Past Pupils' Association - Shariputhta Maha Vidyalaya Heenetigala Galle

  • Home
  • Sri Lanka
  • Galle
  • Past Pupils' Association - Shariputhta Maha Vidyalaya Heenetigala Galle

Past Pupils' Association - Shariputhta Maha Vidyalaya Heenetigala Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Past Pupils' Association - Shariputhta Maha Vidyalaya Heenetigala Galle, School, Galle.

30/05/2026

සුබ වෙසක් දිනයක් වේවා !!

ගුරු උපහාර උළෙල සංවිධානය කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් සියළුදෙනාට ගෞරවයෙන් ආරාධනා  කරනවා.
22/05/2026

ගුරු උපහාර උළෙල සංවිධානය කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් සියළුදෙනාට ගෞරවයෙන් ආරාධනා කරනවා.

පූර්ව දැනුවත් කිරිමකි.වැඩි විස්තර ඉදිරියට  බලාපොරොත්තු වන්න !!ඔබ සියළුදෙනාගේ සහායෝගය බලාපොරොත්තු වන්නෙමු ❤️❤️
17/05/2026

පූර්ව දැනුවත් කිරිමකි.
වැඩි විස්තර ඉදිරියට බලාපොරොත්තු වන්න !!

ඔබ සියළුදෙනාගේ සහායෝගය බලාපොරොත්තු වන්නෙමු ❤️❤️

ඔබ සියළුදෙනාටම  සතුට සෞභාග්‍යය පිරි නීරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!
14/04/2026

ඔබ සියළුදෙනාටම සතුට සෞභාග්‍යය පිරි නීරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

23/03/2026

අරුත්බර ගීතයක් !!
ළායාන්විත හඬක් !!
අපේ ආදරණීයන් වෙනුවෙන් ........

ඔබත් රසවිඳින්න !!

*දෙනෝ දහසක් දූ පුතුන්ගේ නැණ පහන් දල්වා, සිප් සතර උගන්වා,දහැමින් සෙමින් යහපතෙහි යොදවා, හදවත පෝෂණය කළාවූ, පැහැබර අනාවකට මං...
15/03/2026

