09/12/2022
💻 ඔයත් campus select වෙච්ච කෙනෙක් ද ? Laptop එකක් ගන්න හොයනවද ? ඔයා යන්න ඉන්න course එක මොකක් උනත් හරිම Laptop එක ගන්නෙ කොහොමද කියලා දැනගන්න ඕනෙ නම් මේ post එක ඔයාට. 😎
මුලු post එකම හොඳට බලන්න. සෑහෙන්න research එකක් කරලා තමයි මේක අරගෙන එන්නේ. ඒ නිසා misterC like කරන්නත් අමතක කරන්න එපා 🤗. යාළුවන්ටත් දැනගන්න මතක ඇතුව share කරන්න 🤩
💻 Laptop එකක් ගන්නකොට මුලින්ම බලන්න ඕනෙ දේවල් තමයි
1. Processor (CPU) එක
2. RAM එක
3. GPU (graphics unit) එක
4. Storage එක
5. Screen එක
මේ දේවල් වල උවමනාවන් ඔයාගෙ course එක අනුව වෙනස්වෙනවා.
💻 උදාහරණයක් විදියට engineering, computer science, IT වගේ degree එකක් කරනවා නම් ඔයාට core i5 11th gen හෝ ඊට ඊට උඩින්,16GB විතර RAM එකක් තියෙන laptop එකක් තමයි අපි recommend කරන්නෙ. හේතුව ඔයාට අවුරුදු 4 - 5 ක් slow නොවී හොඳ performance එකක් ගන්න ඕනෙ නිසා. ඊළඟට GPU එක ගැන බලද්දි machine learning වගේ කරන්න හිතන් ඉන්නවා නම් සහ AutoCAD වගේ software run කරන්න ඕනෙ නම් හොඳ GPU එකක් තියෙන Laptop එකකට යන්න 🤗
💻 ඊලගට physical අයටත් ඒවගේම තමයි ඔයා computer science වගේ subject එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් උඩ කියපු requirements ගැන සැලකිලිමත් වෙන්න 😊.
💻 ඔයා කරන්නෙ biology, vet, management, arts වගේ degree එකක් නම් ඒ කියන්නෙ සාමාන්‍යයෙන් presentation එකක් හදන්න, zoom meetings යන්න, LMS එකට log වෙලා assignments කරන්න වගේ normal වැඩ වලට නම් ඔයාට core i3, 8 or 16 GB RAM තියෙන laptop එකක් හොඳටම ප්‍රමාණවත්. ( කැමති නම් i5 එකකට වගේ යන්න 🤭)
💻 architecture වගේ කරන අය සැලකිලිමත් වෙන්න ඔයාලට use කරන්න වෙන softwares run කරගන්න පුළුවන් laptop එකක් මිලදී ගන්න. ගොඩක් හොඳ GPU එකක් ඕන වේවි.
💻 medicine කට්ටියට laptop එකකට වඩා tab එකක් හොඳයි කියලා හිතෙනවා මොකද පොත් වල ගණන් දැන් වැඩි නිසා pdf ගොඩක් බලන්න වෙනවා කියලා මගේ මිත්‍රයෙක් කියලා තියෙනවා. ඊට අමතරව hospital visits වලදී lap එකට වඩා tab එක use කරන්න ගොඩක් ලේසියි. ගොඩක් tablets වලට keyboard එකක් connect කරන්න පුලුවන් නිසා laptop එකක් වගේ වැඩ කරන්නත් පුළුවන් 🤗.
💻 ඊළඟ දේ තමයි ඔයා මොන course එක කරත් ඔයාලගෙ senior අය්යලා අක්කලා ගෙන් අහලා බලන්න පාවිච්චි කරන softwares මොනවද කියලා. ඒවට හරියන performance තියෙන lap එකක් ගන්න.
