😂
Guitar Lessons Galle
guitar & keyboard lessons
🎸 These are my talented student Jenuli
School:- Southland College Galle
Grade : 4
progress of Sunday group class.
🤗🤗🤗🎸🎹🎤🎼 learn how to play guitar with singing your favorite songs
❤️🎸
🎸 These are my talented little student George 5years old in
3month progress of individual class.
🤗🤗🤗🎸🎹🎤🎼 learn how to play guitar with singing your favorite songs
❤️🎸
🎸 These are my talented students ,,Nilen & Amiru
School:- Mahinda College Galle
progress of violin class.
🤗🤗🤗🎸🎹🎤🎼 learn how to play violin with singing your favorite songs
❤️🎸
🎸 These are my talented students ,,Dewmi,Thanuka,Raini,& Tharul.akain
progress of Saturday group class.
🤗🤗🤗🎸🎹🎤🎼 learn how to play guitar with singing your favorite songs
❤️🎸
🎸 These are my talented student Hameel
progress of Sunday group class.
🤗🤗🤗🎸🎹🎤🎼 learn how to play guitar with singing your favorite songs
❤️🎸
28/08/2025
03/08/2025
22/07/2025
Sagara Diyagama ❤️
කොච්චර දේවල් ඉගෙන ගන්න උත්සාහ කරලත් අතරමඟ නැවතිනවද? අලුත් භාෂාවක්, සංගීත භාණ්ඩයක්, නැත්නම් අලුත් සොෆ්ට්වෙයාර් එකක් වුණත් හිතපු තරම් වේගෙකින් ඉගෙන ගන්න බැරි වුණාද? ඔයාට විතරක් නෙවෙයි, මේ හැඟීම ලෝකෙ පුරාම ගොඩක් මිනිස්සු විඳින දෙයක්.
ගොඩක් වෙලාවට අපි හිතන්නේ සමහර මිනිස්සුන්ව 'දක්ෂ' විදියටම ඉපදෙන්න ඇති කියලා. හැබැයි 'The Science of Rapid Skill Acquisition' කියන පොත කියවද්දි තෙරුම් ගත්තා ඒක එහෙම නෙවෙයි, ඕනෑම දෙයක් වේගයෙන් ඉගෙනීම කියන්නේ 'මැජික්' එකක් හෝ උපතින් ආ හැකියාවක් විතරක් නෙවෙයි, ඒක 'ක්‍රමවේදයක්' කියලා. ඒක මෙහෙමයි,
ගොඩක් වෙලාවට අපි අලුත් දෙයක් පටන් ගන්නේ බයෙන්. "මට මේක කරන්න පුළුවන්ද?", "මම මේකට දක්ෂ නැහැ" වගේ සිතුවිලි වලින්, ඒ නිසා අපි වේගයෙන් ඉගෙන ගැනිම, එක පටන් ගන්න කලින්ම මන්දගාමී වෙනවා..
හැබැයි, පොතේ කියන්නේ වේගවත් ඉගෙනීම කියන්නේ මුලින්ම ඔයා ඒක කරන්න පුළුවන් කියලා ඔයාගේ හිතට ඒත්තු ගන්වන්න කියලා. ඒකට කරන්න ඕනී සරල දෙයයි ඒ පරිපූර්ණත්වය (perfectionism) පස්සේ දුවන එක නවත්තලා, දවස ගානේ ඉගෙන ගන්න හැම චූටි පියවරක්ම, ප්‍රගතියක් කියලා හිතන්න පටන් ගන්න! ඒක ලොකු වෙනසක් ඔයාගේ හිතේ ඇති කරයි.
අලියෙක්ට උනත් එක හුස්මට කෑම කන්න බැහැ නේද? පොඩි කෑලි වලට කඩලා තමයි එයා කන්නේ. ඒ වගේම තමයි අලුත් හැකියාවක් ඉගෙන ගන්න එකත්. අපි එකපාරටම ලොකු දෙයක් ඉගෙන ගන්න හදන කොට, ඒක හරිම පීඩාකාරී වෙන්න පුළුවන්. ඒ වෙනුවට, ඔයා ඉගෙන ගන්න හදන හැකියාව පොඩි පොඩි කොටස් වලට කඩන්න. ඊට පස්සේ ඒ කොටස් එකින් එක ප්‍රගුණ කරන්න.
