Asgiriya Junior M. School

Asgiriya Junior M. School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asgiriya Junior M. School, School, Gampaha.

සිනා පිරි ඔබ දුටිමු එක් දිනෙක විදු බිමේදරුවනට මවක මෙනිඔබගෙ සෙනෙහේ  වුණේයලි වැටුනු පිනි පොදයි අස්ගිරිය විදු බිමේනිරෝගී සු...
19/01/2026

සිනා පිරි ඔබ දුටිමු
එක් දිනෙක විදු බිමේ
දරුවනට මවක මෙනි
ඔබගෙ සෙනෙහේ වුණේ
යලි වැටුනු පිනි පොදයි
අස්ගිරිය විදු බිමේ
නිරෝගී සුව පතමු
ඔබ උපන් අද දිනේ!!❤️

අප පාසලේ දියුණුව වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන ,
අප සැමට මවක මෙන් මග පෙන්වන,
ආදරණීය විදුහල්පති තුමියනි...
ඔබට නිදුක් නිරෝගී චිරාත් කාලයක් වැජඹෙන වාසනාවන්ත උපන් දිනයක් වේවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.🙏🎂🎊💐

2026.01.05 වන දින  අකුරු ලොවට අරුණළු රැගෙන ආ අමුත්තෝ වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදී.මෙම උත්සව අවස්ථාවට සම්බන්ධ වූ ගංගාරාම...
10/01/2026

2026.01.05 වන දින අකුරු ලොවට අරුණළු රැගෙන ආ අමුත්තෝ වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදී.
මෙම උත්සව අවස්ථාවට සම්බන්ධ වූ ගංගාරාම විහාරස්ථානයේ විහාරවාසී ස්වාමීන් වහන්සේට පාසල වෙනුවෙන් කෘතඥ පූර්වක ස්තුතියි පුදකර සිටිමු. 🙏🙏
එමෙන් ම අප පාසලට සපැමිණි බප/ මිනු/පොල්වත්ත රතනසාර මහා විද්යාලයේ විදුහල්පති K.M.S.L. බණ්ඩාර මහතාට ද බප/ මිනු/ අස්ගිරි වල්පොල විදුහල්පතිනිය P.K. ශාන්ති මහත්මියට ද විද්‍යාලයේ ගෞරවනීය ස්තුතියි පුදකර සිටිමු.💐💐
එමෙන් ම අස්ගිරිය ගුරු මාතාවට වසර ගණනක් නියමුවන් වූ විශ්රාමික විදුහල්පති L.A. රත්නදාස මහතාට ද විශ්රාමික පූර්ව නිවාඩු ලැබ සිටින අප පාසලේ ගණිතය ආචාර්ය A.H.L.T.D. සිරිවර්ධන මහතාට ද විද්‍යාලයේ ගෞරවනීය ස්තුතියි පුදකර සිටිමු.🌻🌼
එමෙන්ම මේ අවස්ථාවට සහභාගී වූ දයා සමූහ ව්‍යාපාරයේ ( ඉවත් වූ ) සේවක මණ්ඩල මඩුල්ලේ සාමාජිකයින් වන කමල් ගමගේ මහතාට ද, නිලේඛා මහත්මිය ටද, සංජීවි මහත්මියට ද විද්‍යාලයේ ගෞරවනීය ස්තුතියි පුදකර සිටිමු.🌹🌹
නිවේදන කටයුතු වලින් සහයෝගය ලබාදුන් සුජීව කළුගම්පිටිය මහතාටද විද්‍යාලය වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමු🌾🌷
උත්සව වැඩ කටයුතු වෙනුවෙන් අපට සහයෝගය ලබා දුන් අපේ පාසලේ අධ් යයන අනධ් යයන කාර්ය මණ්ඩලයට ද ආදරණීය දරු දැරියන්ටද පාසලට නිරන්තරයෙන් ශක්තියක් වන දෙමව්පියන්ට ද නන් අයුරින් උදව් උපකාර කර සියලූම දෙනාටද පාසල් ප්රජාව වෙනුවෙන් අපගේ කෘතඥ පූර්වක ස්තුතිය පුදකර සිටිමු🌸🌸🌸
එමෙන්ම පෙර පාසල් දරුවන් වෙනුවෙන් ආහාර පෙට්ටි සහ සෙල්ලම් උපකරණ ලබා දුන් දයා සමූහ ව්‍යාපාරයේ සේවය කළ උදේනි අබේකෝන් මෙනවියට ද 😍
පෙර පාසල් දරුවන් වෙනුවෙන් පොත් බෑග් සහ පොත්පත් ලබාදීම වෙනුවෙන් ලෝචන සෙනෙත් මහතා සහ එම මහත්මියට ද🥰
1 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් පොත් බෑග් සහ පොත් පත් ලබාදීම වෙනුවෙන් මධුර අසංක මහතා සහ මහත්මියට ද 🤩
2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා සියලූම දරුවන් වෙනුවෙන් පොත්පත් ලබාදීම සහ අයිස්ක්‍රීම් ලබාදීම වෙනුවෙන් සමූහ ව්‍යාපාරයේ සහෝදර එකමුතු හවුල (ඉවත් වූ) ටද😘
2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා සියලූම දරුවන් වෙනුවෙන් පොත් බෑග් ලබාදීම වෙනුවෙන් චමිලා හේරත් මහත්මියට ද දේශාන් වතුහේවා මහතා සහ මහත්මියට ද සකුන්තලා මහත්මියට ද බුද්ධික ආසිරි මහතාටද පාසල වෙනුවෙන් අනේක වාරයක් ස්තුතිවන්ත වෙමු.☺🙏🙏
අප පාසලට යෝධ ශක්තියක්, සෙවනැල්ලක්, සහ විශ්වාසයක් ලෙස සැමවිටම අප සමඟ සිටින අරවින්ද ජයවීර මහතා අමතක කළ නොහැකි චරිතයකි. 💜💪අප දරුවන්ගේ සිනාමුසු මුහුණු, අනාගතයට ඇති බලාපොරොත්තු සහ අධ්‍යාපනයට ලැබෙන වටිනාකම පිටුපස එතුමාගේ නිහතමානී, නිශ්ශබ්ද සේවය අතිමහත්ය. “අකුරු ලොවට අරුණළු රැගෙන ආ අමුත්තෝ” වැඩසටහන සාර්ථක වීමටත්, අප දරුවන්ගේ දෑත් පොත්පත් හා අධ්‍යාපන උපකරණ පුරවීමටත් එතුමා කළ කැපවීම අපට කිසිදා අමතක කළ නොහැක.💐🌻දරුවන් වෙනුවෙන් හදවතින් සිතන, කටයුතු කරන, අප පාසලට සැබෑ මිතුරෙකු වූ එතුමාට විද්‍යාලය වශයෙන් මේ මොහොතේ අපගේ ගෞරවයත්, හෘදයාංගම ස්තුතියත් පුදකර සිටිමු. 🙏💙
💙 එක්ව වැඩ කළාට, එක්ව සිතූවාට, එක්ව දරුවන්ගේ අනාගතය ආලෝකවත් කළාට — ඔබ සැමට ස්තුතියි!💙💜💞💕💓

