𝑺𝒊𝒚𝒂𝒏𝒆 𝒖𝒏𝒊𝒕𝒚 𝒐𝒇 𝑷𝒆𝒓𝒂

𝑺𝒊𝒚𝒂𝒏𝒆 𝒖𝒏𝒊𝒕𝒚 𝒐𝒇 𝑷𝒆𝒓𝒂

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝑺𝒊𝒚𝒂𝒏𝒆 𝒖𝒏𝒊𝒕𝒚 𝒐𝒇 𝑷𝒆𝒓𝒂, Education, Gampaha.

This is the official page of Siyane unity of Pera which is an association of students of UOP, coming from the Gampaha district belonging to nine different faculties holding hands.

Photos from 𝑺𝒊𝒚𝒂𝒏𝒆 𝒖𝒏𝒊𝒕𝒚 𝒐𝒇 𝑷𝒆𝒓𝒂's post 27/12/2021

"Friendship isn't a big thing, It's a million of little things"
සිරීපා කරුණාව 2021
2021.12.21/22

Siyane unity of Pera organized 'Siripada Karunawa' for the consecutive 4th time with the participation of 40+ colleagues from all 9 faculties of University of Peradeniya.

The journey began on 21st December from Gampaha. Kuruwita erathna trail was used for the climb. Serene footpaths through woods, stairs with railings, rocky ascends made our climb unforgettable. After watching the magical view of sunrise we started our way back via hatton nallathanniya route.

Throughout the journey we were able to strengthen the bond we had by sharing stories, laughs and helping one another.

21/11/2021

We are delighted to announce that our page has reached 1K + likes and followers !!!!!♥️✨

Heartiest thanks to all our supporters who helped us achieving this milestone !!!

Keep in touch for more exciting stuff♥️

18/11/2021

ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය


පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජයට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන විද්‍යාර්ථයින් බිහිකරන තවත් එක් පීඨයක් ලෙස ඉංජිනේරු පීඨය හැදින්විය හැක. සිවිල්, යාන්ත්‍රික හා විද්‍යුත් ඉංජිනේරු යන දෙපාර්තමේන්තු 3 කින් පමණක් සමන්විත ව 1950 ජූලි 1 වන දින කොළඹ දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංජිනේරු පීඨය 1964 දී කොළඹ සිට පේරාදෙණියට ස්ථාන මාරුවීම සිදුවිය. පේරාදෙණිය හන්දියේ සිට කිලෝමීටර් 1.3 ක් ගම්පොල දෙසට යන ප්‍රධාන මාර්ගයේ පැමිණි විට හෙක්ටයාර 6 ක පමණ භූමි ප්‍රමාණයකින් යුතු පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨය ඔබට දැකගත හැකිය.
 Chemical and Process engineering
 Civil engineering
 Computer engineering
 Electrical and Electronic engineering
 Manufacturing and Industrial engineering
 Mechanical engineering
 Engineering mathematics
 Engineering management
යන දෙපාර්තමේන්තුව අටකින් සමන්විත පීඨය තුළ Engineering Library, Laboratories, Drawing offices, Engineering Workshops, Computer Centre, English Language Teaching Unit (ELTU), Research and Development Unit ආදී ස්ථානවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දී ඇත. දැනුම,කුසලතා ආකල්ප වලින් පරිපූර්ණ වෘත්තීය ඉංජිනේරුවන් බිහිකිරීම අරමුණු කරගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් ජාතිකව හා ජාත්‍යන්තරව පිළිගත් Bachelor of the Science of Engineering (BSc Eng.) සිව් අවුරුදු පූර්ණකාලීන උපාධිය පිරිනමනු ලැබේ. උපාධි පාඨමාලාවේ විෂය අන්තර්ගතය සකස් කර ඇත්තේ Technical courses සහ Non-Technical courses මගින් විෂය පිළිබඳ මනා දැනුමකුත් laboratory, design experience, project work, field work සහ industrial training වෘත්තිය පිළිබඳ මනා පුහුණුවක් සහ අවබෝධයක් ලබාගත හැකි වන පරිදිය. ශාස්ත්‍රිය අගය (credits) 102 ක් සම්පූර්ණ කිරීම මඟින් BSc Engineering උපාධිය ලබා ගත හැකි අතර credits 114 ක් සම්පූර්ණ කිරීම මගින් BSc Engineering degree with class honours ගෞරව උපාධි ලබා ගත හැකිය.
වාර්ෂිකව අ.පො.ස උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් උසස් ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 420 ක් පමණ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව් අවුරුදු උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලබයි. එලෙස ඇතුලත් වෙන උපාධි අපේක්ෂකයන්ට English Language Teaching Unit හරහා පුහුණු ගුරුවරුන් විසින් ඉංග්‍රීසි පාඨමාලාවක් පවත්වන අතර ඒ කාලය තුල සිසුන්ගේ Soft skills වර්ධනය සඳහා දේශන සහ ක්‍රියාකාරකම් පවත්වනු ලබයි. පසුව එක් වර්ෂයක් සමාසික දෙකක් ලෙස මුළු පාඨමාලා කාලය හා සමාසික 08 ක් යටතේ අධ්‍යයනය කටයුතු සිදුකල යුතුය. පළමු වසර තුළ credits 36 ක් වන විෂයන් 12 කින් යුතු විෂය නිර්දේශය සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ. පළවන හා දෙවන සමාසිකය තුල පවත්වන Mid සහ End විභාගවලින් පළමු වර්ෂය අවසානයේ ලබාගන්නා මුළු GPA අගය සහ තමන්ගේ කැමැත්ත මත පදනම්ව ඉදිරි වසර තුන සඳහා අධ්‍යයනය කිරීමට විශේෂීකරණ පාඨමාලාවට (Specialization Program) යොමුවිය හැකිය.
මෙලෙස පළමු වසර නිමාකරන උපාධි අපේක්ෂකයන්ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා විශේෂීකරණ ක්ෂේත්‍ර 06 ක් (Field Specialization) හඳුන්වාදී තිබේ. එලෙස ක්ෂේත්‍රයක් තෝරා ගැනීමෙන් පසු ඊට අදාළ දෙපාර්තමේන්තුව යටතේ ඉදිරි වසර තුනක අධ්‍යයන කලයුතු නිමා කළ යුතුය.
විශේෂීකරණ ක්ෂේත්‍ර (Feild Specialization)
o රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු - Chemical and Process Engineering
o සිවිල් ඉංජිනේරු - Civil Engineering
o පරිගණක ඉංජිනේරු - Computer Engineering
o විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු - Electrical and Electronic Engineering
o නිෂ්පාදන සහ කර්මාන්ත ඉංජිනේරු - Manufacturing and Industrial Engineering
o යාන්ත්‍රික ඉංජිනේරු - Mechanical Engineering

