28/08/2025
ඉමදුව අවට 2027 උසස් පෙළ විද්‍යා ගණිත දරුවනි මතකයි නේ..31 ඉර්දා උදේ 8.30 ට මැත්ස් කිංඩම් එකට එන්න.දෙමාපියනුත් එක්ක...අ යන්නේ ඉදන්ම පටන් ගන්නවා...
දැන් කොළඹට කිරි ගමට කැකිරි කාලේ ඉවරයි..ඔන්න අපි ගමටත් කිරි ගේනවා...
ඔන්න ඉතින් අපි ගමේ දරුවන්ගේ ඉංජිනේරු දොස්තර හීන හැබෑ කරන්නට පාරක් කැපුවා..
ඉතින් දැන් ඔයාලට තියෙන්නේ ඒ පාරෙන් ඇවිත් ඔයාලගේ හීන හැබෑ කරගන්නයි..
ඒකට ඔයාලට සුදුසුකම් සහිත සුපිරි තරුණ ගුරුවරු සෙට් එකක්ම අපි ගමට ගෙනාවා..මේ ඔක්කෝම ගාල්ලේ ප්‍රධාන ආයතන වල උගන්වන ගුරුවරු...
අදාල විශයට අදාල සුදුසුකම් සහිත ගුරුවරු...එහෙම කණ්ඩායමක් ඉමදුව මගේ ගමට ගේන්න ලැබීම ඔබේත් මගේත් වාසනාව...
ඉතින් ඔයාලට තියෙන්නේ මේ අගෝස්‍තු 31 ඉරිදා උදේ 8.30 ට අම්මා හෝ තාත්තා එක්ක ඉමදුව පොලීසිය අසල නිව්සිටි එකේ පිහිටි විශිෂ්ටයන්ගේ පාරාදීසය වන මැත්ස් කිංඩම් උසස් අධ්‍යාපන ආයතනයට එන්න..
ගමේ අවට හැමෝම දැනුවත් කරන්න...
මේ පාර ඕලෙවල් ප්‍රථිපල ආපු මැත්ස් හෝ බයෝ කරන හැම යාලුවෙක්ම දැනුවත් කරන්න..
මම දල වශයෙන් ගණන් හැදුවා මේ වැඩේ නිසා අවුරුදු 2 කුත් මාස 6 ක කාලයක් ගාලු පන්ති ගොස් නාස්ති වෙන පැය 960 කට ආසන්න කාලයක් ඔයාට ඉතිරි වෙනවා විතරක් නෙවේ මගට වියදම් වෙන රුපියල් ලක්ෂ 3 කට ආසන්න ගානකුත් ඉතිරි වෙනවා..
එදාට එන ඔයාට අපෙන්...
👉ලියාප්දිංචිය නොමිලේ..
👉සැප්තැම්බර් මාසයම නොමිලේ..
👉ඔක්තොම්බර් මාසයම අර්ධ ගාස්තු අය කෙරේ
👉විශයන් සියල්ලම තෝරා ගන්නා ඔබට පන්ති ගාස්තු විශේෂ වට්ටම්...
👉ඔබේ හීනයට පණ පොවන අපේ ඇදුරු මඩුල්ල එදාට ඔයා සහ ඔයාගේ දෙමාපියන් අමතා ඔබව ඔබේ හීනෙට ගෙනියන හැටි කියනවා..
ඉතින් ඔයා මේ අනගි අවස්ථාව නම් මගහැර ගන්නෙපා..
අපේ එකම බලාපොරොත්තුවයි තියෙන්නේ..ඒ අපිත් එක්ක සම්බන්ධ වෙන හැමෝම පළවෙනි පාරම විශ්ව විද්‍යාලයට යැවීමයි...ඒ කියන්නේ මේක 100% ක් ම ප්‍රථිපල අරමුණු කරගත්ත හීන වලට පණ පොවන වැඩක් ..
වැඩි විස්තර එදාට ආවම දැනගන්න පුලුවන්...
පහත ලින්ක් එකෙන් 2027 AL Group එකට join වෙන්න...
https://chat.whatsapp.com/GzDvTyWynvk9o0mZAMoDxy?mode=ac_t