Jayawardhana College, Galle

Jayawardhana College, Galle THE BEST SCHOOL IN THE WORLD


(Jayawardhana college Official page)

Congratulations 💐💐
10/06/2026

Congratulations 💐💐

හෙට දවස වෙනුවෙන් සුරකිමු සොබා දහම 🌱🌱🌱ජුනි 05 දිනට යෙදුණු ලෝක පරිසර දිනය වෙනුවෙන්, පරිසරයේ සැබෑ උරුමකරුවන් වන අපේ දරුවන් ...
09/06/2026

හෙට දවස වෙනුවෙන් සුරකිමු සොබා දහම 🌱🌱🌱

ජුනි 05 දිනට යෙදුණු ලෝක පරිසර දිනය වෙනුවෙන්, පරිසරයේ සැබෑ උරුමකරුවන් වන අපේ දරුවන් තුළ සොබාදහමට ඇති ආදරය සහ වගකීම වර්ධනය කිරීමේ අරමුණින් විද්‍යාලයීය පරිසර නියමුවන්ගේ ප්‍රධානත්වයෙන් අප සිදු කළ සුවිශේෂී වැඩසටහන.


2026 සමස්ත ලංකා නර්තන තරගාවලියේ කලාප මට්ටමේ  ප්‍රථම ස්ථානය දිනාගනිමින් දකුණු පළාත් තරගයට සුදුසුකම් ලැබූ කනිෂ්ඨ නර්තන කණ්...
03/06/2026

2026 සමස්ත ලංකා නර්තන තරගාවලියේ කලාප මට්ටමේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් දකුණු පළාත් තරගයට සුදුසුකම් ලැබූ කනිෂ්ඨ නර්තන කණ්ඩායමේ ආදරණීය දූ පුතුන්ටත්, අප විද්‍යාලයට ජයග්‍රහණය අත්කර ගැනීමට අසීමිත කැපවීමෙන් කටයුතු කළ නර්තන විෂයභාර ගුරුමහත්මියටත් විද්‍යාලයීය විදුහල්පතිතුමිය ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්‍යමණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් ❤️❤️💐💐💐


ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව පාසල් වෙසක් සති වැඩසටහන් මාලාව සාර්ථකව නිම කෙරේ! 🙏✨🌸පොදු යහපත පිණිස...
30/05/2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව පාසල් වෙසක් සති වැඩසටහන් මාලාව සාර්ථකව නිම කෙරේ! 🙏✨🌸
පොදු යහපත පිණිසත්, සම්බුදු තෙමඟුල සැදැහැ සිතින් සැමරීම පිණිසත් අප විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමියගේ පූර්ණ මගපෙන්වීමෙන් , ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන්ගේ දායකත්වයෙන් සංවිධානය කළ වෙසක් සති වැඩසටහන් මාලාව ඉතාමත් සාර්ථක අයුරින් නිම කිරීමට අපට හැකි විය.
මැයි 25 වන දින සිට ක්‍රියාත්මක වූ මෙම පින්බර වැඩසටහන් පෙළගැස්ම තුළින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සිදුකළ උදාර පින්කම් මාලාවේ මතකයන් මෙලෙස පෙළගස්වන්නෙමු.

🌸මැයි 25 (උදෑසන බුද්ධ පූජාව) - කනංකේ විජිතානන්ද ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වුණු පින්බර උදෑසන බුද්ධ පූජාමය වැඩසටහන.

🌸මැයි 26 (උදෑසන බුද්ධ පූජාව හා ධර්ම දේශනාව - බද්දේගම රත්නසාර පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති බලහරුවේ චන්දිම ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව (ද්විතීයික අංශය).

දංගෙදර ජයවර්ධනාරාම පරිශ්‍රයේදී "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සමගාමීව පැවැත්වූ විද්‍යාලයීය ශ්‍රමදාන වැඩසටහන.

🌸මැයි 27 (ධර්ම දේශනාව )- සිරිධම්ම විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති ගල්පොත්තයායේ සීවලී ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව (ප්‍රාථමික අංශය).

