DhammaDana :: ධම්ම දාන

DhammaDana :: ධම්ම දාන

Share

උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව(ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්)බොහෝ කල් ගලාබස්නා සේක්වා !"

මිනිසත් බව ලැබීම නිතර නිතර සිදුවන්නක් නොවෙ, එය ඉතා දුර්ලභදෙයකි

ඊටත‍් වඩා දුර්ලභ කරුණ නම්‍ උතුම්‍ බුද්ධ ශාසනයක‍් පවතින කාලයක,තෙ‍්රවාද බුදු දහම පවතින දේශයේ ඉපදීමයි,

උතුම්‍ වූ බුද්ධ ධර්මය අවබෝදය කල හැකිය ඒ ධර්මය අකාලිකය,එනම්‍ එයට වෙන්වූ කාලයක් නොමැති බවයි...

මදක් නුවනින් සිතන‍් න...

එනම්‍ අපි කොතරමි පින‍්වන‍් තද නොපමාව ධර්මයේ හැසිරෙමු

නමෝ බුද්ධාය...!


සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සිය

19/06/2026

බඹසර සිල් රැකීමේ ආනිසංස...🌻 DhammaDana :: ධම්ම දාන

19/06/2026

🪷 DhammaDana :: ධම්ම දාන

17/06/2026

මහා කස්සප මහරහතන් වහන්සේගේ වයස අවුරුදු 120ක් පමණ වන විට උන්වහන්සේගේ ආයුෂ අවසන් විය. පිරිනිවන් පාන්න සුදුසු කාලය පැමිණ ඇති බව දැනගත් උන්වහන්සේ, ඒ බව දැනුම් දීම සඳහා එකල මනුෂ්‍ය ලෝකයේ පෘථග්ජනයන් අතර සිටි ශ්‍රද්ධාවන්තම පුද්ගලයා සොයා වැඩම කළහ.

ඒ ශ්‍රද්ධාවන්තම පුද්ගලයා වූයේ පීතෘඝාතක අජාසත් රජතුමාය. එතුමා පළමු ධර්ම සංඝායනාව සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දී, බුද්ධ ශාසනයේ අනාගත චිරස්ථිතිය උදෙසා මහත් සේවයක් කළේය.

මහා කස්සප මහරහතන් වහන්සේ රාජමාළිගාවට වැඩම කළ සේක. ඒ අවස්ථාවේ රජතුමා සැතපී සිටියේය.

මහා කස්සප මහරහතන් වහන්සේ තමන් වහන්සේට පිරිනිවන් පාන්න කාලය පැමින ඇති බව අමාත්‍යවරුන්‍ය දන්වා, ඒ බව රජතුමාට සැලකරන ලෙස පැවසූහ.

එහෙත් අමාත්‍යවරු රජතුමාට ඒ පුවත එකවර පැවසීමට බිය වූහ. එයට හේතුව වූයේ රජතුමා තුල තිබූ මහත් වූහ ශ්‍රද්ධාවයි. කස්සප මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය දරාගැනීමට රජතුමාට නොහැකි වනු ඇතැයි ඔවුහු සිතූහ. එම පුවත ඇසූ සැණින්ම රජතුමාගේ ළය පැළී මිය යා හැකි බව ඔවුන්ගේ අදහස විය.
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සැලවූ අවස්ථාවේදී ද අජාසත් රජුට මෙවැනි තත්ත්වයක් උදාවිය. එබැවින් අමාත්‍යවරු එම අවස්ථාවේ කටයුතු කල ආකාරයටම කටයුතු කරමින් මේ පුවත රජතුමාට දන්වන්න සිතූහ.

රාජමාළිගාවෙන් නික්මුණු මහා කස්සප මහරහතන් වහන්සේ යළි කුක්කුටපාද පර්වතය බලා වැඩම කළ සේක.

එදින කුක්කුටසම්පාත ගිරිශිඛරය ළා මීදුමකින් වැසී තිබුණි. මහ කළුගල් අතර වැඩුණු කටුපඳුරු සහිත තුරුලතා මතින් වෙනදා ඇසෙන කුරුලු කූජනය අද ඇසුණේ ශෝකී ස්වරයකිනි. හිරු කුමරු ද සොවින් මුකුලිත වූ මුහුණ වලාකුළු රොදක් පිටුපස සඟවා ගනිද්දී, ගිලිහුණු කඳුළු බිඳු පොළොව මත පතිත වූයේ අකල් වැසි පොද ලෙසිනි.

කුක්කුටසම්පාත පර්වත තුන මධ්‍යයට වැටී තිබූ කුඩා අඩිපාරේ සෙමින් පියවර තබමින් මහා කාශ්‍යපයන් වහන්සේ ඉදිරියට වැඩම කළහ.

සෙමෙන් සෙමෙන් පර්වත තුන මධ්‍යයට පැමිණි උන්වහන්සේ, තමන් මෙතෙක් හැඳ පෙරවාගෙන සිටි පාංශුකූල චීවරය ගලවා ඉතා ගෞරවයෙන් නවා දෝත මත තබා ගත්හ. අනතුරුව දෙවියන් විසින් පර්වත තුන මධ්‍යයේ පනවන ලද සයනය වෙත වැඩම කළ මහ තෙරුන් වහන්සේ සන්සුන්ව දෑස් පියාගත්හ.

