Ethkandura seewalie M.V

Ethkandura seewalie M.V

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ethkandura seewalie M.V, Education, ethkadura, Galle.

Photos from Ethkandura seewalie M.V's post 08/06/2026

දරුවන්ගේ රැකවරණය ගැන හිතන දෙමාපියන් 2026.06.08 අද දින ඩෙංගු මර්දන ශ්‍රමදානය මහ වැසි නොතකා සිදුකිරීමට දායක වීම පිළිබඳව විද්‍යාලයේ ස්තූතිය පුද කරමි .

අද එන්න බැරි වුණු දෙමාපියන් මේ සතියේ පුළුවන් දවසක ඇවිත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඩෙංගු මර්දනය සදහා දායකත්වය ලබා දීමට කටයුතු කරන්න .

Photos from Ethkandura seewalie M.V's post 08/06/2026

🌸සුබෝපන්දිනයක්…
පාසලට මල් පැළයක්🌸

8B ශ්‍රේණියේ M H අදීශ ඉදුවර පුතා, 7A ශ්‍රේණියේ සංකල්‍යා සත්සරණි දුව, 1B ශ්‍රේණියේ යුවින් හංසන පුතා උපන්දිනය නිමිත්තෙන් පාසලට මල් පැළ පරිත්‍යාග කරන ලදි..සුබ උපන්දිනයක් ඔබට

Photos from Ethkandura seewalie M.V's post 06/06/2026

දරුවන්ට ප්‍රශ්න ගොඩක් තියෙන කාලයක්....

හරි මගට ගන්න ගොඩක් වැඩ කරන්න වෙනවාමයී....

අඳුරට සාප නොකර එක් පහනක් හෝ දල්වමු.

ඇල්පිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීනියන් වන නිශාදි මහත්මිය සහ සන්ධ්‍යා මහත්මිය අපගේ ඉල්ලීමට කඩිනමි ප්‍රතිචාර දක්වමින් 2026.06.04 දින අපේ දරුවන්ට යහමඟ පෙන්විමට උපදේශනය ලබා දුන් අවස්ථාව ......
දැන් හොඳ නරක තේරුම් අරන් ඉදිරියට යන්න ඕනෑ දරුවනේ...

Photos from Ethkandura seewalie M.V's post 04/06/2026

ලෝක පරිසර දිනය ජුනි 05.

ඒ වෙනුවෙන් ජුනි මස 03 දින දේශගුණික විපර්යාස මගින් සිදුවන බලපෑම් අවම කිරීම සඳහා ක්‍රියාත්මක වීම පිළිබඳව දරුවන් දැනුවත් කිරීම සිදුකළා ....

ඔසුපැළ රෝපණය කිරීමත් ඒ සමග ම සිදුකළා

මේ සදහා දායකත්වය ලබා දුන් මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරී නුවන් ජයවර්ධන ,ටී.බී.වයි. පුෂ්පමාලා සහ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සරත් ප්‍රේමතිලක ,හර්ෂ ගුණවර්ධන . ඩී.එස් කළුආරච්චි යන මහත්ම මහත්මින්ට ස්තූතිය පුද කරමු.

04/06/2026

රාජ්‍ය ළමා නාට්‍ය අවසාන වටය නියෝජනය කිරීම හේතුවෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් අප විද්‍යාලයේ නාට්‍ය කණ්ඩායම ඇගයීමට ලක්වුනා.සම්මානය පිරිනැමුවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායක විසින්...💚

Photos from Ethkandura seewalie M.V's post 04/06/2026

" සිසු නියමු අභිශේකාභිමානි" ඇත්කඳුර සීවලී මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳීම 2026.05.26 ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ටෙක්ලා ජයසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස පැවැත්විණි .

දරුවනි උගනිව්

යමක් කරන්නට හරියට

හිසට වහලක් නැතත්

කුසට අහරක් නැතත්

සොයා යව් විදුහල

උදුරා ගනිව් නායකත්වය .....

31/05/2026

9A ඉනුර දුල්නෙත්
පුතාගෙ වෙසක් නිර්මාණයක්

Photos from Ethkandura seewalie M.V's post 29/05/2026

සම්බුදු තෙමගුල සමරමින් වැඩසටහන් රැසක් එකම දිනයක .
2026.05.29.

මුලින් ම ධර්ම දේශනය විචිත්‍ර ධර්ම කථික , ගුවන් විදුලි ,රූපවාහිනී ධර්ම දේශක පූජ්‍ය වත්තහේන පත්ම ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලදි .

දෙවනුව දානමය පුණ්‍ය කර්මය පාන් සහ සීනී සම්බල් දන්සැල ඉතා සාර්ථක ලෙස සිදුකළා . පාසලේ සියලුම දෙනාටත් ප්‍රධාන මාර්ගයේ ගමන් කළ මගීන්ටත් සංග්‍රහ කළා ...

ඉන් අනතුරු ව මුලු පාසල ම වෙසක් කලාපයක් ලෙස සැරසිලි කළා ..

නම් ගම් ඕනෑ නෑ..

දායක වූ සැමට පුණ්‍යානුමෝදනා ..🙏

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Ethkadura
Galle