Krishantha Ranathunga

Krishantha Ranathunga යුගයේ ආදරණීය ම Media ගුරුවරයා

අපේ ජීව්ත ආනන්දයෙන් පිරෙව්වාට ස්තූතියි ❤නන්දා මාලනිය නිවි සැනසේවා❤
20/08/2026

අපේ ජීව්ත ආනන්දයෙන් පිරෙව්වාට ස්තූතියි ❤
නන්දා මාලනිය නිවි සැනසේවා❤

20/08/2026

💙 2028 උසස් පෙළ MEDIA

🌱 අලුත්ම කණ්ඩායම්

🗓️ සෙනසුරාදා | පෙ.ව. 8.00 – 10.00
🗓️ ඉරිදා | පෙ.ව. 10.30 – 12.30

📚 පැරණි කණ්ඩායම්

🗓️ සෙනසුරාදා | ප.ව. 1.00 – 3.00
🗓️ ඉරිදා | ප.ව. 1.00 – 3.00
🗓️ ඉරිදා | ප.ව. 3.15 – 5.15

✨ ක්‍රිශාන්ත රණතුංග
🎯ගාල්ල දිස්ත්‍රික්යේ වැඩිම දරුවන් පිරිසකට සරසවි වරම් හිමි කර දුන් ගුරුවරයාය.

📮 whatsapp 0717968212

20/08/2026

🎓 2027 උසස් පෙළ | REVISION CLASS

🎬 MEDIA

ක්‍රිශාන්ත රණතුංග

📚 පන්තියේ විශේෂත්වය

✓ Theory කරුණු නිවැරදිව හා පැහැදිලිව ඉගැන්වීම
✓ විභාගයට අදාළ වැදගත් කරුණු ක්‍රමානුකූලව ආවරණය කිරීම
✓ ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය හා සාකච්ඡාව
✓ ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ප්‍රශ්න පත්‍ර ලියවීම
✓ බහුවරණ ප්‍රශ්න සඳහා විශේෂ පුහුණුව සහ ප්‍රශ්න විශ්ලේෂණය
✓ බහුවරණ ප්‍රශ්නවල නිවැරදි පිළිතුර තෝරාගැනීමේ ක්‍රමවේද හා උපක්‍රම පුහුණු කිරීම
✓ ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු රටාව පුහුණු කිරීම
✓ ලකුණු ලබාගැනීමේ උපක්‍රම හා පිළිතුරු ලිවීමේ ක්‍රමවේදය
✓ පසුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න ඇසුරින් පුහුණුව
✓ විභාගයට සූදානම් කරන ක්‍රමානුකූල Revision වැඩපිළිවෙළක්

🗓️ CLASS TIME TABLE

📍 ගාල්ල – පැනැස්රා
අඟ | උදේ 8.00 – 5.00
සිකු | උදේ 8.00 – 5.00

📍 මාතර – ඇපිරෝ
බ්‍රහස් | උදේ 8.00 – 5.00

📱 WhatsApp: 071 796 8212

09/08/2026
කීර්තිශේෂභාවෝපගත මහැදුරු විමල් දිසානායක..මහාචාර්ය විමල් දිසානායක ශ්‍රී ලංකාවෙන් බිහි වූ ජාත්‍යන්තර කීර්තිධර විද්වතෙකු, ස...
07/08/2026

කීර්තිශේෂභාවෝපගත මහැදුරු විමල් දිසානායක..

මහාචාර්ය විමල් දිසානායක ශ්‍රී ලංකාවෙන් බිහි වූ ජාත්‍යන්තර කීර්තිධර විද්වතෙකු, සන්නිවේදන හා සංස්කෘතික අධ්‍යයනවේදියෙකු, සිනමා විචාරකයෙකු සහ සාහිත්‍යකරුවෙකු ලෙස සැලකිය හැකිය. විශේෂයෙන් ආසියානු සන්නිවේදන න්‍යාය සහ ආසියානු සිනමා අධ්‍යයනය යන ක්ෂේත්‍රවල ඔහු කළ දායකත්වය ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ සන්නිවේදන, මාධ්‍ය, සිනමා, සාහිත්‍ය හා සංස්කෘතික අධ්‍යයන ක්ෂේත්‍රයන්ට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් ප්‍රමුඛ විද්වතෙකු ලෙස මහාචාර්ය විමල් දිසානායක හඳුන්වා දිය හැකිය. ඔහු ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර ශාස්ත්‍රීය ක්ෂේත්‍රය තුළද විශාල පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලාංකික බුද්ධිමතෙකි.

මහාචාර්ය විමල් දිසානායක සිය මූලික අධ්‍යාපනය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල,සංස්කෘත හා ඉංග්‍රිසි පිළිබඳ ගෞරව උපාධිය ලබා ගත්තේය. පසුව පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් දිනා ගති. ඔහුගේ අධ්‍යාපනික පසුබිම ඔහුට ශ්‍රී ලංකා සංස්කෘතිය හා භාෂාව පිළිබඳ අවබෝධයත්, බටහිර ශාස්ත්‍රීය සම්ප්‍රදාය පිළිබඳ පුළුල් දැනුමත් එකවර ලබා දුන්නේය.

