තු වෙලා නම් 1. ඔයා නිශ්චිත කාලයක් තුල ටෝච් එක
Off (0) On (1) On (1) On (1) Off (0) On (1) Off (0) හැටියට 0111010 කියන පණිවිඩය එහා ඉවුරෙ ඉන්න යාළුවට යවනවා. දැන් එයාට තියෙන්නෙ ඔය ද්වීමය සංඛ්‍යාව decode කරලා ඔයා එව්වෙ මොකක්ද කියන එක හොයාගන්නයි.

ඔය ක්‍රමයම තමයි optical fiber වලත් තියෙන්නෙ. වීදුරු කෙන්ද දිගේ යවනවා අධි බ්ලැති ලේසර් කදම්බයක්. මේක on off වෙන හැටියට තමයි එහා පැත්තෙන් 1ද 0ද කියන එක අඳුරගන්නෙ. එහෙම බැලුවම මේක ආලෝකයේ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ කිරීමක්. තඹ කම්බි වලට මේ වේගයත් එක්ක හැරෙන්න වත් බැහැ. ඉතින් කාලයත් එක්ක submarine cable ඔක්කොම fiber වලට මාරුවුණා. පරණ copper cable එහෙමම මුහුද මැද අතඇරල දැමුණා.

වර්තමානයේ අපිට එන submarine cables..

දැන් ලංකාවට එන සබ්මැරින් කේබල් කිහිපයක් තියෙනවා. මේ ඔක්කොම fiber.

1) SEA-ME-WE 3 - මේකෙ landing station එක තියෙන්නෙ ගල්කිස්සෙ. පරණ නිසා ලඟදිම මේකෙ ඔපරේෂන්ස් නවතියි. මේකෙ ලංකාවෙ අයිතිය තියෙන්නෙ SLT එකට

2) SEA-ME-WE 4 - මේක තමයි අර ගෝල්ෆේස් එකේ මුහුද දිගේ කලු පාට බට වගේ යන්නෙ. ගෝල්ෆේස් එකට ගියොත් මේක වගේම SEA-ME-WE 1 සහ 2ත් බලන්න අමතක කරන්න එපා. මේකත් ලංකාවෙ අයිතිය තියෙන්නෙ SLT එකට. ලංකව වැඩිපුරම වැඩ ගත්තෙ මේකෙන්.

3) SEA-ME-WE 5 - මේක තමයි අලුත්ම සහ වේගවත්ම එක. එක තරංග ආයාමයක් සඳහා වේගය 100Gbps. ඒ වගේ තරංග ආයාම 80ක් යවන්න පුළුවන්. එතකොට සම්පූර්ණ වේගය 8 Tbps විතර වෙනවා. හැබැයි ලංකාවෙ නම් තව අවුරුදු 10කට වත් තරංග ආයාම 80ක් පාවිච්චි වෙන්නෙ නෑ. ඒ නිසා දැනට උපරිම වේගය 600 Mbps වගේ තමයි යන්නෙ. landing station එක මාතර. මේකෙත් ලංකාවෙ අයිතිය SLT එකට

4) Dhiraagu - මේක නම් ලෝකෙ වටේ යන එකක් නෙමෙයි. මේක Point to point කනෙක්ෂන් එකක්. මේකෙන් තමයි ලංකාවයි මාලදිවයිනයි connect වෙන්නෙ. ලංකාවෙ අයිතිය SLT

5) Bharat Lanka - මේකත් point to point. මේක ලංකාවයි ඉන්දියාවෙ tuticorin (තූත්තුකුඩිය) අතර. ලංකාවෙ අයිතිය SLT.
SEA-ME-WE 5 එන්න කලින් තිබ්බ 3 සහ 4 වල දෝෂයක් ආවොත් මේ Bharat Lanka එක මගින් ඉන්දියාව හරහා තමයි අපි ලෝකෙට සම්බන්ධ වුණේ.