1) Department of Chemical and Process Engineering- රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව
රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව සඳහා වසරකට සිසුන් 25 ක් පමණ තෝරාගනු ලැබේ. රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු උපාධිධාරීන්ට කුඩා හා මහා පරිමාණ භෞතික, රසායනික සහ ජෛව සැකසුම් කම්හල් වල ආරක්ෂිත,තිරසාර සහ ආර්ථික සැලසුම් වෙනස් කිරීම ,ක්‍රියාත්මක කිරීම , පාලනය කිරීම සහ ඵලදායි කළමනාකරණය සඳහා අවශ්‍ය දැනුම හා අවබෝධය ඇත.
එලෙස මෙම ක්ෂේත්‍රය තෝරාගන්නා උපාධි අපේක්ෂකයන්ට අධ්‍යයනය කිරීමට සිදුවන විෂය පථයන් වන්නේ,
• Sustainable process industry
• Energy technology
• Environmental pollution control
• Refrigeration and air conditioning
• Combustion and emission technology
• Nuclear reaction technology
• Nanotechnology
විෂය මාලාව මෙන්ම ඊට අවශ්‍ය ප්‍රායෝගික දැනුම විද්‍යාගාර හරහා ලබාදෙන අතර industrial training මගෙන් වෘත්තිය පුහුණුව ලබා දෙනු ලැබේ.
මෙලෙස උපාධිය සම්පූර්ණ කරන ඔබට රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු වරයෙකු ලෙස වෘත්තිමය ලෙස කටයුතු කළ හැකි ක්ෂේත්‍ර වන්නේ,
• Petroleum refineries
• Chemical manufacturing
• Pharmaceutical industry
• Food processing industry
• Biotechnology industry
• Quality control & management authorities
• Industrial pollution control & composite
තවද දෙපාර්තමේන්තුව විසින් රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර වල PGDip., MSc, MSc Eng. , MPhil සහ PhD උසස් උපාධි සඳහා පර්යේෂණ, අධීක්ෂණය සහ පාරිසරික දූෂණ පාලන ඉංජිනේරු (EPC Eng.) පිළිබඳ විශේෂිත පශ්චාත් උපාධි වැඩසටහන් පිරිනමනු ලැබේ.
2) Department of Civil Engineering - සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව
වසර 65 ක ඉතිහාසයක් තිබෙන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව සදහා වසරකට සිසුන් 150 ක් පමණ තෝරාගනු ලැබේ. සිවිල් ඉංජිනේරු උපාධිධාරීන්ට මාර්ග,පාලම්,වේළි, ගොඩනැගිලි,පොදු උපයෝගීතා ස්ථාන,ජල සම්පාදන, මලාපවහන,වාරිමාර්ග,ජලාපවහන හා දූෂණ පාලන යෝජනා ක්‍රම,ආපදාකළමනාකරණ යෝජනා ක්‍රම ආදිය සැලසුම් කිරීම,ඉදිකිරීම හා කළමනාකරණය කිරීම පිළිබඳ දැනුම හා අවබෝධය ඇත.
එලෙස සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය තෝරා ගන්නා උපාධි අපේක්ෂකයන්ට අධ්‍යයනය කිරීමට ඇති විෂය පථයන් වන්නේ,
• Structural engineering
• Highway and transportation engineering
• Environmental engineering
• Hydrological and irrigation engineering
• Geotechnical engineering
විෂයමාලාවේ කොටසක් වන ක්ෂේත්‍ර චාරිකා, සම්මන්ත්‍රණ සහ පර්යේෂණ ව්‍යාපෘති සඳහා අවශ්‍ය පහසුකම් දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලැබේ. ඒ වගේම සිවිල් ඉංජිනේරු විද්‍යාවේ ප්‍රායෝගික අංශ පිළිබඳ දැනුම laboratory,field classes,design classes,multi disciplinary සහ field camp හරහා ලබා දෙනු ලැබේ.
මෙලෙස සිවිල් ඉංජිනේරුවරයෙක් ලෙස උපාධිය සම්පූර්ණ කරන ඔබට වෘත්තීය වශයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර වන්නේ,
• Structural designing
• Building construction
• Road and highway Engineering
• Irrigation engineering
• Geotechnical engineering
• Wastewater management
• Disaster management
තවද, වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවන සිවිල් ඉන්ජිනේරු උපාධිධාරීන්ට Structural Engineering, Environmental and Water engineering, Geotechnical Engineering යන ක්ෂේත්‍ර වල පශ්චාත් උපාධි මට්ටමේ අධ්‍යාපනය ලබාදීම සඳහා අර්ධ කාලීන පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහ ශාස්ත්‍රපති උපාධි වැඩසටහන් දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලැබේ.
3) Department of Computer Engineering - පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව
1985 දී ආරම්භ කරන ලද පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව පීඨයේ ප්‍රමුඛතම දෙපාර්තමේන්තු අතරින් එකකි. පරිගණක ඉංජිනේරු උපාධිය පරිගණක විද්‍යාවේ සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාවේ අද්විතීය එකතුවක් ලෙස හැඳින්විය හැකිය. වසරකට සිසුන් 60 ක් පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තම උපාධිය හැදෑරීමට සුදුසුකම් ලබයි. පරිගණක ඉංජිනේරු උපාධිධාරීන්ට නවීන පරිගණක පාලිත මෘදුකාංග සහ දෘඩාංග සංරචක සැලසුම් කිරීම,සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීමේ හැකියාව ඇත.මෙම ක්ෂේත්‍රය තෝරා ගන්නා සිසුන්ගෙන් 70% කට වඩා උපාධියට පෙර රැකියා සඳහා දීමනා ලැබෙන අතර 100% උපාධියෙන් පසු රැකියාව හිමිවේ.
එලෙස පරිගණක ඉංජිනේරු ක්ෂේත්‍රය තෝරා ගන්නා උපාධි අපේක්ෂකයන්ට අධ්‍යයනය කිරීමට ඇති විෂය පථයන් වන්නේ,
• Software development
• Embedded systems (Hardware)
• Web application
• Networking
• Database management
විෂය මාලාව මෙන්ම ඊට අවශ්‍ය ප්‍රායෝගික දැනුම විද්‍යාගාර හරහා ලබාදෙන අතර industrial training මගෙන් වෘත්තිය පුහුණුව ලබා දෙනු ලැබේ.
මෙලෙස උපාධිය සම්පූර්ණ කරන ඔබට පරිගණක ඉංජිනේරුවරයෙකු ලෙස වෘත්තිමය ලෙස කටයුතු කළ හැකි ක්ෂේත්‍ර වන්නේ,
• Software engineering
• Database administration
• Cyber security
• Data scientist
• Computer hardware engineer
• Computer network architect
• Web designer
• Computer animation developer
වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවන පරිගණක ඉංජිනේරු උපාධිධාරීන්ට M.Phil සහ PhD යන උසස් උපාධි පාඨමාලා හැදෑරීමට අවශ්‍ය පහසුකම් දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලැබේ.
4) Department of Electrical and Electronic -විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව
පීඨයේ තවත් එක් වැදගත් දෙපාර්තමේන්තුවක් වන විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව සඳහා වසරකට සිසුන් 100 ක් සුදුසුකම් සපුරනු ලැබේ. මෙම ක්ෂේත්රය තෝරාගන්නා උපාධිධාරීන්ට ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රය ඇතුළුව විද්‍යුතයේ සියලු ආකාර සහ ප්‍රායෝගික යෙදීම් සම්බන්ධ දැනුම හා අවබෝධය ඇත. තවද මෙම ක්ෂේත්රය ඔස්සේ විශේෂීකරණය වන උපාධි අපේක්ෂකයන්හට පහත සඳහන් උපවිෂයන් හතරක් යටතේ තවදුරටත් විශේෂීකරණය වීමේ හැකියාව ඇත.