ඔහුගේ විශේෂ දායකත්වයක් දක්නට ලැබෙන්නේ සන්නිවේදන න්‍යාය ක්ෂේත්‍රය තුළය. බටහිර සන්නිවේදන න්‍යායන් ආසියානු සමාජයන්ට එලෙසම යෙදීම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙමින්, ආසියානු සංස්කෘතීන්, සම්ප්‍රදායන්, විශ්වාස හා සමාජ වටිනාකම් පදනම් කරගත් සන්නිවේදන අවබෝධයක් ගොඩනැගීමට ඔහු දායක විය. මේ හේතුවෙන් ඔහු ආසියානු සන්නිවේදන න්‍යායේ පුරෝගාමියෙකු ලෙස සැලකේ.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධ්‍යයනයේ වර්ධනයටද මහාචාර්ය දිසානායකගෙන් විශාල සේවයක් සිදුවිය. 1973දී කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමට දායක වූ ආරම්භක ආචාර්යවරුන් අතර ඔහු සිටියේය. එය ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදනය පිළිබඳ උපාධියක් ලබා දුන් ප්‍රථම දෙපාර්තමේන්තුව ලෙස ඉතිහාසගත වී ඇත. සිනමා අධ්‍යයනය

ඔහුගේ තවත් ප්‍රධාන විෂය ක්ෂේත්‍රයකි. ආසියානු සිනමාව, ජනප්‍රිය සිනමාව, සංස්කෘතිය හා සිනමාව අතර සම්බන්ධතාව, පශ්චාත් නූතනවාදය වැනි කරුණු පිළිබඳ ඔහු ගැඹුරු පර්යේෂණ සිදු කර ඇත. ඔහුගේ කෘති Oxford, Cambridge, Duke, Indiana, Minnesota සහ Routledge වැනි ජාත්‍යන්තර ප්‍රකාශන ආයතන මගින් ප්‍රකාශයට පත් වී තිබීම ඔහුගේ ශාස්ත්‍රීය කාර්යයේ ජාත්‍යන්තර වැදගත්කම පෙන්වයි.

මහාචාර්ය විමල් දිසානායක විශිෂ්ඨ ශාස්ත්‍රඥයෙකු පමණක් නොව ද්විභාෂා කවියෙකු හා සාහිත්‍ය විචාරකයෙකුද වේ. ඔහු සිංහල සහ ඉංග්‍රීසි භාෂාද්වයෙන්ම නිර්මාණ හා ශාස්ත්‍රීය ලේඛන ඉදිරිපත් කර ඇත. ඔහුගේ කෘති සංස්කෘතිය, සාහිත්‍යය, සන්නිවේදනය සහ සිනමාව, පශ්චාත් නූතනවාදය් වැනි විවිධ ක්ෂේත්‍ර ආවරණය කරයි.
ඔහුගේ ශාස්ත්‍රීය සේවය වෙනුවෙන් Fulbright සහ Rockefeller වැනි ශිෂ්‍යත්ව හා සම්මානද හිමි වී තිබේ. එමෙන්ම ඔහු UNESCO ආයතනයේ උපදේශකයෙකු ලෙසද කටයුතු කර ඇත.

2021දී ඔහුට Asian Media Information and Communication Centre විසින් Asian Communication Award පිරිනමන ලදී. ශ්‍රී ලංකා රජය විසින්ද ඔහුට ජාතික ගෞරව සම්මාන පිරිනමා ඇත.
අවසාන වශයෙන්, මහාචාර්ය විමල් දිසානායක යනු ශ්‍රී ලංකාවේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය ජාත්‍යන්තර මට්ටමට ගෙන ගිය විශිෂ්ට විද්වතෙකි. විශේෂයෙන් ආසියානු සන්නිවේදන න්‍යාය ගොඩනැගීම, සිනමා අධ්‍යයනය දියුණු කිරීම, ජන සන්නිවේදන අධ්‍යාපනයට දායක වීම සහ සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් ශාස්ත්‍රීය හා සාහිත්‍යමය කෘති රචනා කිරීම ඔහුගේ විශිෂ්ට සේවාවන් ලෙස හඳුනාගත හැකිය. එබැවින් ඔහු ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු සන්නිවේදන අධ්‍යයනයේද වැදගත් නාමයක් ලෙස සැලකිය හැකිය.

අස්මදාචාර්ය විමල් දිසානායක ගුරුතුමනි සදාකාලික සැනසීම ඔබතුමන්ට හිමි වේවා❤

🍁මේ මස ඇරඹුණු අලුත්ම කණ්ඩායම්🤝සෙන 8.00 - 10.00🤝ඉරිදා 10.30 - 12.30
05/08/2026

🍁මේ මස ඇරඹුණු අලුත්ම කණ්ඩායම්

🤝සෙන 8.00 - 10.00
🤝ඉරිදා 10.30 - 12.30

උඹලා ජීවිතේම දිනන්න ඕන😘
01/08/2026

උඹලා ජීවිතේම දිනන්න ඕන😘

නොසෑහෙන්න සතුටුයි.☺️
01/08/2026

නොසෑහෙන්න සතුටුයි.☺️

30/07/2026

එක ම class එක පැනස්රා !!!

2028 අලුත් ම පන්ති ආරම්භය.

සිංහල
අගෝ 01 | සෙනසුරාද 03.15 - 05.15

MEDIA
අගෝ 01 |සෙනසුරාද 08.00 - 10.00
අගෝ 02 |ඉරිදා 10.30 - 12.30

POLITICAL
අගෝ 01 |සෙනසුරාද 10.30 - 12.30

ICT
අගෝ 02 |ඉරිදා 01.00 - 03.00

LOGIC
අගෝ 01 |සෙනසුරාද 10.30 - 12.30

GEN. ENGLISH
අගෝ 05 |බදාදා 2.30 - 4.30

ගාල්ල - පැනස්රා
විමසීම් 071 599 7 322

👣2028 උසස් පෙළ⭕සෑම සෙන 1.00 - 3.00⭕සෑම ඉරිදාම 1.00 - 3.00
23/07/2026

👣2028 උසස් පෙළ

⭕සෑම සෙන 1.00 - 3.00
⭕සෑම ඉරිදාම 1.00 - 3.00

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Krishantha Ranathunga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category