16/06/2026
🏆 වරක් දෙවරක් නොව,මෙවරත් ගාල්ල කලාපීය මලල ක්‍රීඩා ශූරතාවය තමන් සතු කරගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ මලල ක්‍රීඩා කණ්ඩායම සමත්ව තිබේ..!!
ක්‍රීඩා පිටියක් පවා නොමැතිව, අනේකවිධ දුෂ්කරතා මධ්‍යයේ අධිෂ්ඨානය, කැපවීම සහ අසීමිත උත්සාහය මත පාසල් මාතාව රනින් සැරසූ ආදරණීය විද්‍යාලෝක පුතණුවන්ට විද්‍යාලෝක ආදි ශිෂ්‍ය ප්‍රජාවගේ හද පිරි උණුසුම් සුබ පැතුම් එක්කරන්නෙමු.
විද්‍යාලෝක ක්‍රීඩාවේ මෙම නව පිබිදීමට මඟ පෙන්වූ හිටපු විදුහල්පති ප්‍රසන්න සෙනෙවිරත්න මහතාගේ දූරදර්ශී නායකත්වයත්, වත්මන් විදුහල්පතිනිය වන එච්. එම්. ජයමාලී මහත්මියගේ කැපවීමත් විශේෂයෙන් ඇගයීමට ලක්කළ යුතුය.
එමෙන්ම, කිසිවෙකුට නොදෙවැනි මෙහෙවරක් ඉටු කළ ක්‍රීඩා භාර ගුරුභවතුන්, සමස්ත ගුරු මඩුල්ල,පුහුණුකරුවන් සහ දරුවන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් නිරන්තරයෙන් ශක්තියක් වූ ආදරණීය දෙමාපියන්ගේ කැපවීමද මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරමු.
තවද, විද්‍යාලයට පණ මෙන් ආදරය කරන ආදි ශිෂ්‍යයන්ගේ නොමඳ දායකත්වයද මෙහිදී අප ආදරයෙන් මතක් කර සිටිමු.
විද්‍යාලෝක ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින්, මෙම වර්ෂයේත් දරුවන්ගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් සැලකිය යුතු මූල්‍යමය සහයෝගයක් ලබාදීමට අපට හැකිවීම පිළිබඳව මහත් සතුටක් දැනේ.
මෙය අවසානයක් නොව, විද්‍යාලෝක ක්‍රීඩාවේ තවත් විශිෂ්ට ජයග්‍රහණ රැසකට ආරම්භයක් වේවා!
ජයග්‍රහණයේ නාමයෙන් දිදුලන විද්‍යාලෝකය තවත් තවත් ඉදිරියටම යා යුතුය! 🏆✨
Old Boys Association - Vidyaloka College