Sri Shantha Suwawardhana Damma School

Sri Shantha Suwawardhana Damma School Knowledge creates discipline.

2026 වර්ෂයේ උඩුවිටියන ශාන්ත සුවවර්ධන දහම් පාසලේ අධ්‍යන කටයුතු ආරම්භය අද දින සිදුකෙරිණි.ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ප්‍රාර්...
04/01/2026

2026 වර්ෂයේ උඩුවිටියන ශාන්ත සුවවර්ධන දහම් පාසලේ අධ්‍යන කටයුතු ආරම්භය අද දින සිදුකෙරිණි.
ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් බුද්ධ වන්දනාව හා ආශීර්වාද සෙත් පිරිත් දේශනාවක්ද මේ සමඟින් පැවැත්විණි.

2026/01/04

ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය සංවිධානය කරනු ලබන දහම් පාසල් 1-5 ශ්‍රේණි විභාගය ⁣2025 දෙසැම්බර් මස 21වැනි ඉරිසා ප...
03/01/2026

ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය සංවිධානය කරනු ලබන දහම් පාසල් 1-5 ශ්‍රේණි විභාගය ⁣2025 දෙසැම්බර් මස 21වැනි ඉරිසා පැවැත්විණි.

උදා වූ 2026 නව වර්ෂයට ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් උඩුවිටියන ශ්‍රී ශාන්ත සුවවර්ධන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ,දරුවන්,දෙමාපිය...
01/01/2026

උදා වූ 2026 නව වර්ෂයට ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් උඩුවිටියන ශ්‍රී ශාන්ත සුවවර්ධන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ,දරුවන්,දෙමාපියන් හා ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කරනු ලැබූ ,
#කිරිආහාර_සම්බුද්ධ_පූජාව

2026/01/01 දින උදෑසන 6.30 ට පුද පෙරහරින් විහාරස්ථානයට වැඩමකර ,පුද පූජාවන් පවත්වා,
ඉන් අනතුරුව රටට,ගමට සෞභාග්‍යය උදා වේවායි ප්‍රාර්ථනයෙන් කිරි උතුරවා පිංකම නිමාවට පත්කෙරිණි.

උදාවන නව වසරට ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් පැවැත්වෙන,"කිරි ආහාර සම්බුද්ධ පූජාව"📌2026 ජනවාරි පළමුවැනිදා📌උදේ 6.30 ට📌උඩුවිටිය...
31/12/2025

උදාවන නව වසරට ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් පැවැත්වෙන,

"කිරි ආහාර සම්බුද්ධ පූජාව"

📌2026 ජනවාරි පළමුවැනිදා
📌උදේ 6.30 ට
📌උඩුවිටියන ශ්‍රී සාධුජනාරාම විහාරස්ථානයේ දි...

(උදෑසන 6.30 ට මානකඳුරේ ගෙදර අසළින් කිරි ආහාර පෙරහැර පිටත් වන අතර, කිරි ආහාර පූජාවන් සකස් කරගෙන උදෑසන 6.30 වන විට පැමිණෙන ලෙසට පිංවත් ඔබට බැති සිතින් ආරාධනා කර සිටිමු.)

උඩුවිටියන ශ්‍රී ශාන්ත සුවවර්ධන දහම් පාසල සංවිධානය කරනු ලැබූ "ගිනිමැළ සංදර්ශනය සමඟ වර්ෂාවසාන ප්‍රාසාංගික වැඩසටහන " 2025 /...
28/12/2025

උඩුවිටියන ශ්‍රී ශාන්ත සුවවර්ධන දහම් පාසල සංවිධානය කරනු ලැබූ "ගිනිමැළ සංදර්ශනය සමඟ වර්ෂාවසාන ප්‍රාසාංගික වැඩසටහන " 2025 /12/ 24 රාත්‍රී 7.30 සිට මධ්‍යම රාත්‍රීය දක්වා උඩුවිටියන ශ්‍රී සාධුජනාරාම විහාරස්ථ පහළ මළුවේදී පැවැත්විණි.

උඩුවිටියන ශ්‍රී ශාන්ත සුවවර්ධන දහම් පාසලේ දරුවන් වෙනුවෙන් පැවති ,"නායකත්ව පුහුණු වැඩසටහන"2025/12/24 ප.ව. 3.00 සිට විහාරස...
28/12/2025

උඩුවිටියන ශ්‍රී ශාන්ත සුවවර්ධන දහම් පාසලේ දරුවන් වෙනුවෙන් පැවති ,
"නායකත්ව පුහුණු වැඩසටහන"
2025/12/24 ප.ව. 3.00 සිට විහාරස්ථ පහළ මළුවේදී පැවැත්විණි.

