16/07/2023
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ලංකාව ඇතුලෙ Survive වෙන්න පුලුවන් ද ?
ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ මූලිකම පරමාර්ථය ලාභ ඉපයීම. ඉතින් ලාභ උපයන ගමන් survive වෙන්න ප්‍රායෝගික අභියෝග කීපයක් තියනවා.
1. අදාල ආයතන වලින් අනුමැතිය ගැනීම - සයිටම් ආයතනයට වඩා මේ වතාවේ එන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පොකුර ලොකු දේශපාලන පසුබිමක් මත තමයි වැඩේට අත ගහලා තියෙන්නෙ. ඒ ගැන සීතා අරඹෙපොල නෝනා සභාපතිත්වය දරන කමිටුවක් ජනාධිපතිවරයා පත් කරන්නෙ ඒ පසුබිම යටතේ. තව ටික දවසකින් කෙහෙලිය ඉල්ලා අස් වෙලා රාජිතත් ගේම් එකට enter වෙන්න ලොකු ඉඩක් තියනව. ඒ වගේම මේ අනුමැතින් ගන්න 100%ක් නිර්ණායක සම්පූර්ණ කරන එක Business එකක් විදියට ඒ තරම් ලාභදායක වෙන්නෙ නෑ. ඒ නිසා අනිවාරෙන්ම Loopholes වලින් රිංගලා ඒ වැඩ කරගන්න වෙනවා. ඒ වැඩේට සුදුසුම පුද්ගලයෙක් තමයි ලයිසියම් එකේ සභාපති කරගන තියෙන්නෙ. රජයේ වෛද්‍ය පීඨයකින් ඉගන ගෙන මහාචාර්ය වරයෙක් වෙලා ,ජපුර වෛද්‍ය පීඨයේ පීඨාධිපති වෙලා , විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති වෙලා නැවතුන කෙනෙක් තරම් මේ system එකේ Loopholes ගැන දන්නෙ වෙන කවුද ? රජයේ වෛද්‍ය පීඨ වලට තියන සීමිත සම්පත් ටික හීන් නූලෙන් බිලීබාගන්නෙ කොහොමද කියල දන්නෙ වෙන කවුද ?
ඒ වගේම වෛද්‍ය සභාවත් නීතියෙන්ම සෞඛ්‍ය ඇමතිවරයාට අවශ්‍ය විදියට නටවන්න පුලුවන් කමත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ලොකු වාසියක්. එහෙමත් අමාරුම නම් අතීතයේ උනා වාගේ වගේ වෛද්‍ය සභාවට බෝම්බ ගහලා ,වෛද්‍ය සභාවේ සාමාජිකයන්ගෙ ගෙවල් වලට බෝම්බ ගහල ,ඔලුවට පිස්තෝල තියලා හරි අදාල දේ කරගන්න එක Nothing
2. ප්‍රමානවත් ආචාර්ය මණ්ඩලයක් බඳවාගැනීම - ලංකාවේ දැනට වෛද්‍ය පීඨ වල ආචාර්යවරුන් ගේ දැඩි හිඟයක් තියන වටපිටාවක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ආචාර්යවරුන් බඳවාගැනීම ලොකු අභියෝගයක් වෙන්න පුලුවන්. විශ්‍රාම ගිය ආචාර්ය මහාචාර්ය වරු කීප දෙනෙක් විශ්‍රාම සැලසුම් ක්‍රමයක් විදියට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරනකන් කට ඇරගෙන බලාගන හිටියත් ඒ පිරිස සීමිත සහ වයස්ගත නිසා රජයේ වෛද්‍ය පීඨ වලින් ආචාර්යවරු ගලවාගන්න වෙනවා. NSBM සහ Lyceum ආයතන කියල තියන විදියට රජයේ වෛද්‍ය විද්‍යාල වල සේවය කරන අය එයාලගෙ ආයතන වලට ගන්නෙ නැති නිසා