23/08/2026
මනුස්සයෙකුට වැටෙන්න පුළුවන් ලොකුම විලංගුව මාසෙ අන්තිමට ලැබෙන වැටුප වෙන්නත් පුළුවන්.
හැබැයි, මම වැටුපට විරුද්ධ නැහැ. මම විරුද්ධ වෙන්නේ වැටුපට ඇබ්බැහි වෙන ජීවිතයට.
මගේ මතයේ නම්, වැටුප කියන්නේ වරායක නවතා තිබෙන නැවකට දාලා තියෙන නැංගුරමක් වගේ දෙයක්.
වරායේ නවතා තිබෙන නැව නැංගුරම නිසා ආරක්ෂිතයි.කිසිම අවදානමක් නැහැ.
හැබැයි, නැවක් හදන්නේ වරායේ නවතා තියන්න නෙවෙයි. මුහුදට යවන්න.
වැටුප ලැබෙන දවස එනකම් බලාගෙන ඉන්නවා. මාසික ණය වාරික ගෙවනවා. බිල් ගෙවනවා. ඊළඟ මාසය එනකම් නැවතත් ඒ චක්‍රයම.
අවුරුදු 30ක්. 40ක්.
අන්තිමේදී ඔවුන් ජීවත් වෙලා තියෙන්නේ තමන්ගේ හීන වෙනුවෙන් නෙවෙයි. අනුන්ගේ හීන ගොඩනඟන්න.
වැටුප ඔබට ආරක්ෂාවක් දෙනවා. ඒත් ඒ ආරක්ෂාව ඔබේ අවදානම් ගැනීමේ හැකියාව මරා දානවා නම්, ඒ ආරක්ෂාවම ඔබට විලංගුවක් වෙනවා.
මම කියන්නේ හෙටම රස්සාවෙන් අස්වෙන්න කියලා නෙවෙයි.
මම කියන්නේ වැටුප මත පමණක් ජීවත් වෙන ජීවිතයක් ගොඩනඟන්න එපා කියලයි.
වැටුපෙන් ප්‍රාග්ධනය හදන්න.
අලුත් කුසලතාවක් ඉගෙන ගන්න.
දෙවැනි ආදායම් මාර්ගයක් ගොඩනඟන්න.
ඔබේම ව්‍යාපාරයක් හෝ පුද්ගලික සන්නාමයක් නිර්මාණය කරන්න. වැටුපෙන් ජීවත් වෙන්න. හැබැයි වැටුප මත ජීවිතය ගොඩනඟන්න එපා.
එතකොට වැටුප ඔබේ ස්වාමියා නෙවෙයි. සේවකයා.
අනාගත ලෝකය වෙනස් වෙමින් පවතිනවා.
ස්ථිර රැකියා අඩුවෙයි. ස්වාධීන වෘත්තිකයන්, නිර්මාණකරුවන්, උපදේශකයන් සහ ව්‍යවසායකයන් වැඩිවෙයි. සමාගම් සේවකයන්ට වඩා ප්‍රතිඵල මිලදී ගනීවි.
ඒ ලෝකයට ගැළපෙන්නේ මාසික වැටුපක් බලාගෙන ඉන්න මිනිස්සු නෙවෙයි.
තමන්ගේ වටිනාකම නිර්මාණය කරන්න පුළුවන් සුපිරි මිනිස්සු.
මගේ අවසාන ප්‍රශ්නය තමයි.
ඔබේ වැටුපත් ඔබේ ජීවිතය නැමති නැව වරායේම නවතා තබන නැංගුරමක් ද?🥰