20/06/2023
Higher National Diploma in Technology - Agriculture Labuduwa, Galle
The Higher National Diploma in Technology Agriculture course has been formulated by the SLIATE with a
20/06/2023
04/06/2023
👉මොනවද මේ HND පාඨමාලා කියන්නේ ?
උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය මගින් මෙහෙයවන පාඨමාලා මේ යටතට අයත් වේ...
මෙමගින් විශ්ව විද්‍යාල වරම් අහිමි වූ ඔබට උපාධියට නොදෙවනි උසස් තාක්ෂණ ඩිප්ලෝමාව ලබා දෙනු ලබයි..
👉මොකද්ද මේ උසස් ජාතික කෘෂිකර්ම තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව HNDT ( Agri) කියන්නේ ?
ගාල්ල , ලබුදූව උසස් තාක්ෂණික ආයතනයේ මේ වන විට පාඨමාලාවන් 11 ක් ක්‍රියාත්මක වෙනවා...ඒ පාඨමාලාවන් 11 අතරින් විශේෂ තැනක් ගන්න පාඨමාලාවක් තමයි HNDT ( Agri ) පාඨමාලාව....
මේ පාඨමාලාව උසස් පෙල කෘෂි විද්‍යා අංශයෙන් හා ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම් කටයුතු සිදු කල සිසුන් වෙනුවෙන් විශේෂයෙන් සැකසූ පාඨමාලාවක්...
මේ පාඨමාලාවේ සම්පූර්ණ කාලය අවුරුදු තුනක්.. එයට අධ්‍යන වර්ෂ දෙකක් හා එක් අවුරුදු පුහුණුවීම් කාලයක් ඇතුලත් වෙනවා.
👉ඉතින් ඇයි මේ ඩිප්ලෝමාව , සාමාන්‍ය ඩිප්ලෝමා වලින් වෙනස් වෙන්නේ ?
මේ පාඨමාලාව කලින් කිව්වා වගේම විශ්ව විද්‍යාලයක වගේම අධ්‍යාපන ක්‍රමයක් තියෙන පාඨමාලාවක්..
මේ පාඨමාලාවේ ,
➡සියලුම දේශන පවත්වන්නේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්
➡විභාග ලකුණු විශ්ලේෂනය කර ලබා දෙන්නේ GPA ක්‍රමයට
➡Semester අනුව පවතින විභාග කාල සටහනක් පවති..
➡විශ්ව විද්‍යාල සිසුන්ට ලැබෙන මහපොල ශිෂ්‍යාධාරය HND සිසුන්ට ලැබෙනවා...
👉මේ පාඨමාලාව කලොත් ජොබ් එකකට යන්න පුලුවන්ද ?
ඔව් අනිවාර්‍යෙන් පුලුවන්...මේ පාඨමාලාව ජාතික වෘත්තිය නිපුනතා මට්ටමේ ( NVQ Level) 06 වන මට්ටමේ පාඨමාලාවක්..මේ පාඨමාලාව සාර්ථකව නිම කල විට ඔබ එම ආයතනයන්හි කළමනාකරු ( Manager) මට්ටම දක්වා සුදුසුකම් ලබනවා.
👉මොනවද තියෙන රැකියා අවස්ථා ?
පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට රජයේ වගේම පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා බොහෝමයක් තියෙනවා..
➡කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
➡අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
➡උසස් තාක්ෂණික ආයතන
➡සත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
➡බැංකු
➡කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරින්
➡වතු කලමනාකරුවන්
➡ගොවිපල කලමණාකරුවන්
➡පර්යේෂණ ආයතන
➡රාජ්‍ය නොවන සංවිධාන
➡ගොවිපල යන්ත්‍ර පර්යේෂන ආයතනය
➡ගොවිපල යන්ත්‍ර පුහුණු කිරීමේ ආයතනය
➡ශිල්ප ප්‍රදර්ශකකරුවන්
➡රේගු දෙපාර්තමේන්තුව ( නිරෝධායක )
මේ හැම දෙපාර්තමේන්තුවෙම රැකියා අවස්ථා විවෘත වෙලා තියෙනවා...
👉මෙච්චර රැකියා අවස්ථා තියෙනවද ??
ඔය ප්‍රමාණය විතරක් නෙවෙයි , අපේ රටේ පෞද්ගලික අංශයේ ප්‍රසිද්ධ සමාගම්හි රැකියා අවස්ථා බොහෝමයක් තියෙනවා...
උදාහරණ විදිහට
➡මිල්කෝ , ප්‍රීමා , හයිලන්ඩ් , CIC , බවර් , කාගීල්ස් , ලංකෙම්..............
