G/Olcott college old Boys&Girls Association

G/Olcott college old Boys&Girls Association school leavers' page

ඔබට රුපියල් කෝටියක් දුන්නොත් ඔබගේ ජීවිතය නැති කර ගැනීමට කැමතිද? කෝටි 2ක් ? 5ක් ? 10ක් ? නෑ නේද... නමුත් පසුගිය ඊලාම් යුද...
30/03/2026

ඔබට රුපියල් කෝටියක් දුන්නොත් ඔබගේ ජීවිතය නැති කර ගැනීමට කැමතිද? කෝටි 2ක් ? 5ක් ? 10ක් ? නෑ නේද... නමුත් පසුගිය ඊලාම් යුද සමයේ අපගේ රට ජාතිය ආරක්ශාකරනු වස් කිසිදු කොන්දේසියකින් තොරව තම වටිනා මනුෂ්‍ය ජීවිතය කැපකලා වූ අභීත රණකාමින් 32 ක් අතුරින් සුවිශේශී චරිතයක් වන සෙ/543841 සැරයන් සුරංග P N PWV පිලිබද මතකාවර්ජනයයි මේ.....

වර්ෂ 1982 දෙසැම්බර් මස 16 වන දින රමණීය ගාලු පුරවරයේ තලාපිටිය ගම්මානයේ දී N P ගුණවති මෑණියන්ට සහ D N ඩැනි පියාණන්ට දාව උපන් ඔහු මියයන විට විවාහ සිටියේ P W S K නදීකා මහත්මිය සමඟයි. කුඩාකළ සිටම ක්‍රීඩාවට හා අධ්‍යාපනයට එක හා සමානව දස්කම් පෑ අප කථානායකයා ගාල්ල ඕල්කොට් විද්‍යාලයේ සිසුවෙකී... තම පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු තම කුඩාකළ ආශාව සංසිඳුවා ගැනීම පිණිස ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වීය.

මූලික පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් දරුණු සටන් පැවති ඉදිරි ආරක්ෂක වලල්ලේ මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශ වල රාජකාරි කිරීමෙන් අනතුරුව 2006 වසරේ දී මුහමාලේ- නාගර්කෝවිල් ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරි යොදවන ලදී.

තිස් වසරක කුරිරු සිවිල් යුධ සමයේ 2006 අගෝස්තු එකොළොස්වන දින සතුරන්ට එරෙහි යුද්ධයේ ඉතා වැදගත් සංධිස්ථානයක් විය. එනම් එල් ටී ටී ඊ සංවිධානයේ ගොඩබිමින් හා මුහුදින් එකවර දරුණු ප්‍රහාරයක් මුහමාලයේ හා නාගර්කෝවිල් ඉදිරි ආරක්ෂක වලල්ල ප්‍රදේශයට දියත්කිරීමයි.

එම දැවැන්ත ප්‍රහාරය හේතුවෙන් ඉදිරි ආරක්ෂක වළල්ල සතුරන් අතට පත් වූවද එම ප්‍රහාරයට එරෙහිව නොපමාව පියවර ගැනීම හේතුවෙන් එදිනම නැවතත් යුද හමුදාවේ ආධිපත්‍යයට මුහමාලේ - නාගර්කෝවිල් ඉදිරි ආරක්ශක වළල්ල නතු කර ගැනීමට ආරක්ශක අංශයන් වෙත හැකි විය.

එම සාර්ථකත්වය ලගා කර ගැනීමට කෝප්‍රල් සුරංගගේ අති විශිෂ්ඨ යුද උක්‍රමයන් ඉවහල් වූ බව එවකට ඔහුගේ සමකාලිනයන් අදහස් අනුව දැනගැනීමට හැකිවිය. ග්‍රෙනේඩ් (Granade) එල්ල කිරීමේ පුහුණු දක්ෂයකු වූ ඔහුගේ ක්ෂණික සහ ඥානාන්විත ක්‍රියා හේතුවෙන් කොටි බංකර් විනාශ කිරීමේ පළමු පියවර තැබීමට යුද හමුදාවට හැකිවිය. නැවත ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වු ප්‍රතිප්‍රහාර වළක්වා ගනිමින් සාර්ථකව හා නිවැරදි ඉලක්කයට එඩිතරව ප්‍රහාර එල්ල කිරීමෙන් යුද හමුදාවේ නොපසුබට ධෛර්ය හා එඩිතර බව මනා ලෙස කියා පෑ අතර එමගින් ත්‍රස්තවාදීන්ගේ මානසික ඒකාග්‍රතාවය සුනු විසුනු කරමින් ක්‍රියාන්විතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට යුදහමුදවට හැකි විය.