💻 Storage එක ගැන එච්චර වද වෙන්න දෙයක් නෑ මොකද හැම lap එකකම වගේ 512GB විතර දෙන නිසා 🤗. කැමති නම් ඉකමනින් boot වෙන්න ඕනෙ නිසා NVMe එකක් set කරගන්න mechanical hard disk එකක් තියෙනවා නම්.
💻 Screen එකත් ගොඩාක්ම වැදගත් දෙයක්. අපි වැඩ කරද්දි ගොඩාක් වෙලා laptop එකේ screen එක දිහා බලාගෙන ඉන්න ඕනෙ නේ. ඒක නිසා ටිකක් quality display එකක් තියෙන laptop එකක් ගන්න try කරන්න. ඔයා graphics designing වගේ course එකක් කරනවා නම් OLED වගේ pannel එකක් තියෙන්නෙ එකකට යන්න. Colour accuracy එක වැදගත් නිසා.
💻 මීළගට laptop එකක බලන්න ඕනෙ අනිකුත් දේවල්,
1. build එක plastic ද, metal ද
2. බර කොච්චර ද
3. Battery life කොහොමද
4. තියෙන ports මොනවාද
💻 laptop එක අවුරුදු 4-5 ක් එකදිගට use කරන්න ඕනෙ නම් සහ නිතරම පොදු ප්‍රවාහනය භාවිත කරනවා නම් මම recommend කරන්නෙ metal build එකක් තියෙන lap එකක් ගන්න කියලා. මොකද durability එක වැඩියි. Plastic laptops වල පතුරක් හරි ගැලවෙන සම්භාවිතාව වැඩියි 🥲.
💻 ඊළග දේ ඔයාට campus එකට ගෙදර හෝ බෝඩිමේ ඉඳලා ගොඩක් දුර යන්න වෙනවා නම්, කොළඹ වගේ නම් ගොඩක් වෙලා traffic එකේ bus වල යන්න වෙනවා නම් සැහැල්ලු laptop එකකට යන්න ☝️. මොකද ඕක එල්ලගෙන ඉන්නත් ඕන නේ 🥴. ගොඩක් business type එකේ laptops වල metallic build එකත් තියෙනවා වගේම 1kg වගේ weight එකක් තමයි තියෙන්නෙ. සාපේක්ෂව සැහැල්ලුයි.
💻 ඔයාගෙ ගෙදරට හරි බෝඩිමට හරි නිතරම විදුලිය විසන්ධි වෙනවා නම් අනිවාරෙන්ම පැය 2-3ක් වත් battery එකෙන් වැඩකරන්න පුළුවන් lap එකක් ගන්න බලන්න. මොකද මේක ලංකාව නිසා අපිට කියන්න බෑ කොහොම විදුලිය ඉස්සරහට ලැබෙයිද කියලා 🥲.
💻 ඊළඟට බලන්න ඔයාට usb ports කීයක් ඕන වේවිද, presentations කරන්න HDMI හෝ VGA හෝ thunderbolt port එකක් අනිවාරෙන් ඕන වෙනවා, headset එකක් connect කරන්න 3.5 mm headphone port එක තියෙනවද, SD cards connect කරන්න ඕනෙ නම් card reader එක තියෙනවද, ඉදිරියේදී USB type C භාවිතය වැඩිවෙන නිසා type C port එකක් තියෙනවද වගේ කාරණා ගැනත් හිතන්න.
🔥 Post එක ගොඩක් දිග වැඩිවෙන නිසා මම බලාපොරොත්තු වෙනවා තව කොටසක් අරගෙන එන්න. ඒකෙදි gaming laptops, macbooks සහ normal laptops වල වාසි සහ අවාසි ගැන ලොකු පැහැදිලි කිරීමක් කරනවා. ඒ නිසා MisterC like එකක් දාන්න අමතක කරන්න එපා. හුඟ දවසකින් post එකක් ගෙනාවෙ 😁.
-MisterC-
24/03/2022
23/03/2022
21/03/2022
20/03/2022
18/03/2022
17/03/2022
16/03/2022
10/03/2022
07/03/2022
06/03/2022
01/03/2022