• Communication and information engineering
• Power,Energy systems and High voltage engineering
• Electronics and instrumentation Engineering
• Control, robotic and Automation engineering
විෂය මාලාව මෙන්ම ඊට අවශ්‍ය ප්‍රායෝගික දැනුම විද්‍යාගාර හරහා ලබාදෙන අතර industrial training මගෙන් වෘත්තිය පුහුණුව ලබා දෙනු ලැබේ.
මෙලෙස උපාධිය සම්පූර්ණ කරන ඔබට විදුලි ඉංජිනේරු වරයෙකු ලෙස හෝ විද්‍යුත් ඉංජිනේරුවරයෙක් ලෙස තම වෘත්තීය කටයුතු සිදු කළ හැකිය.මෙලෙස වෘත්තීය කටයුතු සිදු කළ හැකි ක්ෂේත්‍ර වන්නේ,
විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස,
• Principal electrical engineer
• Electrical distribution designer
• Aerospace electrical engineer
• Electrical project engineer
• Electrical control engineer
විද්‍යුත් ඉංජිනේරුවරයෙකු ලෙස,
• Acoustic consultant
• Aerospace engineer
• Broadcast engineer
• CAD Technician
• Control instrumentation engineer
• Design engineer
• Electrical engineer
• Electronics engineer
තවද, වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට කැමැති උපාධිධාරීන් සඳහා ශාස්ත්‍රපති උපාධි මට්ටම දක්වා උපාධි වැඩසටහන් දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලැබේ. තවද, දෙපාර්තමේන්තුවේ අඛණ්ඩ පර්යේෂණ සංවර්ධනය මගින් සිසුන්ට විදුලි හා විද්‍යුත් ඉංජිනේරු විද්‍යාවේ බහුවිධ ක්ෂේත්‍ර වල ඔවුන්ගේ ව්‍යාපෘති සහ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවස්ථාවන් සකසා දී ඇත.
5) Department of Manufacturing and Industrial Engineering - නිෂ්පාදන සහ කර්මාන්ත ඉංජිනේරු දෙපාර්තමේන්තුව
වසරකට උපාධි අපේක්ෂකයන් 40 ක් පමණ නිෂ්පාදන සහ කාර්මික ඉංජිනේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තම උපාධිය හැදෑරීම සඳහා සුදුසුකම් ලබයි.මෙම උපාධිධාරීන්ට සාමාන්‍යයෙන් උපකරණ සහ යන්ත්‍රෝපකරණ සැලසුම් කිරීම සංවර්ධනය කිරීම, ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීම සඳහා අවශ්‍ය දැනුම හා අවබෝධය ඇත.
එලෙස නිෂ්පාදන සහ කාර්මික ඉංජිනේරු ක්ෂේත්‍රය තෝරා ගන්නා උපාධි අපේක්ෂකයන්ට අධ්‍යයනය කිරීමට ඇති විෂය පථයන් වන්නේ,
• Additive manufacturing
• Design,Assembly and Automation of machines
• Industrial Automation/Robotics/ PLC solutions
• Product Innovation and Prototyping
• Manufacturing process improvements
• Industrial engineering
• Manufacturing systems modeling and simulation
• Plan Layout design
• Materials selection and processing
විෂය මාලාව මෙන්ම ඊට අවශ්‍ය ප්‍රායෝගික දැනුම විද්‍යාගාර හරහා ලබාදෙන අතර industrial training මගෙන් වෘත්තිය පුහුණුව ලබා දෙනු ලැබේ.
මෙලෙස උපාධිය සම්පූර්ණ කරන ඔබට නිෂ්පාදන සහ කාර්මික ඉංජිනේරුවරයෙකු ලෙස වෘත්තිමය ලෙස කටයුතු කළ හැකි ක්ෂේත්‍ර වන්නේ,
• Manufacturing Engineer
• Product Engineer
• Quality assurance inspector
• Industrial mechanic
• Industrial electrician
• Manufacturing production supervisor
• Supply chain analysts
ඉංජිනේරු පීඨයේ workshops මෙම දෙපාර්තමේන්තුවට සම්බන්ධ කර ඇත. Engineering workshops වල ලෝහ වැඩ (metal working) සදහා විවිධ සාම්ප්‍රදායික යන්ත්‍ර මෙවලම් මෙන්ම ලීවැඩ සඳහා wood workshop ඇත.
එමෙන්ම නිෂ්පාදන හා කාර්මික ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් පශ්චාත් උපාධි වැඩසටහන් පිරිනමනු ලැබේ.
6) Department of Mechanical Engineering- යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව
වර්තමාන ගෝලීය කර්මාන්තයේ හදවත වන යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඉලෙක්ට්‍රොනික,පරිගණක සහ යාන්ත්‍රික උපාංග සමඟ වඩ වඩාත් ඒකාබද්ධ වෙමින් පවතී. වසරකට සිසුන් 40ක් පමණ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සඳහා තෝරා ගනු ලබයි. දියුණුව සඳහා අවශ්‍ය නව තාක්ෂණය සහ උපාංග සංවර්ධනය සඳහා අවශ්‍ය පුළුල් දැනුම සහ පුහුණුව ලබාදීමට යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව කටයුතු කරනුලැබේ. යාන්ත්‍රික ඉංජිනේරු උපාධිධාරීන්ට රොබෝ විද්‍යාව සහ ස්වයංක්‍රීයකරණය,යන්ත්‍ර නිර්මාණය සහ තාප තරල වැනි විශේෂිත ශ්‍රේෂ්ඨ වල භෞතික සංසිද්දී අවබෝධ කරගැනීමට සහ භාවිතා කිරීමට අවශ්‍ය පුළුල් දැනුම ඇත.
එලෙස යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රය තෝරා ගන්නා උපාධි අපේක්ෂකයන්ට අධ්‍යයනය කිරීමට ඇති විෂය පථයන් වන්නේ,
• Automobile
• Thermal and Vibration analysis
• Robotic systems and Automation
• Solar energy & ocean wave energy
• Combustion control and wind power
• Computational fluid dynamics, Hydraulic systems
• Refrigeration, Air-conditioning and Ventilation control
• Mechatronics
විෂය මාලාව මෙන්ම ඊට අවශ්‍ය ප්‍රායෝගික දැනුම විද්‍යාගාර හරහා ලබාදෙන අතර industrial training මගෙන් වෘත්තිය පුහුණුව ලබා දෙනු ලැබේ.
මෙලෙස උපාධිය සම්පූර්ණ කරන ඔබට යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු ලෙස වෘත්තිමය ලෙස කටයුතු කළ හැකි ක්ෂේත්‍ර වන්නේ,
• Automobile engineers
• Aviation and marine engineers
• Medical engineer
• Robotics and Industrial Automation
• Construction engineer
• Agricultural Engineer
• Manufacturing Engineer
තවද දෙපාර්තමේන්තු විසින් පූර්ණ කාලීන MPhil සහ PhD උපාධි වැඩසටහන් පිරිනමනු ලැබේ. ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අර්ධකාලීන MSc වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
මේ ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් පිරිනමන ලබන සිව් අවුරුදු උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් රජයේ හෝ පෞද්ගලික අංශයේ තෝරාගත් ක්ෂේත්‍රය අනුව වෘත්තීය තෝරා ගැනීමට හෝ වැඩිදුර අධ්‍යාපනය කටයුතු සඳහා යොමුවීමට ඔබට ඉඩ ප්‍රස්ථාව හිමිවේ.