උදාහරණයක් විදියට, ගිටාර් ගහන්න ඉගෙන ගන්නවා නම්, මුලින්ම chord එකක් හරියට අල්ලන හැටි ඉගෙන ගන්න. ඊට පස්සේ ඒක වෙනස් කරමින් practice කරන්න. මේ විදියට පොඩි දේවල් ප්‍රගුණ කරද්දී ඔයාටම දියුණුවක් දැනෙයි.
20% ක වෙහෙසින් - 80% ක ප්‍රතිඵල
මේක තමයි මේ පොතේ තියෙන ලස්සනම පාඩම. අපි කරන වැඩවලින් 20%කින් 80%ක් ප්‍රතිඵල ලැබෙනවා. අපි ගොඩක් වෙලාවට වැදගත් නැති දේවල් පස්සේ කාලය නාස්ති කරනවා. ඒ වෙනුවට, ඔයා ඉගෙන ගන්න හදන හැකියාවේ වැඩිම ප්‍රතිඵල ලබාදෙන ප්‍රධාන 20% මොකක්ද කියලා හඳුනා ගන්න. උදාහරණයක් විදියට, අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා නම්, මුලින්ම වැඩියෙන්ම කතා කරන වචන ටික, වාක්‍ය රටා ටික ඉගෙන ගන්න. ඒකෙන් ඔයාට කතා කරන්න පුළුවන් වෙයි. ඉතුරු දේවල් පස්සේ ඉගෙන ගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ උත්සාහය නිෂ්ඵල වෙන්නේ නැතුව, ගොඩක් දුර යන්න පුළුවන්.
"කරන්න පුළුවන් තරම්" විතරක්...
අපි ගොඩක් වෙලාවට පොත්, වීඩියෝ ගොඩාක් බලලා වැඩේ පටන් ගන්න හිතනවා.. හැබැයි ඔයා කොච්චර දැනුම රැස් කරගත්තත්, ඒක ප්‍රායෝගිකව කරලා බලන්නේ නැත්නම්, ඒ දැනුම මතක තියෙන්නේ නැහැ. ඔයාට කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක හරියට පීනන්න ඉගෙන ගන්න පොත් කියවනවා වගේ වැඩක්. පීනන්න නම් වතුරට බහින්නම වෙනවා. ඉගෙන ගන්න දෙයක් පොඩ්ඩක් ඉගෙන ගත්ත ගමන්ම ඒක ක්‍රියාවට නගන්න.
අලුත් සොෆ්ට්වෙයාර් එකක් ගැන පොඩ්ඩක් කියෙව්වා නම්, එකපාරම ඒකෙන් පොඩි දෙයක් හදන්න පටන් ගන්න. වැරදෙන්න පුළුවන්. ඒත් ඒ වැරදි වලින් තමයි ඔයා වැඩිපුරම ඉගෙන ගන්නේ.
හැබැයි පුන පුනා එකම දේ කරන එකෙන් අපේ දක්ෂතාවය වැඩි වෙන්නේ නැහැ. අපි දැනට කරන දේට වඩා ටිකක් අමාරු අභියෝගයක් ඉලක්ක කරගෙන, ඒක පූර්ණ අවධානයෙන් කරන එක තමයි ඇත්තටම වටින්නේ. ඔයා ගිටාර් එකක එකම සිංදුව දහපාරක් වාදනය කරනවා වෙනුවට, අලුත් chord එකක් හෝ තනුවක් එකතු කරලා ඒක ප්‍රායෝගිකව කරන එකෙන් තමයි ඔයාට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ.
සමහරවිට අපි එකම දේ, එකම විදියට පුහුණු වෙන්න හුරු වෙලා ඉන්නවා. හැබැයි පොතේ කියන විදියට, අලුත් හැකියාවන් ඉගෙන ගැනීමේදී ඒක වැරදියි. එකම ක්‍රියාව නැවත නැවත පුන පුනා කරනවා වෙනුවට, ඒ විෂයට සම්බන්ධකම් තියෙන විවිධ දේවල් එකට පුහුණු වෙන්න!
උදාහරණයක් විදියට, විවිධ භාෂා වල ව්‍යාකරණ එකට පුහුණු වෙනවා නම්, ඒක එකකට එකක් සම්බන්ධ කරගෙන මතක තබා ගන්න පුළුවන්, මේ ක්‍රමයෙන් ඔයාගේ මොළය වෙනස් විදියට සිතන්න පුරුදු වෙනවා...
"මූලධර්ම තේරුම් ගන්න!"