ජීවන මං තලාවේතවත් කඩඉමක් පසුකර යන සුපින්වත් ගුරුතුමියණි...ඔබේ සිනහ පිරුණු මුව මඬල ලෙන්ගතු හදේ රැඳුණු කරුණාව,දයාව, ත්‍යාග...
09/01/2026

ජීවන මං තලාවේ
තවත් කඩඉමක්
පසුකර යන
සුපින්වත් ගුරුතුමියණි...
ඔබේ සිනහ පිරුණු
මුව මඬල
ලෙන්ගතු හදේ රැඳුණු කරුණාව,
දයාව, ත්‍යාගශීලි බව
අමතක නොවේ කිසිදා අප සැමට

ජීවන මාවතේ
වාසනාවන්ත දිගු ගමනක්
යන්නට ....
හදවතින්ම පතන්නෙමු
සුභ පැතුම් ඔබට ...
සුභ උපන්දිනයක් වේවා...🎂❤️💐🎊

09/01/2026

Happy Cooking 😊 | Grade 6

ගම්පහ පොලිස් ස්ථානය සමඟ එක්ව ඩෙංගු මර්දනය උදෙසා පැවැත්වූ ශ්‍රමදාන වැඩසටහනක් හා සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව ක...
09/01/2026

ගම්පහ පොලිස් ස්ථානය සමඟ එක්ව ඩෙංගු මර්දනය උදෙසා පැවැත්වූ ශ්‍රමදාන වැඩසටහනක් හා සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක විය.
මෙම වැඩසටහන ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානධිපති මොහාන් ද සිල්වා මහතා, ප්‍රජා පොලිස් ස්ථානධිපති W.A.A.P. ප්‍රියන්ත මහතා, 106533 අංක දරණ පොලිස් කොස්තාපල් නිලධාරී මහතා ඇතුළු නිලධාරී මහත්මයන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
ඔවුන් සියලු දෙනාට විද්‍යාලයේ විශේෂ ස්තුතිය මෙසේ පුද කරමු. 🙏

👉 2026 වර්ෂය සාර්ථක කරගැනීම සඳහා රාජකාරී භාරගත් අපගේ කාර්ය මණ්ඩලය.... ඔබ සියලුදෙනාගේ සේවය අප පාසලට ශක්තියකි. 🌸👏
08/01/2026

