Navita Academy

Navita Academy QS Consultancy • BOQ • Estimates • Cost Planning
Construction Education & Training

Navita Academy provides professional Quantity Surveying (QS) consultancy and construction education. Services:
* BOQ preparation
* House & building cost estimates
* Material takeoffs
* Tender documentation
* Cost planning & value engineering
* Construction advice & guidance

24/09/2026
12/09/2026

Standard Method of Measurement II - සම්මත මිනුම් ක්‍රම II



මේ සම්බන්ධ පලවෙනි ලිපිය බලන්න ඇති. අපි එදා කතා කලා සම්මත මිනුමක් කියන්නෙ මොකක්ද?. ඒකෙන් වෙන්නෙ මොනවද හා එහෙම එකක් භාවිතයේ ඇති වාසි. අද අපි කියන්න යන්නෙ විවිධ වර්ගයේ සම්මත මිනුම් ක්‍රම ගැනයි.

විවිධ රට වල එම රටට ගැලපෙන විදිහට මේ සම්මත මිනුම් ක්‍රම සකස් කරගෙන තියෙනව.ඒ වගේම ව්‍යාපෘතියේ ස්වභාවය අනුවත් මේ සම්මත මිනුම් ක්‍රම වෙනස් වෙනව. උදාහරණයක් විදිහට කීවොත් විදේශ මූල්‍ය ආධාර හෝ විදේශීය උපදේශන ආයතනයක් විසින් මෙහෙයවන ව්‍යාපෘතියක්නම් අපිට ශ්‍රී ලංකාවේ භාවිතා වන විදියට නෙමෙයි කරන්න වෙන්නෙ. නමුත් මම හිතන විදියට ඔයාල දිගටම මේ ලිපි පෙලත් එක්ක ඉගෙනගත්තොත් ඒ ඕනම එකක් භාවිතා කරන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනව.පොඩි වෙනස් කම් විතරයි තියෙන්නෙ මේවගෙ.

විවිධ වර්ගයේ සම්මත මිනුම් ක්‍රම

📗📘📙Sri Lanka Standard 573 : 1999 – Standard Method of Measurements of building works

🔖🔖ICTAD ආයතනය විසින් (දැන් CIDA) මෙය SLS ප්‍රමිතියට අනුව සකසා ඇත. අවසන් වරට 1999 වසරේ ශෝධනය කර ඇත.

🔖🔖ශ්‍රී ලංකාවේ සියළු ව්‍යාපෘති සඳහා යෝග්‍ය වේ.

🔖🔖ගොඩනැගිලි වැඩ සඳහා පමණක් භාවිතා කරයි. ඒ කියන්නෙ සිවිල් වැඩ සඳහා භාවිතා කරණු නොලැබේ. සිවිල් වැඩ කියන්නෙ පාරවල්, පාලම්, බෝක්කු වගේ ඒව. උදාහරණයක් ලෙස අපි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් නිවසට ජල සැපයුම ගන්නවනම් අපගේ ජල මීටරය තෙක් සිවිල් වැඩ ලෙස හදුන්වනව. ජල මීටරයෙන් පසු අපිට SLS 573 එකෙන් මනින්න පුළුවන්.

🔖🔖SMM7 සම්මත මිනුම් ක්‍රමයේ ආකාරයටම වගේ තමයි තියෙන්නෙ. CESMM4 එකේ ආභාශයත් ලබාගෙන තමයි ශ්‍රී ලන්කාවට ගැලපෙන්න මේක හදල තියෙන්නෙ.

📗📘📙Standard Method of Measurement of Building Works Seventh Edition (SMM7)

🔖🔖Royal Institution of Chartered Surveyors (RICS) ආයතනය විසින් මෙය සකසා ඇත. අවසන් වරට 1998 වසරේ ශෝධනය කර ඇත.

🔖🔖ගොඩනැගිලි වැඩ සඳහා බොහෝ රට වල භාවිතා කරයි.

🔖🔖දත්ත පැහැදිලි ලෙස ඉදිරිපත් කර තිබීම නිසා වඩා නිවැරදිවත් සාධාරණවත් භාවිතා කල හැකිය.

📙📘📗Civil Engineering Standard Method of Measurement Fourth Edition (CESMM4)

🔖🔖The Institution of Civil Engineers (ICE). ආයතනය විසින් මෙය සකසා ඇත. අවසන් වරට 2012 වසරේ ශෝධනය කර ඇත.

🔖🔖සිවිල් වැඩ සඳහා භාවිතා කරයි.

📗📘📙New Rules of Measurement (NRM)
මෙහි වෙළුම් 3කින් සමන්විතයි. NRM 2 මැනුම් කිරීමට භාවිතා වේ.