සමහර වෙලාවට අපි අලුත් දෙයක් ඉගෙන ගනිද්දී කටපාඩම් කරන්න පෙළඹෙනවා. ඒකත් හොඳ දෙයක්. හැබැයි ඒකට වඩා වටින්නේ ඒක පිටුපස තියෙන මූලධර්මය තේරුම් ගන්න එක! මූලධර්මය තේරුම් ගත්තාම ඕනෑම තැනකදී ඒක භාවිතා කරන්න පුළුවන්. ඒකට තමයි "mental models" කියලා කියන්නේ.
උදාහරණයක් විදියට, පොතක අලුත් ව්‍යාකරණ රටාවක් ඉගෙන ගන්නවා නම්, ඒක කටපාඩම් කරනවා වෙනුවට, ඒ ව්‍යාකරණ රටාව වාක්‍යයක් හදන්න භාවිතා කරන විදිය තේරුම් ගන්න. එතකොට ඔයාට ඕනෑම තැනක ඒක භාවිතා කරන්න පුළුවන්.
ප්‍රතිචාර (Feedback) ලබා ගන්න!
ඔයා අලුත් දෙයක් කරනකොට ඒක හරිද, වැරදිද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් ඒකෙන් ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා නිතරම ප්‍රතිචාර ලබා ගන්න. ඒක ඔයාගේ ගුරුවරයෙක්, මිතුරෙක් හෝ ඔයාගේ FB යාළුවෙක් වෙන්න පුළුවන්. ඒක මේ පොතෙන් ඉගෙන ගෙන මම නිතර භාවිතා කරන දෙයක්!
මොකද feedback කියන්නේ ඔයාගේ ගමන හරිද කියලා බලන දර්පණයක් වගේ. ඒකෙන් ඔයාගේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න පුළුවන්.
ඉගෙන ගත්තාට විතරක් මදි, ඒක මතක තියාගන්න ඕන. ඒකට "spaced repetition" වගේ memory aids ඒකට භාවිතා කරන්න. ඒත් මම කැමතිම විදිය තමයි අලුත් දෙයක් තව කෙනෙකුට කියලා දෙන එක. ඒ ගැන ලියන එක. යම් දෙයක් සරලව තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් නම්, ඒකෙන් කියවෙන්නේ ඔයා ඒක ඇත්තටම ඉගෙන ගෙන කියලා. ඒක අලුත් දේවල් ඉගෙන ගන්න පුදුමාකාර ක්‍රමයක්.
පරිසරය හදාගන්න!
අපි කරන දේට වඩා අපේ වටපිටාවත් ඒකට බලපානවා. ඔයාගේ වටපිටාව අවම බාධක ඇති තැනක් බවට පත් කරගන්න. ඔයාට අවශ්‍ය පුහුණු කිරීම් සඳහා නිශ්චිත වේලාවක් වෙන් කරගන්න (time-block your practice sessions). පොඩි පරිසර වෙනස්කම් වලින් ඔයාට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. අවසන් වශයෙන්, "වේගයෙන් ඉගෙන ගන්න නම් 'genius' කෙනෙක් වෙන්නම ඕන නැහැ. ඒක ඕනී කෙනෙක්ට පුළුවන්!" කියන මේ පොතේ අවසාන වාක්‍යය මගේ හිතට ගොඩක්ම වැදුණා. මේ පාඩම් ටික ජීවිතේට එකතු කරගත්තොත්, අලුත් ඉගෙනීම අමාරු දෙයක් නෙවෙයි.. විනෝදයක්!
"October Sky" කියන්නේ මේ ලිපියේ අපි කතා කරපු හැම දෙයක්ම, යථාර්ථයක් කළ මම නැරඹූ නිර්මාණයක්! මේක සැබෑ කතාවක්...
1957 වර්ෂයේ ඇමරිකාවේ West Virginia ප්‍රාන්තයේ Coalwood කියන පුංචි ගම්මානයේ මිනිස්සුන්ගේ මුළු ජීවිතයම රඳා පැවතුණේ ගල් අඟුරු පතල මත.
ඒ ගල් අඟුරු පතලේ අධිකාරීවරයා තමයි John Hickam. එයාට පුත්තු දෙන්නෙක් හිටියා. වැඩිමලා පාපන්දු ක්‍රීඩකයෙක් වුණා. බාලයා, Homer Hickam, තාත්තාගේ අඩි පාරේ යමින් අනාගතයේදී පතලට බසිනු ඇතැයි තාත්තා සිහින මැව්වා. ඒ වුණත් Homer ට ඒ ගැන තිබ්බේ ලොකු උනන්දුවක් නෙවෙයි.