එනමුත් 14 වන දින එල්.ටී.ටී.ඊ සංවිධානය විශාල සේනාංක සමඟින් නැවතත් ප්‍රතිසංවිධානය වී ප්‍රතිප්‍රහාර දියත් කල අතර කොප්‍රල් සුරංගගේ අනුකන්ඩය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමඟ මුහුණට මුහුරා සටන් කරමින් ඉදිරියටම ගමන්කල අතර ඔහුගේ RPG ප්‍රහාර සාර්ථකව සතුරාට ඉතා විශාල හානි ගෙන දුන් නමුත් අවාසනාවකට ඔහුගේ RPG අවියේ උණ්ඩ අවසන් ව්විම නිසා ත්‍රස්තවාදීන්ගේ මැෂින් තුවක්කු කණ්ඩායමට කෝප්‍රල් සුරංග සිටිනා ස්ථානය නිරික්ෂණය වීමෙන් ත්‍රස්තවාදීන් ඔහුට සහ සගයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම අරඹන ලදී.

උණ්ඩ නොමැති තමාගේ RPG අවිය තමාට පිහිටක් නොවන බව වටහා ගත් කෝප්‍රල් සුරංග එඩිතරව ග්‍රෙනේඩ් 2 ක් අතැතිව එල්ටීටීඊ මැෂින් තුවක්කු හසුරවන පිරිස වෙත කඩා පනිමින් එය පුපුරවා ගනිමින් තමා සහ එල්ටීටී පිරිසද මරණයට පත් කරන ලදී.

එල්ටීටීඊ සතුවූ මැෂින් තුවක්කුව සහ අනෙකුත් අවි ආයුධ විනාශ වීම නිසා කෝප්‍රල් සුරංගගේ අනුකන්ඩයේ සගයන්ට එදින ජයග්‍රාහීව නිමා කිරීමට හැකි වුනා

තම ජීවිතය ගැන නොතකා ස්වේච්ඡාවෙන් සිදුකළ මෙම වීර ක්‍රියාවට සිදුකර ගෞරවයක් වශයෙන් කෝප්‍රල් සුරංගට පරම වීර විභූෂණ සම්මානය පුද කිරීම හා සැරයන් නිලයට උසස් කිරීමට පළවන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ එවකට අණදෙන නිලධාරි විසින් නිර්දේශ කරන ලදී.

ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරමින් තම ජීවිතය පූජාකල වීරෝධාර රණවිරු සෙ/543841 සැරයන් සුරංග P N PWV සොයුරානෙනි " හිරු නැග එන මොහොතේත් හිරු බැස යන මොහොතේත් අප ඔබව සිහි කරන්නෙමු"

-PK-

All Rights Reserve ©

(මම ඡායාරූපය AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර ඇති අතර මෙම ලිපියේ හෝ ඡායාරූපයේ අඩුපාඩු ඇතොත් පෙන්වා දෙන්න)

උපුටා ගැනීමකී.... මෙහි ඇති අඩුපාඩු කිහිපයක් නිවැරදි කොට ඇත...
කතෘ අයිතිය මුල් හිමි කරු සතුය.....


𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐒𝐭𝐞𝐩 𝐔𝐩👉🏻 𝗩𝗼𝘁𝗶𝗻𝗴 𝗡𝗼 - 𝟏𝟐𝗦𝗘𝗠𝗜 𝗙𝗜𝗡𝗔𝗟𝗦 | ඉරිදා රාත්‍රී 8.30 😍𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮'𝘀 𝗚𝗼𝘁 𝗧𝗮𝗹𝗲𝗻𝘁 𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟎𝟑 🌟ඔයාලා ආදරේ කරන LITTLE...
13/02/2026

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐒𝐭𝐞𝐩 𝐔𝐩

👉🏻 𝗩𝗼𝘁𝗶𝗻𝗴 𝗡𝗼 - 𝟏𝟐
𝗦𝗘𝗠𝗜 𝗙𝗜𝗡𝗔𝗟𝗦 | ඉරිදා රාත්‍රී 8.30 😍
𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮'𝘀 𝗚𝗼𝘁 𝗧𝗮𝗹𝗲𝗻𝘁 𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟎𝟑 🌟

ඔයාලා ආදරේ කරන LITTLE STEP-UP දිනවන්න දැන් ඔයාලටත් පුළුවන් 🥳😇

👉 SLGT (හිස්තැනක්) අංක 12 යොදා 7788 SMS කරන්න. 😍
නැත්නම්
👉 https://slgt.sirasatv.lk වෙබ් පිටුව හරහා ඔබගේ කැමැත්ත පළ කරන්න. 😍

( මෙය වැඩසටහන අවසන් වන මොහොතේ සිට පසුදා රාත්‍රී 8.30 දක්වා පමණක් වලංගු වේ.)

ශෙයා කරලා එයාලව දිරිමත් කරමු

13/12/2025

Good morning 🌍

මතකද ඒ කාලේ 🥺
08/10/2024

මතකද ඒ කාලේ 🥺

Check out Lucky_Quotes_’s post.

💪🏻🤍අපේ කොල්ලෝ
13/09/2023

💪🏻🤍අපේ කොල්ලෝ

ශ්‍රී ලංකා ජාතික ජිම්නස්ටික් සංගමය මගින් සංවිධානය කරනු ලබන Gym For Life Challenge තරගාවලිය 2023.
ගාල්ල දිස්ත්‍රික් ජිම්නස්ටික් සංගමය නියෝජනය කරමින්
අප විද්‍යාලයේ ක්‍රීඩකයන් තිදෙනෙකු
🎗දෙවන ස්ථානය🎗හිමිකර ගනී.

MOHAMED MAFAS MUSHFIQ
GORAKADUWA GAMAGE THEPUL SASWIDU
M.R MUHAMMED HIFLAN.

අපගේ උණුසුම් සුභපැතුම් !

පුහුණුකරු : විද්‍යාලීය ආදි සිසු මොහොමඩ් මුබාරක්
💪🏻🤍

09/01/2023

ඕල්කොට් විද්‍යාලයේ කීර්තිමත් ජිම්නාස්‍ටික් ක්‍රීඩක Mohomad Mubarak විසින් පවත්වනු ලබන පුහුණු පාඨමාලා සඳහා විමසන්න

075 8813212

පුහුණු සැසියන් පවත්වනු ලබන්න වෙලාවන් :

සෙනසුරාදා : ප.ව 2:30 - 5:00
සඳුදා : 2:30 - 4:30

ස්ථානය : කනම්පිටිය ක්‍රීඩාංගනය.

😍
29/11/2022

😍

🤍
26/11/2022

🤍

Guys , Get Ready 🎾⚽️
03/09/2022

Guys , Get Ready 🎾⚽️

Rest In Peace Uncle 😞😭🙏🏻
08/07/2022

Rest In Peace Uncle 😞😭🙏🏻

ගා/ඕල්කට් මහා විද්‍යාලයේ  අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ  සේවය  කළ P.G. තිලකවර්ධන මයා පසුගිය 7 වනදා සිට ආගිය අතක් නැත.සොයා ගැනීම...
08/07/2022

ගා/ඕල්කට් මහා විද්‍යාලයේ අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ සේවය කළ P.G. තිලකවර්ධන මයා පසුගිය 7 වනදා සිට ආගිය අතක් නැත.සොයා ගැනීමට උදව් වන්න.

Address

Galle

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when G/Olcott college old Boys&Girls Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category