👉 2026 වර්ෂය සාර්ථක කරගැනීම සඳහා රාජකාරී භාරගත් අපගේ කාර්ය මණ්ඩලය.... ඔබ සියලුදෙනාගේ සේවය අප පාසලට ශක්තියකි. 🌸👏

👉 2026 අධ්‍යයන වර්ෂය ආරම්භ කරමින්,  බටහිර අස්ගිරිය ගංගාරාම විහාරස්ථානය ශුද්ධ පවිත්‍ර කර ආශිර්වාදය ලබාගත් අපගේ ශිෂ්‍ය ශිෂ...
08/01/2026

👉 2026 අධ්‍යයන වර්ෂය ආරම්භ කරමින්, බටහිර අස්ගිරිය ගංගාරාම විහාරස්ථානය ශුද්ධ පවිත්‍ර කර ආශිර්වාදය ලබාගත් අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, තෙරුවන් සරණින් නුවණින්, විනයෙන් හා සාර්ථකත්වයෙන් පිරි අධ්‍යාපන වර්ෂයක් ලැබේවා!! 🙏✨📚

සිසුන්ගේ සෞඛ්‍යය හා ශක්තිය වර්ධනය කරන පාසල් ශරීර සුවතා වැඩසටහනේ තවත් දිනයක්😍😍😍
08/01/2026

සිසුන්ගේ සෞඛ්‍යය හා ශක්තිය වර්ධනය කරන පාසල් ශරීර සුවතා වැඩසටහනේ තවත් දිනයක්😍😍😍

පසුගිය ඔක්තෝබර් මස කොළඹ ආනන්ද විදුහලේ පැවැති ජාතික ඉංග්‍රීසි කෙටිකතා තරඟයේදී අප පාසලේ ඉංග්‍රීසි විෂය භාර ආචාරණී රෝහිණී ස...
07/01/2026

පසුගිය ඔක්තෝබර් මස කොළඹ ආනන්ද විදුහලේ පැවැති ජාතික ඉංග්‍රීසි කෙටිකතා තරඟයේදී අප පාසලේ ඉංග්‍රීසි විෂය භාර ආචාරණී රෝහිණී ස්වර්ණලතා මහත්මිය සමස්ත ලංකාවෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් බව ඉතා සතුටින් දන්වා සිටිමු. 🏆📖
එම ජයග්‍රාහී කෙටිකතාව ඉදිරි දිනයකදී ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් පොතක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද දන්වා ඇත.😍😍
අප පාසලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස මෙවැනි විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම පාසලටම ගෞරවයක් වන අතර, එතුමියගේ ඉදිරි කටයුතු සියල්ලටම හදවතින්ම සුබ පැතුම් පළ කර සිටිමු. 🌟👏

“මල් පිපෙන පුංචි ජීවිත” පාසල් විසිතුරු මල් වගාව  ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී..😍🌷💐🌹🍁
07/01/2026

“මල් පිපෙන පුංචි ජීවිත” පාසල් විසිතුරු මල් වගාව ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී..😍🌷💐🌹🍁

🌈 පාටින් අලුත් වුණු අපේ ඉස්කොලේ 🌈පාසලට නව ජීවයක් එක් කරමින්,සිසු දරු දැරියන්ගේ හිනාවන්ට පාට එකතු කරමින්,පාසලේ බටහිර අස්ග...
07/01/2026

🌈 පාටින් අලුත් වුණු අපේ ඉස්කොලේ 🌈
පාසලට නව ජීවයක් එක් කරමින්,
සිසු දරු දැරියන්ගේ හිනාවන්ට පාට එකතු කරමින්,
පාසලේ බටහිර අස්ගිරිය සුහද මිතුරු සාමූහිකත්වය විසින්
දරු දැරියන්ගේ ඩෙස් පුටු වර්ණවත් කර දුන්
මේ උතුම් සේවයටත්,
මෙම සත්කාරයට උර දුන් සියලු දෙනාටත්
අප සැමගේ ගෞරවයත්, කෘතඥතාවත් පුද කරමු 💐
🌟 ඔවුන් සම්බන්ධ කර ගැනීමට මැදිහත් වූ
අප පාසලේ කල්‍යාණි ගුරු මහත්මියට
🌟 උරෙන් උර ගැටෙමින් කටයුතු කළ
පාසලේ සේවය කරන සංජීව මහතාටත්, කාවින්ද මහතාටත්
🌟 3 ශ්‍රේණියේ දරු දැරියන්ගේ
ආදරණීය දෙමව්පියන්ටත්
අප පාසල වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය 💖
සියල්ල සාර්ථකව සිදු වීමට මඟ පෙන්වමින්,
සියලු සම්බන්ධීකරණය සිදු කළ
අපේ ආදරණීය විදුහල්පතිතුමියටත්
අප සැමගේ ගෞරවයෙන් පිරි ස්තුතිය 🙏
🌼 එකමුතුවෙන්, කැපවීමෙන්, ආදරයෙන්
නැගී එන අපේ පාසලට
මෙවන් උතුම් මිනිසුන්ගේ සේවාවන්
අප පාසලට විශාල ශක්තියක් වේ 🌼

