𝐆/𝐒𝐫𝐢 𝐃𝐡𝐚𝐫𝐦𝐚𝐥𝐚𝐧𝐤𝐚𝐫𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚

  • Home
  • Sri Lanka
  • Galle
  • 𝐆/𝐒𝐫𝐢 𝐃𝐡𝐚𝐫𝐦𝐚𝐥𝐚𝐧𝐤𝐚𝐫𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚

𝐆/𝐒𝐫𝐢 𝐃𝐡𝐚𝐫𝐦𝐚𝐥𝐚𝐧𝐤𝐚𝐫𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚 Dharmalankara college

ගා/ශ්‍රී ධර්මාලන්කර මහා විද්‍යාලය සදහා ලයිට්ස් ප්‍රධානය - තල්ගම්පළDonation of Led Lights Panel to Galle/Sri Dharmalankar...
25/12/2025

ගා/ශ්‍රී ධර්මාලන්කර මහා විද්‍යාලය සදහා ලයිට්ස් ප්‍රධානය - තල්ගම්පළ

Donation of Led Lights Panel to Galle/Sri Dharmalankara Maha Vidyalaya - Thalgampala

Today is a very happy day for me, my sister, and my brother. We were able to provide light to our first school, where we took our first steps in learning and achieving success in life. ♥️♥️

Providing electricity to the classrooms, laboratory, and hall has given the children the strength they need to learn well. ♥️♥️

We are determined to provide many more forms of support for the school's progress, and we bid farewell to our first school with pride and determination. ♥️♥️

I would also like to express my loving thanks to my beloved husband, Chatura, and son, Kalindu, who contributed their heart with great enthusiasm, dedication, and commitment during the installation of the lights. ♥️♥️

We love our first school. ♥️♥️ May the Triple Gem bless you. 🙏🙏🙏

අද ඉතාම සතුටු දවසක් මාහට, මාගේ සොයුරියට හා මාගේ සහෝදරයාට අකුරු කරන්නට ජීවිතේ ජය ගන්නට මුල්ම අත්පොත් තැබූ අපගේ පළමු පාසලට ආලෝකය ලබා දෙන්නට අපට හැකි වුනා ♥️♥️

පන්ති කාමරද, විද්‍යාගාරයද හෝල් එකද විදුලි ආලෝකය ලබා දීම දරුවන්ට හොදින් ඉගෙනුමට ලබන්නට අවැසි ශක්තිය ලබා දුන්නා♥️♥️

පාසලේ දියුණුව වෙනුවෙන් තවත් බොහොමයක් ආදාර උපකාර ලබා දෙන්නට අදිටන් කරගත් අප මුල්ම පාසලේ ගැන ආඩම්බරයෙන් හා අදිටන් යුතුව සමු දුන්නා♥️♥️

ලයිට්ස් සවි කිරීමේදී ශ්‍රම ශක්තිය ඉතාමත් ආසාවෙන් උනන්දුවෙන් කැපවීමෙන් සිදු කළ මාගේ ආදරණීය සැමියා චතුරට හා කළිදු පුතාටද ආදරණීය ස්තුතිය මෙසේ පල කරන්නෙමු♥️♥️

ආදරෙයි අපෙ පළමු පාසලට♥️♥️
තෙරුවන් සරණයි🙏🙏🙏

(උපුටා ගන්නා ලද්දකි)

මහජන බැංකුවේ කළමණාකාර තුමිය වන ඩයනා ශෂිකලා මැතිණියගේ අනුග්‍රහයෙන් පැවැත් වු චිත්‍ර තරගයෙන් ජයග්‍රහණය කර සිසුන් සදහා සහ ස...
17/07/2025

මහජන බැංකුවේ කළමණාකාර තුමිය වන ඩයනා ශෂිකලා මැතිණියගේ අනුග්‍රහයෙන් පැවැත් වු චිත්‍ර තරගයෙන් ජයග්‍රහණය කර සිසුන් සදහා සහ සහාභාගි වු සියළු සිසුන් සදහා ත්‍යාග ප්‍රධානෝත්සවය 2025/07/04 දින ධර්මාලංකාර විද්‍යාලයේදි පැවැත්විය.

