23/07/2025
තිත් පොළොන් පැටව් බිහිවන කාලය ලෙස ජූලි - අගෝස්තු මාස සැලකිය හැක. මේ කාලය තුලදී මෙම විශේෂයේ සතුන්ගෙන් සිදුවන දෂ්ඨන සංඛ්‍යාවද සාපේක්ෂව ඉහල වන අතර නිවාසාශ්‍රිතව පැටවුන් වැඩිපුර දැකගත හැකී. Facebook හි අප සහෝදර සර්පයන් සම්බන්දව දැනුවත් කරන සමූහයන් තුලද මේ දිනවල වැඩිපුර තිත් පොළොන් පැටවුන්ගේ චායාරූප පලවීමද මෙයට හොඳ උදාහරණයක් ලෙස සැලකිය හැක. තිත් පොළගුන් වරකට පැටවුන් 5-50ත් අතර සංක්‍යාවක් ප්‍රසූත කරයි. උපතේදී පැටවුන් දිගින් 15-20cm තරම් වේ. රාත්‍රියේදී නිවසින් බැහැරවීමේදී ඉතා සුපරීක්ෂා කාරීව කටයුතු කරන මෙන් හා නිවාස තුල හමුවන තිත් පොලොන් පැටව් ආරක්ෂාකාරීව ඉවත් කරන මෙන් සැමෝගෙන්ම ඉල්ලා සිටිනවා
තිත් පොළොන් පැටවුන් වැඩුන සතුන්ට වඩා වර්ණයෙන් දීප්තිමත් වෙනවා. ගෙලෙහි සිට නැට්ට ප්‍රදේශයට වන්නට ප්‍රෂ්ඨීයව දිගු අතට පිහිටා ඇති දුඹුරු පැහැති පුල්ලි පෙළ මෙම සර්පයා හඳුනාගත හැකි ප්‍රධානම සාධකය විදිහට ගන්න පුළුවන්. ඇතැම් සතුන්ගේ මෙම පුල්ලි එකිනෙක යා වෙලා දම්වැලක හැඩයෙන්ද පිහිටනවා. (බොහෝ විට පැහැදිලිව වෙන්වී ඇත) මෙම පුල්ලි ශරීරයේ ද්වීපාර්ශවිකවද පිහිටා ඇතත් ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා වෙනවා. පුල්ලි මායිම් වන කළු පැහැති වට දාරයත් එය මායිම් වන්නට තවත් සිහින් සුදු පැහැති වට දාරයකුත් පිහිටන නිසා අලංකාර වර්ණ රටාවක් විදිහට පේනවා. ගෙලින් පැහැදිලිව වෙන්වූ ත්‍රිකෝණාකාර පැතලි හිසක් තිත් පොළගාට පිහිටා තියෙනවා. ප්‍රෂ්ඨීයව හිසේ පෙර දෙසට වන්නට තුඩ පිහිටි ඉංග්‍රීසි "V" අකුරේ හැඩය ඇති සුදු පැහැ සලකුණක්ද පිහිටා ඇත. මෙම සලකුණද මෙම සර්ප විශේෂය හඳුනාගැනීමට භාවිතා කල හැකි සාධකයක් වෙනවා. කොහොම උනත් සර්පයෙක් හඳුනාගද්දී එක ලක්ෂණයක් පමණක් බලන එක ප්‍රයෝගික නැති නිසා ඉහත සඳහන් ලක්ෂණ ඔක්කොම තියෙනවද කියල බලන එක තමයි හොඳම දේ.
මෙම පණිවිඩය ලබාදීමට මා දැනුවත් කල උරග හා උභයජීවීන් අධ්‍යයනය කරන දිනාල් සමරසිංහ අයියාටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා
සංජය කණිෂ්ක - Snakes of Sri Lanka
චායාරූපය - සනෝජ් විජයසේකර