12/12/2025
Job එකට application එකක් cv එකක් හදනකොට ඔයා මේ වැරදි කරන්න එපා.
Never do followings, when you prepare your CV.
බොහොමයක් දෙනා නොදන්න දෙයක් තමයි අදවන විට බොහොමයක් ආයතන ඔයාලා job එකකට apply කරන්න යවන CV වලන් පලමු interview එක සදහා කරන තෝරාගැනීම් (short listing) ATS ( Application Tracking System) හරහා human සම්බන්ධ වීමකින් තොරව සිදුවන බව.
ඉතින් ඔයාගේ CV එක මේ කියන ATS වලට කියවාගන්න බැරි විදිහට නම් හදලා තියෙන්නේ, එහෙනම් ඔයාට කොච්චර qualifications තිබුනත් ඔයා ට 1st interview එකට chance එකක් හම්බවෙන්නේ නෑ.
අපි කවුරුත් කැමතියිනේ CV එක දැක්කම ඇහැට ලස්සනට, පිළිවෙලට තියෙනවට.
ඉතින් ගොඩක් අය (විශේෂයෙන් Canva වගේ ඒවගෙන් CV හදන අය) මොකද කරන්නේ?
Phone number එක ඉස්සරහට පොඩි ටෙලිෆෝන් අයිකන් එකක් (📞) දානවා.
Email එක ඉස්සරහට ලියුම් කවරයක් (✉️) දානවා.
Skills පෙන්නන්න පාට පාට බාර් (Progress bars) දානවා.
"දැන් නම් මාර Professional පාටයි, HR එකේ අයට ආස හිතෙයි" කියලා අපිට හිතෙනවා.
හැබැයි පොඩ්ඩක් ඉන්න. මම කලින් කිව්වා වගේ, අද කාලේ ලොකු කොම්පැනි වල ඔයාගේ CV එක මුලින්ම බලන ATS රොබෝට (මැෂින් එකට) අපි වගේ ඇස් නෑ. එයාට මේ "ලස්සන" තේරෙන්නේ නෑ.
ඇත්තටම මේ Graphics සහ Icons දැම්මම ATS එකට වෙන්නේ මොකක්ද?
සරලවම කිව්වොත්, මැෂින් එකට පිස්සු හැදෙනවා.
1. අයිකන් (Icons) කියවන්න බෑ: ඔයා දාන ලස්සන ටෙලිෆෝන් අයිකන් එක මැෂින් එකට පේන්නේ කියවන්න බැරි කුණු අකුරක් (Junk character) නැත්නම් හිස් ඉඩක් විදිහට. භයානකම දේ තමයි, සමහර විට ඒ අයිකන් එක නිසා, ඊට එහා පැත්තේ තියෙන ඔයාගේ ඇත්ත Phone Number එකත් මැෂින් එකට කියවගන්න බැරි වෙනවා.
2. ස්කිල් බාර් (Skill/Progress Bars): ඔයාගේ English දැනුම 90% ක් කියලා පෙන්නන්න ඔයා ලස්සන ග්‍රැෆික් බාර් එකක් දැම්මට, මැෂින් එකට ඒක පේන්නේ නිකන්ම පින්තූරයක් විදිහට. ඒකට ඒකේ තියෙන "වටිනාකම" කියවන්න බෑ. ඒ වෙනුවට පැහැදිලිව "English - Fluent" කියලා වචනයෙන් (Text) ලියන්න.
3. ෆොටෝ සහ වෙනත් හැඩතල (Images & Shapes): ඔයා CV එකේ අයිනකින් දාන ලස්සන මල් මෝස්තරය නිසා මැෂින් එකේ අකුරු කියවන පිළිවෙල පැටලෙන්න පුළුවන්.
ප්‍රතිඵලය? ඔයා කොච්චර සුදුසුකම් තිබුණත්, ඔයාගේ Contact Details සහ Skills මැෂින් එකට කියවගන්න බැරි වෙනවා. ඔයා නිකන්ම Reject වෙනවා.
මතක තියාගන්න: CV එකකදි කවදාවත් Graphic Designer කෙනෙක් වෙන්න හදන්න එපා.
සරල බව (Simplicity) තමයි වැදගත්ම දේ. ලස්සන අයිකන් වෙනුවට පැහැදිලි වචන (Text) පාවිච්චි කරන්න.
📞 වෙනුවට "Phone:" කියලා ලියන්න.
✉️ වෙනුවට "Email:" කියලා ලියන්න.