*දෙනෝ දහසක් දූ පුතුන්ගේ නැණ පහන් දල්වා, සිප් සතර උගන්වා,දහැමින් සෙමින් යහපතෙහි යොදවා, හදවත පෝෂණය කළාවූ, පැහැබර අනාවකට මංපෙත් පෑදූ ආදරණීය ගුරු මව්නි,පියවරුනි ඔබවෙත පිදෙන ගෞරවනීය උත්තමාචාරයයි මේ...*ක්‍රි.ව.2026 ක්වූ මැදින් මස 02 වැනි පුරපසළොස්වක පුණු පොහෝදින හීනටිගල සැරියුත් මව්තුරුලේ සිප් සතර හැදෑරූ 98 සා/පෙළ සහ 2001උ/පෙළ සමූහය විසින් සංවිධානය කරන ලද ගුරු උපහාර පිදීමේ උත්සවය ගාල්ල, මකුළුව,BLUE HEAVEN (රන්දිය) උත්සව ශාලාවේදී පැවැත්වුණු වගයි.වසර 25කට පූර්වයෙන් සැරියුත් මවගේ ආදරය ලැබ දසත පුරා විහිදී ගිය ඒ අපේ බාලවිය, යොවුන් විය සහ මැදි වියද කෙමෙන් කෙමෙන් ගතවිය.හතළිස් තෙවෙනි වියට පා තැබූ අපට Whatsapp තාක්ෂණය උපයෝගී කර ගනිමින් 98/2001 සැරියුත් සමූහය මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ එකිනෙකා අතර අන්තර් සබඳතා ගොඩනැගීම ඇරඹිණ. ඉතා අවම ගන පූරණයකින් ආරම්භවූ අප සමූහය මීට පූර්වයෙන් අප එකිනෙකා බාහිරව මුණ ගැසී ඇත්තේ දින දෙකක් පමණි. 43වැනි වියට පා තැබූ අප සමූහයේ සියලුම දෙනා හදවතින් හදවතට ලෙංගතු ආමන්ත්‍රණය සමඟ එකිනෙකා තේරුම් ගැනීම සහ අවබෝධය ඉහළ මට්ටමක තිබුණි. මේහා සුවිසල් කටයුත්තක් කරන්නට අප පාසැල් පද්ධතිය තුළ "ගුරු සිසු සංසදය" තුළ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබීම, එම සමූහය හරහා විවිධ වැඩසටහන් සමාජ මාධ්‍යයේ නැරඹීම මහෝපකාරී ඌ වග විශේෂයෙන්ම සඳහන් කරමි.මන්ද යත් ඉන් ලබූ පන්නරය අප කාගේත් හදවත බොහොම සංවේදී ලෙස ආදරණීයව ස්පර්ශ කල බව ප්‍රකාශ කරන්නේ හදපිරි සතුටින්...පළමුවම ගුරු සිසු සුසංයෝජනය සඳහා උරදුන් ඔබ සියලු දෙනාටම ගෞරවය, ආදරය,ස්තූතිය මෙසේ පසක් කරමි. පූර්වාදර්ශයක් වූ ඔබ සැමගේ අඩිපාරේ යමින් අප සමූහයෙන් එක් අයෙකු හෝ ගුරු සිසු සංසදයේ නියෝජනය ඉතාම වැදගත් බවද පසක් කරමි. රාජකාරී කටයුතු, නිවසේ එදිනෙදා කටයුතු,දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලම කරමින් පුරා දින ගණනක් මධ්‍යම රාත්‍රින් ගණනාවක් පසු කරමින් දුක්, කම්කටොලු,බාධක මැද නිසැලී අභීතව "සිසුවෝ වෙමු අපි ඉදිරියටම යන" පාසැල් ගීතයේ තේමාව අනුව එකා මෙන් ඇප කැප වූ අපේම සහෘද සබඳතා ගොඩනගන්නට ශක්තිය ධෛර්යය *ලබා දුන් ඔබ සෑම සියලු දෙනාටන ස්තුතියි!.... බොහොමත්ම... 🙏 පූර්ව සංවිධාන වැඩ පිළිවෙළක් මත කාර්‍යබහුල ජීවිතය තුළ එකිනෙකා අතර ඇති අවබෝධය සහ විශ්වාසය මත තේමාවට අනුව අප කාලානුරූපීව කාලෝචිත රාජකාරි ලයිස්තුව පිළියෙළ කරගෙන එම රාජකාරී කටයුතුවල න්‍යායපත්‍රයක් පිළියෙළ කරගෙන එම රාජකාරි කටයුතු කරගෙන යාම සඳහා කණ්ඩායම් වලට බෙදා ගෙන එම කටයුතු සංවිධානය කිරීමට වගවීමෙන් වගකීමෙන් කටයුතු කල හැකි නායකවරුන් පත්කලා.පූර්ව කටයුතු සොයා බැලීම සඳහා අනු කමිටුවක් පත්කලා. කාලෝචිතව, අපි හැමෝම බොහොම සතුටින් වගකීම් බෙදා ගත්තා.කාලය, ධනය,ශ්‍රමය නිවැරදිව කළමනාකරණය කලා.කාර්‍ය්සාර්තකත්වය වෙනුවෙන් හැමෝම කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කලා. ප්‍රශ්න ආවා.බාධක ආවා.ඒ හැමදේටම අපි සාමූහිකව බුද්ධිමත් තීන්දු තීරණ ගත්තා. සාමූහිකව වැඩ කටයුතු කලා.සැලසුම් කලා සාමූහිකව ක්‍රියාත්මක උනා. අවසානයේදී අප නොසිතූ අයුරින් ගුරු උපහාර උත්සවය සාර්ථක උනා. බොහොම ඉහළ අගය කිරීම් එක්කම වටිනා අදහස් එකතු උනා. ගුරුවරු හැමෝම දසතපුරා විහිදී විසිරී සිට වසර 30කට විතර පස්සෙ එකම තැනක එකට හමු උනා. ඒ හදවත් වල තිබුණු ආදරණීය බව, ලෙංගතු කම මුහුණට සිනා රැල්ලක් එක්කම දෝරෙ ගැලූ මනුස්සකම, කඳුළක බර සුසුමක ගණකම හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කල බව මොනවට පසක් උනා. ඒ වටිනා දවස ගොඩනගන්නට මංපෙත් විවරකල සැරියුත් දෙතනේ කිරි බිව් අපටද අප පෝෂණය කලා වූ ඔබටද නිදුක් නීරෝගී සුවය චිර ජීවනය සෙත ශාන්තියම උදාවේවා!...චිරාත්කාලයක් යෙහෙන් වැජඹේවා!...සුජීවත්ව සිටින ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය සහ උත්තමාචාරය පුදමි. මිය පරලෝසැපත් වූ ආදරණීය ගුරු මා පියවරුනි,හිතවතුනි,හිතව්තියනි, උතුම්වූ අමාමහ නිවනින් සැනසේවා!...හීනටිගල සැරියුත් මව්තුරුලේ සිප් සතර හැදෑරූ සහ හදාරන සියලුම දෙනාගේ ජීවිත ආලෝකමත් වේව!...චිරං:ජයතු!...🙏ස්වස්ථි සිද්ධම්!...🙏❤ එසේනම් නැවත හමුවන අපේක්ෂිත අරමුණු සිතුම් පැතුම් නැවත යළි යළිත් සුන්දර දවසක් මෙසේ අකුරු කරන අපි 98/O/L සහ 2001 A/L දැනට තිත තබමි.✍️ බුදුසරණයි!..🙏සුඛී දීඝායු!.🙏සටහන:සමන් විතානගේ✍️*✍️✍️✍️✍️✍️✍️✍️

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

අපේ ආදරණිය ගුරු මෑණිවරුන් පියවරුන් වෙනුවෙන් මෙවැනි විශිෂ්ඨ උපහාර උළෙලක් සංවිධානය කිරිම සම්බන්ධයෙන් අප සියළුදෙනාගේම ආදරය ගෞරවය කෘතඥතාවය පුද කරන්නෙමු!!

මෙවැනි උතුම් ක්‍රියාවන් අනෙක් සියළුම ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් සියළුදෙනාටත් මහඟු ආදර්ෂයන්ය.

දශක කිහිපයකට පසුව අපේ ආදරණීය ගුරු මෑණිවරුන් පියවරුන් දකින්නට ලැබිම වචනයෙන් විස්තර කල නොහැකි සතුටක් බවද සිහිපත් කරන්නෙමු!!
ඔබ සියළුදෙනාටම නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා !!
❤️❤️❤️❤️❤️❤️❤️

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils' Association - Shariputhta Maha Vidyalaya Heenetigala Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category