6) Bay of Bengal Gateway (BBG) - මේක UAE ඉඳල සිංගප්පූරුවට යන්නෙ. මේකෙ ලංකාවෙ අයිතිය Dialog එකට. උපරිම වේගය 6.4 Tbps ක් කියල තමයි කියන්නෙ. Landing station එක තියෙන්නෙ ගල්කිස්සෙ.

දැනට ලංකාව සම්බන්ධ වෙන්නෙ ඔය සබ්මැරින් කේබල් පද්ධති 6ට විතරයි. ඒකෙන් 5ක අයිතිය SLT එකටත් 1ක අයිතිය Dialog එකටත් හැටියටත් තමයි තියෙන්නෙ.

මේ සබ්මැරින් කේබල් වල මුහුද දිගේ ගමන මොන වගේ ඇතිද?

මේ සිතියම් තියෙන්නෙ ඔය සබ්මැරින් කේබල් පද්ධති කිහිපයක ගමන් මාර්ගය.

මේවා සාමාන්‍යයෙන් යන්නෙ මුහුදු පතුලෙන්. මේ කේබල් ස්ථාපනය කරන්න, නඩත්තු කටයුතු කරන්න ඉන්නවා නැව්, කිමිදුම්කරුවො පවා සහිත වෙනම ජාත්‍යන්තර ආයතන. එයාලා තමයි සබ්මැරින් කේබල් සම්බන්ධව මුහුදෙ අණසක පතුරවාගෙන ඉන්නෙ.

ලේසර් එළියක් ඔය තරම් දුරට යනවද?

අපි ටෝච් එකක් ගැහුවම ඒ ටෝච් එලිය විහිදෙන උපරිම දුරක් තියෙනවනෙ. ඊට වඩා දුරින් ඉන්න කෙනෙකුට මේ ටෝච් එලිය පේන්නෙ නැහැනෙ. Fiber optics දිගේ යන ලේසර් එලියත් ඒ වගේමයි (එලියක් කිව්වට මේක එලියක්ම නෙමෙයි. තේරුම්ගැනීමේ පහසුවට එලියක් කියල හිතාගන්නකො). මේ ලේසර් ආලෝකයටත් යන්න පුළුවන් උපරිම දුරක් තියෙනවා. එතනින් එහාට එළිය යන්නෙ නෑ. එතකොට මොකද කරන්නෙ?

එතකොට තමයි රිපීටර්ස් (repeaters) අපේ පිහිටට එන්නෙ.

මේ රිපීටර්ස් මුහුදෙ තැනින් තැන හයිකරල තියෙනවා. මේවා වලට පැවරෙන රාජකාරිය තමයි තමන්ට ලැබෙන දුර්වල ලේසර් කදම්බයේ ශක්තිය වැඩි කරලා නැවතත් කේබල් එක දිගේ ඊළඟ නැවතුම වෙත යවන එක. ඒකට පාවිච්චි කරන්නෙ රිපීටර් එකේ තියෙන optical amplifiers.

Submarine cables වලට සිදුවන හානි..

1) කලාතුරකින් මුහුදෙ නැව් එහෙට මෙහෙට යනවා නැංගුරමත් මුහුදට දාගෙනම. ඔය නැංගුරමක් අපේ submarine cable එකේ පැටලුනාම කේබල් එක එතනින් කැඩිලා යනවා

2) සාමාන්‍ය fiber එකක් සිහින් කෙන්දක් හැටියට තිබුණට සබ්මැරින් කේබල් නම් එහෙම හීනි නෑ. ඒකට හේතුව තමයි fiber එකේ ආරක්ෂාවට ඒක වටේට තියෙන ආවරණ. මේ හරස්කඩ දිහා බැලුවම පේනවනෙ හීනි fiber එක වටේට කොච්චර ආරක්ෂක ආවරණ තියෙනවද කියලා..