🎄✨ නත්තලේ සෙනෙහස අප පාසලේ පුංචි හදවත් වෙතට.. ✨🎄2025.12.25 දින, නත්තලේ සෙනෙහස, ආලෝකය සහ සතුට ✨❤️ අප පාසල් භූමිය පුරා විහි...
07/01/2026

🎄✨ නත්තලේ සෙනෙහස අප පාසලේ පුංචි හදවත් වෙතට.. ✨🎄

2025.12.25 දින, නත්තලේ සෙනෙහස, ආලෝකය සහ සතුට ✨❤️ අප පාසල් භූමිය පුරා විහිදී ගිය අමතක නොවන දිනයක් විය. නත්තලේ සත්‍ය අර්ථය වූ බෙදාගැනීම හා ආදරය 🤝❤️ අපේ පුංචි දරුවන්ගේ සිනාවන් 😊 තුළින් ජීවමාන කරමින්, අප පාසලේ 1–5 ශ්‍රේණිවල දරුවන්ට තෑගි 🎁 ලබාදී ඔවුන්ගේ සිත් සතුටින් පුරවා, නත්තලේ සතුට 🎄✨ බෙදාහදා ගැනීමට අප සමඟ එක්වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය 🙏 පුද කරමු.

මෙම උත්සවයට විශේෂ අරුතක් එක් කරමින් 🌟 කොරියානු නත්තල් සීයා ලෙස පැමිණි 🎅🏻 ගම්පහ විදේශීය භාෂා පුහුණු ආයතනයේ උපදේශක 정 잔 서 (චොං චන් සෝ) මහතාටත්, එම ආයතනයේ සේවය කරන ෂෙහාන් මහතාට හා දිලරුක්ෂි මහත්මියටත්, එසේම සංගීතයෙන් 🎶 හදවත් සනසමින් උත්සවයට විශේෂ රසයක් එක් කළ සුප්‍රසිද්ධ කොරියානු ගායන ශිල්පිනි 김 민 영 (කිම් මින් යොන්) මහත්මියටත් අපගේ ගෞරවනීය ස්තූතිය 🌸 පුද කරමු.

මෙවන් අර්ථවත් උත්සවයක් සාර්ථකව යථාර්ථයක් කර ගැනීම සඳහා 🤍 සියලු දෙනා එකට බැඳ, සැලසුම් කරමින් මහත් සේවයක් සිදු කළ නාගානන්ද විශ්වවිද්‍යාලයේ කොරියානු භාෂා අංශයේ කථිකාචාර්ය නන්දන කැකුණවල මහතාටත්, ඒ සඳහා සහාය වූ එම මහත්මියටත්, (1 ශ්‍රේණියේ දිනිති දියණියගේ දෙමාපියන් දෙපළට), 1 ශ්‍රේණිය භාර ශානිකා ගුණරත්න ගුරුතුමියටත්, උත්සවයට සහාය දක්වමින් කැපවූ 4 ශ්‍රේණිය භාර දිනුෂා ගුරුතුමියටත්, අවශ්‍ය සියලු පහසුකම් සලසා දී මේ සෙනෙහෙබර දිනය සැබෑ වීමට මඟ සලසා දුන් අපගේ ආදරණීය විදුහල්පතිනියටත් 🙏 අප බෙහෙවින් කෘතඥ වෙමු.

එමෙන්ම එදින අප පාසල් භූමිය සිනාවෙන් 😊, සතුටින් 😍 හා නත්තලේ ආශීර්වාදයෙන් ✨🎄 පුරවා දැමූ අපේ පුංචි පැටවුන්ටත් 👧🧒, ඔවුන් ආරක්ෂිතව රැගෙන පැමිණ විශ්වාසයෙන් අප වෙත භාරදුන් සියලු දෙමව්පියන්ටත් 👨‍👩‍👧‍👦 අපගේ හදපිරි, හෘදයාංගම ස්තූතිය ❤️🙏 පුද කරමු.

🎄 නත්තල යනු බෙදා ගැනීමයි 🤝 සෙනෙහසයි ❤️ සතුටයි 😊 🎄

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Asgiriya Junior M. School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Asgiriya Junior M. School:

Shortcuts

Share

Category