17/11/2021

කෘෂිකර්ම පීඨය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය



ඔබත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සඳහා ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද? එසේ නම් මෙම ලිපිය ඔබ සඳහාම වේ.ශ්‍රි ලංකාවේ මනරම් භූමි භාගයක පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් එක් සුවිශේෂි පීඨයක් වන කෘෂිකර්ම පීඨය මගින් මේ වන විට ලොවක් පිළිගත් උපාධි ත්‍රිත්වයක් මෙහෙයවනු ලබයි. එනම්,
1. කෘෂි තාක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
2.අාහාර විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
3.සත්ත්ව පාලනය සහ මත්ස්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය

මෙම උපාධි ත්‍රිත්වයම වසර 4 ක වර්ෂාර්ධ ( semester) 8 කින් සමන්විතයි.

එයින් කෘෂිකර්ම තාක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ උපාධිය ප්‍රධාන අංශ 8 කින් සමන්විත වේ.
1. බෝග විද්‍යා අධ්‍යයන අංශය
2.පාංශු විද්‍යා අධ්‍යයන අංශය
3.සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශය
4.අාහාර විද්‍යා අධ්‍යයන අංශය
5.කෘෂි ජීව විද්‍යා අංශය
6.කෘෂි ව්‍යාපාර අංශය
7.කෘෂි ආර්ථික අංශය
8.කෘෂි ඉංජිනේරු අංශය

මෙම එක් එක් අංශයන් යටතේ ඔබට අධ්‍යයනය කිරීමට ලැබෙන විෂය ක්ෂේත්‍රයන් පිළිබද කෙටි හැඳින්වීමක් පහතින් දක්වා තිබේ.
බෝග විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ
කෘෂි බෝග නිෂ්පාදනය, අපනයන බෝග හා වැවිලි කෘෂි කර්මාන්තය, නව කෘෂිකාර්මික ක්‍රම, කෘෂි කර්මාන්තයේ නව ප්‍රවණතා පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙන අතර
පාංශු විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාංශු ජීවීන් පිළිබඳ අධ්‍යයනය, විවිධ පාංශු කලාප වලට අදාල වගා ක්‍රම, ක්ෂුද්‍ර ජීව විද්‍යාව, පාංශු පෝෂක වැනි විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව හිමි වේ.
කෘෂි ඉංජිනේරු අංශය යටතේ වාරි ඉංජිනේරු ක්‍රම, කෘෂි යන්ත්‍රෝපකරණ, ක්ෂේත්‍ර මිනුම්, පසු අස්වනු තාක්ෂණය පිළිබඳව අධ්‍යනය කිරීම අවස්ථාව ද
සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශය යටතේ ගොවිපළ සත්ත්ව විද්‍යාව, මත්ස්‍ය විද්‍යාව, ගොවිපළ ආශ්‍රිත අාහාර නිෂ්පාදනය සහ සත්ත්ව අාහාර සහ පෝෂණය පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව උදා වේ.
අාහාර විද්‍යා අංශය යටතේ අාහාර සැකසුම් ආශ්‍රිත තාක්ෂණය, ජෛව රසායනය,මානව පෝෂණය, අාහාර ක්ෂ්ද්‍ර ජීව විද්‍යාව පිළිබඳව අධ්‍යනය කිරීමට ලැබෙන අතර
කෘෂිකාර්මික ජීව විද්‍යා අංශය යටතේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව, කෘමි විද්‍යාව, ශාක කායික විද්‍යාව, ජාන ඉංජිනේරු තාක්ෂණය යන විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ.
කෘෂි ව්‍යාප්ති අංශය යටතේ සමාජ විද්‍යාව, වෘත්තීය මාර්ගෝපදේශනය, සමාජ ආර්ථිකමය පැවැත්ම සහ තිරසාර සංවර්ධනය, සංවර්ධන ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කිරීමට අවකාශයද
කෘෂි ආර්ථික අංශය යටතේ ආර්ථික විද්‍යාව, ව්‍යාපාර නිර්මාණය සහ කළමනාකරණය, ව්‍යාප්ති විශ්ලේෂණය, කෘෂි ව්‍යාපාර කළමණාකරණය පිලිබදව අධ්‍යයනය කිරීමට අවස්ථාව උදා වේ.

ශ්‍රී ලංකාව තුල පලමු වරට, ආහාර විද්‍යාව හා තාක්ෂණය විද්‍යාවේදි ගෞරව උපාධි පාඨමාලාව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ පුරෝගාමීත්වයෙන් 2004 වසරේදී ආරම්භ විය.

මෙම පාඨමාලාවට ඇතුලත් වන සිසුන්
වසර හතරක් තුල විශ්ව විද්‍යාල වර්ෂාර්ධ (semesters) 8ක්, තම අධ්‍යන කටයුතු හදාරන අතර වසර හතර අවසානයේ ඔවුන්ට ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදි ගෞරව උපාධිය හිමි වේ.

උසස් පෙළ සඳහා ජීව විද්‍යාව , භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව හැදෑරූ සිසුන්ට පමණක් මෙම උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා අවස්ථාව හිමි වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුල මෙම උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා අවස්ථාව හිමි වන්නේ ඉහළ Z -අගයන් සහිත හා විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ දත්ත පොතෙහි ඇති සුදුසුකම් සපුරාලූ සමස්ත ලංකාවෙන්ම සිසුන් 60 දෙනෙකුට පමණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පිරිනමනු ලබන මෙම ආහාර විද්‍යාව හා තාක්ෂණය උපාධි පාඨමාලාවේ අරමුණ වන්නේ විද්‍යාත්මක ආහාර සැකසුම් සංකල්පය පිළිබඳ දැනුම සහ අවබෝධය සහිත, ආහාර වල පෝෂණ කාර්යභාරය පිළිබඳ අවබෝධය සහිත, ආහාර ක්ෂේත්‍රයන් හා සම්බන්ධ නෛතික දැනුම සහිත, වෘත්තිමය ආකල්පයන්ගෙන් සමන්විත, තාක්ෂණික හා පර්යේෂණ කුසලතා සහ හැකියාවන් සහිත , පුද්ගලික, කළමණාකරන සහ නායකත්ව ලක්ෂණ සහිත ජාතික මෙන්ම අන්තර්ජාතික ආහාර තාක්ෂණික රැකියා ක්ෂෙත්‍රයන් තුළ පුරෝගාමීන්ව කටයුතු කරන උපාධිධාරීන් ලෝකයට දායක කිරීමයි. එය සත්‍යයක් බවට පසක් කරමින්, ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ පෙළේ බොහෝ ආහාර කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවන් වල, ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්ය.
මෙම උපාධියෙන් අනතුරුව ආහාර කර්මාන්ත ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යවසායකයින් මෙන්ම ශ්‍රි ලංකාව හා ලෝකයේ අනෙකුත් රටවල් තුල පවතින ආහාර කර්මාන්ත ක්ෂේත්‍රය තුල තත්ව කළමණාකරුවන් (Quality assuarance managers), තත්ත්ව ආරක්ෂණ විධායක නිළධාරීන්(Quality assuarance executives), පර්යේෂණ හා සංවර්ධන කළමණාකරුවන් සහ නිළධාරීන් ( Research and development executives and managers), ආහාර ක්ෂුද්‍රජීවී විද්‍යාඥයින් ( Food microbiologist), ආහාර විශ්ලේෂකයන්(Food analyst), ආහාර ඇසුරුම් කරන විශේෂඥයන් (Food packaging specialist).... ආදි රැකියා අවස්ථා රැසක් ඔබට හිමි වේ. එමෙන්ම, රාජ්‍ය අංශයේ සේවා සපයන්නෙකු ලෙස හෝ විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා තවදුරටත් උනන්දුවක් ඇත්නම්, දේශීය මෙන්ම විදේශීය වශයෙන් විශ්ව විද්‍යාල විශ්ලේෂණ සහයකයෙකුගේ (Research Assistant) සිට විශ්ව විද්‍යාලයීය කතිකාචාර්යවරයෙකු , ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයකු දක්වාම තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේ හැකියාවත් ඔබට හිමි වේ.

