07/01/2021
අනේ මමත් එයා වගේ ලස්සන නම්,මටත් එයාට වගේ ලස්සන කාර් එකක් තිබුණා නම්, මමත් ඒ වගේ දක්ෂ වුනා නම්....,අපි ගොඩක් දෙනෙක් , හැම තිස්සේම තමන්ට නොලැබුණු දේ ගැන හිත හිතා දුක් වෙනවා. අවසානයේදී ඒ අය බොහොම මුග්ධ නිගමනයකට එළඹෙනවා. ඒ තමයි, ඒ අය හරිම වාසනාවන්තයි. මම හරිම අවාසනාවන්තයි.
ඔබ හිතන්නේ, ජීවිතේ තමන්ට අවශ්‍ය කරන, නිලය, බලය, මුදල් වලින් සපිරුණු මිනිසුන් මේ ලෝකයේ සිටින වාසනාවන්ත මිනිසුන් කියලද?
Steve jobs. ලෝකප්‍රකට ඇපල් සමාගමේ නිර්මාතෘ. ජීවිතයේ පුද්ගලයෙකුට ළඟා විය හැකි, ඉහළම ස්ථානය කරා ළඟා වූ අයෙක්. අග්න්‍යාශයේ සෑදුනු පිළිකාවකින් රෝගාතුරව පීඩා විඳිමින් රෝ්හලකට ව සිටි කාලයේ දී, ඔහු පවසන ලද අවසන් වචන කීපයෙන් උපුටා ගත් කොටසක් පහත දැක්වේ.
"ව්‍යාපාරික ලෝකය තුළ සාර්ථකත්වයේ අග්‍රස්ථානය කරා මා ළඟාවිය. මහජනයා මා සාර්ථකත්වයේ ප්‍රතිමූර්තිය ලෙස සළකයි. කෙසේවෙතත් රැකියාව හැරුණු විට, මා සිටින්නේ සුළු ප්‍රීතියකින් ය. අවසානයේදී, ධනය යනු තම ජීවිතය සතුව ඇති එක් දෙයක් පමණක් යනුවෙන් අවබෝධ විය."
නිලය බලය මුදල් සපිරුණු මිනිසුන්, ලෝකයේ වාසනාවන්තම මිනිසුන් බව, මෙය කියවූ පසු ඔබ තවදුරටත් සිතන එකක් නැහැ. අපි හැමෝටම ජීවත්වෙන ලැබිලා තියෙනෙන තියෙන්නෙ හරිම කෙටි කාලයක්. ඒ කෙටි කාලය තුළ ඔබට නොලැබුන දේ ගැන දුක්වෙමින්, අන් අය සමග තමන්ව සංසන්දනය කිරීමට යන්න එපා. ජීවිතය ඔබට මේ වන විට ලැබී තිබෙන දේ ගැන සතුටු වෙන්න. මේ සංකීර්ණ සමාජයේ අපි හැමෝම දුවන්නෙ race එකක්. මේනිසා ඔබටත් ඔබේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, යහළු මිත්‍රයන් මග හැරෙන්න ඇති. ඔබ දුවන race එකේ වේගය ටිකක් අඩුකරලා, ඒ අය වෙනුවෙනුත් ඔබේ කාලය වෙන් කරන්න. ගෙවන කෙටි කාලය තුළ ඔබ, ඔබේ ජීවිතයේ සතුට වෙනුවෙන් වැඩ කරන්න. හිත සැහැල්ලු කරගන්න ටිකක් විවේක ගන්න, ගෙදර අය එක්ක පොඩි ට්‍රිප් එකක් යන්න, යාලුවෝ එක්ක සෙල්ලම් කරන්න.
ජීවිතයේ ගත වෙන හැම තත්පරයකදීම, ඔබ ගැන සතුටු වෙන්න, ඔබට ආදරය කරන්න. එවිට ඔබ මෙලොව දැක ඇති වාසනාවන්තම පුද්ගලයා ඔබ වේවි.
#දැනුම #සොයමු #තොරතුරු #තාක්ෂණය #ලංකා #තාක්ෂණිකදැනුම