👉රැකියා තෝරගනිද්දි අපිට කැමති අංශයක් තෝරගන්න පුලුවන්ද ?
ඔව්..Crop Field එකට කැමති අයට ඒ අංශෙන් ඉදිරියට යන්න පුලුවන්..
🌱Tea small holdings and development 🌱authority
🌱Rubber development
🌱Coconut development
🌱Coconut, Tea, Rubber research Institute
🌱Horticulture, Botanical gardens
🌱Export Agriculture Department........... etc....
ඒවගේම තමයි Animal Science Field එකට කැමති අයට ඒ අංශයෙන් ඉදිරියට යන්න පුලුවන්..
🐣Veterinary Research Institute
🐣Livestock Development Officer
🐣NLDB farms
🐣හයිලන්ඩ් , අඹේවෙල farms............ Etc.....
මේ වගේ රැකියා අවස්ථා තව බොහෝමයක් තියෙනවා..
ඒවගේම තමයි ඇවිදලා වැඩ කරන්න කැමති අයට
🌾Agriculture instruction
🌾Technical Assistant
🌾Field officer
🌾Extension office
🌾Research assistant
🌾Technical officer......... etc..... මේ හැම රැකියා අවස්ථාවක්ම තියෙනවා .
👉මේ ඩිප්ලෝමාව හදාරන අයට වෙනත් රටවල්වල රැකියා අවස්ථා නැද්ද ?
✈ ඔබ දන්නවද නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, අයර්ලන්තය වගේ තවත් රටවල් බොහෝමයක NVQ Level 06 / HND Diploma පැවතීම වෘත්තිමය සුදුසුකමක් ලෙස සලකන බව... මොකද මේ වෙද්දි වෘත්තිමය සුදුසුකම රැකියාවට අනිවාර්‍ය අංගයක් වී අවසාන නිසා...
👉මේ පාඨමාලාව හැදෑරීමේදි ලැබෙන ප්‍රතිලාභ මොනවද ?
👍කලින් කිව්වා වගේම මහපොල ශිෂ්‍යාධාරය
👍බස් හා දුම්රිය ප්‍රවේශපත්‍ර
👍නවීන පුස්ථකාල පහසුකම්
👍නවීන පරිගණක සහිත විද්‍යාගාර
👍නවීන විද්‍යාගාර පහසුකම්
👍පහසු මිලට ආහාරපාන
👉මේ පාඨමාලාව මගින් උපාධි සිහිනයට යන්න පුලුවන්ද ?
▶️ වයඹ විශ්ව විද්‍යාලය
▶️ විවෘත විශ්ව විද්‍යාලය
▶️ පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ප්‍රධාන වශයෙන් උපාධිය හදාරන්න පුලුවන් ආයතන..
මේ පාඨමාලාව මගින් උපාධිය කවදාවත්ම හීනයක් නොවී සැබෑම කරගන්න පුලුවන්.
A/L
⬇
HNDT ( Agriculture ) Diploma
⬇
BSC
⬇
MSC
⬇
PHD
👉මේ පාඨමාලාව හදාන්න අවශ්‍ය අවම සුදුසුකම් මොනවද ?
✔ අ.පො.ස උසස් පෙල විශයන් තුනම එකවර සමත් වී තිබිය යුතුය..( Biology, Chemistry, Agri Science / physics)
✔ සාමාන්‍ය පොදු පරීක්ෂනය සමත් වී තිබිය යුතුය
✔ ඉංග්‍රිසි , ගණිතය ඇතුලුව සාමාන්‍ය පෙල විශයන් සියල්ල සමත් වී තිබිය යුතුය..
උසස් අධ්‍යාපනයෙන් ඉදිරියටම ගොස් තමන්ට ගැලපෙන රැකියා අවස්ථා ලබාගෙන නව ලොවට පිය මනින්න වෙර දරන ඔබට , මේ ගැලපෙනම පාඨමාලාවයි....
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක වෙත සම්බන්ධ වන්න..
සංඛ - 0774725926
චමෝද් - 0704941809
කශ්මි - 0705989575
රසාලි - 0771472375
Higher National Diploma in Technology (Agriculture) Labuduwa, Galle
30/05/2023
🌱උසස් ජාතික කෘෂිකර්ම තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව .
[ HNDT (Agri) ] 🌱
SLIATE ආයතනයේ පවතින පාඨමාලා අතරින් විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔබට සුදුසුම පාඨමාලාවකි උසස් ජාතික කෘෂිකර්ම තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව .
👉[ HNDT (Agri) ] අප පාඨමාලාව ගැන විස්තර සැකෙවින් පහත අපි ඉදිරිපත් කරන්නෙමු.
පාඨමාලාව පිළිබඳ සියලු විස්තර සඳහා...
දෑ අවරුදු පාඨමාලා කාලයක් හා එක් අවුරුදු පුහුණු කාලයකින් සමන්විත මෙම පාඨමාලාව කෘෂිකර්ම අංශය ඔස්සේ ඉදිරියට යන ඔබ සඳහාම මහඟු තෝතැන්නකි. සෑම වසරක් අවසානයේදිම එමගින් රටට කෘෂිකර්ම ඩිප්ලෝමාධාරින් බිහි කරයි. මෙහිදී ඔබට NVQ Level 06 සහතිකය ඔබට පිරිනමයි.
👉මේ පාඨමාලාව හැදෑරීමේදි ලැබෙන ප්‍රතිලාභ මොනවද ?
👍 අධ්‍යන කාලය අතරතුර පාඨමාලාවේ විෂයන්ට අදාලව ක්ෂේත්‍ර චාරිකාවන්ට සිසුන් සහභාගි කරවීම.
👍 මහපොල ශිෂ්‍යාධාරය
👍බස් හා දුම්රිය ප්‍රවේශපත්‍ර
👍නවීන පුස්ථකාල පහසුකම්
👍නවීන පරිගණක සහිත විද්‍යාගාර
👍නවීන විද්‍යාගාර පහසුකම්
👍පහසු මිලට ආහාරපාන
👍 Multimedia තාක්ෂණය සහිත නවීන දේශනශාලා.
🌟මීට අමතරව පාඨමාලාව අතරතුර විෂයානුබද්ධ නොයෙකුත් වැඩසටහන් , දන්සැල් , පහන් කූඩු , වාර්ෂික දානමය පිංකම , විනෝද චාරිකා වැනි විවිධ විශය බාහිර ක්‍රියාකාරකම් මෙන්ම ක්‍රිකට් , වොලිබෝල් වැනි ක්‍රිඩාවලටද යොමුවිය හැක.
👉මොනවද මේ පාඨමාලාව හැදෑරීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් ?
✔ අ.පො.ස උසස් පෙල විශයන් තුනම එකවර සමත් වී තිබිය යුතුය..( Biology, Chemistry, Agri Science / physics)
✔ සාමාන්‍ය පොදු පරීක්ෂනය සමත් වී තිබිය යුතුය
✔ ඉංග්‍රිසි , ගණිතය ඇතුලුව සාමාන්‍ය පෙල විශයන් සියල්ල සමත් වී තිබිය යුතුය..
👉පාඨමාලාවට අයදුම් කරන්නේ කොහොමද ?
( අනිවාර්යයෙන් මේ හැම කරුණක්ම හොඳින් කියවා බලන්න . )
✔ පලමුව ඔබ online application පිරවීමට පෙර පාඨමාලාවට අදාල ගාස්තුව ( රු : 500 ) ගෙවා slip ( ලදුපත ) ලබා ගන්න.
🌟 Online ගෙවීම් වලංගු නැත.
SLIATE Account
025 - 2 -001 - 1 - 3397613
People's Bank
Hyde Park Branch
Colombo 02
✔ඉන්පසු පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
http://apply.sliate.ac.lk/
✔මුලින්ම ඔයා Full time, Part time ද කියලා තෝරගන්න.
✔ඊළඟට ආයතනයේ නම හරියට තෝරන්න.
HNDT (Agri) - Labuduwa
✔අනතුරුව ඔබගේ පෞද්ගලික විස්තර ඇතුලත් කරන්න.
🌟සැලකිය යුතුයි -: නිවරදිව Index Numbers ඇතුලත් කරන්න.
✔ඉන්පසුව Slip එකේ ඇති TNX number එක ඇතුලත් කරන්න.
✔ඔබගේ අයදුම්පත පුරවා අවසානයේ Choose a file ගොනුවේ ලදුපතේ ඡායාරූපය / ස්කෑන් කරන ලද පැහැදිලි ඡායාරූපයක් ඇතුලත් කරන්න.
✔නැවත වරක් හොඳින් පරීක්ෂා කර බලා submit කරන්න.
🌟අනිවාරයෙන්ම ඔබේ online application හි පිටපතක් ඔබගේ අත්සනින් යුතුව රිසිට්පත අමුණා පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන්න.
👉උසස් තාක්ෂන ආයතනය,
සිරිධම්ම මාවත ,
ලබුදූව ,
අක්මීමන ,
ගාල්ල.