1957 ඔක්තෝබර් 04 වෙනිදා රාත්‍රියේ සිද්ධ වෙන සිදුවීමකින් Homerගේ මුළු ජීවිතයම වෙනස් වෙනවා. එදා රුසියාව විසින් අභ්‍යවකාශයට යවන ලද Sputnik-1 චන්ද්‍රිකාව අහසේ යන අයුරු Homer සහ තවත් පිරිසක් පුදුමයෙන් බලාගෙන ඉන්නවා. ඒ දර්ශනය දුටු Homer ට තේරෙනවා තමන්ට ගල් අඟුරු පතලෙන් එහාට යන්න තියෙන එකම අවස්ථාව "රොකට් විද්‍යාව" කියලා. Homer ගේ මේ අදහස මුලින්ම ගමේ කාටවත් වැදගත් දෙයක් විදියට පෙනුණේ නැහැ. තාත්තා මේ අදහසට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා.
"උඹ ඔය මෝඩ වැඩ අත්අරින්න ඕන! ගල් අඟුරු පතල තමයි අපේ අනාගතය!" කියලා තාත්තා කෑ ගහද්දී, Homer "මට ජීවිතේටම පතලේ වැඩ කරන්න බැහැ තාත්තේ!" කියලා තරයේම කියනවා. මේ විදියට කිසිම දෙයක් Homer ගේ අධිෂ්ඨානය බිඳ දැමුවේ නැහැ. Homer තමන්ගේ යාළුවෝ තුන් දෙනාටම මේ වැඩේට එකතු වෙන්න කතා කරනවා. ඒ කණ්ඩායමේ ඉන්න අනිත් කෙනා තමයි Quentin.
"රොකට් එකක් කියන්නේ නිකන් පුපුරන දෙයක් විතරක් නෙවෙයි. ඒක ගණිතමය සමීකරණයක්. මට ඒක කියලා දෙන්න පුළුවන්, ඒත් ගොඩක් මහන්සි වෙන්න වෙනවා."
මේ යාළුවෝ හතර දෙනා, ඒ කියන්නේ "The Rocket Boys" එකතු වෙලා තමන්ගේ මුල්ම රොකට් එක හදනවා. එයාල මේ වැඩ වලට ඕනී දේවල් හා සල්ලි දැඩි උත්සහයෙන් කොහොමහරි හොයාගන්නවා...
ඒත් ඒක පටන් ගත්ත ගමන්ම පිපිරෙනවා. ඒ වගේම එකෙන් ගමේ තැපැල් පෙට්ටියකුත් විනාශ වෙනවා. ඒ හැමදෙයක්ම සිද්ධ වුණේ ගමේ ඉන්න හැමෝම මේ පිස්සු රොකට් බෝයිස්ලට හිනාවෙද්දී.
"මේ ළමයින්ට මොකක්ද වෙලා තියෙන්නේ? මට ඕන මගේ පුතා, මගේ අඩි පාරේ යන්න" කියලා තාත්තා අම්මාගෙන් අහද්දී, අම්මා කියනවා,
"ඔයාට ආසාව තියෙනවා නම්, ඒක කරන්න ඕන පුතේ. ඒකට කාගෙන්වත් අවසරයක් ඕන නෑ" කියලා Homerව දිරිමත් කරනවා. ගමේ හැමෝම වගේ හිනා වුණත්, මේ සිව්දෙනාට ලොකු සහයෝගයක් දුන්න අනෙක් කෙනා Miss Riley කියන ගුරුවරිය.
"මේක තරඟයක්. ඒත් මේක ඔයාලට ඔයාලවම ඔප්පු කරන්න තියෙන අවස්ථාවක්. මම ඔයාලට උපරිම උදව් කරනවා. හැබැයි මට ඕන වෙන්නේ ඔයාලා ගණිතයයි විද්‍යාවයි හරියටම උනන්දුවෙන් ඉගෙන ගන්න එක."
ඒ වගේම Quentin ඔහු රොකට් විද්‍යාවට අදාළ හැම ගණනයක්ම හරියටම කරන්න දක්ෂයෙක් වුණා. "මොළයක් තියෙන එකා තමයි වැඩේ කරන්නේ, අනිත් උන් නිකන් පස්සේ යනවා!" කියලා Quentin කියනවා. Quentin ගේ සහයෝගය නිසා මේ තරුණයෝ හතර දෙනාට රොකට් හදන හැටි, රොකට් සඳහා අවශ්‍ය propellant එක හදන හැටි, පුපුරණ ද්‍රව්‍ය හසුරවන හැටි ගැන හරියටම දැනගන්න ලැබුණා.