මෙම උපාධි පාඨමාලාවේ සිව්වසරක කාල සීමාව තුලදී එක් විශයක් සදාහා පමණක් ප්‍රමුඛත්වය ලබා නොදෙමින්, ප්‍රධාන වශයෙන් රසායන විද්‍යාව, හෞතික විද්‍යාව සහ ජීව විද්‍යාව යන විද්‍යා ක්ෂෙත්‍රයන් තුනෙහිම පරිණතයන් බවට ශිෂ්‍යයන් පත් කරමින් ආහාර විද්‍යාව හා තාක්ෂණයේ රසායනික , භෞතික සහ ජීව විද්‍යාත්මක පැතිකඩයන් පිළිබඳව පුළුල් දැනුමක් ලබා දේ. එමෙන්ම, එම එක් එක් විද්‍යාවන් අතර පවතින සම්බන්ධතාවන් ඔස්සේ යමින් ආහාර කර්මාන්තයේදි පැන නගින ගැටළු නිරාකරණය කිරිමට හැකි සාර්ථක විද්‍යාර්ථයන් බිහිකරනු ලැබේ. එපමණක් නොව ආහාර විද්‍යාව හා තාක්ෂණ විශය ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන් වීමට අවශ්‍ය සියලුම දැනුම් ක්ෂෙත්‍රයන් අන්තර්ජාතික වශයෙන්ද පිලිගන්නා පරිදි ආවරණය වේ.

මේ වන විට දෙපාර්තමේන්තු අටක් යටතේ සිය අධ්‍යයන කටයුතු වඩාත් පුළුල් අන්දමින් සිදු කර ගෙන යන කෘෂිකර්ම පීඨයේ සත්ව පාලනය දෙපාර්තමේන්තුව සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි .

ගෙවී ගිය දශක ගණනාවක් තුළ සිය මානව හා යටිතල පහසුකම් වැඩිදියුණු කරගනිමින් විශ්ව විද්‍යාලය තුළ මෙන්ම පීඨය තුළද කැපී පෙනෙන දෙපාර්තමේන්තුවක් ලෙස ආ ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සත්ත්ව විද්‍යා සහ මත්ස්‍ය පාලන උපාධි පාඨමාලාව ආරම්භ කිරීම හඳුන්වා දීමට පුලුවන්.

වැඩිවන ජනගහනයට සරිලන පරිදි ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමෙහිලා කෘෂිකර්මාන්තයේ වගකීම අතිමහත්ය. ඒ අතරින් සත්ව පාලනය හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් සදහා ඇත්තේ ඉතා ඉහල ස්ථානයක් .ඊට සමගාමීව ඉහළ යන රැකියා ඉල්ලුම වටහා ගනිමින් නිර්මාණය වූ මෙම පාඨමාලාව මගින් මනා දැනුමකින් හා ප්‍රායෝගික කුසලතාවයන්ගෙන් හෙබි විද්‍යාර්ථීන් බිහි කර ගැනීම අරමුණු කොට ගෙන ඇත.

උසස් පෙළ ජීව විද්‍යාව , රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හෝ ජීව විද්‍යාව ,රසායන විද්‍යාව සහ කෘෂි විද්‍යාව යන විෂය සුසංයෝගයන් යටතේ හදාරනු ලැබූ සිසුන් පැරැණි විෂය නිර්දේශය යටතේ දළ වශයෙන් 1.008 ක z අගයක්ද නව විෂය නිර්දේශය යටතේ දළ වශයෙන් 1.4 ක z අගයක්ද සපුරාලිය යුතු අතර( දිස්ත්‍රික්ක අනුව මෙම අගය වෙනස් විය හැකිය) පුරප්පාඩු අනුව ඉහත z අගයට වඩා අඩු අගයන් ඇති සිසුන් සීමිත සංඛ්‍යාවක් සදහාද මෙම උපාධි පාඨමාලාව හැදෑරීම සදහා අවස්ථාව හිමි වේ. සම්පුර්ණ උපාධි පාඨමාලාව සමාසික අටකින් සමන්විත වේ.

මෙම පාඨමාලාව යටතේ සත්ත්ව පාලනය හා සම්බන්ධ මූලික මූලධර්මයන් හා සිද්ධාන්තයන් වඩාත් පුළුල් අයුරින් ඉගැන්වීම් සිදු කරන අතර ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු බිහිකිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාදීම සිදුකරයි. විශ්ව විද්‍යාලයට අනුබද්ධ ගොවිපල (Mawelwawatta farm)හරහා ලබා දෙන අත්දැකීම් හරහා ප්‍රායෝගික කුසලතා මෙන්ම පරීක්ෂණාත්මක චින්තනය ද තවදුරටත් වර්ධනය වේ .

පලමු සමාසිකය තුළ ලබා දෙන මූලික සත්ව පාලන පුහුණුවේ සිට සමාසික අතර සහ නිවාඩු කාලවල දී ලබාදෙන ලබා දෙන රට පුරා ව්‍යාප්ත ගොවිපල / කර්මාන්ත ආශ්‍රිත පුහුණුව (In plant training) ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයකු බිහිකිරීම සඳහා ලබා දෙන්නේ මහඟු පන්නරයකි. අවසාන සමාසිකය තුලදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුගේ මග පෙන්වීම යටතේ එක් එක් සිසුවා විසින් විශේෂිත තේමාවක් ඔස්සේ පර්යේෂණ කටයුත්තක් ද සිදුකළ යුතුය.

සත්ත්ව පාලනයට අමතරව බෝග විද්‍යාව, පාංශු විද්‍යාව, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය, ආහාර විද්‍යාව, වනජීවී කළමනාකරණය, සංඛ්‍යානය ඇතුළු තවත් විෂයන් රැසක මූලික දැනුමක් ලබා දීම ද මෙම උපාධිය යටතේ සිදු කරයි.

මෙම උපාධිය සාර්ථකව අවසන් කරනනෙකු හට ආචාරවරයෙකු, පර්යේෂකවරයෙකු, කලමනාකරුවෙකු, සැලසුම්කරුවෙකු, සැලසුම් ක්‍රියාත්මක කරන්නෙකු හෝ ව්‍යාපාරිකයෙකු ලෙස රැකියාවක් ලබා ගැනීමට හැකියාව ඇති අතර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය, කෘෂිකර්මය, වන සත්ව හා ජලජ ජීවී යන ක්ෂේත්‍රයන්හී මෙන්න පරිසර අධිකාරිය, බැංකු , රක්ෂණ ආයතන, ශ්‍රී ලංකා රේගුව, සත්ත්ව හා මත්ස්‍ය නිෂ්පාදන සැකසීම හා අලෙවිය සම්බන්ධ රාජ්‍ය හා පුද්ගලික ආයතන වල රැකියා අවස්ථාවන්ද ලබා ගත හැකිය.

මෙලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පවතින රැකියා ඉල්ලුමට සරිලන පරිදි මෙන්න තනි ව්‍යවසායකයෙකු ලෙස වුවද නැගී සිටීමට හැකි විද්‍යාර්ථියෙකු කිරීම බිහිකිරීම පේරාදෙණිය විශ්ව විද්‍යාලීය කෘෂිකර්ම පීඨය මගින් පිරිනමන මෙම සත්ත්ව විද්‍යා සහ මත්ස්‍ය පාලන උපාධි පාඨමාලාවේ ප්‍රධාන අරමුණු වේ.

12/09/2021

පේරාදෙණිය සරසවියෙන් නව කොවිඩ් පරීක්ෂණ ක්‍රමවේදයක්...



මේ සටහන ශ්‍රී ලාංකීය නව නිපැයුම් ක්ෂේත්‍රය නවමු මානයකට ගෙන යමින්, කොවිඩ් -19 වෛරසය මර්දනය වෙනුවෙන් විශ්වවිද්‍යාලයීය පර්‍යේෂණ කණ්ඩායමක් සිදුකළ තවත් අපූර්ව නිර්මාණයක් පිළිබඳවයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු මහජන සෞඛ්‍යය සහ භිෂක්වේද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය රුචික ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ කණ්ඩායමක් කොවිඩ් වෛරසය පැතිරෙන වේගයට සමපාතව රෝග වාහකයන් සොයාගත හැකි දේශීයකරණය කළ විස්මිත කොවිඩ් පරික්ෂාවක් නිර්මාණය කිරීමට සමත් වී තිබේ.

වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ප්‍රතිඵල ලබාදෙන, ලාභදායී, ඉහළ නිරවද්‍යතාවයෙන් යුත් පරීක්ෂාවක් ලෙස RT-LAMP (Reverse Transcription - Loop Mediated Isothermal Amplificatio) නමින් හඳුන්වන පරීක්ෂාවක් ගැන පළ වූ වාර්තාවක් අනුව අධ්‍යයනය කළ ආචාර්‍ය රුචික ප්‍රනාන්දු මහතා සිය පර්‍යේෂණ සගයන් සමග එක්වී එය අපේම ක්‍රමවේදයකට අනුව දේශීයකරණයට ලක්කර සකසා ගැනීමට කටයුතු කර තිබේ.

මෙය පී.සී.ආර්. පරීක්ෂණයෙදි මෙන් පිටපත් කරන ලද වෛරස න්‍යෂ්ටික අම්ල අණු කොටස් හඳුනාගැනීම මගින් සිදුකරනු ලබයි. නමුත් මෙහිදී RT-PCR ක්‍රියාදාමයේ දී මෙන් වරින්වර විවිධ උෂ්ණත්වයන්ට රත්කිරීමේ දීර්ඝ පියවර භාවිත නොවේ. ඒ වෙනුවට 65°C ක උෂ්ණත්වයේ පමණක් රත් කිරීමෙන් ලැබෙන තොණ්ඩු ආකාරයට පිටපත්වු න්‍යෂ්ටික අම්ල කොටස් මාධ්‍යයේ වර්ණ වෙනස්වීම මත පදනම්ව වෛරසය හඳුනාගනු ලබයි.

මෙහි සුවිශේෂත්වය වන්නේ වෛරස න්‍යෂ්ටික අම්ල අණු සුළු ප්‍රමාණයක් පැවතියද මිනිත්තු 30ක පමණ කෙටි කාලයකින් රෝස පැහැති මාධ්‍යයේ වර්ණය කහ පැහැයට වෙනස් වෙමින් ප්‍රතිඵල ලබාදීමට සමත්වීමයි. මෙම පරීක්ෂණ කට්ටලයේ නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා අභ්‍යන්තර පාලක පරීක්ෂණයක් ද අන්තර්ගත වීම තවත් විශේෂත්වයකි. ඇන්ටිජන් සහ PCR පරීක්ෂණවලට අමතරව අඩු පිරිවැයක් සහිත පරීක්ෂණ කට්ටලයක් ලෙස මෙමගින් රුපියල් 1,500ක පමණ මුදලකින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමේ පරීක්ෂණ සිදුකළ හැකි වේ.

සායනික පර්යේෂණ හරහා සාර්ථක බව සනාථ වී ඇති මෙම පරීක්ෂණ කට්ටලයට මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටු අනුමැතිය ද හිමිය. ජාතික හා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය සඳහා ද අයදුම් කර ඇති මෙම විශේෂිත උපකරණ කට්ටලය වාණිජ මට්ටමෙන් දේශියව නිපදවා බෙදාහැරීම පර්‍යේෂණ කණ්ඩායමේ මීළඟ අභිප්‍රාය යි. මෙම RT-LAMP පරීක්ෂාව ඍජුවම ඛේටය මගින් සිදුකළ හැකි ක්‍රියාවලියක් ද ඔවුන් නිර්මාණය කර ඇති අතර දැනට එය සායනික පරීක්ෂණ මට්ටමේ පවතී. ඉදිරියේදී එමගින් නාසය තුළින් සාම්පල ලබාගැනීමේ වේදනාකාරී ක්‍රමය මගහැරෙනු ඇත.

රටේ සුබසිද්ධිය වෙනුවෙන් කාලීන වටිනාකමක් සහිත නිර්මාණයක් තුළින් අගනා කාර්‍යභාරයක් ඉටු කරන්නට කැපවී වී ක්‍රියා කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය රුචික ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ එම පර්‍යේෂණ කණ්ඩායමට අපගේ හෘදයාංගම සුභාශිංසන මෙලෙස එක් කරන්නෙමු!

සටහන
✍️ Dinasha Damnadee | Siyane unity of Pera

28/08/2021

සමසෞඛ්‍ය විද්‍යා පීඨය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය



ඉතාමත් පුළුල් පරාසයක විහිදී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රශංසනීය මෙහෙවරක් ඉටුකරන ක්ෂේත්‍රයක් ලෙස සමසෞඛ්‍ය සේවය හඳුන්වා දිය හැකි ය. අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ඉතා ඉහළ ප්‍රතිඵල ලබා ගත් ඔබට පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සමසෞඛ්‍ය විද්‍යා පීඨයට ඇතුලත් වීමට අවස්ථාව හිමි වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය විද්‍යා පීඨය 2007 ජනවාරි 16 වන දින පිහිටවනු ලැබූ අතර එය විශ්වවිද්‍යාලයේ 8 වෙනියට ඉදිකරන ලද පීඨය වේ.
💠භෞත චිකිත්සක (Physiotherapy)
💠වෛද්‍ය රසායනාගාර විද්‍යා (Medical Laboratory Sciences)
💠ඖෂධවේදී (pharmacy)
💠විකිරණ ශිල්පී / විකිරණ චිකිත්සක (Radiography/ Radiotherapy)
💠හෙද (Nursing)
යන දෙපාර්තමේන්තුන්ගෙන් සමන්විත අප පීඨය මගින් ශාස්ත්‍රීය අගය 120ක් (credits 120) වූ වෘත්තීය අරමුණු කර ගත් සිව් අවුරුදු ගෞරව උපාධි පාඨමාලාවන් පිරිනමනු ලැබේ.