ඔය එක ආවරණ වර්ගයකට තමයි armour එක කියන්නෙ. මේක ලෝහමය ආවරණයක්. මේ ලෝහ armour එක දිගේ තමයි repeaters වලට අවශ්‍ය විදුලිය සම්ප්‍රේෂණය කරන්නෙ. සන්නායකයක් දිගේ විද්‍යුතය ගමන්කරනකොට ඒ වටා චුම්භක ක්ෂේත්‍රයක් ඇතිවෙනවනෙ. මේකෙත් එහෙම තමයි. ඔන්න ඔය චුම්භක ක්ෂේත්‍රය කට්ටියක් වරදවා වටහගන්නවා. ඒ තමයි මෝරු. එයාලා මේක ගොදුරක් කියල හිතලා cable එක හපල හපලා කඩල දානවා.

ඔය 2 තමයි ප්‍රධාන වශයෙන් සබ්මැරින් කේබල් වලට සිදුවන අලාභහානි. ඉතින් ඔය එක කේබල් එකකට අනතුරක් වුණත් අපිට තව කේබල් ඕන තරම් තියෙන නිසා ලංකාවට ඉන්ටර්නෙට් නැතිවෙයි කියල අනවශ්‍ය බයක් ඇතිකරගන්න නම් කිසිම හේතුවක් නෑ.

උපුටාගැනීමකි

පෘථිවියේ පවතින සියලුම බීජ තබා ඇති ලෝකාන්තයේ සුරක්ෂිතාගාරය වන්නේ මෙයයි.  එය උතුරු ධ්‍රැවයේ සිට කිලෝමීටර් 1,300 ක් පමණ දුර...
30/07/2024

පෘථිවියේ පවතින සියලුම බීජ තබා ඇති ලෝකාන්තයේ සුරක්ෂිතාගාරය වන්නේ මෙයයි. එය උතුරු ධ්‍රැවයේ සිට කිලෝමීටර් 1,300 ක් පමණ දුරින් නෝර්වේහි ස්වල්බාර්ඩ් දූපත් සමූහයේ පිහිටා ඇත. 2008 දී විවෘත කරන ලද මෙම භූගත ගබඩාව ස්වභාවික විපත්, ගැටුම් සහ දේශගුණික විපර්යාස නිසා ඇතිවන ජානමය ජෛව විවිධත්වය අහිමි වීම සඳහා රක්ෂණයක් ලෙස ක්‍රියා කරමින් ලොව පුරා බෝග පැල බීජ මිලියන 4.5 ක් සංරක්ෂණය කිරීමට සැලසුම් කර ඇත.

19/07/2024

Congratulations ! ✨️
Mr. Dananjaya Ariyadasa

"ආදම්ගේ පාලමේ මෙතෙක් නිර්මාණය කළ සුවිශේෂීම සිතියම එළි දක්වයි"🔅 ඉන්දීය අභ්‍යාවකාශ පර්‍යේෂණ සංවිධානය (Indian Space Researc...
11/07/2024

"ආදම්ගේ පාලමේ මෙතෙක් නිර්මාණය කළ සුවිශේෂීම සිතියම එළි දක්වයි"

🔅 ඉන්දීය අභ්‍යාවකාශ පර්‍යේෂණ සංවිධානය (Indian Space Research Organization - ISRO) විසින් ආදම්ගේ පාලමේ මේ වනවිට නිර්මාණය කර ඇති වඩාත් පැහැදිළිම සිතියම නිර්මාණය කර තිබෙනවා.

🔅 මෙය ආදම්ගේ පාලමේ මුහුදු යට ඇති කලාපය සිතියම් ගත කරපු ප්‍රථම අවස්ථාවද වෙනවා.

🔅 ඉන්දියාවේ රාමේශ්වරම් දූපතේ ධනුෂ්කෝඩ් සිට ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපතේ තලෙයිමන්නාරම වන තෙක් ඇති කිලෝමීටර් 29 ක හුණුගල් වැටිය තමයි මෙසේ සිතියම්ගත කරලා තියෙන්නේ.

🔅 ජෝධ්පූර් සහ හයිද්‍රාබාද් නගරවල පිහිටා ඇති ISRO ට අයත් ජාතික දුරස්ථ සංවේදක මධ්‍යස්ථාන දෙකින් තමයි මේ සම්පූර්ණ පරීක්ෂණය සිදු කලේ.