උඩුවිටියන ශ්‍රී ශාන්ත සුවවර්ධන දහම් පාසලේ දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන නායකත්ව පුහුණු වැඩසටහන හා ගිණිමැළ සංදර්ශනය ස...
23/12/2025

උඩුවිටියන ශ්‍රී ශාන්ත සුවවර්ධන දහම් පාසලේ දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන නායකත්ව පුහුණු වැඩසටහන හා ගිණිමැළ සංදර්ශනය සමඟ ප්‍රාසාංගික වැඩසටහන දෙසැම්බර් 24 (හෙට)......

උඩුවිටියන ශ්‍රී ශාන්ත සුවවර්ධන දහම් පාසලේ මාසික ශිෂ්‍ය සමිතිය අද පැවැත්විණි.සභාපතිතුමියගේ මූලාසනයෙන් යුතුව, නිළධාරී මණ්ඩ...
14/12/2025

උඩුවිටියන ශ්‍රී ශාන්ත සුවවර්ධන දහම් පාසලේ මාසික ශිෂ්‍ය සමිතිය අද පැවැත්විණි.

සභාපතිතුමියගේ මූලාසනයෙන් යුතුව, නිළධාරී මණ්ඩලය හා ශිෂ්‍ය සමිතිය භාර ආචාර්ය තුමියගේ සංවිධානයෙන් මේ කටයුතු පැවැත්වූ අතර, ප්‍රධානාචාර්ය තුමා ,ආචාර්ය මණ්ඩලය හා දරුවන් මේ සඳහා එක්විණි.
වටිනා යෝජනා ද මෙහිදී සභා සම්මත වූ අතර, කවි ගීත ආදියෙන්ද සභාව ප්‍රබෝධමත් විණි.

2025/12/14

14/12/2025
ශ්‍රී ශාන්ත සුවවර්ධන දහම් පාසලේ දරුවන් වෙනුවෙන් පවත්වන නායකත්ව පුහුණු වැඩසටහන හා ගිනිමැළ සංදර්ශනය සමඟින් වර්ෂාවසාන ප්‍රා...
12/12/2025

ශ්‍රී ශාන්ත සුවවර්ධන දහම් පාසලේ දරුවන් වෙනුවෙන් පවත්වන නායකත්ව පුහුණු වැඩසටහන හා ගිනිමැළ සංදර්ශනය සමඟින් වර්ෂාවසාන ප්‍රාසාංගික වැඩසටහනට අවශ්‍ය වටපිටාව සූදානම් කිරීමේ ශ්‍රමදානය අද දින පැවැත්විණි.
2025/12/12

පසුගිය දිනයන්හි ඇති වූ ව්‍යවසනකාරී තත්වය නිසාවෙන් අපෙන් සමුගත් ආදරණනීයයන් සියලුම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කර සිටින්නෙම...
02/12/2025

පසුගිය දිනයන්හි ඇති වූ ව්‍යවසනකාරී තත්වය නිසාවෙන් අපෙන් සමුගත් ආදරණනීයයන් සියලුම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

අපගේ සාතීශය සංවේගය...!

_- ප්‍රධානාචාර්යතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ,දරුවන් හා දෙමාපියන් -_
_- ශ්‍රී ශාන්ත සුවවර්ධන දහම් පාසල ,උඩුවිටියන ,යක්කලමුල්ල. -_

ඇතිවී තිබෙන ආපදා තත්වයෙන් මව්බිම සුරක්ෂිත වේවායි ප්‍රාර්ථනයත්,ආපදාවට ලක්වූ අපේම මිනිසුන්ට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ප්‍ර...
01/12/2025

ඇතිවී තිබෙන ආපදා තත්වයෙන් මව්බිම සුරක්ෂිත වේවායි ප්‍රාර්ථනයත්,
ආපදාවට ලක්වූ අපේම මිනිසුන්ට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ප්‍රාර්ථනා කිරීම හා මේ ව්‍යවසනයෙන් මියගිය සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කර ගනිමින් උඩුවිටියන ශ්‍රී ශාන්ත සුවවර්ධන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ,දරුවන්, දෙමාපියන් හා යක්කලමුල්ල වෙලගෝවීට පුබුදු උපේනද්‍ර මහතා ඇතුළු පවුලේ සියලුම දෙනාගේ දායකත්වයෙන් සංවිධානය කරනු ලැබූ ,

"108 වාරයක් රතන සූත්‍ර දේශනාව"

නොවැම්බර් මස 30 වැනිදා සවස 5.00 සිට ශ්‍රී සාධුජනාරාම විහාරස්ථානයේ දී පවත්වන්නට යෙදීණි.

Address

Uduvitiyana/yakkalamulla
Galle

Telephone

+94775923249

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Shantha Suwawardhana Damma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share