1. භෞත චිකිත්සක ( Physiotherapy) - B.Sc. (Hons) in Physiotherapy degree

වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින වෘත්තියක් ලෙස භෞත චිකිත්සක වෘත්තිය දැක්විය හැකිය. යම් පුද්ගලයෙකුගේ සෞඛ්‍යයේ උපරිම චලන හා ක්‍රියාකාරී හැකියාව වර්ධනය කරන, එය පවත්වා ගෙන යාමට උපකාර කරන, පුනරුත්ථාපන චලන විශේෂඥයෙකු ලෙස කටයුතු කිරීම ආදිය භෞත චිකිත්සකවේදියෙකුගේ මූලික කාර්‍යභාරය වේ. එසේම භෞත චිකිත්සක උපාධිය හැදෑරීම මගින් ඔබට විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථාවන් හිමිවේ. රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, ස්වකීය අංශය මෙන් ම විදේශ රැකියා සඳහා ද සම්බන්ධ වීමට ඔබට හැකි වේ. භෞත චිකිත්සක, ක්‍රීඩා භෞත චිකිත්සක, පර්යේෂක හා පර්යේෂණ සහයක, කථිකාචාර්ය ආදී වශයෙන් වූ රැකියා ක්ෂේත්‍ර ගණනාවක් මේ මගින් ඔබට හිමි වේ. භෞත චිකිත්සක උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව CMCC (කොළඹ වෛද්‍ය විද්‍යාල කවුන්සිලය) ලියාපදිංචි විය යුතු අතර SLMC (ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය) හි ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබට භෞත චිකිත්සකවරයෙකු ලෙස සේවය කිරීමට මෙන් ම ඔබේ ම සායනයක් ආරම්භ කිරීමට ද සුදුසුකම් ලැබේ. එසේම ඊට අමතර ව ඔබට රෝගියාගේ නිවසට ගොස් පුද්ගලික සායන හමුවීම් මගින් ද ප්‍රතිකාර කිරීම සිදු කළ හැකිය. එසේම නිසි මාර්ගෝපදේශන ක්‍රියාවලීන් මගින් විදේශයක භෞත චිකිත්සකවරයෙකු ලෙස සේවය කිරීමට ද ඔබට අවස්ථාව හිමිවේ.

2. වෛද්‍ය රසායනාගාර විද්‍යා (Medical Laboratory Sciences) - B.Sc.(Hons) in Medical Laboratory Sciences degree

වෛද්‍ය රසායනාගාර තාක්ෂණයන් පිළිබඳ විධිමත් විද්‍යාත්මක පදනමක් ලබා දීම මෙන්ම නවීන රසායනාගාර සේවාවන් මහජනතාවට සැලසීම ආදි අරමුණු පදනම් කරගත් මෙම පාඨමාලාව සිව් අවුරුදු ගෞරව උපාධි පාඨමාලාවකි. විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිට සායනික පුහුණුව සඳහා සිසුන් යොමු කරන අතර මේ මගින් විශිෂ්ට සායනික පුහුණුවක් සිසුන්ට හිමි වේ. උපාධි පාඨමාලාව අවසන් වීමෙන් අනතුරුව SLMC හි ලියාපදිංචි වීම තුලින් පෞද්ගලික රසායනාගාරයක් පවත්වා ගෙන යාමට ද හැකියාව ලැබේ. රජයේ මෙන්ම පෞද්ගලික අංශයන්හි වෛද්‍ය රසායනාගාරයන් හි සේවය කිරීමට, විවිධ පර්යේෂණ ව්‍යාපෘති සිදුකිරීමට, කථිකාචාර්‍යවරයෙකු ආදි ලෙස විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්‍යමණ්ඩල වලට එක් වීමට මෙන්ම විවිධ විෂය ක්ෂේත්‍රයන් ගණනාවක් ඔස්සේ වැඩිදුර අධ්‍යනයන් සිදු කිරීමට ද ඔබට මෙමගින් මං පෙත් විවර වේ.

3. ඖෂධවේදී (Pharmacy) - B.Pharm (Hons) degree

ඖෂධ විද්‍යාවේ ගුණාත්මක බව ඉහළ නැංවීමට මෙන්ම ඉතාමත් ඉහළ සෞඛ්‍ය සේවයක් ලෝකයට සැපයීම අරමුණු කර ගත් ඖෂධවේදි ගෞරව උපාධි පාඨමාලාව (B. pharm) දිනෙන් දින දියුණු වන නව තාක්ෂණික ලෝකයට ඉතාමත් ඉහල සේවයක් සපයන ක්ෂේත්‍රයකි. ඖෂධ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීම, ඖෂධ නිෂ්පාදනය, තත්ත්ව සහතිකකරණය, නියාමනය, වෙළඳපොළ ප්‍රවර්ධනය, ප්‍රජා සේවය ආදි වූ ඉතාමත් පුළුල් පරාසයක මෙම ඖෂධවේදී උපාධි පාඨමාලාව ව්‍යාප්ත ව පවතී. මෙම සිව් අවුරුදු උපාධි පාඨමාලවේ දෙවන වසරේ සිට පුහුණුවීම් හා ‍රෝහල්වල සායනික පුහුණුවීම් වලට අවස්ථාව සැලසෙන අතර පර්යේෂණ කටයුතු ආදියට සිව් වන වසරේ දී අවස්ථාව ලැබේ.
Community Pharmacist (ප්‍රජා ඖෂධවේදී), Industrial Pharmacist (කර්මාන්ත ඖෂධවේදී) , Compound Pharamcist (සංයෝග ඖෂධවේදී), Clinical Pharmacy Specialist (සායනික විශේෂඥ ඖෂධවේදී), Hospital Pharmasist, Drug Information Pharamacist, ආදි වශයෙන් වූ ඉතා පුළුල් දෙස් විදෙස් රැකියා අවස්ථාවන් රාශියක් ඔබට හිමි වේ. එසේම ඔබට වැඩිදුර අධ්‍යාපනයට යොමු වීමට මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙකු ලෙස සේවයට එක් වීමට ද ඔබට අවස්ථාව හිමි වේ.

4. විකිරණ ශිල්පි/ විකිරණ චිකිත්සක (Radiography/ Radiotherapy ) B.Sc.(Hons) in Radiography/ B.Sc. (Hons) in Radiotherapy degree

විකිරණශිල්පී ක්‍රම පිළිබඳ ව මනා දැනුමක් ලබා දෙන පාඨමාලවක් ලෙස මෙම පාඨමාලාව හඳුන්වා දිය හැකි ය. විවිධ විකිරණ ශිල්පී ක්‍රම යොදා ගෙන ශරීරයේ විකිරණ පිටපත් ලබාගැනීම හා විකිරණ ආශ්‍රිත ප්‍රතිකාර සිදු කිරීම ලෙස මෙය කෙටියෙන් හැඳින්විය හැකි ය. ජීව විද්‍යාව, ගණිතය, භෞතික විද්‍යාව, තොරතුරු තාක්ෂණය , programming ආදි විෂය පථයන් ගණනාවක් ඉතාමත් ගැඹුරින් අධ්‍යනය කිරීමට ඔබට හැකි වේ. සායනික පුහුණුව රජයේ රෝහල් වල මෙන් ම පෞද්ගලික අංශයේ රෝහල් වලින් ද හිමි වේ. ඉතා ඉහළ වැටුපක් යටතේ විකිරණ ශිල්පියෙකු/ විකිරණ චිකිත්සකවරයෙකු ලෙස රජයේ, පුද්ගලික අංශයේ මෙන් ම විදේශීය රැකියා වල නිරතවීමටත් විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙකු ලෙස මෙන් ම පර්යේෂණ නිලධාරියෙකු ලෙස සේවය කිරීමත් ආදී වශයෙන් වූ රැකියා අවස්ථාවන් රාශියක් මෙමගින් ඔබට හිමි වේ. එසේම දෙවන වසරේ සිට පෞද්ගලික සායනික පුහුණුවන් තුළින් අමතර ආදායමක් ලබා ගැනීමට ද ඔබට අවස්ථාවක් ලැබේ.