🔅 මේ සඳහා ඇමරිකාවේ NASA ආයතනයට අයත් චන්ද්‍රිකවක් වන ICESat-2 මගින් ලබාගත් දත්ත භාවිත කරලා තියෙනවා.

🔅 ආදම්ගේ පාලමේ පරිමාව ඝන කිලෝමීටර් 1 ක් පමණ වුනත්, එයින් මුහුදු මට්ටමින් උඩ ඇත්තේ 0.02% ක් පමණයි.

🔅 ආදම්ගේ පාලමේ උපරිම ගැඹුර මීටර් 3 ක් පමණ වෙන බවටයි සිතියමට අනුව පේන්නේ.

🔅 මේ සිතියම මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට සම්බන්ධ වන බව තවත් තහවුරු වෙන බවයි පර්‍යේෂකයින් ප්‍රකාශ කරන්නේ.

🔅 1480 පමණ වන තෙක් පෝක් සමුද්‍ර සන්ධිය මුහුදු මට්ටමින් උඩ පැවති බවටයි වාර්තා වෙන්නේ.

©️ විකුම් හර්ෂණ🖋️

2⃣0⃣2⃣4⃣ | 2⃣0⃣2⃣5⃣ | 2⃣0⃣2⃣6⃣🔴 *කෘෂි විද්‍යා විෂයේ හොදම ප්‍රතිඵල ලබාදෙන දිවයිනේ ජනප්‍රියතම කෘෂි විද්‍යාව පන්තිය....💪* ✅...
07/07/2024

2⃣0⃣2⃣4⃣ | 2⃣0⃣2⃣5⃣ | 2⃣0⃣2⃣6⃣

🔴 *කෘෂි විද්‍යා විෂයේ හොදම ප්‍රතිඵල ලබාදෙන දිවයිනේ ජනප්‍රියතම කෘෂි විද්‍යාව පන්තිය....💪*

✅ අපි පොහොසත් වන්නේ ප්‍රතිඵල වලින් පමණි...අපේ වෑයම සෑම වසරකම හොදම ප්‍රතිඵල සමගින් දරුවන්ගෙ ප්‍රතිඵල ඉහල නැංවීමයි...❤️❤️

👉 _සෑම පන්තියක් සදහාම ජූලි මාසයේ සිට නව ඒකක ආරම්භ වේ...❤️_

🔰 No.zero - මහනුවර
🔰 සුසිප්වන් - ගම්පහ
🔰 සිප්වින් - කුරුණෑගල
🔰 විදුමග - මාතලේ
🔰 සිලෝන් පෙන් - පොලොන්නරුව

⬛️⬛️ ඔන්ලයින් ඔස්සේ මුලු දිවයිනටම❤

😍😍හීන දකින්න ඒවා හැබෑ කරගන්න වැඩ කරන්න...

සංජීව රාජපක්ෂ
👉 *විමසීම් -: 0702983055*

04/07/2024
මීට අවුරුදු 67 කට කලින්"," ඒක ආපසු හැරීමක් නැති ගමනක්."මොස්කව් වීදී අයිනෙ තනිව ජීවත් වෙනවා බොහොම පුංචි බැල්ලක් එයාගෙ නම ...
02/07/2024

මීට අවුරුදු 67 කට කලින්"," ඒක ආපසු හැරීමක් නැති ගමනක්."

මොස්කව් වීදී අයිනෙ තනිව ජීවත් වෙනවා බොහොම පුංචි බැල්ලක් එයාගෙ නම කුඩ්‍රජාව්කා (kudrjavka). ඒකේ අදහස කැරලි ගැසුනු බැල්ල එහෙමත් නැත්නම් බූල් බැල්ල.