රජයේ පීඨ වලට හානියක් වෙන්නෙ නෑ ලු. (හැබැයි රජයේ සේවයෙන් ඉල්ලා අස් වෙලා එන්න පුලුවන් ලු). රජයේ වෛද්‍ය පීඨ වල ආචාර්යවරුන්ටත් ලැබෙන වැටුප සම්බන්ධව ලොකු ගැටලුවක් තියන නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක වැඩි වැටුපක් දුන්නම බහුතරයක් ආචාර්යවරුන් ගලවගන්න එක අමාරු වෙන එකක් නෑ. (දැනටම ජපුර වෛද්‍ය පීඨයේ සේවය කරන ගමන් ලයිසියම් ආයතනය වෙනුවෙන් විධායක කමිටුව නියෝජනය කරන මහාචාර්ය වරුත් ඉන්නවා)
3. උපාධියේ මිල -
ඊලගට මතුවන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි උපාධිය විකුණන මිල.බොහෝ දෙනෙක් කියනවා වගේ වෛද්‍ය අධ්‍යාපනය කියන්නේ හරි ප්‍රමිතිය අනුව දෙනව නම් ඉතා විශාල මුදලක් වැය වෙන උපාධියක්. හැබැයි ලංකාවෙන් වෛද්‍ය අධ්‍යාපනය ලබන්න බෙලරුස් , චීනය ,රුසියාව වගේ රටවලට යන බහුතරයක් වෛද්‍ය පීඨ වල වාර්ශික ගාස්තුව ඩොලර් 4500-6000 අතර අගයක්. ( විදේශගතවන අනිත් උපාධි එක්ක සංසන්දනය කරනකොට අඩු මිලක්) හේතුව තමයි ඒ බහුතරයක් රජයේ වෛද්‍ය විද්‍යාල වීම. ඉතින් "ලංකාව වගේ රටක" ලාභ ඉපයිමට තියෙන ප්‍රායෝගිකම ක්‍රමය ආරම්භයේදී යම්කිසි ප්‍රමිතියක් තියන බව පෙන්වලා අදාල අනුමැතීන් අරගෙන කාලයක් යනකොට බඳවාගැනීම් වැඩිකිරීම සහ ක්‍රමානුකූලව වියදම් කපාහැරීම. (සයිටම් වගේ ).
4. සායනික පුහුණුව - මේක තමයි සයිටම් ආයතනයටත් ආපු ප්‍රධානම ප්‍රශ්නය , ලංකාවෙ සායනික පුහුණුව දෙන්න පුලුවන් ප්‍රමිතියක් තියන රෝහල් තියෙන්නෙ අතේ ඇඟිලි ගානට සහ දැනට ඒ හැම එකක් ම රජයේ වෛද්‍ය පීඨ වල සායනික පුහුණුවට යොදාගන්නවා. රෝහල් පද්ධතිය තුල ඉන්න විශේශඥ වෛද්‍යවරු ප්‍රමානයත් සීමිතයි.සායනික පුහුණුව සම්බන්ධ ගැටලුවෙදී options කීපයක් තියනවා. පෞද්ගලික රෝහල් වල සායනික පුහුණුව ලබා දීම ,රජයේ වෛද්‍ය පීඨ භාවිතා නොකරන කුඩා රෝහල් කීපයක සායනික පුහුණුව ලබා දීම. අනිත් හොඳම option එක තමයි කාලයාගේ ඇවෑමෙන් රජයේ වෛද්‍ය පීඨ භාවිතා කරන රෝහල් වලටත් ශොට් එක දෙන එක.
දැනට ජපුර වෛද්‍ය පීඨයේ සායනික පුහුණුව සඳහා භාවිතා වෙන හෝමාගම රෝහල , වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණුව සඳහා භාවිතා කෙරෙන කුරුණෑගල ශික්ෂණ රෝහල ,රජරට වෛද්‍ය පීඨයේ සායනික පුහුණුව සඳහා භාවිතා වෙන පොළොන්නරුව රෝහල NSBM ,Lyceum සග කොතලාවල හරහා පිහිටුවන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ලබාගැනීමේ උත්සහයක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා.