5. හෙද (Nursing) - B.Sc.(Hons) in Nursing degree

මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ හෙද පුහුණු පාඨමාලාවන් ගණනාවක් පවත්වාගෙන යනු ලැබේ. නමුත් ශ්‍රී ලංකාවේ ඉතාමත් ඉහළ පිළිගැනීමක් සහිත උපාධි පාඨමාලවක් ලෙස හෙද උපාධි පාඨමාලාව හඳුන්වා දිය හැකි ය. මේ සඳහා අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටිය යුතු අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාව සඳහා සාමාන්‍ය සාමාර්ථයක් ලබාගැනීම, උස අඩි4 අඟල්10ට වඩා වැඩි වීම හා වෙනත් කායික ආබාධවලින් තොර වීම ආදී සුදුසුකම් පරීක්ෂා කරනු ලැබේ. මෙම සිව් අවුරුදු උපාධි පාඨමාලාවේ පළමු වසරේ සිට රෝහල්වල සායනික පුහුණුව සඳහා ඔබව යොමු කරනු ලැබේ. එසේ ම සිව් වන වසර තුලදී පර්යේෂණ කටයුතු වල නියැලීමට ද ඔබට අවස්ථාව ලැබේ. රෝහල් සේවා, අධ්‍යාපන සේවා හා මහජන සෞඛ්‍ය සේවා ලෙස ප්‍රධාන සේවා ත්‍රිත්වයක් ක්‍රියාත්මක වේ. රජයේ රෝහල්, පෞද්ගලික රෝහල් ආදියේ සේවය කිරීමටත් අධ්‍යයන අංශයේ දී විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙකු ලෙස සේවය කිරීම, හෙද පුහුණු පාසල් වල ආචාර්‍යවරයෙකු ලෙස සේවය කිරීම, පරිපාලන සේවය මෙන්ම විදේශ රැකියා අවස්ථාවන් සඳහා ද ඔබට දොරඟුලු විවර වේ.

08/08/2021

වෛද්‍ය පීඨය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් එක් පීඨයක් තමයි වෛද්‍ය පීඨය. 1962 වසරේදී ආරම්භ කල පේරාදෙණිය වෛද්‍ය පීඨය ශ්‍රී ලංකාවේ දෙවන වෛද්‍ය පීඨය ලෙස සැලකේ.
ගලහ හන්දියෙන් ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලු වන විට ඔබට මුලින්ම හමුවන්නේ වෛද්‍ය පීඨය යි. වෛද්‍ය පීඨය තුල තිබෙන summit, මගුල් මඩුව, අලුතින් ඉදි කෙරුණු ලතා මණ්ඩපය සහ නෙලුම් පොකුණ වැනි ස්ථාන සිසුන්ට ලබා දී ඇති නිදහස් සුන්දර ස්ථාන ලෙස නම් කරන්න පුලුවන්. ඒ වගේම සිසුන්ට තම අධ්‍යයන කටයුතු සිදු කරගැනීමට Beach, Pillared, Study room, E-library හා පීඨ පුස්තකාලය වැනි ස්ථාන වල අවශ්‍ය සියලු පහසුකම් ලබා දී ඇත.
එසේම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ඉතා දක්ෂ ආචාර්ය, මහාචාර්ය මණ්ඩලක් සිටින බව මතක් කල යුතුම කරුණක්.පාඨමාලාව ආරම්භයේදී පුහුණු ගුරුවරුන් විසින් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය සඳහා මාස 3 ක් වැනි කාලයක් ඉංග්‍රීසි පාඨමාලාවක් දියත් කරනු ලබයි
එම කාලය තුලදී සිසුන්ගේ soft skills වර්ධනය සඳහා ද දේශන පවත්වනු ලබයි .පේරාදෙණිය වෛද්‍ය පීඨය දෙපාර්තමේන්තු 16 ක් සහ ඒකක එකකින් සමන්විත වෙන අතර වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාලය වසර 5 ක් වන අතර අදියර දෙකක් යටතේ සිදුවේ.

⭕පලමු වසර 2 : Pre clinical
📌Anatomy
📌Biochemistry
📌Physiology
මිනිස් සිරැරේ සාමාන්‍ය ව්‍යුහය, ක්‍රියාකාරිත්වය පිලිබඳ අධ්‍යනය කරයි.පලමු වසර තුලදී කායව්‍යවච්ඡේදන දෙපාර්තමේන්තුව යටතේ පරිත්‍යාගශීලීන් විසින් ලබා දෙන සිරුරු (dead bodies) අධ්‍යනය( body dissection) මඟින් සිසුන් මිනිස් සිරුරේ සියලු කොටස් පිලිබඳ තම දැනුම වැඩි දියුණු කරගනු ලබයි. මිය ගිය පසු තම සිරුර වෛද්‍ය පීඨයට පරිත්‍යාග කිරීමට කැමති අයට කායව්‍යවච්ඡේදන දෙපාර්තමේන්තුව (Anatomy Department) හරහා අවශ්‍ය තොරතුරු ලබා ගත හැක

⭕අවසන් වසර 3 :Clinical
📌Pathology
📌Pharmocology
📌Parasitology
📌Microbiology
📌Forensic Medicine
📌Community Medicine
📌Psychiatry
📌 Anaesthesiology
📌Paeditrics
📌Surgery
📌Obstetrics &Gynecology
📌Medicine
රෝග නිර්ණය හා ප්‍රතිකාර පිළිිබද අවශ්‍ය දැනුම ලබා දෙනු ලැබේ.

සායනික පුහුනුව (Clinical Training) සඳහා ප්‍රධාන වශයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල හා මහනුවර ජාතික රෝහල සිසුන්ට ලබා දී ඇති අතර ගම්පොල ශික්ෂණ රෝහල, මාවනැල්ල රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල වැනි රෝහල් ද ඇතැම් අවස්ථාවල දී යොදා ගනු ලැබේ. වෛද්‍ය පීඨයේ සෑම සිසුවෙක්ම M අංකයක් යටතේ ලියාපදිංචි කරන අතර ඔවුන් සියලු දෙනාම වෛද්‍යපීඨ ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් වේ. වෛද්‍ය පීඨය තුල කිසිම සිසුවෙකුට කිසිදු බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු සිදුකිරීමට සදහා ඉතා සාමකාමී, නිදහස් පරිසරයක් ගොඩනංවා තිබෙන බව සතුටින් මතක් කල යුතු කරුණකි. අධ්‍යන කටයුතු වලට අමතරව සිසුන්ගේ මානසික සුවතාවය සහ රසවින්දනය උදෙසා පැදුර කුජදාව ආදී සංගීතමය සහ නර්තනාංගයන්ගෙන් යුතු වැඩසටහන්ද පවත්වනු ලබයි.සියලුම ශිෂ්‍යයන්ට තම අධ්‍යනය කටයුතු, බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා කටයුතු නිසි ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් පීඨය මගින් මගින් ලබා දී තිබේ. අවසාන වශයෙන් සේනක බිබිලේ පරපුරෙන් පැවත එන දක්ෂ,මානුශීය වෛද්‍යවරයෙකු බිහි කිරීමට පේරාදෙණිය වෛද්‍ය පීඨය කැපවී සිටින බව මතක් කල යුතුය.

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Gampaha