🌟මතක තබාගන්න අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූනි 26
🌱දියුණුවෙන් ඉදිරියට යන මේ නව ලෝකය තුල කෘෂිකර්ම අංශයට ප්‍රමුඛස්ථානයක් හිමි බව ඔබ අප හොඳින්ම දන්නා කරුණක්. එමනිසා දැන්ම ඔබත් මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඔබගේ ජීවිතය ජය ගන්න..🌱
👉වැඩි විස්තර සඳහා අපගේ Facebook පිටුව හා සම්බන්ධ වන්න..නැතහොත් පහත අංක වලට අමතන්න..
සංඛ - 0774725926
චමෝද් - 0704941809
කශ්මි - 0705989575
රසාලි - 0771472375
20/12/2021
“නිවී ඇවිලුන හීන පොදි
මිලිනව නොදි දුරක
හදේ ජීවය පොබකළ....
බිදුම් මත නොතැවී
සවිය වී දිරිය දුන්
සෙවණ විය නුඹ....
දහස් දෙන කිරුලු පළදින...
සුවිසල් අහස් විමනේ
සතරදිග හිත් එකතු කර
මුතු පලසයි නුඹ....
පැතුම් මිණි කැට ඇස් අගක නලියන.......
සදෙව් තලයෙන් එබි බලනා එවුන් වෙනුවෙන්....
නුරාවි වසන්තය ගෙන එන
ප්‍රාර්ථනාවයි නුඹ.....
නීල ගගනත සිසාරා ගිය
පිරිවරා තුරු මතින්....
පුරා වසර දහහතරක කලක්
දැරූ අභිසෙස්
එකලු කල ජිවිත නමින්...
උඩුගම් බලායන මගක
දිරිය උන සරසවි මව්නි....
දිගු කලක් වැජබේන්නට
පතන්නෙමු අප
හදපූරා සෙනෙහසින්.....”
-ලත්ති-
19/12/2021
19/06/2021
ජාතික ශිෂ්‍ය වීර දිනය...
අසත්‍යයේ හිරු පිපී
අදුර රජයන දේශයේ ...
රකුසු වෙස්ගත් වෙඩි උණ්ඩ වලින්
පසාරු කළත් පපු කුහර
මිය නොයයි විරුවන් කිසි දිනෙක...
දයාබර හදවත් ඇතිව උපන් පවට
දිවිපිදූ ඔබේ
ශුද්ධ වූ ලේ දහර ගලාගිය මාවතේ
ඇත නුඹේ රුහිරෙන් ඇදුණු පා සටහන් ...
ජයටැඹ තෙක් පියමන් කරනට
වදන් දෙන්නෙමු ලේ කදුළු අතරින් අප....
නුදුටු මාවත් තැනූ
සදා ප්‍රේමණීයන්ය නුඹ අප හදවත් තුළ...
21/05/2021
තිගැස්සුණු හිත් ගොඩාක් හමුවුණා එදා ඇඩ්මින් එකෙන්...
මතකයි අද වගේ ඒ මුහුණුවල ඇදි කැටයම්..
ආගන්තුක වුවත් දොඩමළු වුනේ ලෙන්ගතුකමින්..
දැනිණි ඒ හැගුම සසරගත බැම්මක් බවක්...
හිල්ටන් එකෙහි රස කතා
ඇත වා තලෙහි මුසු වෙලා...
කතා කළ හැකි නම් පච ගහට, කියයි අප හදවත් බැදි සහෝදරකම...
ආ දා පටන් අද වන තුරු බැදුණු මිතුදම් බොහොමයි...
කෙදිනක හෝ එය අත්හල නොහැකියි..
ඒ තරම්ම එය හයියයි බන්...
කාලය කෙමෙන් ගෙවී ගොස් ඇත..
අප ඔන්ලයිනයට කොටු වී ඇත..
එය එසේ වීමට කිමද අප කළ පව...
ඇග්‍රි බිල්ඩිම දුක කියමින් පච ගහට කදුළු බොනවලු අද තනියම ....
මතකයන් කෙටි වුවත් ,
දම්වැලෙහි දොළොස් වැනි පුරුක වී අදට දෑ අවුරුද්දක් ...
දැණුනද බන් උඹට ගෙවුණු බව මෙපමණ කලක්....
(දෙරී)
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Siridhamma Mw, Labuduwa
Galle
80090
Opening Hours
| Monday | 07:30 - 19:30 |
| Tuesday | 07:30 - 19:30 |
| Wednesday | 07:30 - 19:30 |
| Thursday | 07:30 - 19:30 |
| Friday | 07:30 - 19:30 |
| Saturday | 07:30 - 19:30 |