Baby bee Pre-School

Baby bee Pre-School To create a learning action plan that focuses on the on the overall development of a child with know

07/05/2021

🔴🔴 දරුවෙකුගේ අකීකරුකම සහ නොසන්සුන්කම සදහා විසදුම් 🔴🔴

👉 ඔබේ දරුවාත් ඔබ කතා කරන විට නෑසුනා සේ ඉන්නවාද ?....

👉ඔබ කොතරම් ශබ්ද නගා කතා කලත් ඔබ නොතකා ඉන්නවාද?...

🔸දරුවන් තුල යම් යම් අකීකරුකම් තිබෙනවා. එය එතරම් ලොකු ගැටලුවක් නොවෙයි. එය දරුවන්ගේ ස්වභාවයයි.

🔺නමුත් ඇතැම් දරුවන්ගේ අකීකරුකම් මින් ඔබ්බට ගිහින් දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් ගැටලුකාරී තත්වයන් ඇති කරන අවස්තා තිබෙනවා.

🔺එනම් " කියන කිසිම දෙයක් මේ දරුවා අහන්නේ නෑ කියලා " ඉතා දරුණු විදිහට දරුවා චෝදනාවට ලක්වන අවස්ථාවනුයි මේ.

🔺මේ තත්ත්වය පිලිබදව දෙමව්පියන් ලෙස අපි සැලකිලිමත් වී සොයා බැලිය යුතුයි.

🔺මෙම අකීකරු තත්ත්වය මත දරුවා අපි කියන කිසිම දේකට ඇහුම් කන් දෙන්නේ වත් අපට අවශ්‍ය විදිහට එනම් අපගේ කාල සටහන් අනුව වැඩ කරන්නනේ වත් නැති වීමයි.

🔺දරුවා දිගින් දිගටම ඇහුම් කන් නොදෙන කාරණය මත දෙමව්පියනුත් අධ්කව තරහා යාම් ඇති වෙනවා. ඉන්පසු දරුවනුත් දෙමව්පියන්ගේ හමුවේ තව තවත් අකීකරු වීමට පටන් ගන්නවා.

🔸ඒ වගේම සමහර දරුවන් දෙමව්පියන් හොදින් කිව්වම අහනවා , නැත්නම් සැර කලාම අහනවා, ඉන් ඔබ්බට ගිහින් දඩුවම් දෙන බවට අනතුරු ඇගෙව්වොත් කොහොමත් ඇහුම් කන් දෙනවා.

🔺නමුත් මේ සීමාවෙන් පිට පැන්න දරුවෙක්ට මනෝවෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා.

🔺නමුත් දෙමව්පියන් ආච්චි සීයා ගොඩාක් වෙලාවට මේ දරුවට ඇති ලෙඩක් නෑ, කියන අයට ගිහින් බෙහෙත් ගන්න කියන්න. මෙයාගේ තාත්තත් පොඩි කලේ ඔහොම තමයි , නැත්නම් මාත් පොඩි කාලේ ඔහොම තමයි , ලොකු වෙනකොට ඕවා හරියනවා කියලා නොසලකා හරින්නවා.

🔴 නමුත් මෙලෙස කුඩා කාලයේ ඇතිවන අධ්ක අකීකරුකම එම දරුවන්ගේ මනස තුල ලොකු වන විට ඉතා උග්‍ර මානසික හැසිරිමක දක්වා වර්ධනය වන්න පුලුවන්.

🔹මනෝවිද්‍යාත්මකව මෙය හදුන්වන්නේ දෙමව්පියන්ගේ සංරක්ෂණ ප්‍රයෝගයක් ලෙසයි.

🔺ගොඩාක් අම්මලා තාත්තලා දන්නවා දරුවන් මේ ආකාරයට අකීකරු වීමට තමන් අතේත් හේතු ඇති බව.

🔺එනම්,

📍දෙමව්පියන් හා දරුවන් අතර හොද පවුල් වට පිටාවක් ගොඩ නැගී නොතිබීම. දෙමව්පියන් දෙදෙනාගෙන් එක් අයෙක් හෝ දරුවාගෙන් දුරස්තව සිටීම.

📍දෙමව්පියන් නිතර දරුවන් ඉදිරිපිට අඩ දබර ඇති කර ගැනීම.

📍ආච්චි හෝ සීයා දරුවන්ට අනවශ්‍ය ආකාරයට තෑගි බෝග දී නරක් කිරීම.

🔺මේ ආකාරයෙන් අකීකරු වූ දරුවෙක් මනෝවෛද්‍ය උපදෙස් සදහා යොමු කරවීමට දෙමව්පියන් ලෙස ඔබ ලැජ්ජා වීයයුතුවත් පැකිලිය යුතුවත් කරණාවක් නොවේ.

🔸දරුවාට ඇත්තේ සුලු අකීකරු තත්වයක් නම් ඔබට මනෝ උපදේශන මත එම තත්ත්වය මගහරවා ගැනීමට හැකියි.

🔸එනම් දෙමව්පියන්ගේ සහ දරුවන් බලාගන්නා අයගේ හැසිරීම් දරුවා සමග කටයුතු කිරීමේදී වෙනස් කර ගැනීම මගින් දරුවාගේ අකීකරු තත්වය මග හරවා ගැනීමයි.