ඉදලා හිටලා පා පහරක් කමින්..හිම වැටෙන සීතලේ කඩ පිලක ගුදිරියකට රිංගමින් එයා අමාරු ඒත් නිදහස් ජීවිතයක් ගත කරනවා.අවුරුදු තුනක් විතර වයස කුඩ්‍රජාව්කා හස්කි හා ටෙරියර් කියන සුනඛ වර්ග දෙකේ එකතුවක්.
නිරෝගී පෙනුම..කඩිසර කම හා කාටවත් අයිති නොවීම කියන කාරණා මත මේ කුඩා බැල්ලව හමුදා බාරයට ගන්නවා.

එපා කියන්න කවුරුත් නෑ.එයාට පරීක්ෂණ වලට මූන දෙන්න වෙනවා.එක එක වාහන ඇතුලෙ එහාට මෙහාට වැනෙන්න වෙනවා.මේ පොඩි එකීට පැවරෙනවා මහා ලොකු කාර්‍ය බාරයක්.බෑ කියන්න එපා කියන්න බැරි.
එයාට මහා දිග ගමනක් යන්න වෙනවා මීට කලින් කවුරුත් නොගිය.බුරන්න ගත්තම නවත්වන්නෙ නැති එයාගෙ නම වෙනස් කරනවා ඒ නිසාම.ලයිකා ( Laika ). "පොඩි බුරන්නි" ඒකෙ අදහස.

මහා අමුතු යානයක් ඇතුලට යන්න ලයිකට අන ලැබෙනවා ඉහලින්.ඒ පුංචි කුටිය ඇතුලෙ හිටගන්න පුළුවන්..දෙපැත්තට පොඩ්ඩක් හැරෙන්න පුළුවන්.එච්චරයි.ඒක හරියට පුංචිම පුංචි හිර ගෙයක් මහා සහතිකයක් ලියපු.කරන්න දෙයක් නෑ..මේ ගමන මානව සංහතිය වෙනුවෙන්..මිනිසාගේ ස්වර්ණමය අනාගතය වෙනුවෙන්.

කුටිය ඇතුලෙ උශ්ණත්වය අංශක පහලවකට ස්වයංක්‍රීයව සකස් කරන්නෙ යානය අහසට යද්දී ඇති වෙන උශ්නත්වයෙන් වගේම ඉහළ අහසේ අදික සීතලෙන් මේ පොඩි හාදයාට අනතුරක් නොවෙන්න.පුංචි බිස්කට් කීපයක්..හොඳටම ඇති බඩගින්න නිවාගන්න.මේක ආපහු එන ගමනක්ද වගේ ලයිකා බලනවා..."උඹ ඉතිහාසයේ වීර චරිතයක් වෙනවා." තරු පලඳපු නිලධාරියෙක් කියනවා.වීදුරු අතරින් ලයිකව පේන්නෙ යුද වීරයෙක් වගේ.

නොවැම්බර් තුන් වෙනිදා පාන්දර දෙකට ස්පුට්නික් 2 ගුවන් ගත වෙනවා.( sputnik ll ) .ඒක සාර්ථක ගුවන් ගත කිරීමක්.ආපහු එයිද..? කවුරුත් දන්නෙ නෑ.ඒ ගැන වැඩිපුර හිතන්න අපට වෙලාවක් නෑ..එකක් සීතල යුද්ධය...අනික මේක මානව වර්ගයාගෙ අනාගතය පිලිබඳ ප්‍රශ්ණයක්.පුංචි වීදි බල්ලෙකුට ලොකු ගව්රවයක් අභ්‍යවකාශයට ගිය පලමු ජීවියා බවට පත්වෙන එක.මනුෂ්‍යයාගෙ අනාගතය නිර්මාණය කරන්න සහය වෙන එක මහා ලොකු කැප කිරීමක්..වීර කමක්.

1957 නොවැම්බර් තුන් වෙනිදා ස්පුට්නික් දෙක යානය අභ්‍යවකාශ ගත වෙනවා කසකස්තානයේ බයිකොනූර් වලින්.( Baikonur - kasakastan )
ඒ වෙද්දි කසකස්තානය සෝවියට් රුසියාවට අයිති රාජ්‍යයක්.

