28/10/2024
දිනෙන් දින අපේ සඳ පෘථිවියෙන් ඈතට යනවා! 😲👇
මේකට හේතුව වෙන්නෙ චන්ද්‍රයාගෙන් පෘථිවිය මත ඇතිවෙන උදම් බලයයි. මේ නිසා පෘථිවියේ සාගර වල අභ්‍යන්තර ජල ස්ථරය සහ සාගර පතුල අතර ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. ඒ ඝර්ෂණ බල නිසා පෘථිවියේ භ්‍රමණ චාලක ශක්තිය හානි වෙලා පෘථිවියේ භ්‍රමණ වේගය අඩුවෙනවා. එතකොට පෘථිවි චන්ද්‍ර පද්ධතියේ කෝණික ගම්‍යතාව සංස්ථිතිකව පැවතීමට චන්ද්‍රයා ඉවත කක්ෂයකට ඇතුළු වීම සිදුවෙනවා.
29/08/2024
දැනට සොයාගෙන ඇති පෘථිවියට ආසන්නතම කළුකුහරය.😲👇
Gaia BH1 ලෙස නම් කර ඇති මේ කළුකුහරයේ පැවැත්ම තහවුරු කලේ 2022 වසරේ නොවැම්බර් 02 දින. ඒ හවායි හි Gemini North නිරීක්ෂණාගාරය මගින් ලබාගත් දත්ත පදනම් කරගනිමින්.😇
පෘථිවියට ආලෝක වර්ෂ 1,556 ක පමණ දුරින් පිහිටා ඇති මෙහි ඇති විශේෂත්වය වන්නේ දැනට සොයාගෙන ඇති අපට ආසන්නම කළුකුහරය වීම හා එය තවත් තාරකාවක් සමඟ එකිනෙකට කක්ෂ ගතව පැවතීමත්ය.😯 මීට පෙර අපට ආසන්නතම කලු කුහරය ලෙස හදුනාගෙන තහවුරු කර තිබුනේ තිබුනේ A0620-00 නම් ආලෝක වර්ෂ 3,000 ක් පමණ දුරින් පිහිටි කලු කුහරයයි.
කලින් පැවසූ ආකාරයට මෙය තවත් තාරකාවක් සමඟ කක්ෂ ගතවයි පවතින්නෙ. ඒ කියන්නෙ මේක තාරකා - කළුකුහර ද්වීමය පද්ධතියක්. මේ කළුකුහරයේ ස්කන්ධය සූර්ය ස්කන්ධ 9.6 ක් පමණ වනවා.😃 ඒවගේම එහි ඇති තාරකාව අපගේ සූර්යයාට සමාන, G කාණ්ඩයේ ප්‍රධාන අනුක්‍රමණ තාරකාවක්. එහි මතුපිට උෂ්ණත්වය කෙල්වින් 5,850 පමණ වන අතර ස්කන්ධය 0.93 M☉ හා අරය 0.99 R☉ වනවා. (☉ මගින් අදහස් වන්නේ අපගේ සූර්යයා මෙන් කොපමණ ගුණයක් ද යන්නයි.)