ඒ වගේම ලංකාවටම එකක් හෝ කීපයක් පවතින ජාතික මානසික විද්‍යායතනය ,පිලිකා රෝහල , ලිංගාශ්‍රිත රෝග ,හෘද රෝග ,අක්ෂි රෝග , වකුගඩු රෝග ආදී විශේශිත ඒකක දැනටමත් රජයේ වෛද්‍ය පීඨ වල අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් යොදාගැනෙන අතර ඒවාටත් පෞද්ගලික වෛද්‍ය පීඨ වල ශිෂ්‍යයන් පැටවීමෙන් රජයේ වෛද්‍ය පීඨ වල අධ්‍යාපනයට ලොකු බලපෑමක් කරන්න පුලුවන්
5. සුජාතභාවයක් පෙන්වීම - Lyceum ,NSBM ,Gateway ලාබ ලැබීම වෙනුවෙන් ම පිහිටවපු ආයතන වුනත් ඔවුන් සඳහන් කරන්නේ ලාබ නොලබන ආයතන විදියට. ඉතින් ඒ සුජාතභාවය පෙන්නන්න බඳවාගන්න අඩු ප්‍රතිපල සහිත කොටසට අමතරව හොඳ ප්‍රතිපල සහිත කීප දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දෙන්න පුලුවන්. සයිටම් ආයතනයේ ප්‍රමිතිය ගැන ගැටලු ආවම ඒ වගේ පිරිසක් තමයි ඉස්සරහට දාලා පෙන්නුවේ.
ඒ වගේම අලුතෙන් ආරම්භ වුන වයඹ ,සබරගමුව ,මොරටුව කියන වෛද්‍ය පීඨ වල අවශ්‍ය අවම පහසුකම් වත් නොමති වටපිටාවක රජය ඒ ගැටලු කිසිවක් විසදන්නෙ නැතුව සියලු වෛද්‍ය පීඨ පීඨාධිපති වරු විරුද්ධ වෙද්දිත් ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨයක් ආරම්භ කරනවා සහ දැනට ආරම්භ වෙලාවත් නැති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පහසුකම් දෙන හැටි හොයන්න ජනාධිපති කමිටුවකුත් දානවා .
අලුත් වෛද්‍ය පීඨ වල සායනික පුහුණුවට අදාල පහසුකම් සම්පූර්ණ නොකර කල්මැරීමත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ව්‍යාපාරික කල්ලියේ උවමනාවට වෙන දෙයක් වෙන්න පුලුවන්. ඒ වෛද්‍ය පීඨ වල ප්‍රමිතිය අඩු මට්ටමක තබාගන්න ගමන් ඒවාට අවශ්‍ය රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පවරා දීමත් ඒ සමග ඇතැම් විට ඒ අලුත් රජයේ වෛද්‍ය පීඨ වලට වඩා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හොඳ බවට මතයක් නිර්මාණය කිරීමත් අනාගතයේ භාවිතා වෙන්න පුලුවන් හොඳ වෙලඳ උපක්‍රමයක්.
මේ විදියට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ උනොත් අනාගතයේ රජයේ වෛද්‍ය පීඨ ටික ආරක්ෂා කරගන්න බැරි තත්ත්වයකට පත් වෙන එක නවත්තන්න බෑ.
මේ කියල තියෙන්නෙ ලංකාවෙ ප්‍රායෝගිකව සිද්දවුන විදිය,වෙමින් පවතින විදිය සහ අනාගතයේ සිදුවෙන විදිය.
මන:කල්පිත හීන ලෝක වල ජීවත් වෙන අය ලෝකෙ නැති කතා කිව්වත් අවසානයේ වෙන්නෙ දකුණු ආසියාවේ හොඳම වෛද්‍ය අධ්‍යාපනය තිබුන රට ඉන්දියාවටත් වඩා අන්ත මට්ටමකට වැටෙන එක තමයි.
©️ - Himanka Harun ❤️
09/11/2022
15/02/2022
11/01/2022
16/10/2021
30/09/2021
18/06/2021
06/05/2021
06/05/2021
06/05/2021