ස්පුට්නික් දෙක සාර්ථකව ගුවන් ගත වෙලා කක්ශ ගත වෙනවා.මාස පහක් ඇතුලත ස්පුට්නික් 2 ලෝකය වටේ දෙදහස් පන්සිය හැත්තෑ වාරයක් යනවා. හරියටම දවස් 162 කට පස්සෙ ස්පුට්නික් ආපහු එනවා.

ලයිකා ජාතික වීරයෙක් නොවේ ලෝක වීරයෙක් බවට පත් වෙනවා.
අභ්‍යවකාශ ගතවූ පලමූ ජීවියා ගැන විවාද තියෙනවා.මුනිවරු..දෙවිවරු..සුරංගනාවො වගේ බොහෝ අයගෙ නම් අතරේ ඒ තැන හිමි වෙන්නෙ පුංචි බැල්ලකට.එයාගේ නම ලයිකා.❤️ සමහර වාර්තා වලට අනුව ලයිකා දවස් පහක් වගේ ජීවත් වෙලා තියෙනවා.
ඒකෙ වගක් නෑ..එයා වීරයෙක්..

මිනිස්සු වෙනුවෙන් ඩී එන් ඒ ගොතන මීයා ගැන අපි දවසක් කතා කළා.ලයිකා වගේම හාවන් ගිනි පිග්..වඳුරන්..ලේනුන් වගේ මිලියන ගානක් සත්තු මිනිසාගේ හෙට දවස වෙනුවෙන් තමන්ගෙ ජීවිතය දෙනවා. ඒක තමා මනුෂ්‍ය ශිෂ්ඨාචාර ගොඩ නැගෙන විදිහ.

අද සංචාරකයන් අභ්‍යවකාශයට යනවා විනෝදයට.මිනිස්සු අඟහරු ලෝකේ ජනපද හදන්න කතා කරනවා.මිනිස්සු..හෝමෝ සේපියන්ස්ලා හරි දියුණුයි.ඒ අය වෙනත් ග්‍රහලෝක හොයාගෙන කොස්මෝ වලාකුළු අස්සෙ ඈතට ගමන් කරාවි.ඒ විතරක් නොවෙයි අනාගතේ මිනිස්සු මිනිස්සු අතරම අභ්‍යවකාශයේ යුද්ධ ඇති වේවි."ලයිකා".. සදාකාලික වීරයෙක් ඒ අය කියනවා.

මේ මොහොතේ දහස් ගානක් චන්ද්‍රිකා පෘථිවිය වටේ කැරකෙනවා...ඉදලා හිටලා පුංචි එලි පේනවා.අවුරුදු 67 කට කලින් මේ පොඩි එකී හිටපු යානෙත් මේ වගේ කැරකෙන්න ඇති.

ලයිකාගෙ සිරුර හෝ සොහොන ගැන අපට කිසිවක් හොයාගන්න බෑ.නමුත් මොස්කව් වීදියක් අයිනෙ ලයිකාගෙ පිලිමයක් තියෙනවා බොහොම අපූරු... මෑත කාලෙ ඉදිකරපු.කොහොම උනත් වීදිය කියන්නෙ ලයිකාගෙ ගෙදර.

ස්තුතියි ලයිකා..වෙන මොනවා කියන්නද.?

#උපුටාගත්තකි

Wish to *cover the syllabus early* ?Here is the class you were seeking for !!!We are starting..🦠 *Microbiology - Unit 9*...
28/06/2024

Wish to *cover the syllabus early* ?
Here is the class you were seeking for !!!

We are starting..

🦠 *Microbiology - Unit 9*

Join me every *Sunday at 7:30 PM* to delve into microbiology

https://us06web.zoom.us/j/3794877138?pwd=eUxVTlVKY2ZrZGJJaWpIUHJsQXVCQT09

💬Drop a text to confirm your attendance : 075 2731 400

Kalpani Sandanayake
Your Biology teacher

Physical classes at,

Susipwan - Gampaha
Sailing Pen - Nugegoda
Headway - Negombo

Address

Susipvan Higher Education Center
Gampaha
11870

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Susipvan Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share