සැණෙකින් සමාධියට සමවැදුණු උන්වහන්සේ මෙසේ අධිෂ්ඨාන කළහ.
“මම පිරිනිවන් පෑ කල්හි, මගේ සිරුරට අනතුරක් නොවන ලෙස මේ පර්වත තුන එකට එක් වේවා. මා වටා ඇති සුවඳ මල් පර නොවේවා. දල්වා ඇති පහන් නොනිවේවා.
අනාගතයේ ලොව පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිස සමඟ මෙහි වැඩම කර, මගේ සිරුර දකුණු අත්ලේ තබාගෙන භික්ෂු සංඝයාටත් දෙව් මිනිසුන්ටත් පෙන්වමින්,
‘පින්වත්නි, මේ තෙරුන් වහන්සේ ගැන ඔබ දන්නවාද? මේ මාගේ දෙටු සොයුරු රත්නය වූ ගෞතම තථාගතයන් වහන්සේගේ මහා කාශ්‍යප නම් මහා ශ්‍රාවකයාය. ධූතාංගධාරී භික්ෂූන් අතර අගතැන්පත් වූ මේ මහරහතන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම ධූතාංග රකිමින් කටයුතු කළහ.’යනුවෙන් මාගේ ගුණ දේශනා කරන සේක්වා.පසුව උන්වහන්සේගේ ශ්‍රී හස්තයේදීම මගේ මේ සිරුර ගිනිගෙන දැවේවා.

එසේම මා පිරිනිවන් පෑ බව අසා මා වන්දනා කිරීමට මෙහි පැමිණෙන අජාසත් රජතුමාට මේ පර්වත තුන විවර වේවා. රජු වන්දනා කර අවසන් වූ පසු පර්වත තුන යළිත් තිබූ පරිදිම එකට එක් වේවා.”
මෙසේ අධිෂ්ඨාන කළ උන්වහන්සේ දෙවිවරුන් හඬා වැටෙද්දී, තිලොවම කම්පා කරවමින් දෙව් බඹුන්ගේ සාදුකාර මධ්‍යයේ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

එකෙණෙහිම අහස ගිගුරුම් දුන්නේය. අකල් වැසි පොද පතිත විය. උන්වහන්සේගේ ශ්‍රී දේහය මධ්‍යකොට ගනිමින් කුක්කුටසම්පාත පර්වත තුන එක් පර්වතයක් සේ එකට බැඳුණි.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පා ඇති බව දැනගත් අජාසත් රජතුමා හඬා වැලපෙමින් කුක්කුටපාද පර්වතයට පැමිණියේය. එවිට පර්වත තුන විවර වී මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය දර්ශනය විය.

අජාසත් රජතුමා මහත් ශෝකයෙන් දින හතක් පුරා ශ්‍රී දේහයට පුදපූජා පැවැත්වීය.

ඉන් අනතුරුව පර්වත තුන යළි එකට එක් වී, මහා කස්සප මහරහතන් වහන්සේගේ දේහය නොපෙනී ගියේය.

ගෞතම බුද්ධ ශාසනයේ දෙවැනි බුදුන් බඳු වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට අවසන් වන්දනාව කිරීමේ භාග්‍යය හිමි වූයේ ද, අවුරු හැටසදහසක් නිරයේ පැසීමට නියමිත අජාසත් රජතුමාටමය.

මිනිසුන්ගේ ආයුෂ අවුරුදු දහයටත් අඩුවී, පසුව නැවත අවුරුදු අසූ දහසක් දක්වා වැඩි වන කාලයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන සේක.

එදින මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කුක්කුටපාද පර්වත මුදුනට වැඩම කරන සේක. එවිට පර්වත තුන විවර වී, අද පිරිනිවන් පා වදාළාක් මෙන් තවමත් පවතින මහා කස්සප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය දෙව් මිනිසුන්ට දැක ගැනීමට ලැබෙනු ඇත.
එවිට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ශ්‍රී හස්තයට ගෙන මෙසේ වදාරන සේක.
“පින්වත්නි, මේ තෙරුන් වහන්සේ ගැන ඔබ දන්නවාද? මේ මාගේ දෙටු සොයුරා වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප නම් මහා ශ්‍රාවකයාය. ධූතාංගධාරී භික්ෂූන් අතර අගතැන්පත් වෙමින් පිරිනිවන් පාන තෙක්ම ධූතාංග රකිමින් කටයුතු කළේ මේ මහරහතන් වහන්සේය.”
මෙසේ උන්වහන්සේගේ ගුණ වර්ණනා කිරීමෙන් අනතුරුව, මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේදීම එම ශ්‍රී දේහය දැවී යන්නේය...
කල්ප ලක්ෂයක් පෙරුම් පුරා පැමිණ, ගෞතම බුද්ධ ශාසනයේ ධූතාංගධාරී භික්ෂූන් අතර අග්‍ර වූ, ශාසනභාරධාරී වූ අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට නමස්කාර වේවා!
🙏🙏🙏
උපුටාගැනීමකි

DhammaDana :: ධම්ම දාන

16/06/2026

ධාතූන් වහන්සේලා වන්දනාවේ ආනිසංස..🌻 DhammaDana :: ධම්ම දාන

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Address


Galle
80000