මේ තාරකාව සහ කළුකුහරය ඒවාට පොදු වූ ස්කන්ධ කේන්ද්‍රය (Barycenter) වටා කක්ෂ ගතව පවතින අතර සෑම පෘථිවි දින 186 කට වරක් එම වස්තු දෙක Barycenter එක වටා එක් වටයක් සම්පූර්ණ කරනවා. ඒවගේම මේ කළුකුහරය හා තාරකාව අතර දළ පරතරය පෘථිවියේ සිට සූර්යාට ඇති දුර මෙන් 1.4 ගුණයක් වනවා.😉(1.4 AU)
මෙවනි කළු කුහර ඍජුව නිරීක්ෂණය කරන්න බැහැ.😕 ඒකට හේතුව කළු කුහරයේ සිද්ධි ක්ෂිතිජයෙන් (Event Horizon) ඇතුලත පවතින යම් වස්තුවක් සඳහා වියෝග ප්‍රවේගය, (Escape velocity) අලෝකයේ වේගයටත් වඩා විශාල වීම නිසා එහි ගුරුත්වයෙන් ආලෝක අංශුවකටවත් මිදී ඉවතට පැමිණීමට නොහැකි වීමයි. වියෝග ප්‍රවේගය (Escape velocity) යනු කිසියම් වස්තුවකට තවත් වස්තුවක් ගුරුත්වාකර්ෂන ක්ෂේත්‍රයෙන් මිදිමට ලබා දිය යුතු අවම ප්‍රවේගය ලෙස සරලව හැදින්විය හැකියි.😊
කෙසේ වෙතත්, අපට කළු කුහර අවට ඇති අනෙකුත් ද්‍රව්‍ය කෙරෙහි කළු කුහරයෙන් ඇතිවන ගුරුත්ව බලපෑම හඳුනා ගැනීමෙන් කළුකුහර හඳුනාගන්න පුලුවන්. උදාහරණයක් ලෙස කළුකුහරය අවට පවතින තාරකා වල කක්ෂීය හැඩය, කක්ෂීය වේගය ආදිය අධ්‍යන කිරීම තුලින් අපට කළුකුහරය අණාවරණය කරගන්න පුලුවන්. මෙම Gaia BH1 හදුනා ගත්තේද එලෙසයි.🤓
වර්තමානය වනවිට තහවුරු කරගෙන ඇති අපට ආසන්නතම කළු කුහරය මෙය වුවත් ඉදිරියේදී එය බොහෝවිට වෙනස් වීමට පුලුවන්. මොකද මෙම නිරීක්ෂණය ද තවදුරටත් අධ්‍යනය කරමින් පවතින අතර මීටත් වඩා ආසන්නව පවතින තවත් පද්ධති කීපයක් වෙත ද අවධානය යොමු වී තිබෙනවා.😁 එවා තුළ නිශ්චිතවම කලු කුහර පවතීද යන වග තවමත් තහවුරු කරගෙන නොමැති නමුත් මේ සඳහා උදාහරණ ලෙස V723 Monocerotis ("Unicorn") හා V Puppis නම් තාරකා පද්ධති හැඳින්විය හැකිය.
මෙවැනි ද්විමය පද්ධති කලු කුහරයක් නිර්මාණය වී ඇති ආකාරය පිලිබඳ න්‍යායන් කිහිපයක්ම පවතින නමුත් තවම ඒවා නිශ්චිතවම තහවුරු කරගෙන නැහැ. ඉදිරි පර්යේෂණ ඇසුරෙන් ඒවා තහවුරු කරගැනීම මෙන්ම මේ පිළිබඳව තවත් තොරතුරු රැසක්ම අනාවරණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.🥰
© Andromeda Astro
02/08/2024
WE ARE BACK !
All Saints’ College Astronomical Society
18/10/2019
SUPERNOVA
Astronomical Society of A.S.C
2k19 Oct 11 @ Galle Fort
TOUCH ME studio
MAHESH MADU
0774 693 533
Photography I MAHESH MADU (TOUCH ME) 0774 693 533 Wedding Photography Pre Wedding Sessions For bookings call us now +94774 693 533 Photographer & Retoucher MAHESH MADU 0774 693 533 © 2019 MAHESH MADU Photography Images may not be copied, printed or otherwise disseminated without express written permission of MAHESH MADU
09/04/2019
හෙට සැබෑම කළු කුහරයක ඡායාරූපයක් නිකුත් කරනවා.. 😯😯
(ඡායාරූපය නිකුත් කර තිබේ.. නැරැඹීමට පිටුවේ මුල බලන්න)
(මෙච්චර දවසක් තිබුනෙ පරිගණක නිර්මාණ විතරයි)