📙NRM1: Order of cost estimating and cost planning for capital building works.

📙NRM2: Detailed measurement for building works (replacing the Standard Method of Measurement, seventh edition SMM7).

📙NRM 3: Order of cost estimating and cost planning for building maintenance works.

📙📘📗Principles of Measurement (International) for work of construction (POMI)

🔖🔖Royal Institution of Chartered Surveyors (RICS) ආයතනය විසින් මෙය සකසා ඇත. 1979 සිට පලකිරීම භාවිතා වෙයි.

🔖🔖ඉතා සරල ලෙස සකසා ඇත.

ඉහත සඳහන් සම්මත මිනුම් ක්‍රම තමයි බොහෝ විට භාවිතා වන්නේ. ඒවගෙ පොත් තියෙන අය බෙදාගන්න කැමතිනම් අපේ Navita Academy page එක හරහා බෙදා ගන්න පුළුවන්.

රට රටවල් වලට ගැලපෙන්න හදාගත්තු සංස්කරණත් තියෙනව. ඒව ගැන දන්න අයත් අපේ Navita Academy page එකේ හරි Navita Group Facebook Group එකේ හරි පල කලොත් අනික් අයටත් දැනගන්න පුළුවනි.

නැත්නම් අපිට Email කරන්න. ලිපියක් විදිහට අපි පල කරන්නම්.

ලිපියේ හොද නරක හා ඔයාලගෙ අදහස් පහලින් Comment කලොත් වඩා ගුණාත්මක ලිපි ඉස්සරහට ඔයාලට දෙන්නත් පුළුවන් වෙයි.

©මධුසංඛ ජයලත්

09/09/2026

Prequalification of Bidders

මොකටද මේව?
ඇයි මේව බලන්නෙ?

පලවෙනි comment එකේ විස්තරේ බලන්න

30/08/2026
26/08/2026

Tender Submit කරද්දී Original, Photocopy, Scan & Excel Soft Copy 4ම ඉල්ලන්නේ ඇයි? 📄💾🛑
‎
‎Tender එකකට Bids දානකොට Hard Copies විතරක් මදිව Pen Drive එකක Excel BOQ එකයි Scan Copies 3ම ඉල්ලන්නේ පාලුවට නෙමෙයි!

මේ එක එක Document Format එක පිටුපස විශාල Legal & Technical හේතුවක් තියෙනවා.
‎
‎අද වීඩියෝවෙන් දැනගන්න:

‎1️⃣ Original Copy: Wet-ink Signature එකයි Bid Security එකයි තියෙන Main Legal Document එක.

‎2️⃣ Photocopies: Evaluation Committee එකට එකපාර Review කරන්න දෙන Working Copies.

‎3️⃣ Excel Soft Copy: Rates සසඳන්න සහ Arithmetic Errors තත්පරයෙන් අල්ලගන්න Evaluator QSs ලාට නැතුවම බැරි Tool එක.

‎4️⃣ Scanned PDF: Security සහ Future Audit වෙනුවෙන් තියාගන්න Digital Proof එක.
‎
‎⚠️ QS Tip: Tender Instructions වල මේවා සඳහන් කරලා තියෙද්දී එකක් හරි අමතක වුණොත් ඔයාගේ Tender එක Disqualify (Non-Responsive) වෙන්න පුළුවන්!
‎
‎👇 ඔයාගේ Comment එක දාගෙන යන්න:
‎ඔයා Submit කරපු Tenders වලදී මෙන්න මේ Soft Copy Discrepancies නිසා ප්‍රශ්න ඇවිත් තියෙනවද?
‎
‎🎓 NAVITA ACADEMY | NAVITA QS SOLUTIONS
‎
‎Your Practical Partner in Quantity Surveying & Construction Management
‎
‎📞 Inquiries: 071 246 9098
‎
‎

23/08/2026

Cover letter එකක් නැතුවද ඔයත් Bid එක Submit කරන්නෙ?

Cover letter එකක් කියන්නෙ මොකක්ද? ඇයි එහෙම එකක් දෙන්නෙ කියල ඔයාට Basic idea එකක් ගන්න මේ video එකේ කතා කරනව.

මේ short video දාන එකේ අරමුණ මේ point වල හරය තේරුන් කරන එක. මේව ගැඹුරට කතා කරන්න ඕන දේවල්. සරල අදහසක් තමයි මේ video series එකෙන් කරන්නෙ.

වැඩි දුර අපි comment section එකේ කතා කරන්න.

මේ video series එක ගැන ඔයාලගෙ අදහසුත් comment එකක් දාගෙන යන්න.

Address

Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Navita Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Navita Academy:

Shortcuts

Share

Category