"සමහර දේවල් පොත් වලින් ඉගෙන ගන්න බැහැ. ඒවා ඇත්තටම කරලා බලන්න ඕන" කියලා Miss Riley දරුවන්ට කියනවා...
ඒ වචන වලින් ඔවුන්ගේ උත්සාහයට ලොකු ශක්තියක් ලැබෙනවා. ඔවුන් ඔවුන්ගේ 100 වෙනි රොකට් එකට "Auk 100" කියලා නම් තියෙනවා. ඒ රොකට් එක තමයි ඔවුන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. එයාලාගේ සාර්ථක රොකට් දියත් කිරීම් දැකලා, ගමේ මිනිස්සුත් ඒ අයට උදව් කරනවා. නමුත් මේ අතරේදී ගල් අඟුරු පතලේ කඩා වැටීමක් සිද්ධ වෙනවා. මේ අනතුරේදී John Hickam (Homer ගේ තාත්තා) බරපතල තුවාල ලබනවා. Homer ට තාත්තාගේ රැකියාව භාරගන්න සිද්ධ වෙනවා..
ඒ කාලයේදී Homer ගේ හිතට එනවා, තමන්ගේ තාත්තා ගල් අඟුරු පතලට කොච්චර ආදරය කරනවාද කියලා. ඒ වගේම, තමන්ගේ සිහිනය වෙනුවෙන් වෙහෙස වීම, කොච්චර වටිනවාද කියන දේත් තේරුම් ගන්නවා.
චිත්‍රපටයේ අවසාන භාගයේදී, Homer සහ යාළුවෝ "ජාතික විද්‍යා ප්‍රදර්ශනයට" (National Science Fair) යනවා. නමුත් ඒ යද්දී ඔවුන්ගේ ප්‍රදර්ශනයට අවශ්‍ය ප්‍රධාන කොටස සොරකම් කරනවා. ඒ වෙලාවේ ඔවුන් හිතනවා හැමදේම ඉවරයි කියලා. නමුත් Homer ගේ තාත්තා පතලේ සියලුම වැඩ නවත්වලා, "මගේ පුතාගේ දක්ෂතාවයට හිනා වෙන්න එපා. මම උදව් කරනවා" කියලා, පුතාට ඕන ප්‍රධාන කොටස හදලා දෙනවා.
මේ චිත්‍රපටයේ අවසානයේදී Homer, National Science Fair එකේදී ජයග්‍රහණය කරලා විශ්වවිද්‍යාලයකට ශිෂ්‍යත්වයක් දිනා ගන්නවා. ඒ විතරක් නෙවෙයි. Homer, තමන්ගේ අවසාන රොකට් එක දියත් කරන්නේ තමන්ගේ තාත්තාට. "ඇයි ඔයා කවදාවත් මගේ රොකට් එකක් දියත් කරන්න කියලා ඉල්ලුවේ නැත්තේ?" කියලා Homer, තාත්තාගෙන් අහනවා. ඊට පස්සේ තාත්තා කියන්නේ හදවතටම දැනෙන දෙයක්. "මම ඒක හිතුවා... ඒත් මම ඒක කිව්වේ නැහැ.." කියල!
මේ චිත්‍රපටය කියන්නේ, සිහින සහ යථාර්ථය අතර තියෙන්නේ විශාල සටනක් බව හා ඒ සටන දිනන්න පුළුවන් බව. 'The Science of Rapid Skill Acquisition' පොතේ තිබුණ හැම පාඩමක්ම මේ චිත්‍රපටයේ කතාවට කෙළින්ම අදාළයි.
'ඉගෙනීම' කියන්නේ මැජික් එකක් නෙවෙයි, ඒක ක්‍රමවේදයක් කියලා මේ චිත්‍රපටය නැවතත් ඔප්පු කරනවා. ඒ ක්‍රමවේදය අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම්, අපිටත් අහසට යන රොකට් වගේ අපේ සිහිනත් ඕන උසකට අරගෙන යන්න පුළුවන්..
© සාගර දියගම
[email protected]
🎸 This is one of my talented Kid Thaveesha an individual class in two month progress
🤗🤗🤗🎸🎹🎤🎼 learn how to play guitar with singing your favorite songs
18/05/2025
Music is my best friend.🎸❤️
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
70/2 Circular Road, Galle 80000
Galle
Opening Hours
| Monday | 02:30 - 16:30 |
| Sunday | 09:00 - 17:00 |