01/06/2026
විද්‍යාලයට 75 වසරක් පිරීම නිමිති කරගනිමින් සහ වෙසක් පොහොය අරමුණු කරගනිමින් 2026.05.27 වන දින වැයිහේන සිරි ගුණරතනයේ පැවති දානමය පින්කම චාම් සහ දර්ශනීය අන්දමින් පැවැත්විණි. විද්‍යාලීය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්‍ය මණ්ඩලයටත්, සිසුන්ටත් ආශිර්වාද කිරීම මෙන්ම විද්‍යාලය වෙනුවෙන් එහි ආරම්භයේ සිට ඇප කැපවී සිට දිවන්ගත වූවන්ට පින්පෙත් අනුමෝදනාවක්ද මෙදින ම සිදු විය.