මේ සදහා ඩයනා ශෂිකලා මැතිණියද ප්‍රාදේශීය ලේකම් තුමිය වන වීනා රසංජලි මැතිණියද, ප්‍රවීන ගත් කතුවර විශ්‍රාමික සිංහල ගුරු උපදේශක දිනිල් ඩි ලියනගේ මැතිතුමාද සහාභාගි විය.

2025 උඩුගම කලාප ක්‍රීඩා තරගවලියට සහ⁣ාභාගි වු අප විද්‍යාලයේ 12න් පහළ දුර බාලිකා - ප්‍රථම ස්ථානය - දිනුජි දිහන්සා ඇය උඩුගම...
21/06/2025

2025 උඩුගම කලාප ක්‍රීඩා තරගවලියට සහ⁣ාභාගි වු අප විද්‍යාලයේ

12න් පහළ දුර බාලිකා - ප්‍රථම ස්ථානය - දිනුජි දිහන්සා
ඇය උඩුගම කලාපයේ 12න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන්ද තේරි පත් විය.
16න් පහළ 200M බාලක - ප්‍රථම ස්ථානය - කවීෂ සංජන
16න් පහළ 400M බාලක - දෙවන ස්ථානය - කවීෂ සංජන
16න් පහළ 800M බාලක - දෙවන ස්ථානය - කවීෂ සංජන
12න් පහළ දුර බාලක - තෙවන ස්ථානය - හිරුෂ අභිත්
18න් පහළ කව පෙත්ත බාලිකා - තෙවන ස්ථානය - තනුෂි නවෝද්‍යා
18න් පහළ හෙල්ල - පස් වන ස්ථානය - දුලිප් රසාංජන
18න් පහළ 200M - හයවන ස්ථානය - ටනුෂි උදීෂා
16න් පහළ 200M - හයවන ස්ථානය - අයෝමි ආකර්ෂා
14න් පහළ 100M - හයවන ස්ථානය - නෙතුම් සත්සර

20න් පහල බාලක දුර - හයවන ස්ථානය- තෙනුක සත්සර
20න් පහල බාලක 100M-හයවන ස්ථානය - තෙනුක සත්සර

18න් පහළ බාලිකා සහය 400M*4 - හතරවන ස්ථානය - ටනුෂි උදීෂා/සමීෂා සදමිණි/මල්ෂි හිරුණිකා/චතුරිකා ප්‍රියංගිකා

16න් පහළ බාලිකා 400M*4 හතරවන ස්ථානය - අයෝමි ආකර්ෂා/කවිශා සෙව්වන්දි/නෙත්මි අමන්දා/බිනුරි අහිංසා

යන සිසු දරුවන්ට අප විද්‍යාලයේ විදුහල්පති තුමිය ඇතුළු අධ්‍යන අනධ්‍යන ගුරු භවතුන්ගේ සුභාශිංසනය පිරිනමමි.

ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් ජාතික ශූරතාවය -2025 ගාලු දිස්ත්‍රික් නෙට්බෝල් තරගාවලියට සහාභාගි වු අප විද්‍යාලයේ 17න් පහල නෙට්...
09/06/2025

ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් ජාතික ශූරතාවය -2025

ගාලු දිස්ත්‍රික් නෙට්බෝල් තරගාවලියට සහාභාගි වු අප විද්‍යාලයේ 17න් පහල නෙට්බෝල් කණ්ඩායම B ඛාණ්ඩයෙන් තරග වැද අනුශූරතාවය ලබා සමස්ත ලංකා තරගාවලිය සදහා සුදුසුකම් ලබා ඇත.
සුභ පැතුම් කෙල්ලනේ.

ගා/ ශ්‍රී ධර්මාලංකාර මහා විද්‍යාලයේ සිසු දරුවන්. ❤️
04/03/2025

ගා/ ශ්‍රී ධර්මාලංකාර මහා විද්‍යාලයේ සිසු දරුවන්. ❤️

87 වන සංවත්සරය නිමිත්තෙන් විද්‍යාලිය ආදි ශිෂ්‍ය සංගමය විසින් පැවැත් වූ පිරිත් පිංකම 🙏
21/11/2024

87 වන සංවත්සරය නිමිත්තෙන් විද්‍යාලිය ආදි ශිෂ්‍ය සංගමය විසින් පැවැත් වූ පිරිත් පිංකම 🙏

සුහද ආරාධනාවයි  ...!!
20/11/2024

සුහද ආරාධනාවයි ...!!