📍නමුත් ඇතැම් දරුවන් තමන්ට අවශ්‍ය දේ ඉටුවන තෙක් ඉතා දරුණු ලෙස අඩමින් කෑ කෝ ගසමින් දෙමව්පියන්ගේ ඇදුම් වල එල්ලෙමින් මහ පාරේ හෝ තමා සිටින තැන බිම පෙරලෙමින් දෙමව්පියන් අපහසුතාවයට හා ලැජ්ජාවට පත් කරමින් නොනවත්වා හඩනවා.

📍අනුන්ගේ ගෙදරක නම් පුටු උඩ නගිමින් ගෙදර බඩු අදිමින් අකීකරුව දෙමව්පියන් නෑසුන ලෙස හැසිරෙනවා.

🔺මේ දරුවාගේ සාමන්‍ය මට්ටමෙන් දරුවා ඔබ්බට ගොස් ඇති අවස්ථාවකි. නමුත් අන් අයගේ හැසිරීම් වෙනස් කර ගැනීමෙන් පාලනය කර ගැනීමට ද ඉඩ කඩක් පවතී.

🔵 එමෙන්ම ඊට අමතරව දරුවාට මනෝවෛද්‍ය උපදෙස් ලබාදීමට අවශ්‍ය වීමේ තත්වයක් ඇති වී තිබෙන්න පුලුවන්. මනෝවෛද්‍ය උපදෙස් මත දරුවාට,

🔸සැහැල්ලු වීමේ ප්‍රතිකාර
🔸සංගීත ප්‍රතිකාර
🔸ත්‍රිත්ව ප්‍රතිකාර
🔸නර්තන ප්‍රතිකාර
🔸මනෝ නාට්‍ය ප්‍රතිකාර මගින් සුව කර ගත හැක.

🔺ඉන් ඔබ්බට ගිය දරුවෙක් ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්නුම් කරනවා. එනම්,

📍කිසි විටකත් කාටවත් ඇහුම් කන් නොදී තරහා ගනිමින් අඩමින් තමන්ගේ ඇදුම් ගලවා විසිකර නිරුවතින් සිටීමට උත්සහ ගන්නවා .

📍තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ සෙල්ලම් බඩු හෝ නිවසේ බඩු කඩා සී සී කඩ විසිකර දමනවා.

📍මොන තරම් සැර කලත් මූණ සෝද ගන්න , දත් මද්දන්න, කෑම කන්න, ඇදුම් ඇදගන්න දරුවා යොමු කරගැනීමට අපහසුයි.

📍ඇහුම්කන් දෙන්නේ නෑ, කරදර කරනවා, වචන වලට කීකරු නෑ, පැනලා දුවනවා.

🔺මෙය අවධාන අධ්ක්‍රියා මනසික රෝගී තත්වය දක්වා ගොස් හෝ ඊට ආසන්න අවස්ථාවයි.

🔺මෙහිදී මනෝවෛද්‍ය උපදෙස් මත ,

📍දරුවාට හැකි මට්ටමෙන් මානසික උපදේශන ලබා දීම.

📍දරුවා සමග කටයුතු කිරීමට දෙමව්පියන්ට උපදේශන ලබා දීම.

📍දරුවා සමග කටයුතු කරන ආකාරය ගැන ගුරුවරුන් දැනුවත් කිරීම.

🔺මගින් තත්වය පාලනය කර ගැනීම.තවදුරටත් තත්ත්වය පාලනය නොවන්නේ නම් මානසික ප්‍රතිකාර වලින් ඔබ්බට දරුවාට ඖෂධීය ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය වනවා.

🔺මෙම තත්වයට ප්‍රතිකාර නොකිරීම තුලින් දෙමව්පියන්ට, නීතියට,ආගමික නායකන්ට ඇහුම්කන් නොදී විනාශ වන තරුණ ජීවිත ගොඩ නැගෙනවා. ර්‍ර්ට හේතුව කුඩා කාලයේදී අකීකරු කම් වලට නිසි ප්‍රතිකාර නොලැබීමයි.

✳️✳️ එබැවින් වර්ථමානයේ ඇති පහසුකම් භාවිතාකර මානසික නීරෝගී දරුවකු සමජයට දායද කරමු.✳️✳️

✍️Sandamali Dissanayake.
Admin : MYKID

05/05/2021
01/05/2021
01/05/2021

https://www.saviyenperata.com/ මේ ලින්ක් එක පාසල් දරුවන්ට හැකිතාක් යොමු කරන්න. සෑම විෂයක ම පාඩම් මෙහි ඇත. හැකි පරිදි අධ්‍යනය කිරීමට උපදෙස් ලබා දෙන්න.

30/04/2021
12/04/2021

Address

Gampaha
11000

Opening Hours

Monday 08:00 - 11:30
Tuesday 08:00 - 11:30
Wednesday 08:00 - 11:30
Thursday 08:00 - 11:30
Friday 08:00 - 11:30

Website

Alerts

Be the first to know and let us send you an email when Baby bee Pre-School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category