🌸මැයි 29 (රුක් රෝපණය හා කඩල දන්සල), (උදෑසන බුද්ධ පූජාව).

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සමගාමීව සිදුකළ රුක් රෝපණ වැඩසටහන.

විද්‍යාලයීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සැදැහැති දායකත්වයෙන් විද්‍යාලයීය පිවිසුම අසලදී පවත්වන ලද සාර්ථක කඩල දන්සල.

මෙම සියලු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නිරන්තර මඟපෙන්වීම් ලබාදුන් අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිතුමාටත් කැපවීමෙන් කටයුතු කළ ආචාර්ය මණ්ඩලයට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට, ආදරණීය දරු දැරියන්ට මෙන්ම සහසම්බන්ධ වූ සැමටත් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන්නෙමු!

කරගත් සියලු පින් සියලු දෙනාටම එක සේ අනුමෝදන් වෙත්වා! 🪷

ලෝකවාසී සියලුම දෙනාට සුබ වෙසක් මංගල්‍යයක් වේවා 🤍🙏



ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🤍
30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🤍

දුල පහන් වී ය ඔබඑකලු කළ විදු පියස.....💐💐💐💐විද්‍යාලයීය හිටපු විදුහල්පති දිනේෂ් හෙට්ටිආරච්චි මැතිතුමා, හිටපු නියෝජ්‍ය විදු...
17/05/2026

දුල පහන් වී ය ඔබ
එකලු කළ විදු පියස.....💐💐💐💐

විද්‍යාලයීය හිටපු විදුහල්පති දිනේෂ් හෙට්ටිආරච්චි මැතිතුමා, හිටපු නියෝජ්‍ය විදුහල්පතිනි කේ.ඩබ්.කේ.එල්.ආර්.කුමාරි මැතිනිය හා හිටපු නියෝජ්‍ය විදුහල්පතිනි ආර්.සී.සී.ප්‍රදීපිකා මැතිනිය වෙනුවෙන් සිදුකළ උපහාර උළෙල පාසලේ වත්මන් විදුහල්පතිනි කෞෂල්‍යා එස්.මාසාච්චිගේ මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.



වසර 30 ක ගුරු දිවිය නිමා කරමින් ගුරු සේවයෙන් විශ්‍රාම ලැබූ දූ දරුවන් දහස් ගණනකගේ නැණ නුවණ පෑදූ මීදෙණිය ගුරුමව්නි, ඔබට සු...
09/05/2026

වසර 30 ක ගුරු දිවිය නිමා කරමින් ගුරු සේවයෙන් විශ්‍රාම ලැබූ දූ දරුවන් දහස් ගණනකගේ නැණ නුවණ පෑදූ මීදෙණිය ගුරුමව්නි, ඔබට සුබ විශ්‍රාම දිවියක් වේවා! 💐❤🙏
2026.05.06



සුබ අලුත් අවුරුද්දක් වේවා!புத்தாண்டு வாழ்த்துக்கள்!Happy Sinhala and Tamil New Year!🙏🤍🙏
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!
புத்தாண்டு வாழ்த்துக்கள்!
Happy Sinhala and Tamil New Year!
🙏🤍🙏



අනාගත ලොව දිනන අපේ දූ දරුවන් හෙළ සිරිත් විරිත්වලින් හැඩවුණු සොඳුරු මොහොතක්...විද්‍යාලයීය ප්‍රාථමික අංශය මගින් සංවිධානය ක...
12/04/2026

අනාගත ලොව දිනන අපේ දූ දරුවන් හෙළ සිරිත් විරිත්වලින් හැඩවුණු සොඳුරු මොහොතක්...

විද්‍යාලයීය ප්‍රාථමික අංශය මගින් සංවිධානය කරනු ලැබූ චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ ගෙවුණු ඒ සුන්දර මතකයන් පෙළ ගැස්ම මෙලෙසින්.

සියලු දෙනාටම සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏❤️



11/04/2026

Address

Dangedara
Galle
80000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Jayawardhana College, Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category