විද්‍යාලීය 87 වන සැමරුම වෙනුවෙන්,විදුහල්පති තුමිය හා ආදි ශිෂ්‍ය සංගමයේ ඉල්ලීම පරිදී පාසලේ නාම පුවරුව ආදි ශිෂ්‍යාවන් වන,අ...
12/11/2024

විද්‍යාලීය 87 වන සැමරුම වෙනුවෙන්,
විදුහල්පති තුමිය හා ආදි ශිෂ්‍ය සංගමයේ ඉල්ලීම පරිදී පාසලේ නාම පුවරුව ආදි ශිෂ්‍යාවන් වන,
අනුරාධා විමලජීව,අනුශ්කා විමලජීව,ඩයනා විමලජීව
යන ආදි ශිෂ්‍යාවන් විසින් පරිත්‍යාග කරන ලදී

87 වන සංවත්සරය වෙනුදෙන් හැඩවන ධම්ලකර ❤️🥰
01/11/2024

87 වන සංවත්සරය වෙනුදෙන් හැඩවන ධම්ලකර ❤️🥰

විද්‍යාලීය සංවත්සර දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිත වැඩසටහනට සමගාමීව    "වසර 17 කට පසු"    විද්‍යාලීය ප්‍රධාන ගොඩනැගිල්ල ...
29/10/2024

විද්‍යාලීය සංවත්සර දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිත වැඩසටහනට සමගාමීව

"වසර 17 කට පසු"

විද්‍යාලීය ප්‍රධාන ගොඩනැගිල්ල තින්ත ආලෙපනය කොට ප්‍රතිසංස්කරණ කරන අයුරු.

*_87 වන සංවත්සර දිනය_*2024 / 11 වන මසට යෙදී තිබෙන විද්‍යාලීය 87 වන සංවත්සර දිනය වෙනුවෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ති...
14/10/2024

*_87 වන සංවත්සර දිනය_*

2024 / 11 වන මසට යෙදී තිබෙන විද්‍යාලීය 87 වන සංවත්සර දිනය වෙනුවෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන විශේෂ පිරිත් පිංකම හා දානමය පිංකම වෙනුවෙන් ආදි ශිෂ්‍ය ඔබ සැමගේ නොමසුරු සහයෝගය බලාපොරොත්තු වෙමි.

මෙම විශේෂ වැඩ සටහන සදහා පළමු කොටම විද්‍යාලීය පිරිසිදු කටයුතු සිදු කර ගත යුතුව තිබේ.

එමෙන්ම ප්‍රධාන ශාලා ඇතුළු තවත් පන්ති කාමර පහත සදහන් ජායාරූප දෙස බැලූ කල බොහෝ සෙයින් විනාශ වී ඇති අයුරු දැක ගත හැකිවේ.

මෙම විශේෂ වැඩ සටහනට පෙර ප්‍රධාන ශාලාව ඇතුළු අනෙකුත් පංති කාමර සහ ප්‍රධාන ගොඩනැගිල්ලෙහි තීන්ත ආලේපනය කොට වැඩසටහනට උචිත පරිසරයක් නිර්මාණය කර ගැනීමට ආදිශිෂ්‍ය ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වෙමි.

මේ සදහා හැකි අයුරින් ඔබේම ආදිශිෂ්‍ය සහෝදර සහෝදරියන් දැනුවත් කොට හැකි අයුරින් උපකාර කරන මෙන් ඉල්ලා සිටිමි.

වැඩසටහන් දිනය, ඉදිරි නොබෝ දිනකදී ඔබව දැනුවත් කරන්නෙමි.

වැඩි දුර විස්තර සදහා : ආදිශිෂ්‍ය }
(076) 799 5380 ( යුක්තානන්ද )

_ ආදිශිෂ්‍ය සංගමය_

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐆/𝐒𝐫𝐢 𝐃𝐡𝐚𝐫𝐦𝐚𝐥𝐚𝐧𝐤𝐚𝐫𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category